පුද්ගලික ජීවිතය
බැන්දට පස්සේ තමයි මේක ලොකුවටම දැනෙන්නේ. හැමතිස්සෙම බිරිදගේ ගරුත්වය රැකෙන විදිහට තමන් කටයුතු කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ආදරය දැක් වීම, ඇය වෙනුවෙන් කාලය ගත කිරීම, නිසි රැකවරනය ලබාදීම අතින් පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න පුලුවන්. නිතරම බිරිදගේ දෙමව්පියන් ගැන හොදින් සිතන්න. දෙමව්පියන් වෙනුවෙන් අවශ්‍ය විටදී උදව් කරන්න ඉඩදෙන්න. එවිට ඇය තමන්ගේ දෙමව් පියන් ගැනත් ඒ ආකාරයෙන්ම සිතනු ඇත. ගෙදර ප්‍රශ්න පිට මිනිස්සුන්ට පමණක් නොව තමන්ගේ දෙමව්පියන්ට හෝ සහෝදරයින්ටද පැවසීමෙන් වලකින්න. බිරිදත් ගෙදර ප්‍රශ්න ඇයගේ දෙමව් පියන්ට පැවසීමට අවශ්‍ය නොවන ආකාරයට කටයුතු කරන්න. එසේ පවසන්නේ නම් කරුනු කාරනා පැහැදිලි කර දී එසේ වීම වලකා ගන්න.