වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන-3
වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටන ජයග්‍රහණය කරා මෙහෙයවූ හෝ චි මිං 1890 මැයි මස 18 දා උපත ලැබීය.ඔහු එන්ගුවෙන් ගෝත්‍රයට අයත් දුප්පත් වුවත් උගතෙකුගේ පුතෙක් විය.එන්ගුවෙන් ගෝත්‍රය ,අනෙකුත් ගෝත්‍රයන් මෙන් නොව රටේ ගැමි ජනතාව සමග කිට්ටු සම්බන්ධයක් ඇතිව සිටි කොටසකි.
1910 වන විට ජපානය කොරියාව යටත් කරගෙන තිබිණි.ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට විරුද්ධ සටන ,අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානය වල සිට පැතිරෙන්නට පටන්ගෙන තිබිණි.ජේයෂ්ඨ දිස්ත්‍රික්ක නිලධාරියෙක් වශයෙන් තනතුරක් ලබාගෙන සිටි හෝ චි මිං ගේ පියා ,කැරළිකාර නායකයන් සමග කුළුපග සබඳතා පැවැත්වූයේ යැයි සැක කොට ,තනතුරෙන් පහකරන ලද්දේ මේ අවස්ථාවේදීය.අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව සාර්ථක කැරැල්ලක් මෙහෙයවිය හැක්කේ ,ප්‍රංශ අධිරාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන දේ හොඳින් අධ්‍යයනය කොට ,අධිරාජ්‍යවාදී අගනුවරවල්වල දේශපාලන ක්‍රියාවන් සහ සංවිධාන කරමින් සිටි අය සමග සම්බන්ධකම් ඇතිකරගත් අයට පමණක් බව ,හෝ චි මිං මේ අවස්ථාවේදී තේරුම් ගත්තේය.
1911 දී ප්‍රංශ දුම් නැවක කෝකියෙක් ලෙස හෝ චින් මිං වියට්නාමයෙන් පිටවී ගියේය.ඔහු රටින් පිටත් ගත කල කාලය වසර 35ක් පමණ විය.මේ කාලයේදී ඔහු රටින් රටට යමින්,තත්ත්වය නිරීක්ෂණය කරමින් හා අධ්‍යයනය කරමින් ,අනාගතය ගැන සිහින දකිමින්,දේශපාලනය ගැන ලියමින් කථා කරමින් කාලය ගත කලේය.උතුරු අප්‍රිකානු ප්‍රංශ යටත් විජිත ,ප්‍රංශය,එංගලන්තය,උතුරු ඇමෙරිකාව,රුසියාව,චීනය,තායිලන්තය,හොංකොං සහ නැවත වරක් චීනය ඔහු සංචාරය කල රටවල් අතරවිය.ඔහු ගිය සෑම තැනකදීම කර්මාන්තශාලා කම්කරුවන්,ගොවීන්,බුද්ධිමතුන්,පීඩනයට ලක්වූ රටවැසියන් සමග ඔහු සම්බන්ධකම් ඇතිකරගත්තේය.
1919 දී පැරිසියට පැමිණි හෝ චි මිං වර්සෙල්ස් සාම සම්මේලනයට ඇමෙරිකානු ජනපති විල්සන්ගේ ප්‍රතිපත්ති තමාගේ රට සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කලේය.ප්‍රංශයේදී ඔහු ප්‍රංශ සමාජවාදීන් හා මාක්ස්වාදීන් සමග සම්බන්ධකම් ඇති කරගත්තේය.1920දී ඔහු ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.1920 ටුවර්ස් නගරයේ පවත්වන ලද ප්‍රංශ සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී තුන්වන ජාත්‍යන්තරයට පක්ෂව ඔහු කථා කලේය.සම්මේලනයට පසුව,එහි රැස්වූ වැඩිදෙනා සමග පක්ෂයේ නම කොමියුනිස්ට් යනුවෙන් වෙනස් කොට ,කොමියුනිස්ට් තුන්වන ජාත්‍යන්තරයට සම්බන්ධවීම ඔහු ගත් ස්ථාවරයේ ප්රතිඵලයක්ව් ඉය.එතැන් පටන් අවුරුදු 25ක් පමණ වියට්නාම් විමුක්ති සටන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සැලසුම් අඳිමින් ඔහු කල් ගෙවීය.
1920 දශකයේ මුල් සමයේ හෝ චි මිං රුසියාවට ගියේය.1925දී ආචාර්යය සුන් යෙට් සෙන්ගේ කුවෝමින්ටැං ආණ්ඩුව යවන ලද බොරොඩින්ගේ සහායකයෙක් ලෙස හෝ චි මිං චීනයට ගියේය.චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීමට වෑයම් නොකල හෝ චි මිං දකුණු චීනයේ ,කැන්ටන් හා හොංකොං යන ප්‍රදේශවල සැරිසැරුවේය.හොංකොං නගරයේදී බ්‍රිතාන්‍ය පොලිස් රැහැනට ඔහු අසුවිය.එයින් ගැලවී මිත්‍ර බ්‍රිතාන්‍ය නීතිඥවරයෙක්ගේ සහාය ඇතිව චීනයට ගිය හෝ චි මිං ,දකුණු චීනයේ කලක් වාසය කලේය.නමුත් ඔහුට ගත කල හැකිවූයේ කෙටි විවේක කාලයකි.
1931දී ජපානය කොරියාව හරහා මැන්චූරියාව ආක්‍රමණය කොට අවුරුදු 14ක් පැවති තම මහා ආසියානු යුද්ධය ආරම්භ කරන ලදි.ජාතීන්ගේ සංගමය වත් බටහිර ජාතීන්වත් ජපන් අධිරාජ්‍යවාදීන්ගේ චීන ආක්‍රමණය වැළැක්වීමට පියවරක් නොගත්හ.බටහිර ජාතීන් මැදිහත් වූයේ 1941 දී ජපනුන් හවායි හි පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් පසුවයි.මේවන විට ජපන් අධිරාජ්‍යවාදීන් නැගෙනහිර චීනය ඔස්සේ අගනිදිග ආසියාව ඇතුලුවී තිබිණි.යුරෝපයේ හිට්ලර්ගේ ප්රහාරයන්ට මුහුණදීමට ශක්තියක් නොතිබූ ප්‍රංශයට ජර්මන් ආධිපත්‍යය පිළිගන්නට සිදුවිය.ප්‍රංශයේ විචි ආණ්ඩුවට නතුවූ ඉන්දු චීනයේ ප්‍රංශ ආණ්ඩුවද ,ජර්මනියේ ආසියාතික මිතුරා වූ ජපානයේ බලපෑමත්,ජපානයේ මිතුරා වූ තායිලන්තයේ බලපෑමත් සතුටින් පිළිගත්හ.මේ අනුව කාම්බෝජය හා ලාඕසය තායිලන්තයේ පාලනයට භාරදුන් අතර ඉන්දු චීනය ජපානයේ පාලනයට නතුවිය.
විප්ලවවාදී අවස්ථාව ළඟාවන බැව් හෝ චි මිංට පෙනී ගියේය.ප්‍රංශ අධිරාජ්‍යවාදිහු අපකීර්තියට පත්ව සිටියහ.ජපන් අධිරාජ්‍යවාදීහු පාලනය කිරීමට නුපුලුවන් තරම් විශාල ප්‍රදේශයක පැතිරී සිටියහ.ජපන් අධිරාජ්‍යවාදී බලය කඩා බිඳ දමා,1917 රුසියන් විප්ලවාදීන් රජ බලය තමන් අතට ගෙන ලෝකයේ ප්‍රථම කම්කරු රජය පිහිටුවූවාක් මෙන්,වියට්නාමයේ ,කාම්බෝජයේ හා ලාඕසයේ ජනතාවත් එකාමෙන් නැගිට රජ බලය තමන් අතට ගන්නා දිනය අතළඟ බැව් ඔහුගේ හැඟීම විය.
1941 මැයි මාසයේදී දකුණු චීනයේ ට්ස්සින්ට්සි නගරයේදී ,රටින් පිටව සිටි වියට්නාම ජාතිකයන්ගේ සම්මේලනයක් කැඳවන ලදි.මේ සම්මේලනයේ කොමියුනිස්ට්වාදීහු අනෙකුත් ජාතික හා වාමාංශික සංවිධාන සමග එක්ව "වියට්මිං" නොහොත් වියට්නාමයේ ස්වාධීනත්වය සඳහා වූ දේශප්‍රේමීන්ගේ සංගමය පිහිටුවා ගත්හ.එහි පර්මාර්ථය වූයේ ප්‍රංශ - ජපන් පාලනය බිඳ වැටුණු විට වියට්නාමයේ දේශපාලන බලය අල්වා ගැනීම සඳහා සියළුම දේශප්‍රේමී වියට්නාම ජාතිකයින් සංවිධානය කරලීමයි.ආරම්භයේ සිටම වියට්මිං ව්‍යාපාරයේ නායකත්වය දැරුවේ කිට්ටුවෙන් බැඳී සිටි කොමියුනිස්ට් කණ්ඩායමය.කොමියුනිස්ට් නායකයෙක් වන වෝ ජින් ගුවෙන් ගියෙප්ට ,විරුද්ධත්වය පෑමේ,කැරලි ගැසීමේ සහ පිරිස් සංවිධානයේ වගකීම පවරන ලදි.මේ කර්තව්‍ය සඳහා සූදානම් වීම පිණිස ,ඔහු මා ඕ සේතුං විසින් වැඩිදියුණු කල විප්ලවාකාරී සටන් උපාය ක්‍රම අධ්‍යයනය සඳහා ගියේය.
හෝ චි මිං තිස් අවුරුද්දකට පසුව වියට්නාමයට ගොස් නැවත පෙරළා පැමිණ චියාංකායිෂෙක්ගෙන් හමුදා ආධාර ලබාගැනීමට තැත් කලේය.නමුත් ඔහුට චියාං ව හමුවන්නට නොහැකිවිය.ඒ වෙනුවට අවුරුද්දක් පමණ කල් දකුණු චීනයේ සිරගෙයක කාලය ගෙවා දමන්නට සිදුවිය.චියාංකායිෂෙක්ගේ අදහස වූයේ තමන්ගේ අධිරාජ්‍යවාදී මිතුරන්ට පිළිගත හැකි වූ රටින් බැහැර වූ වියට්නාම ජාතිකයන්ගේ අණ්ඩුවක් පිහිටුවීමටය.මේ සඳහා ඩොන් හිං යෝයි නැමති ඉන්දු චීන ජාතිකවාදී කණ්ඩායමක් සංවිධානය කිරීමට චියාංකායිෂෙක් විසින් අනුබල දෙන ලදි.නමුත් වියට්නාමයේ හෝචිමිං ගේ තත්ත්වය කොතරම් දුරට වර්ධනය වී තිබුණේද යත් මේ තාවකාලික ආණ්ඩුවට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කිරීමට ඔවුන්ට සිදුවිය.
ඔහු මේ ආරාධනාව පිළිගෙන ජපන් විරෝධී ව්‍යාපරයේ ප්‍රධාන මෙහෙයුම් බලවේගය ලෙසට වියට්මිං සංවිධානය පිළිගන්වා ගැනීමට තාවකාලික ආණ්ඩුවට ඇතුලුවිය.අවසානයේදී තාවකාලික ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයින්ගේ නිවට බයාදුකම නිසා එය පරාජයට පත්වී වියට් මිංවරුන්ගේ ජයග්‍රහණයට මඟ පෑදිණි.ජපනුන් යටත්වීමට මාස 12කට පෙර 1944 ග්‍රීෂ්ම කාලයේ දී සටන් වැද වියට්නාමයේ කාවෝ බාං යන උතුරු ප්‍රාන්තයේ පාලනය මුලුමනින්ම සියතට ගත්තේ ගියෙප් යටතේ සංවිධානය වූ වියට්මිං ගරිල්ලා භටයන් විසිනි.එම අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේදී තායි එන්ගුවෙන්හි නව මධ්‍යස්ථානයක් පිහිටුවීමට ක්‍රියා කල එකම සමාජිකයා වූයේ හෝචි මිං ය.එතැන් පටන් තාවකාලික ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත්ව ගියේය.වියට්මිංවරු ස්වාධීනත්වය පතා කල සටනේ අසහාය නායකයා ලෙසට පිළිගනු ලැබීය.
1945 අගෝස්තු මස 6 වනදා පෙරවරු 8.16 ඇමෙරිකානු ගුවන් යානයකින් ප්‍රථම පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙළන ලදි.ඊට දින තුනකට පසුව දෙවන පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙළීය.අගෝස්තු 14 දා ජපානය කොන්දේසි විරහිතව යටත්විය.අගෝස්තු 16 දා ස්වාධීන වියට්නාමයේ නාමයෙන් නැඟී සිට රජ බලය තමන් අතට ගන්නා ලෙස හෝ චිමිං වියට්නාම ජනතාවට ආරාධනා කලේය.මේ කැඳවීමට සවන්දුන් වියට්නාම ජාතිකයෝ උතුරේ සිට දකුණ දක්වා මුළු වියට්නාමයේම ගමක් ගමක් පාසා වියට්මිං නායකත්වය යටතේ නැඟී සිටියහ.1945 සැප්තැම්බර් 16 දා වියට්නාම් ප්රජාතන්ත්රවාදී ජනරජය පිහිටුවන ලදි.ඛා ඕදායි අධිරාජ්‍යයා සිහසුන හැර ගියේය.හෝ චිමිං ජනරජයේ නායකයා බවට පත්විය.ශාන්ත ප්රැන්සිස්කෝ ප්රඥප්තියේ ප්‍රකාර තමන්ට හිමිවූ ස්වාධීපත්‍යය පිළිගන්නා ලෙස හෝ චි මිං එක්සත් ජාතීන්ගේ සියළුම රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කලේය.
නමුත් හෝ චිමිංගේ ජයග්‍රහණය තාවකාලික එක්ක විය.වියට්නාමය මහා ජාතීගේ පශ්චාත් මහා යුද තරඟයන්ගේ ගොදුරක් විය.යෞවන වියෙහි සිටියදී හෝ චිමිං දුටුවාවූ සිහිනය 30 අවුරුද්දක දේශපාලන සටනකින් පසුව අර්ධ වශයෙන් සපුරාලන ලදුව ,තවත් අවුරුදු 30කට කල්දැමිණි.සෙයිගොන් නුවර වියට්මිං බලය පැවතුනේ සති 3 පමණ කාලයකි.ඉන්දු චීනයේ ජපන් හමුදාව 16 වන සමාන්තරයට උතුරේ චියාංකායිෂෙක්ගේ හමුදාවටද ,දකුණු ප්‍රදේශය මවුන්ට් බැටන් සාමිවරයාගේ හමුදාවටද යටත් විය යුතු යැයි 1945දී පවත්වන ලද පොට්ස්ඩෑම් සම්මේලනයේ දී තීරණය කරන ලදි.එමනිසා ජපනුන් විසින් අත්හැර දමන ලද වියට්නාමය අල්ලාගැනීමට බ්‍රිතාන්‍යයේ ප්‍රංශයේ සහ චියාංකායිෂෙක් ගේ හමුදා අතර තරඟයක් ඇතිවිය.
ජෙනරාල් ග්‍රාසි යටතේ ඉන්දියානු හමුදාවක්(ගුර්කා)සෙයිගොන් නුවර අසලට ගොඩබස්වන්නට මවුන්ට්බැටන් සාමිවරයා සමත්විය.මේ හමුදාව 1945 සැප්තැම්බර් මස 2දා වියට්නාමයට ඇතුලුවිය.හැනෝයි නගරයේදී වියට්නාම ජනරජය පිහිටුවන බව ප්‍රකාශ කලේත් එදිනමය.එම හමුදාවට සෙයිගොන් නගරයට ඇතුලුවී වියට්මිංවරුන් ඒවන විට අල්ලාගෙන සිටි නගර ශාලාවෙන් සහ රජයේ ගොඩනැගිලිවලින් වෙඩි තබා එළවා දැමීමට ජෙනරාල් ග්‍රාසි විසින් අවසර දෙන ලදි.ඒ අතරම ප්‍රංශ ජාතිකයන්ගේ නැවත පැමිණීමත් සමග ඇතිවූ ආරවුල් මැඩලීම පිණිස බ්‍රිතාන්‍ය හමුදාවන් සමග නැවත ආයුද සන්නද්ධ කල ජපන් සිරකරුවන්ද ඔහු විසින් යොදන ලදි.ප්‍රංශ ජාතිකයින් නැවත වියට්නාමයට ඇතුලු කොට කාම්බෝජයේ අගනගරය වන නොංපෙන් නුවර අල්වා ගැනීමට,ප්‍රංශ හමුදාවට උදව්කිරීමේ වගකීමද බ්‍රිතාන්‍ය විසින් භාරගත යුතුය.
Source:තරුණ සමාජවාදී ප්‍රකාශන- අංක 3
-HarshaLulzSec-
හෝ චි මිං - වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ නියමුවා
වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටන ජයග්‍රහණය කරා මෙහෙයවූ හෝ චි මිං 1890 මැයි මස 18 දා උපත ලැබීය.ඔහු එන්ගුවෙන් ගෝත්‍රයට අයත් දුප්පත් වුවත් උගතෙකුගේ පුතෙක් විය.එන්ගුවෙන් ගෝත්‍රය ,අනෙකුත් ගෝත්‍රයන් මෙන් නොව රටේ ගැමි ජනතාව සමග කිට්ටු සම්බන්ධයක් ඇතිව සිටි කොටසකි.
තරුණ හෝ චි මිං -1921
1910 වන විට ජපානය කොරියාව යටත් කරගෙන තිබිණි.ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට විරුද්ධ සටන ,අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානය වල සිට පැතිරෙන්නට පටන්ගෙන තිබිණි.ජේයෂ්ඨ දිස්ත්‍රික්ක නිලධාරියෙක් වශයෙන් තනතුරක් ලබාගෙන සිටි හෝ චි මිං ගේ පියා ,කැරළිකාර නායකයන් සමග කුළුපග සබඳතා පැවැත්වූයේ යැයි සැක කොට ,තනතුරෙන් පහකරන ලද්දේ මේ අවස්ථාවේදීය.අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව සාර්ථක කැරැල්ලක් මෙහෙයවිය හැක්කේ ,ප්‍රංශ අධිරාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන දේ හොඳින් අධ්‍යයනය කොට ,අධිරාජ්‍යවාදී අගනුවරවල්වල දේශපාලන ක්‍රියාවන් සහ සංවිධාන කරමින් සිටි අය සමග සම්බන්ධකම් ඇතිකරගත් අයට පමණක් බව ,හෝ චි මිං මේ අවස්ථාවේදී තේරුම් ගත්තේය.
හෝ චි මිංගේ භාර්යාව - Tăng Tuyết Minh ,හෝ චි මිං මැය හා විවාහ වූයේ 1926 දීය.නමුත් 1927 දී ඔහුට ඇයගෙන් වෙන්ව යන්නට සිදුවිය.මොවුන් දෙදෙනාට දරුවන් සිට නැත.ඇය 1991 දී මියගොස් තිබේ.
1911 දී ප්‍රංශ දුම් නැවක කෝකියෙක් ලෙස හෝ චින් මිං වියට්නාමයෙන් පිටවී ගියේය.ඔහු රටින් පිටත් ගත කල කාලය වසර 35ක් පමණ විය.මේ කාලයේදී ඔහු රටින් රටට යමින්,තත්ත්වය නිරීක්ෂණය කරමින් හා අධ්‍යයනය කරමින් ,අනාගතය ගැන සිහින දකිමින්,දේශපාලනය ගැන ලියමින් කථා කරමින් කාලය ගත කලේය.උතුරු අප්‍රිකානු ප්‍රංශ යටත් විජිත ,ප්‍රංශය,එංගලන්තය,උතුරු ඇමෙරිකාව,රුසියාව,චීනය,තායිලන්තය,හොංකොං සහ නැවත වරක් චීනය ඔහු සංචාරය කල රටවල් අතරවිය.ඔහු ගිය සෑම තැනකදීම කර්මාන්තශාලා කම්කරුවන්,ගොවීන්,බුද්ධිමතුන්,පීඩනයට ලක්වූ රටවැසියන් සමග ඔහු සම්බන්ධකම් ඇතිකරගත්තේය.
1919 දී පැරිසියට පැමිණි හෝ චි මිං වර්සෙල්ස් සාම සම්මේලනයට ඇමෙරිකානු ජනපති විල්සන්ගේ ප්‍රතිපත්ති තමාගේ රට සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කලේය.ප්‍රංශයේදී ඔහු ප්‍රංශ සමාජවාදීන් හා මාක්ස්වාදීන් සමග සම්බන්ධකම් ඇති කරගත්තේය.1920දී ඔහු ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.1920 ටුවර්ස් නගරයේ පවත්වන ලද ප්‍රංශ සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී තුන්වන ජාත්‍යන්තරයට පක්ෂව ඔහු කථා කලේය.සම්මේලනයට පසුව,එහි රැස්වූ වැඩිදෙනා සමග පක්ෂයේ නම කොමියුනිස්ට් යනුවෙන් වෙනස් කොට ,කොමියුනිස්ට් තුන්වන ජාත්‍යන්තරයට සම්බන්ධවීම ඔහු ගත් ස්ථාවරයේ ප්රතිඵලයක්ව් ඉය.එතැන් පටන් අවුරුදු 25ක් පමණ වියට්නාම් විමුක්ති සටන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සැලසුම් අඳිමින් ඔහු කල් ගෙවීය.
1920 දශකයේ මුල් සමයේ හෝ චි මිං රුසියාවට ගියේය.1925දී ආචාර්යය සුන් යෙට් සෙන්ගේ කුවෝමින්ටැං ආණ්ඩුව යවන ලද බොරොඩින්ගේ සහායකයෙක් ලෙස හෝ චි මිං චීනයට ගියේය.චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීමට වෑයම් නොකල හෝ චි මිං දකුණු චීනයේ ,කැන්ටන් හා හොංකොං යන ප්‍රදේශවල සැරිසැරුවේය.හොංකොං නගරයේදී බ්‍රිතාන්‍ය පොලිස් රැහැනට ඔහු අසුවිය.එයින් ගැලවී මිත්‍ර බ්‍රිතාන්‍ය නීතිඥවරයෙක්ගේ සහාය ඇතිව චීනයට ගිය හෝ චි මිං ,දකුණු චීනයේ කලක් වාසය කලේය.නමුත් ඔහුට ගත කල හැකිවූයේ කෙටි විවේක කාලයකි.
දෙවන ලෝක යුද්ධය
1931දී ජපානය කොරියාව හරහා මැන්චූරියාව ආක්‍රමණය කොට අවුරුදු 14ක් පැවති තම මහා ආසියානු යුද්ධය ආරම්භ කරන ලදි.ජාතීන්ගේ සංගමය වත් බටහිර ජාතීන්වත් ජපන් අධිරාජ්‍යවාදීන්ගේ චීන ආක්‍රමණය වැළැක්වීමට පියවරක් නොගත්හ.බටහිර ජාතීන් මැදිහත් වූයේ 1941 දී ජපනුන් හවායි හි පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් පසුවයි.මේවන විට ජපන් අධිරාජ්‍යවාදීන් නැගෙනහිර චීනය ඔස්සේ අගනිදිග ආසියාව ඇතුලුවී තිබිණි.යුරෝපයේ හිට්ලර්ගේ ප්රහාරයන්ට මුහුණදීමට ශක්තියක් නොතිබූ ප්‍රංශයට ජර්මන් ආධිපත්‍යය පිළිගන්නට සිදුවිය.ප්‍රංශයේ විචි ආණ්ඩුවට නතුවූ ඉන්දු චීනයේ ප්‍රංශ ආණ්ඩුවද ,ජර්මනියේ ආසියාතික මිතුරා වූ ජපානයේ බලපෑමත්,ජපානයේ මිතුරා වූ තායිලන්තයේ බලපෑමත් සතුටින් පිළිගත්හ.මේ අනුව කාම්බෝජය හා ලාඕසය තායිලන්තයේ පාලනයට භාරදුන් අතර ඉන්දු චීනය ජපානයේ පාලනයට නතුවිය.
1941 වසර අවසන් වන විට ජපාන අධිරාජ්‍යයේ ව්‍යාප්තිය
විප්ලවවාදී අවස්ථාව ළඟාවන බැව් හෝ චි මිංට පෙනී ගියේය.ප්‍රංශ අධිරාජ්‍යවාදිහු අපකීර්තියට පත්ව සිටියහ.ජපන් අධිරාජ්‍යවාදීහු පාලනය කිරීමට නුපුලුවන් තරම් විශාල ප්‍රදේශයක පැතිරී සිටියහ.ජපන් අධිරාජ්‍යවාදී බලය කඩා බිඳ දමා,1917 රුසියන් විප්ලවාදීන් රජ බලය තමන් අතට ගෙන ලෝකයේ ප්‍රථම කම්කරු රජය පිහිටුවූවාක් මෙන්,වියට්නාමයේ ,කාම්බෝජයේ හා ලාඕසයේ ජනතාවත් එකාමෙන් නැගිට රජ බලය තමන් අතට ගන්නා දිනය අතළඟ බැව් ඔහුගේ හැඟීම විය.
වියට්මිං සටන්කරුවන් පිරිසක්
1941 මැයි මාසයේදී දකුණු චීනයේ ට්ස්සින්ට්සි නගරයේදී ,රටින් පිටව සිටි වියට්නාම ජාතිකයන්ගේ සම්මේලනයක් කැඳවන ලදි.මේ සම්මේලනයේ කොමියුනිස්ට්වාදීහු අනෙකුත් ජාතික හා වාමාංශික සංවිධාන සමග එක්ව "වියට්මිං" නොහොත් වියට්නාමයේ ස්වාධීනත්වය සඳහා වූ දේශප්‍රේමීන්ගේ සංගමය පිහිටුවා ගත්හ.එහි පර්මාර්ථය වූයේ ප්‍රංශ - ජපන් පාලනය බිඳ වැටුණු විට වියට්නාමයේ දේශපාලන බලය අල්වා ගැනීම සඳහා සියළුම දේශප්‍රේමී වියට්නාම ජාතිකයින් සංවිධානය කරලීමයි.ආරම්භයේ සිටම වියට්මිං ව්‍යාපාරයේ නායකත්වය දැරුවේ කිට්ටුවෙන් බැඳී සිටි කොමියුනිස්ට් කණ්ඩායමය.කොමියුනිස්ට් නායකයෙක් වන වෝ ජින් ගුවෙන් ගියෙප්ට ,විරුද්ධත්වය පෑමේ,කැරලි ගැසීමේ සහ පිරිස් සංවිධානයේ වගකීම පවරන ලදි.මේ කර්තව්‍ය සඳහා සූදානම් වීම පිණිස ,ඔහු මා ඕ සේතුං විසින් වැඩිදියුණු කල විප්ලවාකාරී සටන් උපාය ක්‍රම අධ්‍යයනය සඳහා ගියේය.
ජෙනරල් ගියෙප් සහ හෝ චි මිං
හෝ චි මිං තිස් අවුරුද්දකට පසුව වියට්නාමයට ගොස් නැවත පෙරළා පැමිණ චියාංකායිෂෙක්ගෙන් හමුදා ආධාර ලබාගැනීමට තැත් කලේය.නමුත් ඔහුට චියාං ව හමුවන්නට නොහැකිවිය.ඒ වෙනුවට අවුරුද්දක් පමණ කල් දකුණු චීනයේ සිරගෙයක කාලය ගෙවා දමන්නට සිදුවිය.චියාංකායිෂෙක්ගේ අදහස වූයේ තමන්ගේ අධිරාජ්‍යවාදී මිතුරන්ට පිළිගත හැකි වූ රටින් බැහැර වූ වියට්නාම ජාතිකයන්ගේ අණ්ඩුවක් පිහිටුවීමටය.මේ සඳහා ඩොන් හිං යෝයි නැමති ඉන්දු චීන ජාතිකවාදී කණ්ඩායමක් සංවිධානය කිරීමට චියාංකායිෂෙක් විසින් අනුබල දෙන ලදි.නමුත් වියට්නාමයේ හෝචිමිං ගේ තත්ත්වය කොතරම් දුරට වර්ධනය වී තිබුණේද යත් මේ තාවකාලික ආණ්ඩුවට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කිරීමට ඔවුන්ට සිදුවිය.
චියාංකායිෂෙක්
ඔහු මේ ආරාධනාව පිළිගෙන ජපන් විරෝධී ව්‍යාපරයේ ප්‍රධාන මෙහෙයුම් බලවේගය ලෙසට වියට්මිං සංවිධානය පිළිගන්වා ගැනීමට තාවකාලික ආණ්ඩුවට ඇතුලුවිය.අවසානයේදී තාවකාලික ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයින්ගේ නිවට බයාදුකම නිසා එය පරාජයට පත්වී වියට් මිංවරුන්ගේ ජයග්‍රහණයට මඟ පෑදිණි.ජපනුන් යටත්වීමට මාස 12කට පෙර 1944 ග්‍රීෂ්ම කාලයේ දී සටන් වැද වියට්නාමයේ කාවෝ බාං යන උතුරු ප්‍රාන්තයේ පාලනය මුලුමනින්ම සියතට ගත්තේ ගියෙප් යටතේ සංවිධානය වූ වියට්මිං ගරිල්ලා භටයන් විසිනි.එම අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේදී තායි එන්ගුවෙන්හි නව මධ්‍යස්ථානයක් පිහිටුවීමට ක්‍රියා කල එකම සමාජිකයා වූයේ හෝචි මිං ය.එතැන් පටන් තාවකාලික ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත්ව ගියේය.වියට්මිංවරු ස්වාධීනත්වය පතා කල සටනේ අසහාය නායකයා ලෙසට පිළිගනු ලැබීය.
දෙවන ලෝක යුද්ධය අවසන් වෙයි
1945 අගෝස්තු මස 6 වනදා පෙරවරු 8.16 ඇමෙරිකානු ගුවන් යානයකින් ප්‍රථම පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙළන ලදි.ඊට දින තුනකට පසුව දෙවන පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙළීය.අගෝස්තු 14 දා ජපානය කොන්දේසි විරහිතව යටත්විය.අගෝස්තු 16 දා ස්වාධීන වියට්නාමයේ නාමයෙන් නැඟී සිට රජ බලය තමන් අතට ගන්නා ලෙස හෝ චිමිං වියට්නාම ජනතාවට ආරාධනා කලේය.මේ කැඳවීමට සවන්දුන් වියට්නාම ජාතිකයෝ උතුරේ සිට දකුණ දක්වා මුළු වියට්නාමයේම ගමක් ගමක් පාසා වියට්මිං නායකත්වය යටතේ නැඟී සිටියහ.1945 සැප්තැම්බර් 16 දා වියට්නාම් ප්රජාතන්ත්රවාදී ජනරජය පිහිටුවන ලදි.ඛා ඕදායි අධිරාජ්‍යයා සිහසුන හැර ගියේය.හෝ චිමිං ජනරජයේ නායකයා බවට පත්විය.ශාන්ත ප්රැන්සිස්කෝ ප්රඥප්තියේ ප්‍රකාර තමන්ට හිමිවූ ස්වාධීපත්‍යය පිළිගන්නා ලෙස හෝ චි මිං එක්සත් ජාතීන්ගේ සියළුම රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කලේය.
1945 වසරේදී වියට්නාමය නිදහස් රාජ්‍යයක් යැයි හෝ චින් මිං විසින් නිවේදනය කල අවස්ථාව
1946 දී ප්‍රංශයට පැමිණි හෝ චි මිංව ප්‍රංශ ජනපති ජොර්ජ් බිඩෝල්ට් විසින් පිලිගත් අයුරු
නමුත් හෝ චිමිංගේ ජයග්‍රහණය තාවකාලික එක්ක විය.වියට්නාමය මහා ජාතීගේ පශ්චාත් මහා යුද තරඟයන්ගේ ගොදුරක් විය.යෞවන වියෙහි සිටියදී හෝ චිමිං දුටුවාවූ සිහිනය 30 අවුරුද්දක දේශපාලන සටනකින් පසුව අර්ධ වශයෙන් සපුරාලන ලදුව ,තවත් අවුරුදු 30කට කල්දැමිණි.සෙයිගොන් නුවර වියට්මිං බලය පැවතුනේ සති 3 පමණ කාලයකි.ඉන්දු චීනයේ ජපන් හමුදාව 16 වන සමාන්තරයට උතුරේ චියාංකායිෂෙක්ගේ හමුදාවටද ,දකුණු ප්‍රදේශය මවුන්ට් බැටන් සාමිවරයාගේ හමුදාවටද යටත් විය යුතු යැයි 1945දී පවත්වන ලද පොට්ස්ඩෑම් සම්මේලනයේ දී තීරණය කරන ලදි.එමනිසා ජපනුන් විසින් අත්හැර දමන ලද වියට්නාමය අල්ලාගැනීමට බ්‍රිතාන්‍යයේ ප්‍රංශයේ සහ චියාංකායිෂෙක් ගේ හමුදා අතර තරඟයක් ඇතිවිය.
මවුන්ට්බැටන් සාමිවරයා
ජෙනරාල් ග්‍රාසි යටතේ ඉන්දියානු හමුදාවක්(ගුර්කා)සෙයිගොන් නුවර අසලට ගොඩබස්වන්නට මවුන්ට්බැටන් සාමිවරයා සමත්විය.මේ හමුදාව 1945 සැප්තැම්බර් මස 2දා වියට්නාමයට ඇතුලුවිය.හැනෝයි නගරයේදී වියට්නාම ජනරජය පිහිටුවන බව ප්‍රකාශ කලේත් එදිනමය.එම හමුදාවට සෙයිගොන් නගරයට ඇතුලුවී වියට්මිංවරුන් ඒවන විට අල්ලාගෙන සිටි නගර ශාලාවෙන් සහ රජයේ ගොඩනැගිලිවලින් වෙඩි තබා එළවා දැමීමට ජෙනරාල් ග්‍රාසි විසින් අවසර දෙන ලදි.ඒ අතරම ප්‍රංශ ජාතිකයන්ගේ නැවත පැමිණීමත් සමග ඇතිවූ ආරවුල් මැඩලීම පිණිස බ්‍රිතාන්‍ය හමුදාවන් සමග නැවත ආයුද සන්නද්ධ කල ජපන් සිරකරුවන්ද ඔහු විසින් යොදන ලදි.ප්‍රංශ ජාතිකයින් නැවත වියට්නාමයට ඇතුලු කොට කාම්බෝජයේ අගනගරය වන නොංපෙන් නුවර අල්වා ගැනීමට,ප්‍රංශ හමුදාවට උදව්කිරීමේ වගකීමද බ්‍රිතාන්‍ය විසින් භාරගත යුතුය.
ඉන්දියානු භට කණ්ඩායමක්
Source:තරුණ සමාජවාදී ප්‍රකාශන- අංක 3
-HarshaLulzSec-