අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...

    රටේ තරමක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් උන අපේ කන්තෝරුවේ රියදුරු මහත්තයෙක්ගෙ සිදුවීමක් ගැනයි මම කියන්න හදන්නේ...

    782251-Car0047.gif


    කියන්න යන කතන්දරේ මම දැනට
    ත් වැඩ කරන තැන උන සිදුවීමක් නිසා නම් ගම් එහෙම කියන්නෙ නෑ... මොකද වැඩ කරන තැන දෙතුන් දෙනෙකුත් එලකිරි පාඨකයො නිසා අන්තිමට මාව කරදරේ වැටෙයි හැමදේම මෙතන කොටන්න ගියොතින්... :baffled:
    ආහ්.. මුලින්ම කියන්න ඕනෙ ත්‍රෙඩ් එක පුරාවටම අසභ්‍ය වචන තියෙයි කියල
    ත්...:P

    හරි එහෙනම්....

    සාමන්‍යෙන් අපේ රාත්‍රී වැඩ මුරය අවසාන වෙන්නෙ රෑ දහයයි තිහත් එකොලහත් අතර වගේ... දඬු මොණරෙන් රෑ වෙලා ගෙදර එන එක ගැන අම්මලගේ දැඩි විරෝධතා උඩ එක වික්කට පස්සෙ, කන්තෝරුවෙන් දෙන රාත්‍රී ප්‍රවහන සේවයට මමත් එකතු උනා.. ඉතින් මේ කතාවෙ කතා නායකය උන රියදුරු මහත්තය තමයි ආයතනයේ ඉන්න වයසකම රියදුරා.. ඉතින් අනිත් රියදුරන්ගේ කොලොප්පං වලටත් නිතර නිතර මේ කියන ඩ්‍රයිවර් මාමා ලක් උනා.. ඒකටත් හේතු වුණ කතන්දරනම් ඕන තරම් තියෙනව... ඒවත් පස්සෙ හිමින් කියන්නම්...:P

    ප්‍රධානතම හේතුව උනේ මේ වයසක රියදුරු මහත්තයගෙ කටින් නිතරම එළියට එන කුණුහරුප කන්දරාව...:lol: ඇත්තම කියනවනං මිනිහ කුණුහරුප කියනකොට අමුතුම ගතියක් තියෙනව...:P ඉතින් අති සුමිහිරි කුණුහරුප අසා ගැනීමේ පරම පිවිතුරු චේතනාව උඩ, ආයතනයේ ඉහළම නිලධාරින්ගේ ඉඳල සම මට්ටමේ රියදුරු සහෝදරවරුන්ට එනකන් හැම කෙනෙක්ම මේ රියදුරාව අවුස්සල දවසට කුණුහරුපයක් දෙකක් අහ ගන්න එකත් සාමාන්‍ය දෙයක්... ඉහළ නිලධාරියෙක් කොලොප්පමක් කළ වෙලාවට,

    "අම්#$%ට !@#$%න හදන්න එපා මහත්තයෝ" කියල කිව්වාම කුණුහරුපෙ අහ ගත්ත මහත්තය තමයි වැඩියෙන් හිනා වෙන්නේ...:rofl:

    attachment.php


    මේ කියන රියදුරා සාමාන්‍යෙන් වයසින් අඩු අනිත් රියදුරන්ට වැඩිය රාජකාරිමය පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නව කියලයි මටනම් හිතෙන්නේ...:)

    මොකද මගේ ගමනාන්තෙ උන වැලිවේරියට එන්නෙ සමහර වෙලාවට මීගමුව කිට්ටුවටම ගිහින් තවත් අයව බස්සලයි.. අතුරු පාරවල් දිගේ, වෙල් මැද්දෙන් ඒ ගමන ඉවර කරද්දි අනිත් රියදුරන් නම් ගොඩක් දුරට හෙම්බත් වෙලයි ඉන්නේ.. ඉතින් අතර මග නවත්තල බුලත් විටක් එහෙම කාල, වතුරට ටිකක් බොන එකත් අනිවාර්යයි..

    ඒත් මේ ඩ්‍රයිවර් මාමා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳ ගත්තාමනම් කවදාවත්, නිදිමතයි, ඇඟට අමාරුයි, මහන්සියි වගේ කතන්දර නැතුව පාඩුවේ එයාගෙ ගමන බොහොම හිමින් ඉවර කරනවා... අවුරුදු හැත්තෑවක විතර වයසක පසු උනත් වයසෙ හැටියට ශාරීරික අපහසුකම් පේන්න තිබුණත් රියදුරු අසුනෙදී ඒ දේවල් ගැටළුවක් නෑ... :)

    අලුතෙන් ආව රියදුරන් වාහනේ බ්‍රේක් නෑ කියල ගිය තැනින් එන්න බෑ කිව්වත්, ක්ලච් එක නැතුව එන්න බෑ කියල අතරමග නවත්තන් ඉන්න වාහන ඇදගෙන එන්න තව වාහනයක් ගියත්, මෙයා කැඩිච්ච වාහනේ පැදගෙනම එන "පට්ට ඩයල්" එකක්.. ඒකටම් ඉතින් එයාගෙ අවුරුදු බර ගානක දීර්ඝකාලීන රියදුරු අත්දැකීමත් හේතුවක්... ඒක මගේ වයසටත් වැඩි ඇති..:yes:

    අනිත් කාරණේ වෙන රියදුරෙකුට කරදරයක්, උන වෙලාවක සාමාන්‍යෙන් කන්තෝරුවෙ ඉන්න ඩ්‍රයිවර් කෙනෙක්ව තමයි තව වාහනේකුත් එක්ක අදාළ තැනට යවන්නේ... අපි යන ගමන් ඩ්‍රයිවර් කෙනෙකුට සහෝදර රියදුරෙකුගෙන් කෝල් එකක් ආවත් ඒ එයා කරන්නේ වහාම ප්‍රවාහන කලමණාකරු මාර්ගයෙන් කාන්තෝරුවෙම ඉන්න කෙනෙක් අදාළ තැනට යවන එක... මොකද හැමෝම බලන්නේ තමන්ගෙ ගමන ඉවර කරල ආපහු ඔෆිස් එකට ඇවිත් පැයක් දෙකක් හරි වැඩිපුර නිදා ගන්න... උදව්වට ගිහින් තමන්ගේ නින්දත් නැති කරගෙන ආපහු පහු වෙනිද තමන්ගෙ ඩියුටිය භාර ගත්තාම කලින් දවසෙ නිදි මැරුව කියන එක අදාළ නෑ...:baffled: ඒත් මේ රියදුරුට එහෙම හදිසියෙන් හරි කෝල් එකක් ආව වෙලාවට,

    "පුතා මම දැන් වැලිවේරිය මහත්තයව බස්සන්න යන ගමන්.. ඔයාට පුලුවන්නම් ඔෆිස් එකට කෝල් එකක් දීල බලන්න.. එහෙන් කාටහරි එන්න යන වේලාව අහල මට කියන්න.. ඊට කලින් මට එන්න පුලුවන් උනොත් මම ඔතෙන්ට එන්නම්" කියල කියනවා...:)

    ඉතින් ඔය වගේ හේතු නිසා මේ කියන රියදුරාව කොච්චර කොලොප්පමකට ගත්තත් එයා ගැන හැමෝගෙම හිතේ පුංචි ගෞරවයකුත් රැඳිල තියෙනව...:yes:

    අයියෝ.. මම කියන්න ගියේ මේක නෙමෙයිනේ.. කතාවට එමුකො එහෙනම්...
    :eek:

    ඔන්න ඉතින් දවසකුත් සුපුරුදු විදිහට රාත්‍රී වැඩ මුරය ඉවර කරපු අපි අදාළ වාහනේ එනකන්, එක එක නිසදැස්, භක්ති ගීත,වැල් බයිල දොඩව දොඩව එළියට බැහැල ඉන්නකොට හෙඩ් ලයිට් දාගෙන දූවිලි අවුස්සගෙන ඇවිත් ක්‍රාස් ගාල බ්‍රේක් පාරක් එහෙම ගහල ඩොල්ෆින් වර්ගයේ වෑන් එකක් නැවැත්තුව...:oo:

    39667.jpg


    ඒ ආපු විදිහට අපි හිතුවෙ අස්ස කුලප්පුව හැදිල වගේ ආවෙ ඊයෙ පෙරෙදා රස්සාවට ආව බොහොම තරුණ වයසේ රියදුරෙක් කියලා... :lol:බැලින්නම් එහෙම කඩාගෙන බිඳගෙන ආවට මේ අපේ කතා නායකයම තමයි...:( වෑන් එකේ ඉඳ ගන්නකොටම කවුරුහරි කරපු කොලොප්පමකට තද වෙලා තමයි ඒ විදිහට ඇවිත් තියෙන්නේ... වෑන් එකට නගිනකොටම තරුණ රියදුරෙක් කිව්වලු,

    "මාමා ගොඩක් හයියෙන් යන නිසා කවදාවත් හයිවේ එකකටනම් දා ගන්න එපා" කියලා...

    ඒකට මළ පැනල තමයි අර විදිහට ඇවිත් බ්‍රේක් පාරක් ගැහුවෙ...:rofl: ආපහු ඒ වේගෙන් යන්නේ ගේට්ටුව ලඟට යනකන් විතරයි.. එතනින් එහාට යන්නේ සාමාන්‍ය ඉබි ගමනින්... ඉතින් ටිකක් විතර වයසින් වැඩි වෙන අංශයක වැඩ කරන තවත් එක්කෙනෙක් ඉදිරිපස අසුනට ගොඩ උනේ

    "අපිනම් ඉතින් හෙට උදේටනෙ ගෙදර යන්නෙ" කියාගෙනයි... :lol:
    වෙලාවට
    ක ඇහුණෙ මට විතරයි... නැත්තන් ඉතින්

    "අම්!@#$%!@#$%කා ගන්න එපා මහත්තයෝ"
    කියන එක තමයි ඉතින් ආපහු අහ ගන්න වෙන්නෙ... :rofl:

    442184-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-A-Cartoon-Male-Driver-With-Road-Rage.jpg




    ගේට්ටුව ගාවට එනකන් ගියර් 5න් හතරක්ම ලඟ ලඟම දාගෙන පිඹගෙන ඇවිත්, එතනින් එහාට සුපුරුදු පරිදි පැයට කිලෝ මීටර් 40ක 45ක උපරිම වේගෙකට යටත්ව අපි යනවා.. ඉස්සරහම සීට් එකේ ඉන්න කෙනානම් වෑන් එක ගේට්ටුවෙන් එළියට ගන්නකොටම ලොකු පොල් මුලක් ඉරන්න ගත්තා... කොහොමත් පට්ට රෑ වෙලානෙ බහින්න වෙන්නේ.. ඉතින් ගෙදර ඇඳේ නිදා ගන්න වෙලාවෙන් අඩු වෙන සැප නින්දෙ පැය ගාන වෑන් එකේ සීට් එකේ හරි බරි ගැහිලා පියෝ ගන්නයි හදන්නේ...:P

    එදානම් ගමන් මාර්ගෙ වටිල තිබුණේ ඇල්දෙණිය, රද්දොලුව හරහා වැලිවේරියට...
    අතුරුපාරක් දිගේ ගිහින් ඇල්දෙණියෙ කෙනාව බැස්සුවට පස්සෙ අපි ආයි මහ පාරට එන්න ඕනේ.. මේ කියන දවස්වල කඨින පෙරහැරවල් එහම තිබුණ ගොඩක් පන්සල්වල... ඉතින් ඇල්දෙණියෙ ඉඳල අතුරු පාරෙ ඇවිත් ප්‍රධාන පාරට පිවිසෙන තැනම පාරෙ දකුණු පැත්තෙ අයිනේ හෙන සද්ධන්ත අලියෙක්ව පාක් කරල, ඇත්ගොව්වෝ දෙන්න බඩ ඉරිඟු කරල් වගයක් කකා හිටියා...:P

    general_aza_asian.gif


    මම හිටියේ වෑන් එකේ රියදුරු අසුන පිටිපස්සෙ සීට් එකේ මැදට වෙන්න.. ඒ කියන්නෙ මට පාර පේනව ඉස්සරහ ආසන දෙක අතරින්..

    CS000029515LFUG42TB4.jpg


    ඉතින්
    අපේ ඉස්සරහින් බයික් එකක් ආව අර අතුරු පාරෙ අයිනට වෙන්න හිටිය අලියව බේරල... ඒ මනුස්සය අලියව බේරල ඊට ඈතින් හොඳට ඉඩ අරගෙන අපේ ඉස්සරහින් යද්දි මෙන්න අපේ රියදුරු මාම ඒ මනුස්සයගේ දේමාපියන්ට සුබ පතන්න ගත්ත හුරේ කියල...:dull:

    "මුගෙ අම්මට !@#$%න්න... මේ !@#$%ගෙ පුතා මෙච්චර ඉඩ තියෙද්දි මේක අස්සෙම !@#$%^නෙන්න හැදුවනේ මම ළඟට එනකන් දැක්කෙ නෑ.. යට උනානම් එහෙම මම යන්න එපැයි උසාවේ ගානේ..."

    මටත් හිතා ගන්න බැරි උනා මේ මොන අලකලංචියක්ද කියලා...:baffled:

    මොකද අපි හයියෙන් ආවෙත් නෑ.. අපි හිමින් ආව නිසයි අර මනුස්සයා අලියව බේරල යන්න ගියේ...

    මෙන්න බොලේ අපේ රියදුරු මාමත් අලියගෙ නැට්ටෙ ගෑවි නොගෑවි වගේ වෑන් එක ප්‍රධාන පාරට දා ගත්ත... උගෙ අලි ගඳත් දැනුන මටනම් හොඳටම... අනික ඌ හෙනම ලොකුයි.. මම ඉතින් ඩ්‍රයිවර් මාමගේ තරහ නිවෙන්නත් එක්ක වගේ ෂේප් එකේ අහුවා

    "ඌ නම් මාර ලොකු අලියෙක් නේද අංකල්" කියලා...:shocked:

    "මොන අලියෙක්ද..? කොහෙද හිටියේ..?"
    ඈහ්.. යකෝ මේ මනුස්සය ඇත්තටම අලියව දක්කෙ නැද්ද..?:oo:

    "ඇයි අතන පාරට දාන තැනම අයිනේ හිටියේ.. දැක්කෙ නැද්ද..?":eek:

    "අලියෙක් හිටියේ නෑනෙ මහත්තයා.. මම දැක්කෙ නෑනේ...":baffled:

    පිස්සු හැදෙයි සඳ බබලයි කිව්වලු..! ඔන්න දැන් තමයි මටත් සීන් එක හරියටම මොළේට වැදුනේ...

    article-2511191-19900BE300000578-519_634x371.jpg


    මේ ඩ්‍රයිවර් මුල ඉඳලම අර අලියව දකල නෑ.. ඒකයි අර මනුස්සය අලියව බේරන්න වෑන් එක ඉස්සරහෙන් එද්දි පොරට කුණුහරුපෙන් බැනල තියෙන්නේ... අපේ වෑන් එකත් අලියගෙ නැට්ට අස්සෙ ගිහින් පාරට අරන් තියෙන්නෙ ඌව දැක්කෙ නැති නිසා වෙන්න ඇති ශුවර් එකටම....:shocked: මාවත් ඊට පස්සෙ සුළු කෝමා තත්ත්වෙකට ඇදන් වැටුන වගේ හැඟිමක් දැනෙන්න ගත්ත.. ඇයි ඉතින්, හිනා වෙන්නද භය වෙන්නද කියල මටම හිතා ගන්න බැරි උන නිසා... :baffled:

    කොහොමහරි අර ඉස්සර සීට් එකේ නිදි මරගාතේ හිටිය අයියවත් එළියට ඇදල දාල මම ඉස්සර සීට් එකට ගොඩ උනේ අනේ දෙයියනේ "අපි යන පාරෙ ආයෙ අලියෙක් තියා මුගටියෙක්වත් ඉන්න එපා කියල හිතාගෙනයි...:rofl:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ක්ලච් එකේ කතාව කියද්දි තව එකක් මතක් උනා...

    හැබැයි මේකනම් මමත් අහපු කතාවක්...

    අපේ ඔෆිස් එකේ වෑන් එකක් තියෙනව ඒකෙ ගියර් දානකොට හෙන සද්දයි.. හැමෝම කියන්නෙ ක්ලච් එකේ ප්‍රශ්නයක් එකක් කියල.. ඒත් ඉතින් ගියර් පෙට්ටිය බිම වැටෙනකන් ඔහේ දුවනව...:oo:
    ඔන්න ඔය වෑන් එකේ යද්දි ඉස්සරහ සීට් එකේ හිටිය නිතරම මේ රියදුරු අංකල් එක්ක වලි දා ගන්න ටිකක් කටකාර කාර්යාලීය සාමාජිකයෙක් ඇහැව්වලු,

    "මොකද්ද් අයියේ ඒ සද්දේ" කියලා...

    "මේකෙ ක්ලච් එක සවුත්තු වෙලානේ මහත්තයා.. කොච්චර කිව්වත් මේ !@#$ගෙ පුතාල මේක හදල දෙන්නෙත් නෑනේ...":lol:

    "ඉතින් ක්ලච් එක සවුත්තු නොවී තියෙයියෑ.. ඔයා නිතරම ඕක පාග පාගනේ පාරෙ යන්නේ.. ඒකයි ඕක සවුත්තු වෙන්නේ.. ඔයාගෙ තමයි සම්පූර්ණ වැරැද්ද..
    ඔය ඔය.. දැනුත් කකුල ක්ලච් එක උඩනේ...":rofl:

    "අම්!@#$ට !@#$න්න...
    කලච් එක උඩ කකුල තියන්නෙ නැතුව මහත්තයගෙ අ!@#$ගෙ බඩ උඩ තියන්නද කියන්නේ...:growl:
    අපිටත් අම්!@#$ට !@#$න මහත්තුරු තමයි ගෙවල් වලට ගිහින් දාන්න වෙන්නේ... නිකන් !@#$%තෙ කතා කියන්නෙ නැතුව කටවහගෙන ඉන්න මහත්තයෝ..." කියල කිව්වලු...:rofl:

    කොහොමහරි මහත්තය ගෙදරට යනකන් හිනා වෙවී යන අතරේ අපේ රියදුරු මාමානම් මූන් දෙක කරගෙනලු යනකන්ම ගියේ... හොඳම විහිලුව තියෙන්නේ කුණුහරුප අහ ගත්ත මහත්තය එයා අහගත්තු සුන්දර වචන ටික එයාම රස කර කර කියන එකයි...:P
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Uba Pattarekada Weda Karanne machan

    පටන්ගද්දිම උඩින්ම කියලා තියනවනේ මෙහෙම... :P


    රටේ තරමක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් උන අපේ කන්තෝරුවේ රියදුරු මහත්තයෙක්ගෙ සිදුවීමක් ගැනයි මම කියන්න හදන්නේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    "අම්!@#$ට !@#$න්න...
    කලච් එක උඩ කකුල තියන්නෙ නැතුව මහත්තයගෙ අ!@#$ගෙ බඩ උඩ තියන්නද කියන්නේ...:growl:
    අපිටත් අම්!@#$ට !@#$න මහත්තුරු තමයි ගෙවල් වලට ගිහින් දාන්න වෙන්නේ... නිකන් !@#$%තෙ කතා කියන්නෙ නැතුව කටවහගෙන ඉන්න මහත්තයෝ..." කියල කිව්වලු...:rofl:



    :lol::lol::lol::lol: