ගොඩක් කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම Garmin කොහොමද වාහනේට දාන්නේ කියල. හැබැයි ගොඩ දෙනෙක්ට ඕන ජපන් වාහන වල එන සෙට් ඒකට GPS map එක දාගන්න. ඒක කරන්න බැහැ. මොකද ඔය ජපන් සොෆ්ට්වෙයා හදන්නේ ජපානෙට. උන් ලෝකේ වෙන රටවලට ඕන විදියට ඒවා හදන්නේ නැහැ. හැබැයි අද මම කියල දෙන්නම් අඩු මුදලකින් කොහොමද වාහනේට GPS දාගන්නේ කියල.
GPS වලට කාටවත් මුදලක් ගෙවන්න ඕන නැහැ. ඉස්සර නම් ගොඩ දෙනෙක් හිතාගෙන හිටියේ ෆෝන් එකේ GPS ON කර ගමන් ඩේට වලට සල්ලි කැපෙනවා කියල. (කිලෝ බයිට් ගානක් නම් කැපෙනවා AGPS වලට.) හැබැයි වාහනේක හයි කරන එකක එහෙම කිසිම මුදල් ගෙවීමක් කරන්න ඕන නැහැ. ගෙවනවා නම් ඕන වෙන්නේ Navigation සොෆ්ට්වෙයා එකට තමයි. නමුත් අපි බලමු කොහොමද අඩුවට වැඩේ කරගන්නේ කියල.
මුලින්ම කියන්න ඕන මේක 100% මම විසින් අත්හදා බලල තියනවා. නමුත් හැම කෙනාටම වැඩ කරයි කියල මට කියන්න බැහැ. ඒ නිසා do it your own risk

මේ වැඩේට අපිට සල්ලි යන එකම දේ තමයි ඩිවයිස් එක මිලදී ගන්න එක. ලංකාවේ නම් කොහේ ගන්න තියනවද දන්නේ නැහැ. හැබැයි මම නම් වාහනේට දැම්මේ 2-din chines player එකක්. මේක 35 ක් වගේ උනා. නමුත් player/radio අවශ්‍ය නැත්නම් මේ වගේ wince 6.0 තියන ඕනෑම එකක් ගන්න පුළුවන්.
http://www.ebay.com/itm/4-3-Truck-C...564013?hash=item1a05545aad:g:xGwAAOSwDNdV47B3
ලංකාවෙත් මේවා ගන්න ඇති. හැබැයි තියන තැනක් නම් මම දන්නේ නැහැ.
මම කිව්වා වගේ ප්‍රධානම අවශ්‍යතාව තමයි Wince 6.0 වීම සහ GPS device එකක් වීම. (wince උන පලියට හැම එකේම GPS නැහැ.ඒකට GPS ඇන්ටනා එකක් එන්න ඕන.)
අවශ්‍ය hardware එච්චරයි. දැන් තියන්නේ මේකට software එක දාන එක. මෙතැනදී අපිට තොර ගන්න option කිහිපයක් තියනවා.
City guide
Garmin
navitel
navit
තව ගොඩාරියක් තියනවා. ගූගල් දෙයියන් ගෙන් අහල බලන්න wince වල රන් වෙන navigetion app මොනවද කියල. හැබැයි මේවා OSM (Open street map) සපෝර්ට් කරන්න ඕන.
හොර වැඩ කරන්න අකමැති අයට (garmin, city guid වගේ ඒවා cracked softwares) ඕන නම් නොමිලේ දෙන software පවා තියනවා.
ඊළගට කරන්න තියන වැඩේ තමයි තරමක් දුරට අමාරු. හැබැයි මම කියන්නේ නැහැ කොහොමද කරන්නේ කියල. ඒකට තමයි ගූගල් දෙයියෝ ඉන්නේ. දෙයියෝන් ගෙන් අහන්න කොහොමද මම garmin/city guid/navitel, wince 6.0 වලට දාන්නේ කියල. ඕන තරම් රිසල්ට් එයි. ඊළඟට අහන්න කොහොමද මම garmin/city guid/navitel වලට OSM දාන්නේ කියල. එකත් කැත නැතුව මිලියන පාරක් විතර කියයි. ඔය පහලින් තියන්නේ garmin දාන්න මම කියල දීපු පොස්ට් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1569015
මේ ක්රමේදී ඔයගොල්ලොන්ට රුපියල් 6000 ක විතර ඉතුරුවක් වෙනවා. මොකද dialog හරි sala pro sat හරි ගන්න ගියොත් ඔයගොල්ලොන්ට ඒ ගාන යනවා device එකට අමතරව. එහෙනම් අපි ගියා. බම්ප් තිබුනොත් හොඳටම ඇති.

...අනික නැටිටෙල් අලුත් වර්ශන් WinCE වලට දාපුවම පට්ට ස්ලෝව් වෙනවා 