දැන් මේ ලොකු කථාවක් යනවනේ දැන් ඉන්දියන් උන් ලංකාවට ඇවිත් ලංකාවේ IT එකට කෙළ කරනවා කියලා. හොඳයි අපි දෙපැත්තම කතා කරමු. බයි ටොයි කුණුහරුප කියන්නේ නැතුව.
දැන් ඉන්දියාව තමයි ලෝකේ IT වලින්ම ඉස්සරහින් ඉන්නේ. මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කත් ඉන්දියන්. උන්ගේ හොට්මේල් හැදුවෙත් ඉන්දියන් එකෙක්. තව උන්ගේ නම ගිය සොෆ්ට්වෙයාර් ටැලි, ඒ වගේම උන්ගේ ටාටා, විප්රෝ, ඉන්ෆොසිස්, HCL වගේ ලොකු සොෆ්ට්වෙයාර් කම්පැනි, උන්ටම කියලා උන්ගේ සිලිකන් වැලි එකක් එහෙමත් තියනවා. එහෙම එකේ අපේ රට IT වලින් සෑහෙන පස්සෙන් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ කරපු ලෝකෙට ගිය සොෆ්ට්වෙයාර්, ඩිවෙලොපර්ලා කව්ද ඉන්නේ? එක්කෝ හොඳට කොලිෆයිඩ් උන උන් වෙන රටකට යනවා මෙහෙ උන්ට ගෙවන්න ඕනේ පඩි දෙන කොම්පැනි නැති නිසා. කොම්පියුටර් බිස්නස් එකත් හම්බයෝ කාලා තියෙන්නේ. එහෙම එකේ හිතෙන්නේ නැද්ද මේ වගේ කොම්පැනි ලංකාවේ තිබුනොත් අපේ රටට හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් එයි කියලා? ඇත්ත අඩු පඩියට එහෙ ඉඳන් ඩිග්රි තියන උන් මෙහෙ එයි වැඩට. ඒක තමයි අවුල මටත් තියන. එකෙන් අපේ හොඳ කොලිෆයිඩ් එකෙකුටත් රස්සාව නැති වෙනවා.



දැන් බලපන්කො ඇමරිකාවේ සිලිකන් වැලි එක. වැඩ කරන උන් බාගයක්ම ඉන්දියන්. ඇමරිකාවේ උනුත් ඒ කාලේ මෙහෙම අපි මෙහෙම කිව්වා නං අද උන්ගේ IT මෙච්චර දියුණු වෙයිද? මට හිතෙන්නේ මෙහෙ හොඳ IT කොම්පැනිස් ටිකක් මේ හින්දා හැදෙයි කියලා. එහෙම උනොත් අපිටත් වාසියක් තියෙයි කියලයි මට හිතෙන්නේ.
දන්නේ නෑ මේ මට හිතෙන විදිය. අදහස් වලට විවුර්තයි. මගේ රෙප් කපනවානං ඒකත් කමක් නෑ.කුණුහරුප, දේශපාලනේ කතා නොකර ඉමු. හොදනන් හොඳයි. නරකයි නං නරකයි.


