අනාත්ම

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    anna point eka

    uba hithanne ehema wena kenek kiyala
    nna e ube winghanya
    ekay kiynne obath neme wenakenekuth nememe kiyala

    sansaraye eka athmayak eka dinakata saamana karoth balanna apita wena kenek wage hithunata e oyaama tama

    nama phsical body anith dewal wenas wunaata karamaya passen enawa

    meka nikan karaththa rodayak paare yanawa wage

    karamaya paara rodaya patichchasamupaadaya
    wenas wewi wenas wewi yanne ekama pare


    උඹ කියන්නෙත් අනුරාධ කාරයා කියන එකමනේ මචන්. මම කමෙන්ට් කරේ ජින්තක කාරයා කිව්ව එක ගැන. ඌ කියන්නේ ආත්මෙන් ආත්මේ ලින්ක් එකක් නෑ කියල. එහෙම ලින්ක් එකක් නැත්නම් අපි නිවන් දකින්න ට්‍රයි කරන එකේ තේරුමක් නෑනේ මචන්. මම කිව්වේ ඒක.

    මට වෙලාවකට මෙහෙම හිතනවා ඇත්තටම ආත්මෙන් ආත්මේ ලින්ක් එකක් නැතුව ඇති. බුදුන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ මද්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙලා ඉඳලා මැරිල යන්න වෙන්න ඇති. සංසාරේ කතාවක් දේශනා කරන්න ඇත්තේ මිනිස්සුන්ව බය කරන්න වෙන්න ඇති. අනේ මන්දා බන්, බුදුන් වහන්සේ කියන මාර්ගයේ යන්නෙ නැතුව හරියටම වෙන්නේ මොකක්ද කියල කියන්න අමාරුයි. ඒත් මාර්ගේ ගිය අය අවශ්‍ය දේ ලබා ගත්තද කියල අපිට තහවුරු කර ගන්න විදියකුත් නෑ.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උඹ කියන්නෙත් අනුරාධ කාරයා කියන එකමනේ මචන්. මම කමෙන්ට් කරේ ජින්තක කාරයා කිව්ව එක ගැන. ඌ කියන්නේ ආත්මෙන් ආත්මේ ලින්ක් එකක් නෑ කියල. එහෙම ලින්ක් එකක් නැත්නම් අපි නිවන් දකින්න ට්‍රයි කරන එකේ තේරුමක් නෑනේ මචන්. මම කිව්වේ ඒක.

    මට වෙලාවකට මෙහෙම හිතනවා ඇත්තටම ආත්මෙන් ආත්මේ ලින්ක් එකක් නැතුව ඇති. බුදුන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ මද්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙලා ඉඳලා මැරිල යන්න වෙන්න ඇති. සංසාරේ කතාවක් දේශනා කරන්න ඇත්තේ මිනිස්සුන්ව බය කරන්න වෙන්න ඇති. අනේ මන්දා බන්, බුදුන් වහන්සේ කියන මාර්ගයේ යන්නෙ නැතුව හරියටම වෙන්නේ මොකක්ද කියල කියන්න අමාරුයි. ඒත් මාර්ගේ ගිය අය අවශ්‍ය දේ ලබා ගත්තද කියල අපිට තහවුරු කර ගන්න විදියකුත් නෑ.
    aa emda ok ok

    eka thahawuru wenne e ayatama witray

    goda idan piinana baha
    bassama therey oya okkoma dewal
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    aa emda ok ok

    eka thahawuru wenne e ayatama witray

    goda idan piinana baha
    bassama therey oya okkoma dewal

    ගේමට බහින්න බෑ හරියට රිස්ල්ට් එක හම්බ වෙනවද නැද්ද කියල දන්නේ නැතුව. ඇත්තටම නිවන කියල දෙයක් නැත්නම්. ඩිප්‍රෙෂන් එහෙම ආවොත් නිකන් ඉල්ලන් කෑමක් නෙ බන්.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ගේමට බහින්න බෑ හරියට රිස්ල්ට් එක හම්බ වෙනවද නැද්ද කියල දන්නේ නැතුව. ඇත්තටම නිවන කියල දෙයක් නැත්නම්. ඩිප්‍රෙෂන් එහෙම ආවොත් නිකන් ඉල්ලන් කෑමක් නෙ බන්.

    ekata thama shaddawa kiyala deyak tiyenne
    buduhamuduruwo gana shaddawa athikara gattot witry result ekata yann puluwan

    oya ohoma bayawela innakota me loke siya dahas ganank niwan dakinawa

    nikan iddimen oyage sapatha hambenawanm eka digatama karan yanna

    oya kiyana de nikn hariya ledakata beheth nobi innawa wage wadak athuru aabada ey kiyala.

    beheta biila balanna hodawenawada kiyala

    shure wedek gen
    bipu aya kiyanawanm hodawenawa kiyala oyat try krala balanna
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සියලු සංස්කාර අනිතයයි......
    අපේ ශරිර ධාතුව සැදී ඇති රූප ධාතු අනිත්‍යයි...ඉතා කුඩා අයු කාලයක් තියෙන්නේ මේ රූප ධාතුවකට.... එවගේම මේ අපේ එක සෛලයක රූප ධාතු ලක්ෂ ගණක් තියෙනවා..... එ් හැම එකක්ම ඇතිවේලා ඉතා කුඩා අයු කලයක් ගත කරලා නැතිවෙලා යනවා අයේ ඇතිවෙනවා.... මේ විදිහට ලක්ෂ ගණක් සිදු වෙනකොට අපිට පෙනේනේ මේතන දේයක් තියෙනවා කියලා ඒත් අපිට පෙන්නේ නෑ මෙතන තියෙන්නේ ඉතා කුඩා රූප ධාතු සමුහයක් කියලා....

    ඒවාගමෙ සිත මේක තමයි හේතු ඇති කරන්නේ හේතු උපද වන්නේ, පෙර ඉපදුනු හේතුවල ඵලය තමයි දැන් අපි විදින්නේ..... අපි දැන් විදින සෑප දුක හැම දෙයක්ම පෙර භවයක අපි විසින්ම ඉපද වු හේතුවක ඵලයක්.... ඒත් හැම දෙයක්ම හේතුවක ඵලයක් නෙවෙයි.... මේ අපි ගතකරන ජීවිතයේදී හේතු ඇති කරගන්නවා අනාගත භව වලදි විදින්න... ඒත් මේ හේතු ඵල ධර්මයේ ක්‍රියාකාරිත්වය බුද්ධ විෂයක් එ් නිසා තමයි බුදුන වහන්සේ එ් ගැන දේශනා නොකර ඉන්න ඇත්තේ කියලා තමයි මම විශ්වාස කරන්නේ... ඒ නිසා මේ අපි විසින්ම ඇති කරන හේතුව කොහොමද ඉළග භව වලදි ඵලය ඇති කරන්නේ කියලා මම නම් දන්නේ නෑ දැනගන්න ඔනේත් නෑ... මොකද බුදු රජානන් වහන්සේ අරිහත් ඵලය ලබා ගන්න අවශ්‍ය සියලුම හේතුන් කරුණු කාරනා අපිට දේශනා කරලා තියෙනවා ඒවා මාර්ගඵල ඇති නෑති සියලුම භික්ෂුන් වහන්සේලා විසින් මේ දක්වා රැගෙන ඇවිත් තියෙනවා අපි වෙන්වෙන්.... ඉදිරියටත් රැගෙන යනවා අනාගත පරපුර වෙනුවෙන්..... ඒ රැගෙන යාමේදී යම් යම් වෙනස්වීම් ඇතිවෙන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා......ඒ ගැන මම මොකවත් හිතන්නේත් නෑ කානගාටු වෙන්නේත් නෑ.... ඒ උතුම් වු ධර්මය නැතිවේලා යනවා කියලා ඒක හේතුවක ඵලයක් කියලාත් බුදු රජානන් වහන්සේ එදා බුදු නුවනින් දකිනවා... ඒ මහා කාරුණික සම්මා සම්බුදු රජානන් වහන්සේට යම් දෙයක් කරන්න පුලුවන්නම් මේ ධර්මය රැක ගන්න ඒ මනුෂ්‍යන්වා මේ සංසාරයේ බෙරගන්න බුදු රජානන් වහන්සේ ඒ දේ කරලා ඇති.... ඒ නිසා තමන් ධර්මයේ හැසිරෙන සත්‍ය අවබොධ කරගැනීමට වෙර දරන සත් පුරුෂයෙක් නම් තමාට වරදින්නේ නෑ.....

    මේ හිත කියන දේ මහා බායහනක දෙයක් මේකේ එක එක දෙවල් තියෙනවා... මේ වෙනකොට මට ඇති වුන ලොකුම දේ මමත්වය..... මේක නිසා යම් යම් දේවල් කරගෙන තියෙනවා වරද්දගෙන තියෙනවා....
    අපි කවුරැත් හොදට මතක තියාගන්න ඕනේ මේ හිත අපාටය යන්නත් උදව් වෙනවා නිවන් දකින්නත් උදව් වෙනවා...

    හේතු ඇති කරගන්න ඵලය අනාවාරයෙන් ලාබෙනවා.. එක වෙනස් කරන්න කාටවත් බෑ....

    මේ උතුම් වු ධර්මය හැර අන් සියලුම දේ අනිත්‍ය දේවල්...

    සියල් දෙනාටම තෙරැවන් සරණයි...
    කරගත්තාවු සියලු පින් ඒ උතුම් වු නිවනම මාර්ගයට පැමිණිමටම හේතු වාසනා වේවා
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ගේමට බහින්න බෑ හරියට රිස්ල්ට් එක හම්බ වෙනවද නැද්ද කියල දන්නේ නැතුව. ඇත්තටම නිවන කියල දෙයක් නැත්නම්.

    රාගය ද්වේශය මෝහය නිරෝධ වෙන තරමට ඔහු ඒ ඒ මට්ටමින් නිවනට පත්වෙනවා. ඉතින් තමන්ට තේරුම් ගන්න පුළුවන් ගිය අවුරුද්දේ මට මෙච්චර රාග ද්වේශ මෝහ තිබ්බා, එහෙත් මේ අවුරුද්දේ ඒවා යම්තාක් දුරට නිරෝධ වෙලා කියලා. :) රාග ද්වේශ මෝහ සම්පූර්ණයෙන්ම ක්‍ෂය වුන දවසට නිවන සම්පූර්ණයි හෙවත් අරිහත්වය :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    බුද්ධාගමේ හැටියට නිවන කියන්නෙ, මම කියන කෙනා නැතුව යන එකට...
    එතකොට මේ ලෝකෙ දකින්ඩ විඳින්ඩ මම නෑ.. මම සදාකාලික නින්දෙ... හැබැයි මේ ලෝකෙ නිර්මාණය කළෙත් මම කියන කෙනාමයි.. ඒ ටික මට තේරුම් ගන්ඩ පුලුවන්..
    අපි හැමෝගෙන්ම තොරව සදාකාලික එක ලෝකයක් පවතිනව කියල ගන්නෙ නැතුව, මගේ ලෝකෙ තමා මම දකින්නෙ, ක්‍රේසි බඩීගේ ලෝකෙ තමා ක්‍රේසි බඩී දකින්නෙ, ජින්තක බෙල්ඛකිටගෙ ලෝකෙ තමා එයා ලෝකෙ විදියට දකින්නෙ.. ඉතිං මාත් එක්කම මේ ලෝකෙත් නැති වෙලා යනව
    ඒ විදියට තේරුම් ගන්ඩ පුලුවන් මට..


    ඒත් දැං මම කියල කෙනෙක් නෑ කියන එක මට හරි අමාරුයි තේරුම් ගන්ඩ
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    නිවන කියන දේ මුලින්ම තේරුම් ගන්න ඔනේ....
    නිවන කියන්නේ මම කියන කෙනා නැතුව යන එකට නොවෙයි......
    නිවන කියන්නේ එක එකපාරට තේරුම් ගන්න බෑ... ඒ වගේම කවුරුත් කියපු නිසා විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා.. මම මේ කියන දේත් විශ්වාසත් විශ්වාස කරන්න එපා අහක දන්නත් එපා.... ධර්මානුකුලව කල්පනා කරලා සියල්ලක්ම තමන්ම අවබොධ කරගන්න ඕනේ...... එකට එකපාර දවසක් දෙකක් බන ඇහුවා කියලා තේරුම් ගන්න බෑ... සමහරුන්ට පුලුවන් ඒ අය පෙර භාව වල පුරුදු කරපු නිසා......

    ඉතාම කෙටියෙන් කිව්වොත් නිවන නියන්නේ මොකක්ද කියලා.... භවයෙන් භවයට යන මේ සංසාර ගමන මේ භවයෙන්ම කෙළවර කරන එකයි...(සමහරු මේක වැරදියි කියන්න පුලුවන්...)
    එකත් එක පරට කරන්න බෑ.... එකට අවශ්‍ය හේතු ඇති කරන්න ඕනේ.....

    ඒ නිසා මම කියන එක්කෙනෙක් නෑ කියලාත් නෑ..... ඉන්නවා කියලාත් නෑ.... මේ ධාතු සමුහයක එකතුවක ක්‍රියා කාරිත්වයක්
    අපිට තියෙන්න් මේකේ ඇත්ත තත්වය අවබොධ කරගෙන ජීවත් වෙන්න...
    ඒක මේ වාගේ
    මිනිස් සිරුරක් තියෙනවා එකේ සෑබැ ස්වභාවය රූප ධාතු සමුහයක එකතුවක් එක අවබොධ කරගෙන ඉන්න ඕනේ.... එතකොට මේ මිනිස් සිරුරට තුවාලයක් ඇති උනාම එතකොට දැනගන්න ඕනේ මේ රූප ධාතු වෙන් වීමක් වුනා කියලා....
    ඒ වගේම එතකොට දැනේන වේදනාව පෙර කරපු අකුසලයක වීපාකයක් බව අවබොධ කරගෙන ඒ වේදනාවත් එක්ක ගෑටිමක් ඇති නොකර ගන්න වග බලා ගන්න ඕනේ....
    ඒ උතුම් වු මහා කාරුණික මහා බල සම්පන්න ත්‍රිකාලය හොදින් දන්නා අරිහත් සම්මා සම්බුදුරාජානන් වහන්සේට මගේ ජීවිතය පුජා කරමි.. පුජා වේවා.. පුජා වේවා.. පුජා වේවා..
    ඒ උතුම් වු අති පරිශුද්ධයි අති නිර්මලයි අති පිරිසිදුයි අති මිහිරියි .. බුද්ධ ධර්මයට .....මගේ ජීවිතය පුජා කරමි.. පුජා වේවා.. පුජා වේවා.. පුජා වේවා..
    ඒ අති උතුම් කාරුණික ධර්මය දේශනා කරන ඒ උතුම් ධර්ම ධාරා සිටින ධර්මය අවබොධ කරන්නාවු සංඝරත්නයට මගේ ජීවිතය පුජා කරමි.. පුජා වේවා.. පුජා වේවා.. පුජා වේවා..

    සාදු.. සාදු.. සාදු..
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මහා-තණ්හා-සංඛය-සුත්‍රය

    1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු‚ අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නමි ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවටිටපුත්‍ර වු සාති නමි භික්‍ෂුවට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනමි) ,මේ එකම විඥනය (භවයෙන් භවයට උත්පතති වසයෙන්) දුවයි‚ හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමියි, (කියායි.)

    කෙවටිටපුත්ර්‍‍රවු සාති නමි භික්‍ෂුවට මෙබඳු වු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් පහළවී තිබෙනබව බොහෝ භික්‍ෂුන්වහන්සේලා ඇසුහ. (කෙබඳු දෘෂ්ටියක්ද යත්) .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි‚ භග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි, (කියායි.) ඉක්බිති ඒ භික්‍ෂුහු කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව යමි තැනෙක්හිද එතැනට ගියහ. ගොස්‚ කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුවට මෙසේ කීවාහුය. ,ඇවැත්නි‚ තොපට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේය‚ යනු ඇත්තක්ද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි, (කියායි.) ,ඇවැත්නි‚ මෙි එකම විඤඤණය භවයෙන් භවයට යයි හැසිරෙයි‚ අනිකක් නෙවෙියයි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිද්දෙන් දෙශනාකරනලද ධර්‍මය මම දනිමි.යි ( සාති භික්‍ෂුව කීය.)

    2. ඉක්බිති ඒ භික්‍ෂුහු‚ කෙවටිටපුත්‍රවු සාති නමි භික්‍ෂුව‚ ලාමක වු මෙි විත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරණු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති‚ මතයෙහි පිහිටුවමින් කරුණු කියති‚ ඊටහේතු අසමින් කරුණු කියති. .ඇවැත්නි‚ සාතිය‚ මෙසේ නොකියව‚ භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙෂාරොපණය නොකරව භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවද්‍රරන්නාහ. සාතිය‚ නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් .විඥනය ප්‍රත්‍යයෙන් උපදින්නේයයිද‚ ප්‍රත්‍යයෙන් තොරව විඥනයාගේ පහළවීමක් නැතැ.යිද වද්‍රරණ ලදී. (කියායි.)

    මෙසේද ඒ භික්‍ෂුන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබු‚ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබු‚ ඊට හේතු අසමින් කරුණු කියනු ලැබු සාති භික්‍ෂුව .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරන ලද බව මම දනිමි.යි ඒ ලාමක මිථ්‍යා දෘෂ්ටියම තරයේ අල්ලා ගෙන ව්‍යවහාර කරයි.
    ........
    ...................
    ...........
    4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් කැඳවුහ: (කැඳවා) ,මහණ මෙහි එව මගේ වචනයෙන් .ඇවැත්නි සාතිය‚ ශාසතෘාන් වහන්සේ කැඳවති.යි කෙවටිටපුත්‍ර සාති භික්‍ෂුව කැඳවා එව.යි (කීහ.) .එසේය‚ සවාමීනි.යි කියා ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුව යමි තැනක්හිද එතැනට ගියේය. ගොස්‚ කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුවට මෙසේ කීවෙිය. .ඇවැත් සාතිය‚ ශාසතෘාන් වහන්සේ තොප කැඳවන්නාහ (කියායි.) .එසේය‚ ඇවැත්නි.යි කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව ඒ භික්‍ෂුවට උතතරදී භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවු කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසුහ. ,සාතිය‚ තොපට මෙබඳු වු ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු සැබෑද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) යයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි.යි (කියායි) ,සවාමීනි එසේය‚ .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) යයි‚ හැසිරෙයි. අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි,යි (කීය.)

    ,සාතිය‚ තොප කියන ඒ විඥනය කුමක්ද?,

    ,සවාමීනි‚ යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වු කර්‍මයන්ගේ විපාකය විදීද ( මාකියන විඤඤණය) ඒය.,

    ,හිස් පුරුෂය‚ කවරෙකුට නමි මා විසින් මෙසේ ධර්‍මය දෙශනා කරනලද බව තෝ දන්නෙහිද? හිස් පුරුෂය‚ මාවිසින් නොයෙක් ආකාරයෙන් විඤ්ඤණය ප්‍රත්‍යයෙන් උපදින්නේයයි කියන ලද්දේ නොවෙිද? ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤණයාගේ හටගැනිමක් නැතැ.යි කියන ලද්දේ නොවෙිද? එසේ තිබියදීත් හිස් පුරුෂය‚ තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද ද්‍රෙස් නගන්නෙහිය‚ තමාද නැසෙන්නෙහිය‚ බොහෝ පවිද රැස්කර ගන්නෙහිය. හිස් පුරුෂය‚ තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස‚ දුක් පිණිස පවතින්නේය.,

    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්‍ෂුන්ගෙන් මෙසේ ඇසුහ. ,මහණෙනි‚ කෙවටිටපුත්‍රවු මේ සාති භික්‍ෂුවට මේ ශාසනයෙන් ලබන ඥනය නමැති ගින්නෙහි උනුසුමවත් ඇත්තේද?,

    ,සවාමීනි‚ කෙසේ නමි වන්නේද‚ සවාමීනි‚ එසේ නොවන්නේමය.,

    5. මෙසේ කී කල්හි කෙවටිටපුත්‍රවු සාති මහණතෙම නිශ්ශබිද වුයේ‚ හැකුළුනු මුහුණ ඇත්තේ‚ කඳ නමාගත්තේ‚ මුහුණ පහතට හරවා ගත්තේ‚ කල්පනා කරන්නේ‚ කිසිවක් සිතාගත නොහැකිව උන්නේය.

    එවිට භාග්‍යවතුන් වහන්සේ කේවටිටපුත්‍ර සාති භාක්‍ෂුව නිශ්ශබදව‚ හැකුළුනු මුහුණ ඇතිව කඳ නමාගෙන‚ මුහුණ පහතට හරවාගෙන‚ කල්පනා කරමින්‚ කිසිවක් නොවැටහී සිටිනු දැක‚ කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුවට මෙසේ වද්‍රළහ.

    හිස් පුරුෂයි‚ තෝ මෙි තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්‍ෂුන් විචාරන්නෙමි,යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ගෙන් මෙසේ විචාළහ.

    ,මහණෙනි‚කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව යමිසේ තමා වරදවා ගත් මතයෙන් අපටත් ද්‍රෙස් නගයිද‚ තමන් වැනසෙයිද‚ බොහෝ අකුසලුත් රැස්කර ගනියිද‚ එබඳුවු ධර්‍මයක් මා දෙශනා කළ බව තොපි දන්නහුද‚.,

    නැත සවාමීනි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ක්‍රමයෙන් .විඥනය ප්‍රත්‍යයෙන් උපදින්නේය.යි වද්‍රරණලදී. .ප්‍රත්‍යයෙන් තොරව විඥනයාගේ හටගැන්මක් නැතැ.යි වද්‍රරණලදී,.

    ,මහණෙනි‚ යහපත‚ මාදෙසු ධර්‍මය තොප දන්නා සැටි යහපත්ය‚ මහණෙනි‚ තොපට මා විසින් නොයෙක් ක්‍රමයෙන් විඤඤණය ප්‍රත්‍යයෙන් උපන්නේයයිද‚ ප්‍රත්‍යයෙන් තොරව විඤඤණයාගේ හටගැන්මක් නැතැයිද කියන ලදී. මෙි කෙවටිට පුත්‍රවු සාති මහණ තමා විසින් වරදවා ගන්නා ලද්ද නිසා අපටද ද්‍රෙෂාරොපනය කරයි. තමාද වැනසෙයි බොහෝ අකුසල්ද රැස් කරයි. ඒ වනාහි ඒ හිස් පුරුෂයා හටද බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස‚ දුක් පිණිස පවත්නේය.


    LINK
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අනාත්ම කතාව මට තාම තේරෙන්නේ නෑ හරියට,

    සංසාරේ එක දිගට නැවත නැවත අරන් යන දෙයක් නැතිනං අපි කරපු පව් පින් ටික ඇයි අපේ පස්සේ එන්නේ. මරණයෙන් පස්සේ ඇයි ඒ ටික අහෝසි වෙලා අලුතින්ම අකවුන්ට් එක බින්දුවෙන් පටන් ගන්නේ නැත්තේ. :oo:

    මට නං හිතෙන්නෙම පව් පින් අපි අරන් යන කතාව මිනිස්සු බය කරලා යහමගට ගන්න කියපු දෙයක් කියල :( දන්න කෙනෙක් කියලදෙන්න කරුණාකරලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මේ අනාත්ම කතාව මට තාම තේරෙන්නේ නෑ හරියට,

    සංසාරේ එක දිගට නැවත නැවත අරන් යන දෙයක් නැතිනං අපි කරපු පව් පින් ටික ඇයි අපේ පස්සේ එන්නේ. මරණයෙන් පස්සේ ඇයි ඒ ටික අහෝසි වෙලා අලුතින්ම අකවුන්ට් එක බින්දුවෙන් පටන් ගන්නේ නැත්තේ. :oo:

    මට නං හිතෙන්නෙම පව් පින් අපි අරන් යන කතාව මිනිස්සු බය කරලා යහමගට ගන්න කියපු දෙයක් කියල :( දන්න කෙනෙක් කියලදෙන්න කරුණාකරලා

    මචං උඹ මේ භවයෙන් පස්සෙ ඊළඟ භවයට යනවනෙ, එහෙම එකකින් මාරු වෙනකොට ලොකු වෙනසක් නෑ.. ආයෙ ඒ භවයෙනුත් තව භවයකට ගියාම තව ටිකක් වෙනස් වෙනව.. ඔහොම භවයෙන් භවයට දිගටම යනකොට සම්පූර්ණයෙන්ම උඹෙ හිතේ ස්වභාවය වෙනස් වෙනව.. වෙනස්ම කෙනෙක් වෙනව.. හැබැයි ඒ ඉන්නෙත් උඹමයි.. මම නෙමේ.. :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මේ අනාත්ම කතාව මට තාම තේරෙන්නේ නෑ හරියට,

    සංසාරේ එක දිගට නැවත නැවත අරන් යන දෙයක් නැතිනං අපි කරපු පව් පින් ටික ඇයි අපේ පස්සේ එන්නේ. මරණයෙන් පස්සේ ඇයි ඒ ටික අහෝසි වෙලා අලුතින්ම අකවුන්ට් එක බින්දුවෙන් පටන් ගන්නේ නැත්තේ. :oo:

    මට නං හිතෙන්නෙම පව් පින් අපි අරන් යන කතාව මිනිස්සු බය කරලා යහමගට ගන්න කියපු දෙයක් කියල :( දන්න කෙනෙක් කියලදෙන්න කරුණාකරලා

    පව් පිං අරං යන කතාව කෙසේ වෙතත්, මේ භවයෙ ඉන්න උඹේ ස්වරුපයෙන් (මානසික ශාරීරික ස්වභාවයන්, මතකයන්) සෑහෙන ප්‍රමාණයක් උඹ ලබන භවයටත් ගෙනියනව..
    හැබැයි උඹෙ විදියක් තියෙනවනෙ, ඒක හැම භවයකටම 100%ක් ගෙනියන්නෙ නෑ.. ටික ටික වෙනස් වෙලා යනව..
    ගිය ආත්මෙ (භවය) ගැන කියන පුද්ගලයො ඉන්නෙ, එයාලට ඈත භවයන් මතකයට ගන්ඩ බැරි වුණත්, අන්තිමට මැරුණ භවයෙ දේවල් මතකයි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    කොටින්ම කියනවනං ගෑණු පිරිම වෙලා ඉපදෙන්ඩ පුලුවන්.. පිරිම ගෑණු වෙලා ඉපදෙන්ඩ පුලුවන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මේ අනාත්ම කතාව මට තාම තේරෙන්නේ නෑ හරියට,

    සංසාරේ එක දිගට නැවත නැවත අරන් යන දෙයක් නැතිනං අපි කරපු පව් පින් ටික ඇයි අපේ පස්සේ එන්නේ. මරණයෙන් පස්සේ ඇයි ඒ ටික අහෝසි වෙලා අලුතින්ම අකවුන්ට් එක බින්දුවෙන් පටන් ගන්නේ නැත්තේ. :oo:

    මට නං හිතෙන්නෙම පව් පින් අපි අරන් යන කතාව මිනිස්සු බය කරලා යහමගට ගන්න කියපු දෙයක් කියල :( දන්න කෙනෙක් කියලදෙන්න කරුණාකරලා

    එක භවයකින් තව භවයකට ගියා කියල මචං එකවුන්ට් එක 0න් පටන් ගන්නෙ නෑ.. එකවුන්ට් එක අන්තිමට 0 වෙලා තියෙයි, භවයන් 20ක් විතර ගියාට පස්සෙ.. එහෙම කිව්වොත් උඹට තේරෙනවද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං උඹ මේ භවයෙන් පස්සෙ ඊළඟ භවයට යනවනෙ, එහෙම එකකින් මාරු වෙනකොට ලොකු වෙනසක් නෑ.. ආයෙ ඒ භවයෙනුත් තව භවයකට ගියාම තව ටිකක් වෙනස් වෙනව.. ඔහොම භවයෙන් භවයට දිගටම යනකොට සම්පූර්ණයෙන්ම උඹෙ හිතේ ස්වභාවය වෙනස් වෙනව.. වෙනස්ම කෙනෙක් වෙනව.. හැබැයි ඒ ඉන්නෙත් උඹමයි.. මම නෙමේ.. :D
    ඉන්නේ මමමයි කීවට කොහොමද ඕක අපි දැනගන්නේ :oo: ඔන්න මම මැරෙනව, හෙට අපේ ගෙදරම ළමයි දෙන්නෙක් ඉපදුන කියමුකො. ඒ දෙන්නගෙන් එකෙක් තමා මගේ පින් පව් ටිකට කරගහන්නේ කියමුකෝ. මගේ ඊලඟ භවය කියන්නේ අර ළමයි දෙන්නගෙන් මොකාද කියල අපි කොහොමද දන්නේ. :oo: පලවෙනි එකාද දෙවෙනි එකාද නැත්තං මොකෙක්වත් නෙවේද ?