මහා-තණ්හා-සංඛය-සුත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු‚ අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නමි ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවටිටපුත්‍ර වු සාති නමි භික්ෂුවට
මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනමි) ,මේ එකම විඥනය (භවයෙන් භවයට උත්පතති වසයෙන්) දුවයි‚ හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමියි, (කියායි.)
කෙවටිටපුත්ර්රවු සාති නමි භික්ෂුවට මෙබඳු වු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් පහළවී තිබෙනබව බොහෝ භික්ෂුන්වහන්සේලා ඇසුහ. (කෙබඳු දෘෂ්ටියක්ද යත්) .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි‚ භග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමි, (කියායි.) ඉක්බිති ඒ භික්ෂුහු කෙවටිටපුත්‍ර වු සාති භික්ෂුව යමි තැනෙක්හිද එතැනට ගියහ. ගොස්‚ කෙවටිටපුත්‍ර වු සාති භික්ෂුවට මෙසේ කීවාහුය. ,ඇවැත්නි‚ තොපට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේය‚ යනු ඇත්තක්ද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමි, (කියායි.) ,ඇවැත්නි‚ මෙි එකම විඤඤණය භවයෙන් භවයට යයි හැසිරෙයි‚ අනිකක් නෙවෙියයි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිද්දෙන් දෙශනාකරනලද ධර්මය මම දනිමි.යි ( සාති භික්ෂුව කීය.)
2. ඉක්බිති ඒ භික්ෂුහු‚ කෙවටිටපුත්‍රවු සාති නමි භික්ෂුව‚ ලාමක වු මෙි විත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරණු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති‚ මතයෙහි පිහිටුවමින් කරුණු කියති‚ ඊටහේතු අසමින් කරුණු කියති. .ඇවැත්නි‚ සාතිය‚ මෙසේ නොකියව‚ භාග්‍යවතුන් වහන්සේට ද්රෙෂාරොපණය නොකරව භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවද්රරන්නාහ. සාතිය‚ නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් .විඥනය ප්‍රත්‍යයෙන් උපදින්නේයයිද‚ ප්‍රත්‍යයෙන් තොරව විඥනයාගේ පහළවීමක් නැතැ.යිද වද්රරණ ලදී. (කියායි.)
මෙසේද ඒ භික්ෂුන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබු‚ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබු‚ ඊට හේතු අසමින් කරුණු කියනු ලැබු සාති භික්ෂුව .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරන ලද බව මම දනිමි.යි ඒ ලාමක මිථ්‍යා දෘෂ්ටියම තරයේ අල්ලා ගෙන ව්‍යවහාර කරයි.
........
...................
...........
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවුහ: (කැඳවා) ,මහණ මෙහි එව මගේ වචනයෙන් .ඇවැත්නි සාතිය‚ ශාසතෘාන් වහන්සේ කැඳවති.යි කෙවටිටපුත්‍ර සාති භික්ෂුව කැඳවා එව.යි (කීහ.) .එසේය‚ සවාමීනි.යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී කෙවටිටපුත්‍රවු සාති භික්ෂුව යමි තැනක්හිද එතැනට ගියේය. ගොස්‚ කෙවටිටපුත්‍රවු සාති භික්ෂුවට මෙසේ කීවෙිය. .ඇවැත් සාතිය‚ ශාසතෘාන් වහන්සේ තොප කැඳවන්නාහ (කියායි.) .එසේය‚ ඇවැත්නි.යි කෙවටිටපුත්‍ර වු සාති භික්ෂුව ඒ භික්ෂුවට උතතරදී භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවු කෙවටිටපුත්‍ර වු සාති භික්ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසුහ. ,
සාතිය‚ තොපට මෙබඳු වු ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු සැබෑද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) යයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමි.යි (කියායි) ,සවාමීනි එසේය‚ .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) යයි‚ හැසිරෙයි. අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමි,යි (කීය.)
,සාතිය‚ තොප කියන ඒ විඥනය කුමක්ද?,
,සවාමීනි‚ යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වු කර්මයන්ගේ විපාකය විදීද ( මාකියන විඤඤණය) ඒය.,
,
හිස් පුරුෂය‚ කවරෙකුට නමි මා විසින් මෙසේ ධර්මය දෙශනා කරනලද බව තෝ දන්නෙහිද? හිස් පුරුෂය‚ මාවිසින් නොයෙක් ආකාරයෙන් විඤ්ඤණය ප්‍රත්‍යයෙන් උපදින්නේයයි කියන ලද්දේ නොවෙිද? ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤණයාගේ හටගැනිමක් නැතැ.යි කියන ලද්දේ නොවෙිද? එසේ තිබියදීත් හිස් පුරුෂය‚ තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද ද්‍රෙස් නගන්නෙහිය‚ තමාද නැසෙන්නෙහිය‚ බොහෝ පවිද රැස්කර ගන්නෙහිය. හිස් පුරුෂය‚ තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස‚ දුක් පිණිස පවතින්නේය.,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්ෂුන්ගෙන් මෙසේ ඇසුහ. ,මහණෙනි‚ කෙවටිටපුත්‍රවු මේ සාති භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥනය නමැති ගින්නෙහි උනුසුමවත් ඇත්තේද?,
,සවාමීනි‚ කෙසේ නමි වන්නේද‚ සවාමීනි‚ එසේ නොවන්නේමය.,
5. මෙසේ කී කල්හි කෙවටිටපුත්‍රවු සාති මහණතෙම නිශ්ශබිද වුයේ‚ හැකුළුනු මුහුණ ඇත්තේ‚ කඳ නමාගත්තේ‚ මුහුණ පහතට හරවා ගත්තේ‚ කල්පනා කරන්නේ‚ කිසිවක් සිතාගත නොහැකිව උන්නේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ කේවටිටපුත්ර සාති භාක්‍ෂුව නිශ්ශබදව‚ හැකුළුනු මුහුණ ඇතිව කඳ නමාගෙන‚ මුහුණ පහතට හරවාගෙන‚ කල්පනා කරමින්‚ කිසිවක් නොවැටහී සිටිනු දැක‚ කෙවටිටපුත්‍රවු සාති භික්ෂුවට මෙසේ වද්‍රළහ.
හිස් පුරුෂයි‚ තෝ මෙි තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්ෂුන් විචාරන්නෙමි,යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් මෙසේ විචාළහ.
,මහණෙනි‚කෙවටිටපුත්‍ර වු සාති භික්ෂුව යමිසේ තමා වරදවා ගත් මතයෙන් අපටත් ද්‍රෙස් නගයිද‚ තමන් වැනසෙයිද‚ බොහෝ අකුසලුත් රැස්කර ගනියිද‚ එබඳුවු ධර්මයක් මා දෙශනා කළ බව තොපි දන්නහුද‚.,
නැත සවාමීනි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ක්‍රමයෙන් .විඥනය ප්‍රත්‍යයෙන් උපදින්නේය.යි වද්‍රරණලදී. .ප්‍රත්‍යයෙන් තොරව විඥනයාගේ හටගැන්මක් නැතැ.යි වද්‍රරණලදී,.
,මහණෙනි‚ යහපත‚ මාදෙසු ධර්මය තොප දන්නා සැටි යහපත්ය‚ මහණෙනි‚ තොපට මා විසින් නොයෙක් ක්‍රමයෙන් විඤඤණය ප්‍රත්‍යයෙන් උපන්නේයයිද‚ ප්‍රත්‍යයෙන් තොරව විඤඤණයාගේ හටගැන්මක් නැතැයිද කියන ලදී. මෙි කෙවටිට පුත්රවු සාති මහණ තමා විසින් වරදවා ගන්නා ලද්ද නිසා අපටද ද්රෙෂාරොපනය කරයි. තමාද වැනසෙයි බොහෝ අකුසල්ද රැස් කරයි. ඒ වනාහි ඒ හිස් පුරුෂයා හටද බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස‚ දුක් පිණිස පවත්නේය.
LINK