උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...
උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...
ආයිමත් ආවෙ නෑ හිමේ ගිය අප්පච්චි
ලන්දෙන් හැන්දෑවෙ හඳහාමි මතුවෙච්චි
අම්මාගේ දුකට උන්දෑව උණුවෙච්චි
රන්තැටිය මැද්දේ උඹේ මූණ දිලිසිච්චි
අම්මාව හංඟාන හඳ අමාවක වෙච්චි
උඹව අරගෙන යන්ට හඳට අමතක වෙච්චි...
මල්ලියේ එදා ඉඳලාම අද වෙනකල්ම
උඹ තිව්වෙ අහසටත් වැඩියෙන් විසාලෙට
මුල්ලකට වෙලා උඹ වණපොත් කරනකොට
මං හිතුවෙ යයි කියා හඳ අල්ලන් එන්ට...
මල්ලියේ උඹ දවසෙ අන්තිමය වෙනකොට
මං උන්නෙ හෙම්බත් වෙලා බං හොඳටම
වැඩි ලංසුවට ආ මොණරු ඉගිලෙනකොට
උන් කොටනවා ළමැඳ රිදෙනවා එතකොට...
මල්ලියේ කැණි මඬල කඩා වැටුනා බං
තුන් වෙනි සිල් පදේ කියා දුන්නානෙ මං
ළමැඳ තැලුවේ මං උඹේ මැදුරටනෙ බං
උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...
මල්ලියේ ජීවිතේ ඇත නෙක නෙක පාට
ඒවයින් මං දන්නෙ ඇහේ කඳුළේ පාට
උඹට මං පෙන්නුවෙම පිරිසිදුම සුදු පාට
අද දකින්නට ඇහැකි ආදරේ රතු පාට...
මල්ලියේ රන් තැටියෙ කිරි කැටිය උඹ වෙච්චි
අන්තිමේ හඳට මං හොඳටෝම පැරදිච්චි
උඹ හඳේ ආරෙටම මට අමාවක වෙච්චි
ආරෙ ගති නාරින්ට අනේ මට බැරි වෙච්චි ...
---දෙව්රංඟි---
01/26/2016
මේ නිර්මාණය මගේ කලින් කල "ඈ දෙවැනි අම්මා" නිර්මාණයේ අදහස මුල් කොට ප්‍රති නිර්මාණය කරන ලද්දකි
උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...
ආයිමත් ආවෙ නෑ හිමේ ගිය අප්පච්චි
ලන්දෙන් හැන්දෑවෙ හඳහාමි මතුවෙච්චි
අම්මාගේ දුකට උන්දෑව උණුවෙච්චි
රන්තැටිය මැද්දේ උඹේ මූණ දිලිසිච්චි
අම්මාව හංඟාන හඳ අමාවක වෙච්චි
උඹව අරගෙන යන්ට හඳට අමතක වෙච්චි...
මල්ලියේ එදා ඉඳලාම අද වෙනකල්ම
උඹ තිව්වෙ අහසටත් වැඩියෙන් විසාලෙට
මුල්ලකට වෙලා උඹ වණපොත් කරනකොට
මං හිතුවෙ යයි කියා හඳ අල්ලන් එන්ට...
මල්ලියේ උඹ දවසෙ අන්තිමය වෙනකොට
මං උන්නෙ හෙම්බත් වෙලා බං හොඳටම
වැඩි ලංසුවට ආ මොණරු ඉගිලෙනකොට
උන් කොටනවා ළමැඳ රිදෙනවා එතකොට...
මල්ලියේ කැණි මඬල කඩා වැටුනා බං
තුන් වෙනි සිල් පදේ කියා දුන්නානෙ මං
ළමැඳ තැලුවේ මං උඹේ මැදුරටනෙ බං
උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...
මල්ලියේ ජීවිතේ ඇත නෙක නෙක පාට
ඒවයින් මං දන්නෙ ඇහේ කඳුළේ පාට
උඹට මං පෙන්නුවෙම පිරිසිදුම සුදු පාට
අද දකින්නට ඇහැකි ආදරේ රතු පාට...
මල්ලියේ රන් තැටියෙ කිරි කැටිය උඹ වෙච්චි
අන්තිමේ හඳට මං හොඳටෝම පැරදිච්චි
උඹ හඳේ ආරෙටම මට අමාවක වෙච්චි
ආරෙ ගති නාරින්ට අනේ මට බැරි වෙච්චි ...
---දෙව්රංඟි---
01/26/2016
මේ නිර්මාණය මගේ කලින් කල "ඈ දෙවැනි අම්මා" නිර්මාණයේ අදහස මුල් කොට ප්‍රති නිර්මාණය කරන ලද්දකි


.මම දන්න පවුලක එහෙම උනා..මල්ලිට ලැබෙන්න තියෙන ඉඩමෙන් බාගෙකුත් අක්කා අරගෙන මල්ලි රට ඉන්න අතරේ..සල්ලි වලට සහෝදරකම් දියවෙලා..
I won't comment on the creativity itself since undoubtedly it has dwarfed all the rest of the poems by any of us.