ගිංතොට

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.

    මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.

    එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.

    20160129_112712_resized1.jpg


    20160129_111710_resized11.jpg


    20160129_111811_resized1.jpg


    20160129_112539_resized1.jpg


    20160129_112602_resized1.jpg


    20160129_112607_resized1.jpg


    img_1601295.jpg


    img_1601291.jpg


    img_1601292.jpg


    img_16012910.jpg


    img_1601293.jpg


    img_1601294.jpg


    img_1601299.jpg


    img_1601296.jpg


    img_1601298.jpg


    රජරට රැජිණ දුම්රියේ රියදුරු එම්.ඩී.ඒ.කුමාරසිරි මහතාගේ දක්ෂකම හේතුවෙන් අනතුර වළක්වාගත් බව මගීහු කියති. දුම්රිය ගේට්ටුකරු ටියුඩර් සිල්වා රතු කොඩියක් වනමින් දුම්රිය පාරෙන් දිවීමත් අසල පිහිටි පියදිගම ගුවන් පාලමේ සිටි මගීන්ගේ කෑ කෝ ගැසීමත් නිසා අනතුරක සංඥාවක් ඇති බව රියදුරු කුමාරසිරි මහතාට දැනගැනීමට හැකි විය.

    මගීන් පැවසූයේ මාතර දුම්රියේ රියදුරා දුම්රිය නවත්වා ගන්නා විට දුම්රිය දෙක අතර පරතරය අඩියකට දෙකකට වඩා නොවැඩිවූ බවයි. දැඩි කම්පනයකට ලක්ව සිටි කුමාරසිරි මහතා දුම්රිය මගීන් විසින්ම රෝහල් ගත කරනු ලැබීය. කොළඹ සිට ගිය දුම්රිය ඉන් මද වේලාවකට පෙර ගිංතොට දුම්රිය පොළ දක්වා පස්සට ගනු ලැබීය.

    ගාල්ලේ දුම්රිය ආරක්ෂක නිලධරයෝ ද එහි පැමිණ පරීක්ෂණ ඇරඹූහ.

    Update

    ගිං තොට එකම පිල්ලේ දිශා දෙකකින් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් මහනුවර - මාතර දුම්රියේ රියදුරු සහයක ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කළ බව දුම්රිය දේපාර්තමේන්තුව කියයි.

    මහනුවර - මාතර දුම්රිය සංඥා නොතැකු බව මුලික පරික්ෂණ වලින් සොයා ගත් බව දෙපාර්තමේන්තුව පවසයි.
     
    • Like
    Reactions: DAMER and RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ලු. නුවර මාතර කෝච්චිය සිග්නල් නැතුව ගිහිං



    පෙරත් සීන් එක දාල තිබ්බ කෝච්චි ත්‍රෙඩ් එකේ.....:yes:

    වැදුන නම් එහෙම ඉවරනේ ඉතින්....:eek:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    පෙරත් සීන් එක දාල තිබ්බ කෝච්චි ත්‍රෙඩ් එකේ.....:yes:

    වැදුන නම් එහෙම ඉවරනේ ඉතින්....:eek:

    අපෝ ඔව්. ඔය හරියේ යන්නේ ආයේ රොකට් වගේ. වැදුනා නං ඉවරයි. අනික ප්ලේස් එක බලන්න. දෙපැත්තෙන්ම වැහිලා. වැදුන වැදිල්ලට එක ගොඩේ පෙට්ටි තියෙයි. :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ ඔව්. ඔය හරියේ යන්නේ ආයේ රොකට් වගේ. වැදුනා නං ඉවරයි. අනික ප්ලේස් එක බලන්න. දෙපැත්තෙන්ම වැහිලා. වැදුන වැදිල්ලට එක ගොඩේ පෙට්ටි තියෙයි. :baffled:


    :yes::yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලංකාවේ මිනිස්සුන් තාමත් පින්වන්තයි වාසනාවන්තයි කියන්න හොද උදාහරණයක්:):). රජරට රැජින දුම් රියේ රියදුරාට උපහාර පිදිය යුතු අතර :yes::yes::yes:අනික දුම් රියේ පිස්සා ඇ* දෙකෙන් එල්ලිය යුතුය.:angry::angry::angry:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    කොඩිය වනපු එකාට කීයක් හරි දෙන්න ඕන:)
    ඌ ෂොට් එකක් ගහලා හිටියා නම් කෝච්චි දෙක වැදිලා අර පාලමේ හිටිය උනුත් මැරෙනවා