මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.
රජරට රැජිණ දුම්රියේ රියදුරු එම්.ඩී.ඒ.කුමාරසිරි මහතාගේ දක්ෂකම හේතුවෙන් අනතුර වළක්වාගත් බව මගීහු කියති. දුම්රිය ගේට්ටුකරු ටියුඩර් සිල්වා රතු කොඩියක් වනමින් දුම්රිය පාරෙන් දිවීමත් අසල පිහිටි පියදිගම ගුවන් පාලමේ සිටි මගීන්ගේ කෑ කෝ ගැසීමත් නිසා අනතුරක සංඥාවක් ඇති බව රියදුරු කුමාරසිරි මහතාට දැනගැනීමට හැකි විය.
මගීන් පැවසූයේ මාතර දුම්රියේ රියදුරා දුම්රිය නවත්වා ගන්නා විට දුම්රිය දෙක අතර පරතරය අඩියකට දෙකකට වඩා නොවැඩිවූ බවයි. දැඩි කම්පනයකට ලක්ව සිටි කුමාරසිරි මහතා දුම්රිය මගීන් විසින්ම රෝහල් ගත කරනු ලැබීය. කොළඹ සිට ගිය දුම්රිය ඉන් මද වේලාවකට පෙර ගිංතොට දුම්රිය පොළ දක්වා පස්සට ගනු ලැබීය.
ගාල්ලේ දුම්රිය ආරක්ෂක නිලධරයෝ ද එහි පැමිණ පරීක්ෂණ ඇරඹූහ.
Update
ගිං තොට එකම පිල්ලේ දිශා දෙකකින් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් මහනුවර - මාතර දුම්රියේ රියදුරු සහයක ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කළ බව දුම්රිය දේපාර්තමේන්තුව කියයි.
මහනුවර - මාතර දුම්රිය සංඥා නොතැකු බව මුලික පරික්ෂණ වලින් සොයා ගත් බව දෙපාර්තමේන්තුව පවසයි.