ඉතිං ඔය ගංජා ඔතන හැටි අපිට බලන්න තහනම් වුනත් මිනිය තියෙන කාමරේ ජනෙල් පියන් උඩින් අපි හොරෙන් ඕක බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලම පාවට්ටා (ආඩතෝඩ) කොලයක් අරං අතින් හොඳට පිරිමැදලා පත්තර කෑල්ලක් අරං ඒකට ගිනිකූරක් ගහලා අර බත් බඳින්න කෙහෙල් කොල තවනවා වගේ පාවට්ටා කොලේ තවාගන්නවා. ඒකොල්ලා ගංජා කට්ටේ ඒ කියන්නේ ගංජා පැකට්ටෙක කඩලා කඩදාසියක් උඩට දාලා ඒකේ තියෙන ඇටයි කඳන් කෑලි ඒ කියන්නේ රොඩු ටික අහක්කරලා සිකරට් බාගෙක දුංකොල කඩලා ඒකට කලවම් කරනවා. දැන් ඒ මිශ්‍රනේ අර පාවට්ටා කොලේ උඩ තියලා කිටි කිටියේ තද කරලා කකුලේ තට්ටමකට තියලා රෝල් කරගන්නවා.පස්සේ බීඩියක් අරං ඒකේ ලේබලේ හීන් සීරුවේ උරුට්ටුව නොකැඩෙන්න ගලවගෙන බීඩියේ නූල් කෑල්ලත් ගලවගන්නවා. ඒකොල්ලා නූල් කෑල්ලෙන් ගංජා සුරුට්ටුවේ උඩින් ගැටයක් දාලා අර ලේබල් සිලින්ඩරේ උඩින් (බොන තැනින්) ටිකක් පහලට බස්සනවා. දැන් ගින්දර ගහලා පත්තු කරලා ඒක උරන ගමන් අර බූරු පොලට ගිහිං බොන බොන එකාගේ අතින් අතට යවනවා. හැම එකාම සොට්ටෙක ගානේ අදිනවා. තව රවුමක් ... තව රවුමක් වශයෙන් ඉවර වෙනකන් සුරුට්ටුව සංසරණය වෙනවා. සුරුට්ටුවේ මිශ්‍රණය දැල් වෙවී ගියත් අර පාවට්ටා කොලේ පත්තු වෙන්නෙ නෑ.