Simple අතුරුපසක් (Watermelon Jell-O Shot Slices)
අද හදන්න යන්නේ ඕන කෙනෙක්ට ලේසියෙන්ම ගෙදරදි හදා ගන්න පුලුවං අතුරුපසක්. ඉන්ටනෙට් එකේ හොයද්දි මේකට දාලා තිබ්බ නම තමයි Watermelon Jell-O Shot Slices.
අපි නං කිව්වේ කොමඩු ජෙලි කියලා. හදලා බලලා ඔයාලාටත් හිතෙන නමක් දාගන්නවා හොදා...

හැමදාම නිකං ජෙලි කනවට වඩා ටික්ක වෙනස් විදිහට ජෙලි හදලා බලමු..
රායිට් එහෙමනං තොරණේ විස්තරේ අහගන්ට සූදානං වෙමු.
මේකට හදා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය තමා...
සැලකිය යුතුයි...
වොඩ්කා දැම්මොත් ජෙලි කෑමෙන් පසු වෙරි වේ
!
වීඩියෝ කෑල්ලකුත් දාන්නං.( මේ අක්කා නං ලෝබ නැතුව වොඩ්කා ගොඩාක් දානවා.)
අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න....ඔයාලත් හදලා ෆොටෝ මෙතන දාන්න 

ජයවේවා !
අද හදන්න යන්නේ ඕන කෙනෙක්ට ලේසියෙන්ම ගෙදරදි හදා ගන්න පුලුවං අතුරුපසක්. ඉන්ටනෙට් එකේ හොයද්දි මේකට දාලා තිබ්බ නම තමයි Watermelon Jell-O Shot Slices.
අපි නං කිව්වේ කොමඩු ජෙලි කියලා. හදලා බලලා ඔයාලාටත් හිතෙන නමක් දාගන්නවා හොදා...


හැමදාම නිකං ජෙලි කනවට වඩා ටික්ක වෙනස් විදිහට ජෙලි හදලා බලමු..

රායිට් එහෙමනං තොරණේ විස්තරේ අහගන්ට සූදානං වෙමු.
මේකට හදා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය තමා...
- තරමක් විශාල කොමඩු ගෙඩියක්. (මං ගත්ත ගෙඩියේ බර කිලෝ 2යි.)
- ජෙලි පැකට් 2ක්
- ජලෙටින් (රසකාරක නොදැමූ ,අවර්ණ) පැකට් 1ක්
- උතුරන වතුර මිලි ලීටර් 800 ක්.
- මේ ටික දාලා දිය කර ගන්න තරං විශාල වීදුරු භාජනයක්.
- වොඩ්කා කෝප්ප 2ක්. (අවශ්‍ය නම් පමණයි)
- ඉස්සෙල්ලම කොමඩු ගෙඩිය දෙකට මැදිං කපන්න.
- හැන්දක් අරගෙන කොමඩු ගෙඩියේ මදේ අයින් කර ගන්න.
(- දැං මේ අයින් කරන මදයෙං ඉතිං කොමඩු ජූස් එකක් බොන්න එහෙම පුලුවං ඈ.. ඒක වෙනම කථාවක් )
- මදේ අයිං කරපු කොමඩු බෑ දෙක මෙන්න මේ වගේ තියෙයි....
- ඊට පස්සේ ජෙලි පැකට් දෙකයි ජෙලටිං පැකට් එකයි අර වීදුරු භාජනේට දාලා උණු වතුර දාලා කලවං කරන්න.
- ටිකක් නිවෙන්න යද්දි කැමති නං විතරක් වොඩ්කා කෝප්ප 2ක් දාගන්න.
(සැර ජාති වලට අකමැති අය , අමාද්‍යප අය , පොඩි අයට කන්න දෙන්න මේක හදන අය එහෙම වොඩ්කා දානවා නෙවේ ඕං..
)
- ඊට පස්සේ මේ මිශ්‍රනය නිමෙන්න ඇරලා අර කොමඩු බෑ දෙකට පුරවා ගන්න.
- මේ බෑ දෙක ශීතකරණයේ තියන්න ඕනේ ඊට පස්සේ. ඉතිං මේක පෙරලෙන්නේ නැති විදිහට ප්‍රිජ් එකේ තට්ටුවේ මොන මොනවා හරි අටවන්න. (මං නං කලේ ප්‍රිජ් එකේම තිබ්බ ජෑම්, බටර් , සෝස් බෝතල් අරං මේ බෑ දෙක දෙපැත්තෙං රදවපු එක, පෙරලෙන්නේ නැති වෙන්න.)
- පැය 4- 5ක් යද්දි මේවා ගානට සෙට් වෙලා තියෙයි...
ඊට පස්සේ නං එළියට අරං අනිත් පැත්ත හැරෙව්වත් ජෙලි හැලෙන්නේ නෑ...
- ඊට පස්සේ මේක කපන්න ඕනේ.... ඒ කපද්දි ඉස්සෙල්ලම කොමඩු බෑය දෙකට කපලා...
ඊටත් පස්සේ අපි සාමාන්‍ය කොමඩු කන්න කපනවා වගේ ත්‍රිකෝණ ත්‍රිකෝණ කෑලි කපාගන්න.
සැලකිය යුතුයි...
වොඩ්කා දැම්මොත් ජෙලි කෑමෙන් පසු වෙරි වේ
! වීඩියෝ කෑල්ලකුත් දාන්නං.( මේ අක්කා නං ලෝබ නැතුව වොඩ්කා ගොඩාක් දානවා.)

අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න....


ජයවේවා !
Last edited:


