රු 900ට වෙබ්සයිට් හදන්න ගිහින් ජීවිතේටම අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා! 🤣🤣

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    මචන්ලා, මට වුණු වැඩේ නම් හිතාගන්නවත් බෑ. මම හිතුවා පොඩි බිස්නස් එකක් පටන් ගන්න, ඉතින් ඕකට වෙබ්සයිට් එකක් ඕනේ නේ. මම එතකොට දැක්කා Facebook එකේ එකෙක් දාලා තිබ්බා "රු 900ට වෙබ්සයිට් එකක් හදමු" කියලා පට්ට ඇඩ් එකක්. මමත් ඉතින් වැඩේට කැමති වුණා. හිතුවේ රු 900ක් නේ, වරදින්න විදිහක් නෑ කියලා.

    අරූ මට ලස්සනට ලැයිස්තුවක් එවලා තිබ්බා, මේවා මේවා රු 900ට කරනවා කියලා.
    • රු 900ට ඩොමේන්, වර්ඩ්ප්‍රෙස්, සහ හොස්ටින් සෙටප්
    • රු 900ට වර්ඩ්ප්‍රෙස් එක පිටුවක ඩිසයින් එක
    • රු 900ට වෙබ්සයිට් එකක බග් එකක් හදන්න
    • රු 900ට වෙබ්සයිට් එකේ ස්පීඩ් එක වැඩි කරන්න
    • රු 900ට ප්ලගින් සහ තීම් සෙටප් කරන්න
    • රු 900ට පේපැල්, පේයෝනියර්, පේහියර් සෙටප් කරන්න
    මේවා දැක්කම මම මාර සතුටින් හිටියේ. රු 900ට මේ හැමදේම කරගන්න පුළුවන් නම්, ඉතින් කොහොමද මට පාඩුවක් වෙන්නේ? මම හිතුනා මේ මිනිහා මාරම පින් වැඩක් කරනවා කියලා.

    මම මුලින්ම කිව්වා "අයියේ, මට රු 900ට ඩොමේන් එකයි, හොස්ටින් එකයි, වර්ඩ්ප්‍රෙස් සෙටප් එකයි දාලා දෙන්න."

    අරූ කිව්වා: "සර්, ඩොමේන් එකට රු 5000ක් විතර වෙනවා, හොස්ටින් එකට මාසෙකට රු 300ක් යනවා, හැබැයි මේ ටික රු 900ට දාලා දෙන්නම්."

    මම කිව්වා "අනේ අයියේ, රු 900ට දානවනම් දාන්න. නැත්නම් මොකටද ඇඩ් එක දැම්මේ?"

    ඊට පස්සේ අරූ මට කෝල් කරලා කිව්වා: "සර්, අර රු 900ට ඩොමේන් එකයි, හොස්ටින් එකයි සෙටප් කරනවා කියන්නේ ඒක මේ හදිස්සියට දැම්මා විතරයි. ඒක ඇඩ් එකේ විතරයි."

    මගේ ඇස් දෙකට කඳුළුත් ආවා. මට හිතුනේ මම අතින් රු 900ට පූජාවක් කළා වගේ.

    මම ඒක එතනින් අතෑරියේ නෑ. මම කිව්වා "හරි, එහෙනම් රු 900ට මගේ සයිට් එකේ තියෙන බග් එකක් හදලා දෙන්න."

    අරූ කිව්වා: "සර්, එක බග් එකක් හදන්න තව රු 900ක් යනවා."

    මම කිව්වා "මචන්, බග් එක හදන්න ඕනේ නෑ, මට තියෙන බග් ටික තව ටිකක් වැඩි කරලා දෙන්න පුළුවන්ද රු 900ට? එතකොට සයිට් එක බිඳෙනකොට අමුත්තෙක්ටවත් බලාගන්න දෙයක් තියෙනවා."

    මිනිහා ෆෝන් එක තිබ්බා. මම හිතන්නේ එයාටත් හිනා ගියා.

    අන්තිමට මම එයාට රු 9000ක් දුන්නා නිවුස් සයිට් එකක් හදන්න කියලා. අරූ රු 900ට වගේ සයිට් එකේ තීම් එකයි, ප්ලගින් ටිකයි දැම්මා. ඊට පස්සේ සයිට් එක ස්ලෝ වුනා.

    මම ඇහුවා "අයියේ, සයිට් එක ස්ලෝ නේ."

    අරූ කිව්වා: "සර්, සයිට් එක ස්පීඩ් කරන්න තව රු 900ක් ගෙවන්න ඕනේ."

    මම ඒක අහලා කඩා වැටුනා. අන්තිමට මම රු 9000ක් වියදම් කරලා ගත්තේ, "වෙබ්සයිට් එකක් නොවන" වෙබ්සයිට් එකක්. 😂

    ඒකේ තිබ්බේ News කියලා පිටුවක්. ඒකේ තිබ්බේ "අපගේ ප්‍රවෘත්ති ඉතා ඉක්මනින් එකතු වේ" කියලා පේලියක් විතරයි.

    ආයෙත් ජීවිතේට මම රු 900ට වෙබ්සයිට් හදන්න යන්නේ නෑ! මම හිතන්නේ රු 900ට කරන්න පුළුවන් හොඳම දේ තේ එකක් බීලා කේක් කෑල්ලක් කාලා එන එක. මේක තමයි මට වුණු වැඩේ!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    මේ වැඩේට code කරන්න දෙයක් නෑ නේ

    Wordpress Wapuu GIF by Kanopi Studios


    උපරිම 7000/=
    හොස්ට් කරන්න දාහයි.
    ↓↓
    එකකට ලස්සෙ ගානෙ දෙනවනම් Claude code වලින් කර දෙන්නම්
    ලස්සයක් ඇද්ද,,
    එකකට ලස්සයයි එතකොට තුනටම ලස්ස පහයි
     
    • Haha
    Reactions: Juza

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කිරියෙත් ඉඳලා අඩුකුලේ මිටි සොන්නලු ගැන ඉගෙන ගන්නේ නැතුව කපටි සොන්නලුන්ට අහුවුනාට හොඳම වැඩේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Rankwitz