ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

    ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

    ඇඳ සහ සඳ අතර මෙලෝ සම්බන්ධයක් නැත. එහෙත් ' .. චන්දන මල් අතුරා ඇති යහනට - කන්ද කපා පායන් රන් පුන් සඳ ...' යැයි අමරදේව සූරීහු ගයති. මින්දද හී සර වැදී ඇති මුත් සිහින කුමරිය පේන තෙක් මානයක නැත. මෙහි සඳ යැයි කියන්නේ අනාගත බිරියට ය. ඇය තවම හමු නොවූ නිසා සොවින් තැවෙන මානවකයෙක් තනි යහනේ හිඳිමින් හූල්ලයි. ඒ කතාව එහෙමය.

    තවත් කෙනෙක් ඇඳේ පැත්තක තම බිරිය වැතිර සිටියදීත් වහලේ පරාල ගණන් කරමින් යට ලීයෙන් නාරිලතා මල් පූදින තුරු අසහනයෙන් රැය පහන් කරයි. අර තනිකඩ තරුණයාටත් වඩා මේ විවාහකයා අතෘප්තිමත් ය. මෙහෙම වෙන්නේ ඇයි ? නිකමට ඇඳ යටට එබිලා බලන්න. හට්ටි මුට්ටි පෙට්ටි කළගෙඩි පිරිලා නේද..? ඇඳ යට තියෙන ලට්ට ලොට්ට පුස් කනවා වගේම එවැනි ඇඳක් උඩ නිදා ගන්නා කෙනෙකුගේ ජීවිතය ද පුස් බැඳුණු දර කොටයක් හා සමාන වන්නේ යැයි ජ්‍යොතිෂයේ ඉගැන්වෙයි.

    ඇඳේ උඩ හා සමානව ඇඳ යට ද ඉතා පිරිසුදු විය යුතු ය. ඒ කෙතරම් ද කිවහොත් කඩදාසි කැබැල්ලක් වත් නො තිබිය යුතු ය . මේ ජ්‍යොතිෂ - වාස්තු නියමය කඩ කෙරෙන විට රෝගීබව , අසහනය , අකලට මහලුවීම , අවාසනාව , අපේක්ෂාභංගත්වය , ගෘහ ජීවිතයේ ගැටුම් , සහ විවාහකයන්ට නීරසභාවයත් අවිවාහකයන්ට දිගින් දිගට ම විවාහ ප්‍රමාදයත් ඇති කෙරේ. මේ තරම් බරපතළ උපද්‍රව ඇති කිරීමට ඇඳ යට තියෙන ලට්ට ලොට්ට ටිකකට පූළුවන් ද කියා ඔබ මවිත වූවා නම් ඒ මවිතය තවත් වැඩි කරමින් කියන්නට සිදුවන්නේ කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් කාලකණ්ණි කිරිමට සහ දිවි තොර කිරීමට පවා නිදන ඇඳ හේතුවන බවයි.

    නිවෙසේ අන් බොහෝ තැන්වලට වඩා නිදන ඇඳ යට පොළොවේ තෙතමනය සහ අඳුරු ස්වභාවය අධික ය. අන් තැන්වලට වඩා හිරු එළිය සහ වාතාශ්‍රය ඇඳේ යටට ලැබෙන්නේ අඩුවෙනි. එසේ තිබිය දී එම ප්‍රදේශය ලට්ට ලොට්ට ආදියෙන් තවත් අවහිර කළොත් හිරු එළියට සහ නැවුම් වාතයට ඒ හරහා ගමන් කිරීමට හැකි වන්නේ නැත. ප්‍රතිඵලය වන්නේ ඇඳ යට නරකාදියක් නිර්මාණය වීමය. මිලියන සංඛ්‍යාත බැක්ටීරියා , දිලීර (පුස්) වර්ග අධිවේගයෙන් වැඩෙන්නට ගනී. ඒ මත විසකුරු කෘමීහු පෝෂණය වෙති. පියවි ඇසට නො පෙනෙන නමුත් මේ විෂ ඇඳේ කකුල්වල සිට ඉහළට සෑම තැනෙක ම බෝවේ. කෙතරම් පිරිසුදු ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට දැමුවත් පැය දෙක තුනකින් ඒ සියල්ල ආක්‍රමණය කැර ඒවා කිලිටි කිරීමට මේ ක්ෂූද්‍ර ජීවිහු යුහුසුලු වෙති. කෙනෙකු අඩුම තරමින් පැය 6 ක් වත් අඛණ්ඩව නිදන ඇඳ මත කාලය ගෙවන අතර ඒ මුළු කාලයේදී ම ඔහු ශ්වසනය කරන්නේ රෝග කාරක සහිත වායුවයි.

    එහි විපාක කායික සහ මානසික යන දෙ අංශයෙන් ම කෙටිකාලීනව සහ දිගුකාලීනව බලපෑම් කරයි. නිදන ඇඳ යට කඩදාසි කැබැල්ලක් වත් නොතිබිය යුතු යැයි ඉහත සඳහන් කෙළේ රුපියලේ කාසියක තරම් ඉතා සුළු ඉඩක පවා නරකාදියක් නිර්මාණය වන හෙයිනි. නරකාදිය නමැති වචනයේ තේරුම මේ අවස්ථාවේ ම වටහා ගැනීම වැදගත් ය. අර්ක යනු සූර්යයා හඳුන්වනු ලබන සම්භාවනීය ජ්‍යොතිෂ යෙදුමකි. ප්‍රඥාව සහ යහපත් ජීවිතය හට ගන්නේ මේ අර්ක හෙවත් සූර්යා නිසා ය . න + අර්ක යනු සූර්යා නැති තැනය . එනම් ප්‍රඥාව සහ යහපත නැති තැනය. මේ න+ අර්ක සිංහලෙන් නරක ය හෙවත් නරකාදිය වී තිබේ. අපායට හිරු පායන්නේ නැත. දැන් බලන්න ඔබේ නිදන ඇඳ යටට හිරු එළිය නො වැටෙන්නේ නම් ඔබ ජීවත්වනේ අපායක නේ ද ?

    නිදන ඇඳ පමණක් නොව ගෘහ භාණ්ඩ තබා ඇති ආකාරය අනුව හිරු එළිය නො වැටෙන අඳුරු අහුමුලු නිවෙසේ තවත් තැන්වල නිර්මාණය වී තිබේ නම් ඒ සෑම තැනක් ම අපායකි. ඇතැම්හු කෝටි ගණන් වැය කැර නිවාස තනති. මිලියන ගණන් ගෙවා ගෘහ භාණ්ඩ ගෙනෙති. හැබැයි ඒවා නිසි ලෙස ස්ථානගත කිරීමේ ශාස්ත්‍රය නො දනිති. අල්මාරියක දොර පියන් විවෘතවන දිසාවන් ගැන පවා වාස්තු නීතී පවතී. නිවෙසක් තැනීමේදී පමණක් නොව ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමේදීත් වාස්තු නීති පිළිපැදීම ඉතා වැඩදායක ය. නිවෙස ඇතුළත ඊසාන දිසාවේ මාළු ටැංකියක් හෝ ජලය සහිත මල් පෝච්චියක් හෝ වැනි දෙයක් තිබේ නම් එය එතැනින් ඉවත් කරන්න. එවිට නිවෙස පුරා මෙතෙක් නො පැවති සහනශීලී වාතාවරණයක් ගොඩනැගෙන අයුරු ඔබට ම අත්හදා බැලිය හැකිය. මෙවැනි ඉතා සුළු වෙනස්කම්වලින් ලැබෙන ප්‍රතිඵලය සුළුපටු නොවේ. ඒවා පසුවට තබා යළිත් ඇඳට ම යමු.

    නිදන ඇඳ යට සම්පූර්ණයෙන් ම නිදහස්ව සහ වියළිව තිබීම අත්‍යවශ්‍ය වන්නා සේම නිදන කාමරයේ දොර ජනේල විවෘත කැර ඉතා හොඳින් හිරු කිරණ වැටෙන්නට සැලැස්විය යුතු ය. එමගින් සිදුවන්නේ විෂබීජ විනාශ කිරීම වැනි සරල දෙයක් පමණක් නොවේ. හිරු හැමවිටම අපට ගෙන එන්නේ ප්‍රති ජීවනය යි. හිරු රැස් දෝතක ඇති බලය සහ සංඝටක ප්‍රමාණය අති මහත් ය. ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට යනාදිය ඉතා ආශාවෙන් හිරුගේ ශක්තිය උරා ගෙන ප්‍රබෝධවත් වේ. ඒ මත වැතිරෙන ඔබ ද ප්‍රබෝධයෙන් නිදා ගන්නවා පමණක් නොව ඊටත් වඩා සුව පහසුවෙන් අවදි වේ. මේ වෙනස අත්දකින්නට එක් ක්‍රමයක් තිබේ. කොට්ට උර දෙකක් ගෙන ඉන් එකක් රෙදි සෝදන මැෂිමට දමා එයින් ම වියළා ගන්න. අනෙක් උරය සෝදා අව්වේ දමා වියළා ගන්න. ඔබ නිදා ගන්නා විට වැඩිම සුව පහසුවක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන්නේ අව්වේ දමා වියළා ගත් කොට්ට උරයෙනි.

    ඒ වෙනස ඇති වූයේ හිරු කිරණ සතු ප්‍රති ජීවන ශක්තිය නිසා ය. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ දමා වියළා ගැනීම හුදු පිරිසුදු කිරීමක් පමණක් නොවන බව දැන් පැහැදිලි වන්නට ඇති. ආහාර , ජලය , වාතය යන මේ තුනෙන් නරක් වූ විට වැඩිම විපත ගෙන එන්නේ වාතය යි. එමෙන් ම නො කෑවොත් නො බීවොත් නරක් වූ ආහාරයට හෝ ජලයට හෝ අපට විපත් පැමිණවිය නො හැක. එහෙත් වාතය නරක් වුවහොත් නිරායාසයෙන් ඒවා අපේ සිරුරට ඇතුළුවේ. ඇඳ යට හෝ නිවෙසේ අහු මුලුවල රැඳෙන වාතය පල් වේ. පුස් ගඳ ලෙස දැනෙන්නේ එයයි. වාස්තු විද්‍යාවේදී බරපතළ ම දෝෂ ලෙස සැලකෙන්නේ ද නිවෙසේ ජීව ශක්ති සංසරණයට බාධා පමුණුවන මෙවැනි කරුණු ය. නිවෙසේ සෑම තැනෙකට ම හිරු එළිය සහ වාතය ගමන් කළ යුතු ය. හිරුරැස් හොදින් පතිතවන කිසිම තැනෙක වාතය පල් වන්නේ නැත. සූර්ය තාපය නිසා රත්වන වායුවේ අණු පරමාණු ඒවායේ බන්ධන ලිහිල් කොට ගෙන ඉහළට නඟින නිසා නිතර ම නිවෙස පිරිසුදු කෙරෙනවා පමණක් නොව එය යළි යළි ප්‍රති ජීවනයට ලක්වේ. නිවෙසේ අන් තැනෙකට වඩා මේ ක්‍රියාවලිය වඩාත් ම වුවමනා වන්නේ නිදන කාමරයට ය.

    ඇඳ යට පමණක් නොව මෙට්ටය යට පවා කිසිවක් ම නො තිබිය යුතු ය. ඇතැම් අය තනි ඇඳවල් දෙකක් එකට යා කොට යුගල ඇඳක් සාදා ගනිති. මෙය කිසිසේත් ම නො කළ යුත්තකි. සිංගල් දෙකක් ඩබල් එකක් නො වන්නා සේම එයින් හටගන්නා එකම සන්තෑසිය නම් කරදර ඩබල් වීම පමණි. සමහරුන් වැඩි සුව පහසුව පිණිස හෝ පරණ මෙට්ටය විසි කිරීමට ලෝබකම නිසා හෝ පරණ මෙට්ටය උඩට අලුත් මෙට්ටයක් දමා ගනී. මෙය ද නො කළ යුතු ම දෙයකි. කොට්ට දෙකක් එකපිට එක දමා නිදා ගැනීම ද අහිතකර පුරුද්දකි. ඇඳ ඇතිරිලි ඉතා බර සහ ගොරෝසු ඒවා නොවිය යුතුවාක් මෙන් ම හැකිතාක් ඒවා සුදු හෝ සුදු පැහැයට සමීප වර්ණයන් ගෙන් යුක්ත විය යුතු ය. තද වර්ණ , කළු ,රතු , දුඹුරු , තද නිල් යනාදීය නිදන ඇඳට ඉතා අහිතකර ය. නිදන කාමරයේ බිත්තිවලට ද එකී වර්ණ යෝග්‍ය නොවේ. මීට හේතු වන්නේ ආලෝක වර්ණාවලිය , එහි පරාවර්තනය සහ මිනිස් සිරුර අතර හට ගන්නා සංකීර්ණ සම්බන්ධය යි. සුදු ඇඳ ඇතිරිල්ලක් මතට මදුරුවෙක්වත් සමීප වන්නේ නැත. එහෙත් කළු හෝ තද පැහැති ඇඳ ඇතිරිල්ලක් දමා බලන්න. මදුරුවන් එහි රොද බඳින හැටි ඔබට ම දැකිය හැකිය.

    ඔබේ නිදන ඇඳේ හිසට කෙළින් හෝ ඒ හරහා හෝ දැව කොන්ක්‍රීට් ලෝහ යන බේදයක් නැතිව පරාලයක් , කුරුපාවක් යට ලීයක් , කණුවක් , පිය ගැට පෙළක් වැනි දෙයක් තිබේ නම් එම බාධකය පන්නා ඇඳ ස්ථානගත කළ යුතු ය. මෙහි සරල නියමය නම් නිවෙසේ බර දරා සිටින කිසිවක් යට නිදා නො ගත යුතු බව යි. ඊට හේතුව දැන ගැනීමටවුවමනා වන්නේ ඉතා ම සරල සාමාන්‍ය භෞතික විද්‍යා දැනුමක් පමණි. එවැනි බාධකයක් යට නිදා ගන්නා හැම විටම ඔබේ සිරුර හරහා අසාමාන්‍ය බරක් ගමන් කරයි. එය විපත් රැසකට මුල පිරීමකි. ඕනෑම නිදන කාමරයක කන්නාඩි මේසයක් වරදින්නේ නැත. එහෙත් නිදන ඇඳ මත සිටින විට එම කැඩපතින් ඔබේ රුව පෙනෙන්නේ නම් නොවරදවාම එහි කෝණය වෙනස් කරන්. නිදන ඇදේ සිටින්නාට තම රුව කැඩපතින් නො පෙනෙන ලෙස එය සකස් කළ යුතු ය. දොර සහ ජනේලයකට ලම්බකව නිදන ඇඳ කිසිසේත් ම ස්ථානගත නො කිරිමට ද මතක තබා ගැනීම මැනවි.

    නිදන ඇඳ ඕනෑම කෙනෙකුගේ චරිතය සහ පෞරුෂය විදහාපාන කැඩපතකි. ඒ දෙක ම මනින්නේ ඇඟේ මස් මාංස බර සහ උස මහත අනුව නොව මනසේ ශක්තිය සහ ඇවතුම් පැවතුම් අනුව ය. උදේ අවදිවන පුද්ගලයා ඇඳ ඇතිරිලි ගසා දමා එය නැවත පිළිවෙළට සකස් කරන්නේ නම් ඔහු පරාර්ථකාමියෙකි , කෙළෙහිගුණ දත්තෙකි. අභ්‍යන්තර චිත්ත ශක්තියෙන් පොහොසත් තැනැත්තෙකි. ලස්සන ඇඳක් ඇති තැනැත්තාට ලස්සන හිතක් තිබේ යැයි චීන කියමනක් ද තිබේ. එවැනි කෙනෙකුට කන්ද කපාගෙන හඳ පායනතුරු හූල්ලන්නට සිදු වන්නේ ද නැත.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොන බොරුද බන් මගෙ ඇඳ යට තම ගෙදර භාගයක් බඩු තීයෙන්නේ.. ඔය අපි අගේට ඉන්නේ.. මනස්ගාත දාන එපා බන් මේවයේ
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අතේ ගහලා බදු පිහදාන රෙද්ද ඇද යට තියෙන්නේ අවුල් ද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    පස්සේ කියවනවා. දවල්ට මගේ ඔලුව රත් වෙලා තියෙන්නේ. :baffled:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.

    ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.

    දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.

    ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..

    තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.
     
    ඔව් බන්.. හනමිටි අදහස් වලින් මිදෙන්න දැන් කාලය එලබී ඇත.. ඒවගේම තමයි
    ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි..

    එල සහෝ...උබ හිතන විදිහ හරියටම හරි.. ජය වේවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දැන් මේක බලල අද ඉදල එළියේ බූරුවා ඇඳක් දාගෙන නිදාගන්නේ...:yes: මට හරියයි කොහොමද දන්නවද....උබලට ඉරිසියා හිතෙයි ඈ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.

    ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.

    දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.

    ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..

    තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.

    උබනම් කියයි...මහින්ද ගේ සීන් එකෙන් පස්සේ ජ්‍යෝතිෂ්‍ය කාරයොන්ට රෙවිල ඉන්නේ...මෙහෙමවත් බොරුවක් නොගහ ගෑනිට කන්න අදින්න දෙන්නේ කොහොමද උන්? :rolleyes: එහෙම උනොත් ඇඳ යට කුණු ගොඩ ගහපු එකාට කලින් තනි යහනේ උන්ට හූල්ලන්න වෙනවා :rofl::rofl::P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.

    ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.

    දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.

    ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..

    තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.

    :yes::yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    දොරට ලම්බකත් නැතිව, කුරුපා, පරාල අහුවෙන්නෙත් නැතිව, කන්නාඩියෙන් පේන්නෙත් නැතිව ඇඳ තියන්න වෙන්නේ බිත්ත්යට හේත්තු කරලා තමයි..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.

    ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.

    දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.

    ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..

    තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.

    :yes::yes:මීට වඩා පහදන්න දෙයක් නැ