දන්න ටිකක් කියන්නං.....කියවන උන් ගේ දැන ගැනීම පිණිසත් එක්ක....
ලංකාවේ පොළවෙන් 90%ක් ම මැණික් තිබිය හැකි බිම්. යාපනේ අර්ධද්වීපය තියෙන්නේ මයෝසීන හුණු පාෂාණයක් උඩ. ඔය ටික ඇර ලංකාවේ ඕනැම තැනකින් මැණික් හම්බ වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් හම්බ වෙන්නේ සබරගමු කදු ආශ්‍රිතව-හේතුව සබරගමු කදු උද්ගත පාෂාණයක්-පොළොවෙ අභ්‍යන්තරය උඩට මතු වී හැදුනු - වීම.
ලෝකයේ හමුවෙන මැනික් සහ අර්ධ මැනික් අතරින් දෙකක් හැර අනිත් සියළුම ඒව ලංකාවෙන් අඩු වැඩි වහයෙන් හමුවෙනවා. හමුවෙන්නේ නැත්තේ දියමන්ති සහ ජේඩ් පමණයි.
ලංකාවේ හමුබ වෙන මැණික් අතරින් ප්‍රදානම කොරන්ඩම් කුලයේ මැණික් වන රතු-රූබි- සහ නිල්-බ්ලූ ටෝෆස්.
රතු වල උපරිම අගය ගන්න මැනික් වර්ග කෙරෙන්නේ පිජන්ස් බ්ලඩ් කියලා. ඒ ඇර උපරිම මිල එන්නේ රෙඩ් සැෆායර්-රතු ආරනූල්- වලට. නිල් මැනික් වල පාටේ පැහැදිලි බව සහ තද බව දෙකම මිල වැඩි වෙන්න හේතුවෙනවා. පැහැදිලි සහ තද නිල් පාට ඒවා-අපේ බාසාවෙන් නම් කියන්නේ ඉන්ද්රනීල- වලට අපරිම මිල එනවා. අපැහැදිලි නිල් තමා කාකනිල් කියන්නේ. තව නිල් ආරනූල් වලටත් ඉහල මිළක් ලැබෙනවා.
තව උපරිම වටිනා මැණික් තමා පුෂ්පරාග(කහ-තැඹිළි පාට), පද්ම රාග(රෝස පාට) වෛරෝඩි -කහ-තැඹිලි පාට කැපුවාම තනි නූලක් හෝ නූල් 6ක් මතුවන- පසිංගල්-මේක ස්වාභාවික ආලෝකේ දී කොළ පාටයි, කෘතිම ආලෝකෙ දී රතු පාටයි- ආදිය.
දුර්ලභ මැණික් පවතිනවා. සිංහලයිට්,අයලයිට්, ඒකනලයිට්, හෙළලයිට් ආදි ලෙස තමා මේවා හැදින්වෙන්නේ.