ගොන්පොර
ගොන්පොර(Bullfighting) කිව්වාම බොහෝදෙනාට මතක් වන්නේ ස්පාඤ්ඤයයි.නමුත් පෘතුගාලය,ප්‍රංශය සහ සමහරක් ලතින් ඇමෙරිකානු රටවලද මෙම කුරිරු ක්‍රීඩාව සිදු කෙරේ.ගවයෙක් කුලප්පු කරවා විශාල සෙනගක් සිටින ක්‍රීඩාංගනයකට ගෙන විත් මරා දැමීම මෙහි දී සිදුකෙරේ.ශිෂ්ඨ සම්පන්න යැයි සමහරුන් මහ ඉහළින් කතා කරන බටහිර රටවල සිදුකෙරෙන මේ මිලේච්ඡ ක්‍රියාව නරඹන්නටද විශාල පිරිසක් සහභාගී වේ.උල් සහිත ලී වලින් ගවයාගේ සිරුර පසාරු කරමින් රුධිරය වෑසෙන්නට දී මොවුන් ලබන සතුට කුමක්ද?
ගවයාගේ බිහිසුණු ස්වභාවය සහ ඌ එහි සිටින මිනිසුන්ට සලකන අයුරු දකින සමහරක් කියන්නේ ඔහු එවැනි ඉරණමකට ගොදුරු වීම සාධාරණ බවයි.නමුත් එම සත්ත්වයා මෙතරම් කෝපයකට පත් කලේ කවුද?මෙම ගවයා ක්‍රීඩාංගනයට මුදා හැරීමට පෙර ඌ දරුණු හිංසනයකට ලක් කරන බව කියවේ.
ගවයා යනු ස්වභාවයෙන් කලහාකාරී සතෙක් නොවේ.නමුත් ගොන්පොරය සඳහා අවශ්‍ය වන්නේ එවැනි අහිංසකයෙක් නොවේ.එසේ නම් ගවයා කලහකාරී,දරුණු සතෙක් බවට පත් කරන්නේ කෙසේද?ගවයාගේ පෙනුම අවම කිරීමට මොවුන් ක්‍රියා කරයි.මානසිකව ඌ බිදුණු තත්ත්වයට පත් කරයි.තෙත් කල පත්තර කෑලි උගේ කණ්වලට පුරවයි.වැස්ලින් ඇස්වල ගල්වා පෙනීම බොඳ කරයි.ඌගේ ආශ්වාස ප්‍රශ්වාසය දුර්වල කිරීමට නාස් පුඩුවලට පුලුන් පුරවයි.ගවයාගේ ලිංගික අවයවල ඉදිකටු ගසයි.කුරවල ලිස්සන සුළු දෑ ආලේප කිරීම ඔස්සේ ඌගේ සමබරතාවය අවම කරයි(වීදි ඔස්සේ දිව එන ගවයන් සමබරතාව ගිලිහී ගොස් ඇද වැටීමට මෙයද එක් හේතුවකි ).ගවයාගේ වේගය සහ ජවය අවම කිරීමට ඖෂධ(මත්ද්‍රව්‍ය) සහ ආහාරවලට විරේක එක් කරන බව කියවේ.එසේම ගවයා අදුරු කුටියක දවස් කිහිපයක් සිර කර තැබේ.මේ සියල්ලේ අභිප්‍රාය සත්වයාව අන්දමන්ද කිරීමයි.නියමිත දිනයේදී කුටියේ දොර හැරිය විට ආලෝකය දෙසට දිවයන්නට ගවයා ක්‍රියා කරයි.තමන් විදවූ කාලය අවසන් බව සිතා ඌ නිදහස පතා එසේ දිව ගියත් අවසානයේදී අත්වන්නේ දරුණු මරණයකි.
කුටියෙන් මුදා හරින ගවයා සමග සටන ඇරඹෙන්නේ හොරනෑවක් පිඹීමෙන් පසුවයි.ඉන්පසු පිටියට පිවිසෙන අශ්වයෙක් මත නැගුණු අයෙක්(Picador) විසින් අඟල් 6-8 පමණ දිග අඟල් 2ක පමණ උලක් සහිත ආයුදයක් යොදාගෙන ගවයාගේ ගෙල සිදුරු කරයි.එම තුවාලයෙන් අධිකව රුධිරය වෑස්සෙයි.
ගවයාගේ ඝාතකයා(Matador) පිටියට පැමිණෙන්නේ ඉන්පසුවයි(ගොන් පොරකරුවා).ඔහු සතුවද තියුණු ඇවුලුම් බිලියක් වැනි ආයුද තිබේ.ඒවා ගවයාගේ සිරුර විනිවිද යවයි.එවැනි ආයුද හයක් පමණ ඔහු භාවිතා කරන බව කියවේ.
යළිත් හොරණෑව පිඹින අතර ඉන් කියවෙන්නේ සටන අවසානය කරා ලගාවන බවයි.එනම් ගවයා මරාදැමීම දැන් කල යුතුය.එය සිදුකිරීම ප්‍රධාන ගොන්පොරකාරයාට පැවරෙන කටයුත්තකි.ඔහුට එය කිරීමට බාධාවක් මතුවේ නම් අනෙක් ගවපොරකරුවන් වහාම මැදිහත්වී ගවයා මරාදමන්නට ඔහුට උදව් වේ.
ගොන්පොරකරුව අවදානය දෙන්නේ ගවයාගේ හදවත දෙසටයි.ගවපොර කාරයා තම කඩුවෙන් කිහිපවරක් ගවයාගේ හදවත ඉලක්ක කරයි.ඌගේ පෙනහළු සහ හදවත තුවාල වීමෙන් අධිකව රුධිරය වහන වන්නට පටන් ගැනේ.ඉන්පසු ගවයා යළි නැගිටගත නොහැකිව පොළොව මත ඇද වැටේ.නමුත් සමහර අවස්ථාවල යළිත් වූ සිට ගැනීමට තැත්කරයි.ගවයාට නිවීසැනහිල්ලේ අවසන් හුස්ම හෙළීමට පවා අවසරයක් නොලැබේ.වධකයා විසින් ඔහුගේ වල්ගය සහ කන් කපා දමයි.රැස්ව සිටින පිරිස ගවයාට හූ කියන්නට සහ සමච්චල් කරන්නට පටන් ගනියි.සමහරුන් තම බියර් කෑන් පවා ගවයාට දමා ගසයි.
මෙම කෲර ක්‍රීඩාවේදී විදවන එක සත්වයා ගවයා පමණක් නොවේ.ගවපොරවලදී අශ්වයන්ද සියගණනක් මිය ගොස් හෝ දරුණු ලෙස තුවාල ලබා හෝ ඇත.කුලප්පු ඌ ගවයාගේ අං පහරින් සමහර අශ්වයන් දරුණු ලෙස තුවාල ලබයි.අශ්වයන්ගේ කණ්වලටද තෙත් කල පත්තර කෑලි ඔබයි.ඔවුන්ගේ පෙනීම නැතිකර තිබෙන්නේ රෙදි කඩකින් ඇස් බැදදැමීමෙනි(අශ්වයන් ,ගවයා දැකීමේන් කුලප්පුවීම වළක්වා ගැනීමට).තම වේදනාව හඬ ගා කීමට නොහැකිවන ලෙස අශ්වයන්ගේ ස්වර රජ්ජුව කපා දමා ඇත.ගවයන්ගේ අං පහරින් තුවාල ලබන අශ්වයන්ගේ බඩවැල්,අතුණුබහන් පිටතට නෙරා ඒම මෙහිදී සුලභ දසුනකි.සටනේ මුලදීම අශ්වයෙක් පිට නැගී ගවයාට තුවාල කරන්නා ගෙන එන අශ්වයා මහළු මෙන්ම සිය ජීවිත කාලයේ අවසන් සමය ගෙවාදමන්නෙකි.ඔහුගේ ජීවිතයද මෙම පිටිය තුලම බොහෝවිට අවසන් වේ.
යුරෝපය තුල වසරකට ආසන්න වශයෙන් ගොන්පොර වෙනුවෙන් ගවයන් 40,000ක් පමණ මරාදමන බව කියවේ.ලොව පුරා සිදුකෙරෙන ගොන්පොරවලදී වසරකට ගවයන් 250,000ක් පමණ මරාදමයි.ස්පාඤ්ඤයේ පමණක් ගොන්පොර සම්බන්ධව උගන්වන පාසල් 42ක් තිබෙන බව සඳහන් වෙ.ඒවාහිදී කුඩා ළමුන්ට ගවපොරවල යෙදෙන අයුරු,ගවයන් තුවාල කරන අයුරු සහ මරාදමන අයුරු උගන්වයි.
ස්පාඤ්ඤයේ රජුගේ අභිෂේකය වෙනුවෙන් ක්‍රි.ව. 1133දී පළමු ගොන්පොරය පැවැත්වූ බව කියවේ.
වීරකමද මෝඩකමද - කලකම් පළදීම
2015 වසරේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි සැන් ඉසිඩෝර් ගොන්පොර උත්සවයේදී ජිමෙනෙස් ෆෝර්ට්ස් නම් ගොන්පොර සටන්කරුවා(ඝාතකයා)ගවයාගේ ප්‍රහාරයට ලක්වූ ආකාරය පහත දක්වා තිබේ.ඔහුගේ බෙල්ලේ දකුණු පස කොටස ඉලක්ක කරගෙන ගවයා සිදුකල පහර දීමෙන් දරුණු ලෙස තුවාල ලැබීය.කෙසේ නමුත් මෙම ගොන්පොර වලදී ඔවුන්ගේ පහරදීම්වලින් ගවයා මියයන අතර එම සත්වයාගේ මරණය ක්ෂණික එකක් නොව දරුණු වද හිංසාවන්ට භාජනය කිරීමෙන් පසුව සිදුවන දෙයකි.ගොන්පොරවලදී ගවයාගේ පහර කෑමෙන් මිනිසුන් මිය අවස්ථාද තිබේ.
ටොන් භාගයක් පමණ බර Opiparo නම් ගවයා සමග ගැටුණු ගොන්පොරකාරයෙක් Julio Aparicio වූ හට නොසිතූ අනතුරකට මුහුණ දෙන්නට සිදුවිය.එහිදී ගවයාගේ අඟක් ඔහුගේ උගුරු දණ්ඩ අසලින් ඇතුළුවී මුඛයෙන් මතුවිය.වහාම රෝහල් ගත කල ඔහුට ශල්‍යකර්මයක් සිදුකරන ලදි.ඔහුගේ යටි හනුව,දිව සහ මුඛයේ පියස්ස නැවත නිර්මාණය කරන්නට පැය 6ක ශල්‍යකර්මයක් සිදුකර තිබේ.(2010)
Julio Aparicio
Source:stopbullfighting.org.uk
-HarshaLulzSec-

සටනට පෙර ගවයාට සලකන අයුරු

ජිමෙනෙස් ෆෝර්ට්ස්

Last edited: