ගවපොර

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගොන්පොර

    8xrYdpa.jpg

    ගොන්පොර(Bullfighting) කිව්වාම බොහෝදෙනාට මතක් වන්නේ ස්පාඤ්ඤයයි.නමුත් පෘතුගාලය,ප්‍රංශය සහ සමහරක් ලතින් ඇමෙරිකානු රටවලද මෙම කුරිරු ක්‍රීඩාව සිදු කෙරේ.ගවයෙක් කුලප්පු කරවා විශාල සෙනගක් සිටින ක්‍රීඩාංගනයකට ගෙන විත් මරා දැමීම මෙහි දී සිදුකෙරේ.ශිෂ්ඨ සම්පන්න යැයි සමහරුන් මහ ඉහළින් කතා කරන බටහිර රටවල සිදුකෙරෙන මේ මිලේච්ඡ ක්‍රියාව නරඹන්නටද විශාල පිරිසක් සහභාගී වේ.උල් සහිත ලී වලින් ගවයාගේ සිරුර පසාරු කරමින් රුධිරය වෑසෙන්නට දී මොවුන් ලබන සතුට කුමක්ද?

    UYdAW5X.jpg

    ගවයාගේ බිහිසුණු ස්වභාවය සහ ඌ එහි සිටින මිනිසුන්ට සලකන අයුරු දකින සමහරක් කියන්නේ ඔහු එවැනි ඉරණමකට ගොදුරු වීම සාධාරණ බවයි.නමුත් එම සත්ත්වයා මෙතරම් කෝපයකට පත් කලේ කවුද?මෙම ගවයා ක්‍රීඩාංගනයට මුදා හැරීමට පෙර ඌ දරුණු හිංසනයකට ලක් කරන බව කියවේ.



    සටනට පෙර ගවයාට සලකන අයුරු

    ගවයා යනු ස්වභාවයෙන් කලහාකාරී සතෙක් නොවේ.නමුත් ගොන්පොරය සඳහා අවශ්‍ය වන්නේ එවැනි අහිංසකයෙක් නොවේ.එසේ නම් ගවයා කලහකාරී,දරුණු සතෙක් බවට පත් කරන්නේ කෙසේද?ගවයාගේ පෙනුම අවම කිරීමට මොවුන් ක්‍රියා කරයි.මානසිකව ඌ බිදුණු තත්ත්වයට පත් කරයි.තෙත් කල පත්තර කෑලි උගේ කණ්වලට පුරවයි.වැස්ලින් ඇස්වල ගල්වා පෙනීම බොඳ කරයි.ඌගේ ආශ්වාස ප්‍රශ්වාසය දුර්වල කිරීමට නාස් පුඩුවලට පුලුන් පුරවයි.ගවයාගේ ලිංගික අවයවල ඉදිකටු ගසයි.කුරවල ලිස්සන සුළු දෑ ආලේප කිරීම ඔස්සේ ඌගේ සමබරතාවය අවම කරයි(වීදි ඔස්සේ දිව එන ගවයන් සමබරතාව ගිලිහී ගොස් ඇද වැටීමට මෙයද එක් හේතුවකි ).ගවයාගේ වේගය සහ ජවය අවම කිරීමට ඖෂධ(මත්ද්‍රව්‍ය) සහ ආහාරවලට විරේක එක් කරන බව කියවේ.එසේම ගවයා අදුරු කුටියක දවස් කිහිපයක් සිර කර තැබේ.මේ සියල්ලේ අභිප්‍රාය සත්වයාව අන්දමන්ද කිරීමයි.නියමිත දිනයේදී කුටියේ දොර හැරිය විට ආලෝකය දෙසට දිවයන්නට ගවයා ක්‍රියා කරයි.තමන් විදවූ කාලය අවසන් බව සිතා ඌ නිදහස පතා එසේ දිව ගියත් අවසානයේදී අත්වන්නේ දරුණු මරණයකි.

    EqqWwOr.jpg

    කුටියෙන් මුදා හරින ගවයා සමග සටන ඇරඹෙන්නේ හොරනෑවක් පිඹීමෙන් පසුවයි.ඉන්පසු පිටියට පිවිසෙන අශ්වයෙක් මත නැගුණු අයෙක්(Picador) විසින් අඟල් 6-8 පමණ දිග අඟල් 2ක පමණ උලක් සහිත ආයුදයක් යොදාගෙන ගවයාගේ ගෙල සිදුරු කරයි.එම තුවාලයෙන් අධිකව රුධිරය වෑස්සෙයි.

    iuRKk0f.jpg

    ගවයාගේ ඝාතකයා(Matador) පිටියට පැමිණෙන්නේ ඉන්පසුවයි(ගොන් පොරකරුවා).ඔහු සතුවද තියුණු ඇවුලුම් බිලියක් වැනි ආයුද තිබේ.ඒවා ගවයාගේ සිරුර විනිවිද යවයි.එවැනි ආයුද හයක් පමණ ඔහු භාවිතා කරන බව කියවේ.

    යළිත් හොරණෑව පිඹින අතර ඉන් කියවෙන්නේ සටන අවසානය කරා ලගාවන බවයි.එනම් ගවයා මරාදැමීම දැන් කල යුතුය.එය සිදුකිරීම ප්‍රධාන ගොන්පොරකාරයාට පැවරෙන කටයුත්තකි.ඔහුට එය කිරීමට බාධාවක් මතුවේ නම් අනෙක් ගවපොරකරුවන් වහාම මැදිහත්වී ගවයා මරාදමන්නට ඔහුට උදව් වේ.

    FI1npHG.jpg

    ගොන්පොරකරුව අවදානය දෙන්නේ ගවයාගේ හදවත දෙසටයි.ගවපොර කාරයා තම කඩුවෙන් කිහිපවරක් ගවයාගේ හදවත ඉලක්ක කරයි.ඌගේ පෙනහළු සහ හදවත තුවාල වීමෙන් අධිකව රුධිරය වහන වන්නට පටන් ගැනේ.ඉන්පසු ගවයා යළි නැගිටගත නොහැකිව පොළොව මත ඇද වැටේ.නමුත් සමහර අවස්ථාවල යළිත් වූ සිට ගැනීමට තැත්කරයි.ගවයාට නිවීසැනහිල්ලේ අවසන් හුස්ම හෙළීමට පවා අවසරයක් නොලැබේ.වධකයා විසින් ඔහුගේ වල්ගය සහ කන් කපා දමයි.රැස්ව සිටින පිරිස ගවයාට හූ කියන්නට සහ සමච්චල් කරන්නට පටන් ගනියි.සමහරුන් තම බියර් කෑන් පවා ගවයාට දමා ගසයි.

    08n5cZ2.jpg

    මෙම කෲර ක්‍රීඩාවේදී විදවන එක සත්වයා ගවයා පමණක් නොවේ.ගවපොරවලදී අශ්වයන්ද සියගණනක් මිය ගොස් හෝ දරුණු ලෙස තුවාල ලබා හෝ ඇත.කුලප්පු ඌ ගවයාගේ අං පහරින් සමහර අශ්වයන් දරුණු ලෙස තුවාල ලබයි.අශ්වයන්ගේ කණ්වලටද තෙත් කල පත්තර කෑලි ඔබයි.ඔවුන්ගේ පෙනීම නැතිකර තිබෙන්නේ රෙදි කඩකින් ඇස් බැදදැමීමෙනි(අශ්වයන් ,ගවයා දැකීමේන් කුලප්පුවීම වළක්වා ගැනීමට).තම වේදනාව හඬ ගා කීමට නොහැකිවන ලෙස අශ්වයන්ගේ ස්වර රජ්ජුව කපා දමා ඇත.ගවයන්ගේ අං පහරින් තුවාල ලබන අශ්වයන්ගේ බඩවැල්,අතුණුබහන් පිටතට නෙරා ඒම මෙහිදී සුලභ දසුනකි.සටනේ මුලදීම අශ්වයෙක් පිට නැගී ගවයාට තුවාල කරන්නා ගෙන එන අශ්වයා මහළු මෙන්ම සිය ජීවිත කාලයේ අවසන් සමය ගෙවාදමන්නෙකි.ඔහුගේ ජීවිතයද මෙම පිටිය තුලම බොහෝවිට අවසන් වේ.

    rq0HxwC.jpg


    HnvwHpw.jpg


    TzJpYNl.jpg


    ZlAIOfi.jpg


    y5a1GP4.jpg


    යුරෝපය තුල වසරකට ආසන්න වශයෙන් ගොන්පොර වෙනුවෙන් ගවයන් 40,000ක් පමණ මරාදමන බව කියවේ.ලොව පුරා සිදුකෙරෙන ගොන්පොරවලදී වසරකට ගවයන් 250,000ක් පමණ මරාදමයි.ස්පාඤ්ඤයේ පමණක් ගොන්පොර සම්බන්ධව උගන්වන පාසල් 42ක් තිබෙන බව සඳහන් වෙ.ඒවාහිදී කුඩා ළමුන්ට ගවපොරවල යෙදෙන අයුරු,ගවයන් තුවාල කරන අයුරු සහ මරාදමන අයුරු උගන්වයි.

    77LdDLh.jpg





    ස්පාඤ්ඤයේ රජුගේ අභිෂේකය වෙනුවෙන් ක්‍රි.ව. 1133දී පළමු ගොන්පොරය පැවැත්වූ බව කියවේ.

    uZwX9be.jpg


    UlprY2I.jpg


    KSPPMBU.jpg





    වීරකමද මෝඩකමද - කලකම් පළදීම

    srQszaP.jpg


    FkVZbqD.jpg


    vDHMhYx.jpg


    N3CUC7r.jpg


    c6Akgvz.jpg


    eIWu5eZ.jpg


    8iHcWzJ.jpg


    BdOpmYQ.jpg


    pE7vON2.jpg


    DyuQBEG.jpg


    lgfGjUk.jpg


    WLEqAHq.jpg


    8X5L4OL.jpg


    JoT3fN0.jpg


    v1hHSUG.jpg


    RyHrZQJ.jpg


    IRwWb6u.jpg


    RoJShy4.jpg


    wy5Ed1t.jpg


    lxEXVDa.jpg


    zTWDhTq.jpg


    JDlWvwG.jpg


    KJViSUI.jpg


    wbr2tZL.jpg


    HGP484K.jpg


    TeARg3u.jpg


    SrStCc1.jpg


    8DhEGnG.jpg


    jyJwHUl.jpg


    Vfxnrkg.jpg


    jd3fOoP.jpg


    1s0rN6W.jpg


    1ecjsKF.jpg


    vlngAyA.jpg


    CKD66Zr.png


    qaKHIPA.jpg


    3CFyn6L.jpg


    d7ftRuY.jpg


    19rprmq.jpg


    1wwdnCN.jpg


    3LBk733.jpg


    wzBihYn.png



    2015 වසරේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි සැන් ඉසිඩෝර් ගොන්පොර උත්සවයේදී ජිමෙනෙස් ෆෝර්ට්ස් නම් ගොන්පොර සටන්කරුවා(ඝාතකයා)ගවයාගේ ප්‍රහාරයට ලක්වූ ආකාරය පහත දක්වා තිබේ.ඔහුගේ බෙල්ලේ දකුණු පස කොටස ඉලක්ක කරගෙන ගවයා සිදුකල පහර දීමෙන් දරුණු ලෙස තුවාල ලැබීය.කෙසේ නමුත් මෙම ගොන්පොර වලදී ඔවුන්ගේ පහරදීම්වලින් ගවයා මියයන අතර එම සත්වයාගේ මරණය ක්ෂණික එකක් නොව දරුණු වද හිංසාවන්ට භාජනය කිරීමෙන් පසුව සිදුවන දෙයකි.ගොන්පොරවලදී ගවයාගේ පහර කෑමෙන් මිනිසුන් මිය අවස්ථාද තිබේ.

    36LGuxT.jpg
    ජිමෙනෙස් ෆෝර්ට්ස්​


    QxLmSqs.jpg


    JtVp0BW.jpg


    FEYZYlP.jpg


    DkmLksM.jpg


    fJuRWne.jpg


    pVUkVsC.jpg


    AdGCYkb.jpg


    SmaYmEP.jpg




    ටොන් භාගයක් පමණ බර Opiparo නම් ගවයා සමග ගැටුණු ගොන්පොරකාරයෙක් Julio Aparicio වූ හට නොසිතූ අනතුරකට මුහුණ දෙන්නට සිදුවිය.එහිදී ගවයාගේ අඟක් ඔහුගේ උගුරු දණ්ඩ අසලින් ඇතුළුවී මුඛයෙන් මතුවිය.වහාම රෝහල් ගත කල ඔහුට ශල්‍යකර්මයක් සිදුකරන ලදි.ඔහුගේ යටි හනුව,දිව සහ මුඛයේ පියස්ස නැවත නිර්මාණය කරන්නට පැය 6ක ශල්‍යකර්මයක් සිදුකර තිබේ.(2010)

    k3bKXGr.jpg

    Julio Aparicio


    OzWuUVu.jpg


    OzWuUVu.jpg


    iy9Et4z.jpg




    Source:stopbullfighting.org.uk

    -HarshaLulzSec-
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන්... මිනිස්සු මහ කාලකන්නි ෆන් ගන්නෙ බන්...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    පව් බන්... මිනිස්සු මහ කාලකන්නි ෆන් ගන්නෙ බන්... :(:(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,406
    113
    රූකඩ රාජ්ජේ
    අල්ලා අදහන උන් වගේම ගෝත්‍රික මිනිස්සු. වල්ලවල් හිල් කරන්නම තමා ඕනේ සත්තුන්ට දෙන වද වලට.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වීරකමක් කියලා හිතාන කරන මෝඩකමක්..
    ත්‍රෙඩ් එක නියමයි මචෝ. රෙප් දෙන්න බෑලු..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොච්චර දුක හිතුනත් අන්තිම පොටෝ ටික දැකල සතුටු හිතුන මෝඩ මූසල අමන හුකන්නලාට කලකම් පලදෙන එකට
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    මේවට දුක්වෙලා මුන්ට පලු යන්න බැනල වැඩක් නෑ බන්.. :no::no: මොකද ඔය මැරෙන හරකා ගියා ආත්මේ matador එකෙක් වෙන්න ඇති.. :confused::confused: කරපු පවු ගෙවන්න ආත්ම ගණනාවක් ඔය වගේ හරකෙක් වෙලා ඉපදෙනවා ඇති.. :yes::yes:

    rep ++
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හෙනයා;19657592 said:
    මේවට දුක්වෙලා මුන්ට පලු යන්න බැනල වැඩක් නෑ බන්.. :no::no: මොකද ඔය මැරෙන හරකා ගියා ආත්මේ matador එකෙක් වෙන්න ඇති.. :confused::confused: කරපු පවු ගෙවන්න ආත්ම ගණනාවක් ඔය වගේ හරකෙක් වෙලා ඉපදෙනවා ඇති.. :yes::yes:

    rep ++

    එහෙම කියන්නත් බෑ.හැමදේම කර්මයට භාරදෙන්න බෑනේ.අලුතින් අකුසල කර්ම රැස් කරගන්න උනුත් මෙතන ඇති.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕව කරන්න ඉදිරිපත් වෙන මිනිස්සුන්ගේ අවසාන කාලෙ ගෙවෙන හැටි පොඩ්ඩක් හොයල බලන්න ඕන.....

    දහ දුක් විඳල මැරෙනව ඇත්තේ:yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    එහෙම කියන්නත් බෑ.හැමදේම කර්මයට භාරදෙන්න බෑනේ.අලුතින් අකුසල කර්ම රැස් කරගන්න උනුත් මෙතන ඇති.

    ඔව් ඉතින්.. උනුත් ඊලග ආත්මේ ඔය විදිහට හරකෙක් වෙලා ඉපදෙනවා ඇති.. :confused::confused: