Stealth Bomber - B-2 Spirit

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    piE0IaJ.jpg


    Northrop Grumman’s B-2 Spirit යනු ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානයකි.නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මෙම යානය හා සමකල හැකි වෙනත් ගුවන් යානයක් ලොව කිසිදු රටක් සතුව නොමැතිබව කියවේ.


    B-2 Spirit හෙවත් Stealth Bomber යානය නිපදවන්නේ Northrop Grumman නම් සමාගම විසිනි.1997 වසරේදි එම වර්ගයේ එක් ගුවන් යානයක වටිනාකම ඇ.ඩො. මිලියන 737ක් හෙවත් වර්තමානයේදී ඇ.ඩො. බිලියන 1.01 පමණ වන බව සඳහන්ය.එක් ගුවන් යානයක් නිර්මාණය කිරීමට වැය වී තිබෙන මුදල ඇ.ඩො. මිලියන 929ක් හෙවත් වර්තමානයේදී ඇ.ඩො. බිලියන 1.27 පමණ වේ.අමතර කොටස් ,උපකරණ,සවි කිරීම් සහ මෘදුකාංග සහාය වෙනුවෙන් ඒ මුදල වැය වේ.සම්පුර්ණ මෙහෙයුම් වියදම හෙවත් සංවර්ධනය,ඉංජිනේරු සහාය සහ අත්හදා බැලීම් සඳහා වැය වූ මුදල 1997දී සාමාන්‍යයෙන් ඇ.ඩො.මි. 2.1කි(එක් ගුවන් යානයක් උදෙසා).මෙම මුදල අද වටිනාකමින් ඇ.ඩො.බිලියන 2.87 වෙතැයි ගණන් බලා තිබේ.

    NQhf10o.jpg


    4t2lgpj.jpg




    කිසිම ගුවන් යානයක සර්ව සම්පුර්ණව රේඩාර් වලට හසුනොවී සිටිය නොහැකි වුවද B-2s යානය විසින් එහි හැඩය සහ අනෙකුත් රහස්‍ය තාක්ෂණයන්ගේ සහායෙන් සතුරු රේඩාර් පද්ධතිවලට හසුනොවී ,ඵලදායි අයුරින් එහි ගමන් මග සොයා ගත නොහැකි ලෙස සතුරු භූමියට ඉහළින් පියාසර කරයි.

    i2b5wxw.jpg




    මේවන විට එක්සත් ජනපදය සතුව මෙහෙයුම්වල යෙදවිය හැකි B-2s යානා 20ක් තිබේ.මේවා නිර්මාණය කරන්නේ 1980 දශකයේය.B-2s යානා පළමුවරට යොදාගන්නේ කොසෝවෝ යුද්ධයේදීය.ඒ 1999 වසරේදී සර්බියාවට බෝම්බ හෙළීමටය.ඉන්පසු ඉරාක සහ ඇෆ්ගන් යුද්ධ සඳහාද එම යානා පාවිච්චි කරයි.එක් B-2s යානයක් 2008 වසරේ ගුවන්ගත කිරීමේදී කඩා වැටිණි.එහි කාර්ය මණ්ඩලය දිවිගලවා ගැනීමට සමත්විය.B-2s යානා 2011 වසරේ ලිබියානු කැරැල්ල සඳහාද යොදාගෙන තිබේ.

    t5mUvbG.jpg




    මෙම යානයක නියමුවන් දෙදෙනෙක් ගමන් කරන අතර ඊට කිලෝ ග්‍රෑම් 230 JDAM GPS-guided වර්ගයේ බෝම්බ 80ක් හෝ කි.ග්‍රෑ. 1100 B83 න්‍යෂ්ඨික බෝම්බ 16ක් ගෙන යා හැකිය.ගුවනේ සිට පොළොවට හෙළන බෝම්බ ස්ටෙල්ත් තත්ත්වයක් යටතේ රැගෙන යා හැකි එකම ගුවන් යානයද B-2 ය.

    jA8QyA3.jpg




    B-2 යානයක් පළමුවරට ප්‍රදර්ශනය කරන්නේ 1988 වසරේ නොවැම්බර් මස 22දා කැලිෆෝනියාහි Palmdale ගුවන් හමුදා කඳවුරකය.එහි පළමු ගුවන් ගමන සිදුවන්නේ 1989 ජූලි 17 දාය.​

    Q1HHsF7.jpg




    Northrop සමාගමේ සේවකයෙක් වූ Thomas Cavanaugh නැමැත්තා 1984 වසරේදී අත් අඩංගුවට ගැනුනේ රහසිගත තොරතුරු සෝවියට් දේශයට විකිණීමට තැත්කිරීම නිසාය.ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වුවද 2001 වසරේදී නිදහස් කරන ලදි.B-2s යානයේ ප්‍රචාලන පද්ධතිය සම්බන්ධව වැඩකල සැලසුම් නිර්මාණ ඉංජිනේරුවෙක් වූ Noshir Gowadia නැමැත්තා 2005 ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණේ B-2s යානය සම්බන්ධ රහස් තොරතුරු විදේශයන් කිහිපයකට අලෙවි කිරීම නිසාය .ඔහුට 2011 වසරේදී වසර 32 දක්වා සිරදඬුවම් නියම විය.

    o0YshWV.jpg




    2008 පෙබරවාරි මස 23 දා B-2s යානයක් කැන්සාස් හිදී අනතුරට ලක්විය. ඒ ගුවාම් හි ඇන්ඩර්සන් ගුවන් කඳවුරෙන් පිටත්වී සුළුවේලාවකට පසුව කඩාවැටීමෙන්ය.ගුවන් පැය 176ක් ගෙවා දමා තිබූ මෙම යානය අනතුරට ලක්වන විට නියමුවන් දෙදෙනා ඉන් ඉවත්වීමට සමත්ව තිබිණි.B-2s යානය සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර සිදුවූ පාඩුව ඇ.ඩො.මිලියන 1.4කි.අනතුරට හේතුව ලෙස සොයාගෙන තිබුණේ යානයේ Port Transducer Units හි තිබූ තෙතමනය නිසා සංවේදක මගින් ගුවන් දත්ත පද්ධතියට සැපයූ තොරතුරු සාවද්‍ය වීමත්,ඒ ඔස්සේ ගුවන් පාලන පරිගණක සිදුකල ගණනය කිරීම් නිරවද්‍ය නොවීමත් යන කාරණාය.වැරදි දත්ත ඔස්සේ ලබා දුන් ගණනය කිරීම් අනුව යානය ගුවන් ගත කිරීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    VxF9A51.jpg





    මෙම B-2s යානා සඳහා සම්පුර්ණයෙන්ම ආවරණය විය හැකි අහස්යාත්‍රාංගනයන් අවශ්‍ය වේ.ඒ යානාවල තිබෙන රේඩාර්වලට හසුනොවන ලෙස නිර්මාණය කල ආවරණය සහ අනෙකුත් කොටස්වල ආරක්ෂාව වෙනුවෙන්ය.

    JhxMZIK.jpg


    7onJA4Z.jpg




    B-2s යානයක පරාසය කි.මී. 11,000කි.උපරිම වේගය පැ.කි.මී.1010 වාර්තා වී තිබේ.ඊට අඩි 40,000ක් පමණ ඉහළින් ගමන් කල හැකිය.එම උසේදී යානයක වේගය පැ.කි.900ක් පමණ වේ.

    DmiBH9m.jpg


    S1w5ivJ.jpg


    GQnDwhO.jpg
    B-2s යානයක් ගුවනේදී ඉන්ධන ලබාගන්නා අයුරු​





    Source:Twistedsifter.com

    -HarshaLulzSec-
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    AS ALWAYS BEST VALUABLE THREADS. NO TOO MUCH REP POWER
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:baffled:


    TFS BRO
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,778
    11,413
    113
    samanyen stealth a/c ekak radar ekata ahuvenne weapon open karana velavedi.
    e mokada kivvoth e velavedi a/c eke hadaya venas venava. ethakota radar ekata ahuvenava.
    eth e venakota parakku vadi. karanna apu vade karala ivarai.
    okata thama russa Mig-25/Mig-31 interceptor a/c haduve.
    pilot ta plain tea ekak ehema beela vadi kalabalayak natuva gihin border ekek panninna kalin denna puluvan crash vennama
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Bomba dadin radar walata ahu wenawalu neda ban?
    SHEHAN GIWANTHA උත්තරේ දීලා තියෙනවා මචන් >> page 2

    Thanks :)

    superb machan..!
    Thanks :)

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again
    Thanks :)

    Thanks :)

    AS ALWAYS BEST VALUABLE THREADS. NO TOO MUCH REP POWER
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:baffled:


    TFS BRO
    Thanks :)


    Ela machan..
    Rep added
    Thanks :)

    Thanks :)

    ela ban patta
    Thanks :)

    Thanks :)

    samanyen stealth a/c ekak radar ekata ahuvenne weapon open karana velavedi.
    e mokada kivvoth e velavedi a/c eke hadaya venas venava. ethakota radar ekata ahuvenava.
    eth e venakota parakku vadi. karanna apu vade karala ivarai.
    okata thama russa Mig-25/Mig-31 interceptor a/c haduve.
    pilot ta plain tea ekak ehema beela vadi kalabalayak natuva gihin border ekek panninna kalin denna puluvan crash vennama
    බෙදාගත්තට බොහොම ස්තුතියි මචන් :)