ආනපාන සති භාවනාව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආනපාන සති භාවනාව

    ආනපාන සති භාවනාව යනු





    වර්තමාන මොහොතේ තමන්ගේ සිතට එන අරමුණු හේතුථල ධර්මයට අනුව බහා ගලපා බලා එය ඇසුරු කල යුතු දෙයක්නම් (ඉන් අලෝභ අද්වේශ අමෝහ සිතක් ඇතිවේනම් ) ඇසුරු කිරීමත්, බැහැර කළ යුතු දෙයක්නම් ( රාග දේශ මෝහ වර්ධනය වන ආකාරයේ අරමුණක්නම් )එය බැහැර කිරීමත් ආනපානසතියයි.මෙය බුදුන් වදාල සැබෑ ආනපාන සති භාවනාවයි. ( අපි අද සම්මතයෙන් සිදුකරනු ලබන හුලන් පිම්බීම පිටකිරීම බඩ පිම්බීම හැකිලීම පසුකලෙක බුද්ධාගමට එකතුවූ අනාර්ය්‍ය ප්‍රාණයාම භාවනාවකි. එමගින් ද්‍යාන ලබා අසඥ්ඥ බ්‍රහ්ම තල වලට යා හැකි උවත් මග ථල ලැබිය නොහැකිය. ) ආනාපාන සතිය වඩන විට සතර සතිථට්ටානය ඉබේම වැඩෙන්න පටන්ගනියි. සතර සතිථට්ටානය වැඩෙන විට සත් තිස් බෝධි පාක්ශික ධර්ම වර්ධනය වී නිවන් මග විවෘත වේ.


     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගොඩක් ස්තුතියි සහෝදරයා

    තවත් නිවැරදි කරගත යුතු දේවල් බොහෝමයක් තියෙනව. ඉදිරියේදි ඒ දේව්ල් ගැනත් කියන්න බලාපොරිත්තුවෙනව.
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මට පෙන්නේ වැරැදිලා තියෙන්නේ ඔබටයි
    ඔය දේශනා කරන්නේ සම්මා සතිය මිසක් අනාපාන සතිය නෙවෙයි
    ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතියට අදාලව ඔය කියන දේ හරි
    නමුත්
    අනාපාන සතිය සහ අනාපාන සති භාවනාව කියන්නේ ඕක නෙවෙයි

     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ආනපාන සති භාවනාව යනු





    ආනාපාන සතිය වඩන විට සතර සතිථට්ටානය ඉබේම වැඩෙන්න පටන්ගනියි. සතර සතිථට්ටානය වැඩෙන විට සත් තිස් බෝධි පාක්ශික ධර්ම වර්ධනය වී නිවන් මග විවෘත වේ.


    මෙය තවදුරටත් පහදා දෙන්න
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙය තවදුරටත් පහදා දෙන්න

    ආන කියන්නෙ ගැනීම. පාන කියන්නෙ පිටකිරීම. අපි ඇතුලට ගත් යුත්තේ ආශ්‍රය කල යුත්තේ කෙලෙස් රහිත දේ. මේ කෙලෙස් රහිත දේ අලොභ අද්වේශ අමෝහ කියන ගොඩට ඇතුලත් දේවල්. පිට කල යුත්තේ කෙලෙස් සහිත දේ.ඒ කියන්නෙ රාග ද්වේශ මෝහ කියන දේ.වර්තමාන මොහොතේ තමන්ගේ සිතට එන අරමුනු දෙස යෝනිසෝ මනසිකාරයෙන් බලා එය ආශ්‍රය කල යුතු දෙයක්නම් ආශ්‍රය කරන්න. ප්‍රහාණ කල යුතු දෙයක්නම් ප්‍රහානය කරන්න.ලෝභ ද්වේශ මෝහ වලට අයත් දේවල් සිතින් අයින් කර ඒ වෙනුවට අලෝභ අද්වේශ අමෝහ වලට අයත් දේවල් වලින් සිත පුරවන්න.

    මේ ක්‍රියාව පුරුදු කරගෙන යන විට පසුව කී දේවලුත් නිතැතින්ම වැඩෙනව.
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ආන කියන්නෙ ගැනීම. පාන කියන්නෙ පිටකිරීම. අපි ඇතුලට ගත් යුත්තේ ආශ්‍රය කල යුත්තේ කෙලෙස් රහිත දේ. මේ කෙලෙස් රහිත දේ අලොභ අද්වේශ අමෝහ කියන ගොඩට ඇතුලත් දේවල්. පිට කල යුත්තේ කෙලෙස් සහිත දේ.ඒ කියන්නෙ රාග ද්වේශ මෝහ කියන දේ.වර්තමාන මොහොතේ තමන්ගේ සිතට එන අරමුනු දෙස යෝනිසෝ මනසිකාරයෙන් බලා එය ආශ්‍රය කල යුතු දෙයක්නම් ආශ්‍රය කරන්න. ප්‍රහාණ කල යුතු දෙයක්නම් ප්‍රහානය කරන්න.ලෝභ ද්වේශ මෝහ වලට අයත් දේවල් සිතින් අයින් කර ඒ වෙනුවට අලෝභ අද්වේශ අමෝහ වලට අයත් දේවල් වලින් සිත පුරවන්න.

    මේ ක්‍රියාව පුරුදු කරගෙන යන විට පසුව කී දේවලුත් නිතැතින්ම වැඩෙනව.

    පිළිතුර ප්‍රමාණවත් නොවේ ඔබ කියන්නේ සම්මා සතිය ගැන ඒ පිලිබදව ගැටලුවක් නොමැත

    ආනාපාන සතිය වඩන විට සතර සතිථට්ටානය ඉබේම වැඩෙන්න පටන්ගනියි-
    සතර සතිථට්ටානය වැඩෙන විට සත් තිස් බෝධි පාක්ශික ධර්ම වර්ධනය වී නිවන් මග විවෘත වේ.

    මෙය සම්පුරණයෙන් පහදා දෙන්න
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආනපාන සතිය යනු බුද්ධ දේශනාවේ මූලිකම අංගයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කල සියලුම දේශනා වලම පාහේ අන්තර්ගත වන හරය වන්නේ ආනපානසතියයි.

    අද වන විට බුදුදහමේ පදනම වන ආනපානසතිය අර්ත දක්වා ඇත්තේ හුස්ම ගැනීම පිටකිරීම පිලිබඳව සිහිය පවත්වාගැනීමක් වශයෙනි.මෙලෙස අර්තකතන දුන් අය විසින් අද බෞද්ධයාව සහමුලින්ම මුලාවට පත්කර අතරමං කර දමා තිබේ.


    (මේ පිලිබඳව තවදුරටත් විස්තර වශයෙන් දැනගැනීමට අවශ්‍යනම් පහත සඳහන් වන දින හතේ බුද්ධ භාවනා වැඩසටහන බලන්න.)
    https://www.youtube.com/playlist?list=PLG8im_ORzkEHWCye_7h6uUAQ3AvV_Q0r9
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කරුනාකරල බෞද්ධයො සිතට ගන්න මෙහෙම භාවනාවක් ත්‍රිපිටක්යේත් නැහැ. බුදු බණේත් ණැහැ. මේව ප්‍රචාරය කරන්නේ තමන් "අරිහත්" තත්වයට පත් වුනා යැයි පවසන (අඟවන ), බුදුන් උපන්නේ ලංකාවේ වගේ විහිලු කතා කියන චීවරදාරියෙක් බව.