එළකිරිය නම් සිරි දේශය මනරංඥ්ඥනය කෙරෙන සයිබර අවකාශගතෝපද්‍ර අදිසි පුරප්‍රවරයෙහි බොහෝ මානව-මානවිකාවෝදැ, බුහුටි කොලු-කෙලිත්තො ද, වඩා වැඩිමහල් ඥාණවෘධ,ගුණවෘධ සේමැ වයෝවෘධ වන නමුත් සිතින් යෞවන මදය ද,රතිය ද ඉක්ම නොගිය පුගුලෝද චිත්තප්‍රීතියෙන් යුක්තවැ සැරිසරම්හ. එසේ සැරසරණ අවකාශගත සල්ලාපයකට එක් වන්නේ එය “අක්ඛාසයෙන් නිපන් මහා ප්‍රීති සමුජ්ජිත සිද්ධි සමුදාය“ නම් අසූනම වන මාතලියා විසින් සංගෘහිත හුයකට එළඹ සිටිත්. හුය අක්ඛාසය පිළිබදව ම රඞජනය කෙරෙන්නක් වන නිසාමැ, එහි සල්ලාපයෙහි යෙදෙන පුගුලොදැ අක්ඛාසයෙහි කෙළ පැමිණියෝ මැ වන නිසා දැ, උහු විදින් විද එක් වී අක්ඛාසයෙහි දැ යෙදෙන්නාහුයැ.
මේ හුයෙහි කල්පයක් තරම් කල් විදෙස් ගතව සිටි දුහුනෙකු සිය රට පැමිනි චිත්තප්‍රීතිය සමරනු වස් අක්ඛාසයෙක් හි එක් වනු පිණිස යෝජනා පැමිණි කල්හි, මම පැමිණෙමි, මම පැමිණෙමි අාදී වශයෙන් සියල්ලෝ මැ පිළිණ දුන්හ.
මෙම හුයට පැමිණ අල්ලාපයෙහි යෙදෙන දුහුනන් අතර යුව-රාජ නම් මානවයෙක් සිටීයැ. උහු රථාචාර්යයහුයැ, පරිගකාචාරිහුයැ, එමතු ද නොව අක්ඛාසයෙහි දැ කෙළ පැමිනි නියාව පෙන්වන්නහුයැ. එනමුදු මේ යුව-රාජ මානවක තෙමේ ළග එක් මධු විතකින් සිබිත්තෙක් තරම් බී ගත කල්හි දුහුනන් විසින් කට් නම් තත්ත්වයෙට පත් වන තරමේ අක්ඛාසයෙහි බාලයෙක් බව උන් ගේ සන් මිතුරෝ දනිත්.
උක්ත අක්ඛාසය පැමිණි කල්හි එමැ අක්ඛාසය පිළිබදව යුව-රාජයෝ මෙසේ සිතම්හ.
“වන්නාව, මා ළග නමා සුරාවෙන් සිහි එළවා ගත නොහෙන තරමට පත් වූ කල්හි, මා අඹුව මුන් විමසා මාගේ වක්තෘය බරු ගසනු ඇතැ. එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ. එක් සුරා විතකට මාගේ රති කෙලිය පාවා දිය නොහැක. එනයින් මා මේ අක්ඛාසය මග හරිම්මහ“ යයි සිතා එමියි පිළින දුන් පසුව ද අක්ඛාසය මග හැර වැද හෝනේයැ.
එකල්හි උහු ගේ මිත්‍ර දානවයෝ අක්ඛාසය අතරතුර යුව-රාජයා ගේ දුක්ඛිත තත්ත්වය ගැන කම්පා වන්නාහු, උහු සිය බිරිදට ඉදිරියේ වාලාධිය දෙපරැන්ද අස්සෙ ගසා ගත් සුනක පෝතකයෙක් බදු යයි පරවම්භයෙන් යුතුව බෙණෙමින්, උහු පියඹට ශඍිරකෘත්්‍යක බියක් ඇතැ යන අදහස ඇති “ජීජීබී“ නම් අභිදානය උහු හට වර දුන්නෝයැ.
එතැන් පටන් යුව-රජ දානව තෙම එළකිරිය ඈ සයිබර අවකාශ ගතව ජීජීබී යුවරාජ නැතැහොත් කුඩා වූ උදරය නිසා මැ ජීජීබී චූලෝදර නමින් පුවතරැව ගියාහුයැ.