UHF හා VHF ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද. පුලුවන් නම් ලොකු උදව්වක්. සංඛ්‍යාත අඩු බව හා වැඩි බව ගැන දන්නවා. කෙටි තරංග හා, ම්ධ්ය තරංග වලදි වගේ UHF හා VHF අයන ගෝලයත් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් තියනවද?
ne ionospher ekk sambanda wenne HF pamanai

UHF හා VHF ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද. පුලුවන් නම් ලොකු උදව්වක්. සංඛ්‍යාත අඩු බව හා වැඩි බව ගැන දන්නවා. කෙටි තරංග හා, ම්ධ්ය තරංග වලදි වගේ UHF හා VHF අයන ගෝලයත් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් තියනවද?

උඹ දන්නවානේ ස්පෙක්ටෘම් එක. ඒ කියන්නේ 1hz වල ඉදන් Ghz දක්වා.
ඒකේ 1hz වල ඉදලා 30Mhz වලට යනකම් කියන්නේ HF කියලා.
30MHz - 3Ghz VHF කියලා
3GHz - 30Ghz වලට යනකම් UHF කියලා.
මම දන්න තරම තමයි ඔය.
මචං VHF / UHF ඇවිල්ල පිළිවෙලින් ITU band 8,9 වල category කරලා තියන frequency bands දෙකක්.
![]()
මෙතැනදී අර කලින් කියල තියනවා වගේ VHF පරාසය විහිදෙන්නේ 30 to 300 MHz අතර, UHF එක 300 to 3000 MHz අතර. spectrem එකේ ඉස්සරට යන්න යන්න මේ තරංග වල wavelength එක,නැත්තන් තරංග ආයාමය අඩු වෙන්න ගන්නව. ඒ කියන්නේ වැඩි දුරකට විහිදෙන්න තියන ඉඩකඩ අඩු වෙන්වා.
![]()
දැන් යමන් VHF වලට. ලංකාව උදහරෙනෙකට ගත්තොත් මේක කලි කඩන්න ඇහැකි මේ විදිහට. Band I & III TV චැනල් වලට තමයි මුලිකව වෙන් වෙලා තියෙන්නේ. Band II ඇවිල්ල FM Radio වලට.
- Band I TV (චැනල් 1–3): 44–51, 54–68 MHz
- Band II FM Radio: 87.5–108 MHz
- Band III TV (චැනල් 4–11) :174–230 MHz
මේකේ Band III කියන්නේ high band පරාසය. ඒ කියන්නේ මේක හරහා broadcast කරන චැනල් වල video/audio quality එක වැඩි. distractions අඩුයි, එත් සාපේක්ෂව වියදම වැඩියි.
හරි, දැන් බලමු UHF ගැන. මේ තරංග ගත්තම මේවගේ පවර් එක වැඩියි, එත් දුර වදින්නේ නැ. ඒ වගේම ලේසියෙන් අනිත් තරංග එක්ක interference වෙන්න පුළුවන්. මේකේ තියන ලොකුම වාසිය තමයි VHF එක්ක බලද්දී transmit/receive කරන්න ඕන කරන උපකරණ, මුලිකවම antenna ගත්තොත් ඒවා සැහෙන්න ප්‍රමනෙන් කුඩයි. ලොකු space එකක් ගන්නේ නැ. මේකේ මුලිකව low/high කියල bands දෙකක් have. Low band එක තමයි TV චැනල් වලට පාවිච්චි කරන්නේ. High band එක ඇවිල්ල මුලිකව Mobile GSM, GPS, WCDMA වගේ දේවලට භාවිතා වෙනවා.
අයනගොලෙත් එක්ක තියන සම්බන්දෙ ගත්තොත් ඔය තරංග වර්ග දෙකම අපේ වයුගොලේ තියන අයන ස්තරයත් එක්ක interfere වෙනවා. තරංග වල power එක අඩු වැඩි කරන්න, දුර අඩු වැඩි කරන්න මේක හේතු වෙනවා. එක්කෝ දුර අඩු කරනවා, නැත්තන් වැඩි කරනවා. ඒ වගේම තමයි power එකත්. ඒ කියන්නේ මචං ඇත්තටම මේක හොද පැත්තට හරවාගෙන තරංගයක් අපිට ඕන කරන දුරකට transmit කරන්න මේ අයනගොලේ අපිට යොදා ගන්න පුළුවන්. skywave transmission කියන්නේ ඕකට.
![]()
මේවා study කරලා ගොඩක් කල් බං. දැන් නං touch වෙන්නෙම නැ. හැමෝටම තේරෙන විදිහට කොටලා දැම්ම. හිතනවා help එකක් වෙන්නැති කියල.![]()

![]()
අයන පරාවර්තනය වෙන සින් එකක් තියෙනවා.
මතකෙට පොඩ්ඩක් google කළා
මේ තියෙන්නෙ
ඒ කියන්නෙ පොළොවේ ඉදල විකාශනය කරන තරංග
අයන ගෝලය විසින් පරාවර්තනය කරලා ආයෙ පොළොවට එවනවා
http://www.geocities.ws/lenildo.geo/propagationEE.htm
https://en.wikipedia.org/wiki/Skywave
http://radiojove.gsfc.nasa.gov/education/educ/radio/tran-rec/exerc/iono.htm
Thanks Machanමචං VHF / UHF ඇවිල්ල පිළිවෙලින් ITU band 8,9 වල category කරලා තියන frequency bands දෙකක්.
![]()
මෙතැනදී අර කලින් කියල තියනවා වගේ VHF පරාසය විහිදෙන්නේ 30 to 300 MHz අතර, UHF එක 300 to 3000 MHz අතර. spectrem එකේ ඉස්සරට යන්න යන්න මේ තරංග වල wavelength එක,නැත්තන් තරංග ආයාමය අඩු වෙන්න ගන්නව. ඒ කියන්නේ වැඩි දුරකට විහිදෙන්න තියන ඉඩකඩ අඩු වෙන්වා.
![]()
දැන් යමන් VHF වලට. ලංකාව උදහරෙනෙකට ගත්තොත් මේක කලි කඩන්න ඇහැකි මේ විදිහට. Band I & III TV චැනල් වලට තමයි මුලිකව වෙන් වෙලා තියෙන්නේ. Band II ඇවිල්ල FM Radio වලට.
- Band I TV (චැනල් 1–3): 44–51, 54–68 MHz
- Band II FM Radio: 87.5–108 MHz
- Band III TV (චැනල් 4–11) :174–230 MHz
මේකේ Band III කියන්නේ high band පරාසය. ඒ කියන්නේ මේක හරහා broadcast කරන චැනල් වල video/audio quality එක වැඩි. distractions අඩුයි, එත් සාපේක්ෂව වියදම වැඩියි.
හරි, දැන් බලමු UHF ගැන. මේ තරංග ගත්තම මේවගේ පවර් එක වැඩියි, එත් දුර වදින්නේ නැ. ඒ වගේම ලේසියෙන් අනිත් තරංග එක්ක interference වෙන්න පුළුවන්. මේකේ තියන ලොකුම වාසිය තමයි VHF එක්ක බලද්දී transmit/receive කරන්න ඕන කරන උපකරණ, මුලිකවම antenna ගත්තොත් ඒවා සැහෙන්න ප්‍රමනෙන් කුඩයි. ලොකු space එකක් ගන්නේ නැ. මේකේ මුලිකව low/high කියල bands දෙකක් have. Low band එක තමයි TV චැනල් වලට පාවිච්චි කරන්නේ. High band එක ඇවිල්ල මුලිකව Mobile GSM, GPS, WCDMA වගේ දේවලට භාවිතා වෙනවා.
අයනගොලෙත් එක්ක තියන සම්බන්දෙ ගත්තොත් ඔය තරංග වර්ග දෙකම අපේ වයුගොලේ තියන අයන ස්තරයත් එක්ක interfere වෙනවා. තරංග වල power එක අඩු වැඩි කරන්න, දුර අඩු වැඩි කරන්න මේක හේතු වෙනවා. එක්කෝ දුර අඩු කරනවා, නැත්තන් වැඩි කරනවා. ඒ වගේම තමයි power එකත්. ඒ කියන්නේ මචං ඇත්තටම මේක හොද පැත්තට හරවාගෙන තරංගයක් අපිට ඕන කරන දුරකට transmit කරන්න මේ අයනගොලේ අපිට යොදා ගන්න පුළුවන්. skywave transmission කියන්නේ ඕකට.
![]()
මේවා study කරලා ගොඩක් කල් බං. දැන් නං touch වෙන්නෙම නැ. හැමෝටම තේරෙන විදිහට කොටලා දැම්ම. හිතනවා help එකක් වෙන්නැති කියල.![]()
මචන් මං මේ ලගකදි දැක්ක පාර්ලිමේන්තුවේ විවාදයක් යනවා, ලංකාවේ දැන් තියෙන විකාශන ක්‍රමය අලුත් කරන්න යනව කියල. ක්‍රම 2ක් තියෙනවලු ජපන් සහ යුරෝපින්. කලින් ආන්ඩුව ගිවිසුම ගහල තියෙන්නෙ ජපන් එකටලු ඒත් ජපන් එකට වඩා යුරෝපියන් එකලු දැන් ලෝකේ භාවිතා කරන්නෙ. මේ ආන්ඩුව ට්ර්ය් කර්න්නෙ යුරෝපින් එක ගන්නලු. මොකද්ද මචන් මේ කියන්නෙ? දන්නව නං පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.

මචං අපේ රටේ තාම හරියටම පාවිච්චි වෙන්නේ analogue ටීවී සිස්ටම් එකක්. මේක ඇවිල්ල SD quality PAL 50Hz වල තමයි broadcast කරන්නේ. ජපානේ පාවිච්චි වුනේ NTSC කියන SD 60Hz වලින් broadcast කරපු සිස්ටම් එකක්. හැබැයි අපේ PAL එකේ resolution එක NTSC එකට සාපේක්ෂව පොඩ්ඩක් වැඩියි.
![]()
දැන් ඩිජිටල් කරණය වෙච්ච සිද්දිය ගත්තම NTSC 60Hz වලින් analogue සිස්ටම් දුවපු ගොඩක් රටවල් වෙනසක් නොතේරෙන විදිහට ඩිජිටල් වලට මාරු වුන ATSC කියන standard එකට. එත් ජපානේ උන් වෙනමම ISDB කියන standard එකක් හදාගෙන ඩිජිටල් වලට මාරු වුන. දැන් අපි වගේ PAL පාවිච්චි 50Hz වලින් දුවපු යුරෝපෙ ඇතුළු ගොඩක් රටවල් ඩිජිටල් වලට මාරු උනේ DVB කියන standard එකට.
![]()
කොහොමත් අපේ රටට ISDB, DVB standard දෙකම testing වලට ඇවිල්ල තියනව. ඔය දැන් හදන යන නෙලුන් කුලුනේ DVB-T2 (DVB 2nd generation) එකක් ගහන්න යන්නේ. අනික දෙරණ, හිරු වගේ ගත්තම දැනටම DVB-T2 standard එක හරහා testing කරනවා. මේක ඇවිල්ල ඉතින් තනිකර යුරෝපියන් සිස්ටම් එකක්. මුලින් UHF හරහා SD MPEG-2 වගේ compression එකකට ගිහින් පස්සේ HD H.264/MPEG-4 වගේ එකකට upgrade වෙයි. හැබැයි ඉතින් මෙව්වා බලන්න DVB-T2 tuner එකක් තියන TV එකක් තියෙන්නේ ඕන.
මට මතක හැටියට 2014 අවුරුද්දේ කතාවක් ගියා ජපානේ ISDB-T එකට මාරු වෙන්න අදහසක් තියනවා කියල. එකට ලොකුම හේතුව විදිහට පෙන්නුවේ මේ broadcast එක අපේ mobile phones වලට ගන්න පුළුවන් කම. හැබයි එහෙම මාරු උනොත් දැන් DVB වලින් දුවන ඒවා ඔක්කොම ISDB වලට මාරු කරන්න වෙනවා. එකත් සෙල්ලන් නැ. සැහෙන්න ලොකු වියදමක් යන වැඩක්. එක නිසා සමහරවිට ISDB එකට මාරු වෙන එක නවත්තල DVB එකත් එක්ක යන්න plan කරලා ඇති.
මේ ටිකත් වැදගත් වෙයි...
- ATSC:Advanced Television Systems Committee
- ISDB:Integrated Services Digital Broadcasting
- DVB: Digital Video Broadcasting
- DVB-T: Terrestrial > අපේ topic එක
- DVB-C: කේබල් TV. (LBN)
- DVB-S: සැටලයිට් TV (ඩයලොග් TV)
- DVB-IPTV: ඉන්ටෙර්නෙට් හරහා (Peo TV)
වෙනම නුලක් දන්නා තරන් විස්තර කෙටුව බං. ඔය මදෑ බොට