මාලිංග, තිලංග හා ජයන්ත අන්දලා ?
ක්‍රීඩා නොකරන නායකයා ලෙසලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ලව ඇතැයි වාර්තා වේ.
මාලිංග මේ තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන දෙදෙනාම නොමඟ යවා බවටද කතා බහක් පැතිර තිබේ.
තවමත් නිසි ලෙස සුවවී නොමැති මාලිංගව කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමෙන් තවත් යොවුන් ක්රීඩකයකුට එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හෝ අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව වැලැකී ගොස් ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.
සාමාන්‍යයෙන් ආබාධ සහිත ක්‍රීඩකයකු කණ්ඩායමකට නම් නොකරන අතර මෙසේ ආබාධ සහිත සම්පූර්ණයෙන්ම සුව නොවූ ක්‍රීඩකයෙක් තරගාවලියකට නම් කරන ලද පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
IPL අත්නොහරින මාලිංග
මේ අතර, අදාළ ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග පසුගිය වසර 8ක කාලයක් තුළ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට නොකඩවා සහභාගිවී ඇති බවයි.
මාලිංග වසර පුරාම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කර තරගවදින්නේද යන්න පිළිබඳව සැකයක් අතැයිද ඔවුහු කියා සිටිති.
ජෙෆ්රි වැන්ඩේසේ හොඳ ටෙස්ට්වලට ?
ආසියානු කුසලාන පිලට නම් කර ඇති යොවුන් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩේසේ (Jeffrey Vandersay) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මතු කළ කාරණාවක් නිසා මේවන විට ක්‍රිකට් පිටිය උණුසුම්ව තිබේ.
ඒ ෆොඩ් සඳහන් කරන්නේ වැන්ඩේසේ පන්දුවාර විස්සයි - 20 තරගවලට යොදවා නටබුන් කිරීම පසෙක තබා ඔහු ටෙස්ට් තරගවලට යොදවා කඩුලු ලබා ගැනීමට උනන්දුකර විය යුතු බවට කළ ප්‍රකාශක් නිසාය.
Mirror News
මේ සිද්ධිය ඇත්ත නම් මාලිංග කරලා තියෙන්නේ සවුත්තු වැඩක් අළුත් කොල්ලෙක්ට චාන්ස් එකක් දෙන්න තිබුනා.මාලිංගට අවශ්‍ය නම් තරඟාවලියේ අවසාන කොටසට කණ්ඩායමට එකතු වෙන්න තිබුනා
![]()
ado meh okkogenam wenne kattiyage moral bahina eka ane manda bnz

ලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ලව ඇතැයි වාර්තා වේ.
මාලිංගට අවශ්‍ය නම් තරඟාවලියේ අවසාන කොටසට කණ්ඩායමට එකතු වෙන්න තිබුනා 




