මීවනපලානේ මොඩර්න් බණ!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ජිංතක ජිල්ලබකිට;19750429 said:

බුදු රජානන් වහන්සේ දාරුකම්‌මික සූත්‍රයේදී (http://thripitaka.org/view/sp/sp15/193) ගිහියන්ටත් පවසලා තියෙනවා භික්ෂූන්ව ගරහන්න කියා. හැබැහි හොඳට විමසලා, ඒ ඒ කාරණාවට අනුව සහ ගැරහීමට බදුන් වන කෙනාත් යහපතට පැමිනේවා යන අදහසින් සහ ඒ යහපතට පැමිණීමට රුකුල් දෙන ආකාරයෙන් තමයි කරන්න ඕනෑ. යහපතට පැමිණීමට රුකුල් දෙන ආකාරයෙන් කීවේ ධර්මය කුමක්ද, අධර්මය කුමක්දැයි පැහැදිලි වන ලෙසට. යහපතට පැමිණේවිද, නොපැමිණේවිද යන්න ඒ ගැරහීමට බදුන් වන පුද්ගලයාම කරගත්තාවේ. නමුත් අපි බුදු රජානන් වහන්සේට යටහත් පහත් බවක් දක්වලා, ඒ අසහාය පුද්ගලයා අපට යමක් කරන්න කීවාද, ඒක නොකරන්න අපි හිතනවානම් අප තුල ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවීම නම් බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.

මේ හිස් භික්ෂූව දාරුකම්මික සූත්‍රයේ මෙන්ම දොඩමලු භික්ෂූවක් බවයි පෙනෙන්නේ.

මේ භික්ෂූව සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්නේ නැහැ. නැත්නම් සම්මා සම්බුදු රජානන් වහන්සේත් ඉක්මවලා මෙහෙම අධර්මයන් දේශනා කරයිද? අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්න කෙනෙක් සම්මා සම්බුදු රජානන් වහන්සේ යමක් කියා ඇත්නම් ඒක වැහෙන්න, ඒකට වෙනස් දේවල් කියන්න යන්නේ නැහැ. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසා ඇති දේ අඥානකම නිසා පටලවාගෙන තමන් කියන්නේ කුමක්දැයි තමන්වත් දන්නේ නැතිව දොඩමලු බවක් තමයි මේ පෙන්නුම් කරන්නේ.

මට මතකයි භික්ෂූන් වහන්සේලාට මස් මාංශ අනුභව කරන්න එපා යැයි ශික්ෂාවක් පණවන්න යැයි දෙව්දත් බුදු රජානන් වහන්සේගෙන් ඉල්ලුවාම බුදු රජානන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කලා කියන කාරණාව. ඉතින් මේ හිස් භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේම කෙතරම් දුසිල්වතෙක්ද? මොකද මේ භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් කරලා තියෙන්නේ සංඝයාට පංච ශික්ෂාපද කැඩෙන්න සැලැස්වීමනේ? මේ භික්ෂුවගේ අඥානකම නිසා පවසන දහම් වලින් මෙවන් අධාර්මික අර්ථමයි ඉස්මතු වෙන්නේ.

දෙව්දත්ගේ ඉල්ලීම උනත් යම් කෙනෙකුට එක වර හිතෙන්න පුළුවන් යහපත් ඉල්ලීමක් කියලා. එහෙම හිතෙනවානම් කරන්න ඕනෑ හොදම දේ තමයි බුදු රජානන් වහන්සේ පවසලා තියෙන ආකාරය මෙයයි, එය ඉක්මවීම සුදුසු නැහැ, බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ඉවතලන්න හේතුව තව තවත් දහම් විමසීමෙන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෑ යන ආකාරයට කටයුතු කිරීම. එතකොට තමයි බුදු රජානන් වහන්සේ පවසා ඇති දහම් වල අර්ථය ටිකෙන් ටික පැහැදිලි වෙන්න පටන් ගන්නේ. එතකොට තමයි බුදු රජානන් වහන්සේ නිවැරදි බව ටිකෙන් ටික හෝ වැටහෙන්න ගන්නේ. එතකොට තමයි බුදු රජානන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම ශ්‍රද්ධාව ටිකෙන් ටික හරි වැඩි වීම සිද්ධ වෙන්නෙ. අන්න ඒක තමයි බුදු රජානන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කිරිමට හේතු වන මාර්ගය, පිළිවෙත. ඒ ආකාරයට තමයි ආර්ය මාර්ගයේ ගමන් කරන අය සෝතාපන්න මාර්ග ඵලය වෙත පැමිනෙන්නේ. මේ ඡේදයේ ලියා ඇති දේ නැවත නැවත කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එය ඔබට යහපතක්ම සිදු කරයි.

ඒක එහෙම එකේ මේ හිස් භික්ෂූවගේ දෙඩවීමට අනුව හිතන අයට මොකද වෙන්නේ? දෙව්දත්ගේ ඉල්ලීම බුදු රජානන් වහන්සේ ප්‍රතික්ෂේප කල හේතුව ගැන ඉහත පරිදි විමසන්න ඔවුන් පෙළබෙන්නෙ නැහැ. නොවිමසන කෙනාට අවබෝධ ඇතිවන්නේ නැහැනේ. අවබෝධය ඇති නොවෙන කොට බුදු රජානන් වහන්සේ නිවැරදි බව වැටහෙන්නේ නැහැ. බුදු රජානන් වහන්සේ නිවැරදි බව නොදකින කොට බුදු රජානන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. අන්න ඒක තමයි බුදු රජානන් චහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති නොවීමට හේතු වන මාර්ගය, පිළිවත. ඒ ආකාරයට තමයි මේ වීඩියෝවේ ඇති සද්ධර්ම ප්‍රතිරූපක, දෙව්දත් බණ වන් දෙඩවීම අසා ඒ අධර්මය පිළිගන්නා අයට නිවන් මඟ වැසී යන්නේ. මේ ඡේදයේ ලියා ඇති දේත් නැවත නැවත කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එය ඔබට යහපතක්ම සිදු කරයි.

ඉතින් යම් අයෙක් නිවන වෙතම හැකි පමණින් හෝ ගමන් කරන්නෙමි යැයි සිතන්නේ නම්, ඒ පුද්ගලයා "මම බුදුන් නොඉක්මවමි" යැයි පළමුවෙන්ම හික්මීම යහපත් කාරණාවක්, නුවනැති යොමුවීමක්, ඵල ඇති කාරණාවක්.

ගැරැහීම කරනවානම් මේ විදිහට විස්තර ඇතිව කරන්න උත්සාහ ගන්න. ගැරැහීම වැරදුනොත් ලැජ්ජා වෙන්නත්, භය වෙන්නත් පුරුදු වෙන්න. වැරැද්ද වැරැද්ද ලෙස දැක මතු සංවරය පිණිස කටයුතු කරන්න. එසේ වැරැද්ද වැරැද්ද ලෙසින් දැක මතු සංවරය පිණිස දහම් අනුව කටයුතු කරන අය ආර්යය මාර්ගයේ අභිවෘද්ධියක්ම ලබනවා. එය එසේ වන් නමුත් දාරුකම්‌මික සූත්‍රයේ මෙන් නොකරන්නෙමියී, ගරහන්න ගියොත් අන් අයත් මාව ගරහාවි, මට වැරදුනොත් හරිම අභාග්‍යක් යැයි හිතන අය බුදු රජානන් වහන්සේව ඉක්මවා දහම් අවබෝධ කරන්න යන නිසා එවන් අයට නිවන පමාවීමයි සිදුවන්නේ. දාරුකම්මික සූත්‍රයේ පැසසීමත් තියෙනවා. පැසසිය යුතු කාරණයේදීත් නොපසසන්නෙමැයි බුදු රජානන් වහන්සේව ඉක්මවා දහම් අවබෝධ කරන්න යන අයටත් නිවන පමාවීමයි සිදුවන්නේ.

පින්වත් ජිංතක ජිල්ලබකිට, මේ දොස් සහිත වීඩියෝව ඔබ මෙසේ ගෙන හැර දැක්වීම යහපතක්මයි. ඔබටත් අන් අයටත් ඉන් යහපතක්ම වෙනවා. වැඩි වැඩියෙන් නිවැරදි දහමුත් හොය හොයා අන් අයට බෙදා දෙන්න. වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න. මම ඒ කාරණාව ගැන පස්සේ වැඩි විස්තර කියා දෙන්නම්කෝ. මේ දේ යහපත් ක්‍රියාවක්. ඔබට යහතපක්ම වේවා!

සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! මස් මාංශ වලට ගිජු තැනැත්තෝ තම ගිජු බවින් මිදෙත්වා! මස් මාංශ නොමැති අහරිනුත් සතුටු සිතින් යැපෙත්වා! මමද, අන් අයද සතුන් නොමැරීම යහපත් කොට සලකත්වා! සතුන් නොමැරීම වෙත තමනුත්, අන් අයත් යොමු කරත්වා. මස් මාංශ අනුභව කරන අය සීහසෙනාපති සූත්‍රයේ (http://thripitaka.org/view/sp/sp16/72) මෙන් සුදුසු මසක්ම, මාංශයක්ම අනුභව කරත්වා!

තථාගත ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
 
  • Like
Reactions: HSW and nuwa2

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    ඔබට බොහෝ පින් මේක විස්තර ඇතිව ඉදිරිපත්කලාට.
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    අපි කවුරුද බුද්ධ ශාසනයක නව විනය නීති දමන්න ,, බුදු රජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිම සිත පහදවා ගන්න ...:):)

    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ හිස් භික්ෂූව දාරුකම්මික සූත්‍රයේ මෙන්ම දොඩමලු භික්ෂූවක් බවයි පෙනෙන්නේ.

    මේ භික්ෂූව සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්නේ නැහැ. නැත්නම් සම්මා සම්බුදු රජානන් වහන්සේත් ඉක්මවලා මෙහෙම අධර්මයන් දේශනා කරයිද? අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්න කෙනෙක් සම්මා සම්බුදු රජානන් වහන්සේ යමක් කියා ඇත්නම් ඒක වැහෙන්න, ඒකට වෙනස් දේවල් කියන්න යන්නේ නැහැ. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසා ඇති දේ අඥානකම නිසා පටලවාගෙන තමන් කියන්නේ කුමක්දැයි තමන්වත් දන්නේ නැතිව දොඩමලු බවක් තමයි මේ පෙන්නුම් කරන්නේ.

    පිංවත් ස්කයිලාක්,
    ඇත්ත, මොහුගේ චර්යාවේ කිසිම සංසුන් බවක්, ඉන්ද්‍රියයන් හික්මුණු බවක්, ශාන්ත බවක් ඇත්තේ නැහැ.

    මට මතකයි භික්ෂූන් වහන්සේලාට මස් මාංශ අනුභව කරන්න එපා යැයි ශික්ෂාවක් පණවන්න යැයි දෙව්දත් බුදු රජානන් වහන්සේගෙන් ඉල්ලුවාම බුදු රජානන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කලා කියන කාරණාව. ඉතින් මේ හිස් භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේම කෙතරම් දුසිල්වතෙක්ද? මොකද මේ භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් කරලා තියෙන්නේ සංඝයාට පංච ශික්ෂාපද කැඩෙන්න සැලැස්වීමනේ? මේ භික්ෂුවගේ අඥානකම නිසා පවසන දහම් වලින් මෙවන් අධාර්මික අර්ථමයි ඉස්මතු වෙන්නේ..

    අඥානකමත් තමුන් මාර්ගපල ලාභියෙක් බව ඇඟවීමත් නිසා ඇතිවු මාන්නයත් හොඳින් ප්‍රකට වෙනවා. නමුත් මට තිබෙන ප්‍රස්නය නම් දේවදත්තගේ ඉල්ලීම පිලිබඳ ධර්ම කාරනාව ඕනෑම බෞද්ධයෙක් දැනගත යුතු දෙයක් නේ. ඒකවත් නොදන්න අයද මේ "මාර්ගපල ලාභියෝ" පස්සේ ගිහින් අපිටත් ධර්මය උගන්නන්න එන්නෙ?

    පින්වත් ජිංතක ජිල්ලබකිට, මේ දොස් සහිත වීඩියෝව ඔබ මෙසේ ගෙන හැර දැක්වීම යහපතක්මයි. ඔබටත් අන් අයටත් ඉන් යහපතක්ම වෙනවා. වැඩි වැඩියෙන් නිවැරදි දහමුත් හොය හොයා අන් අයට බෙදා දෙන්න. වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න. මම ඒ කාරණාව ගැන පස්සේ වැඩි විස්තර කියා දෙන්නම්කෝ. මේ දේ යහපත් ක්‍රියාවක්. ඔබට යහතපක්ම වේවා!!

    මීට පසු මම මේවගේ විඩියෝ පෝස්ට් නොකරමි. බැරිම තැන, මිනිස්සු නොමඟ යන එක බලා ඉන්න බැරි නිසායි දැම්මේ.
    ඔබට බොහෝ පින්!
     
    Last edited:
    • Like
    Reactions: V for Vendetta

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔහොම තමන්ට හිතෙන හිතෙන විදියට බුද්ධ දේශනා අර්ථ දක්වන්න පුලුවන්ද?මේ හාමුදුරුවො මිනිසුන් නොමග යවලා කරගන්නේ විශාල පාපකර්මයක්....!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔබට බොහෝ පින් මේක විස්තර ඇතිව ඉදිරිපත්කලාට.

    පින්වත් ex-muslim Ahmed,

    මම ඉහත බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වන ආකාරය විස්තර කලා. බහුල තැනක පාලියෙන් මෙය ඇත්තේ "අවෙච්චප්පසාද" ලෙස සහ "ගුණ දැන පැහැදීම" ලෙසින් වන සිංහලට පරිවර්තනය කරන ලද වදන් වලින්. "අචල ප්‍රසාදය", "නොසැලෙන ප්‍රසාදය", "නොසැලෙන පැහැදීම" යන වදන් උනත් එකම අර්ථය තමයි ඇති කරන්නේ. බ්‍රහ්මචරියොගධ සූත්‍රයේ http://thripitaka.org/view/sp/sp11p2/163 පාලි භාෂාවෙන් "අවෙච්චප්පසාදෙන" සහ "සද්ධා" යන වචන දෙකම දකින්න පුළුවන්.

    නුවනැත්තෙක් හිතා බලන්න ඕනෑ කුමන කාරණයකටද බුදු රජානන් වහන්සේ ගැන අචල ප්‍රසාදයක් ඇති කර ගත යුත්තේ කියලා. එසේ හිතන නුවනැත්තෙකුට හිතුනොත් අචල ප්‍රසාදයක් නොවෙයිනේ මගේ අන්තිම ඕනෑකම කියලා අන්න ඒ පුද්ගලයා නිවැරදි ලෙසින් හිතලා තියෙනවා. මොකද අචල ප්‍රසාදයෙන් ඉවර වෙන දෙයක ඇති කුමන ඵලක්ද? ඇති ඵලක් නැහැ.

    උපමාවක් ගත්තොත් අපි හිතමු කෙනෙක් අනුරාධපුරයට යන්න කියලා කොළඹින් බස් එකකට ගගිනවා. මඟියාට බස් එක ඕනෑ නිසාද යන්නේ? අනුරාධපුරයට ගිය මගියාට බස් එක කුමකටද? එහි ඇති ඵලක් එතැන නැහැ. ඒ නිසා බස් එකෙන් බැහැලා යනවා.

    බස් මඟියා බස් එක භාවිතා කර අනුරාධපුරයට යනවා වාගේ බුදු රජානන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගන්නා ආර්ය ශ්‍රාවකයා ඒ ප්‍රසාදය හේතුවෙන් නිවන කරා ඇදෙනවා. සද්ධර්මය ශ්‍රවණය කරලා ආරම්භයේදී සුළුවෙන් හෝ ඇතිවන පැහැදීම පෙර විස්තර කල ක්‍රමය පිළිපැදීම හේතුවන් නොසැලෙන පැහැදීමක් බවට පත් වුනොත් කුමක් වේවිද? බස් මඟියා මග නතර නොවී අනුරාධපුරයටම ගොස් බසයෙන් බහිනවා වාගේ නොසැලෙන පැහැදීම නිසා නිවන් සාක්ෂාත් කරගෙනම තමයි නවතින්නේ.

    ආපහු හිතලා බලන්නකෝ ප්‍රසාදය, පැහැදීම කියන්නේ කුමක්ද කියලා? යම් දෙයකට පැහැදීමක් ඇති උනොත් තමන්ට ඒක දැනෙන්නේ කවර ලෙසකින්ද? ප්‍රසන්නයි, මිහිරියී, කැමතියී,... ඔවැනි ලෙසින්නේ අපට පැහැදීම කියන දේ දැනෙන්නේ. යම් දෙයක් තමන්ට යහපත්, හිත සුව පිණිස පවතිනවා, ප්‍රසන්නයි, මිහිරියී, කැමතියී, ප්‍රණීතයි ආදී ලෙසින් දැනෙන්න ගත්තොත් හා ඒ දැනීම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙලා දැඩිව හා වෙනස් නොවන ලෙස දැනෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙම රැදීම සිදුවෙනවානේ. කුමන කරුණකටද එහෙම දෙයක් අත හරින්නේ? අන්න ඒ වාගේ බුදු රජානන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට පැමිණෙන කෙනා ඒ පැහැදීමේම රැදෙනවා. මොකද බුදු රජානන් වහන්සේට පැහැදීම හේතුවෙන් තමන්ට යහපත් බවක්, හිත සුව බවක්, ප්‍රසන්න බවක්, මිහිරි බවක්, ප්‍රණීත බවක්ම තමයි දැනෙන්නේ. ඉතින් නිවන් සාක්ෂාත් කරගෙනම තමයි නවතින්නේ.

    මම ඔය කියපු බුදු රජානන් වහන්සේ කෙරෙහි පැහැදීම හේතුවෙන් තමන්ට යහපත් බවක්, හිත සුව බවක්, ප්‍රසන්න බවක්, මිහිරි බවක්, ප්‍රණීත බවක්ම තමයි දැනෙන්නේ යන කාරණාව බොහෝ දෙනෙක් දැනෙන ප්‍රමාණයට තමන්ම අත්විදලා නැති කාරණාවක්. පන්සලකට ගිහිල්ලා සිසිල් සුළං රැල්ලක් එක්කලා මල් පහන් පූජා කල පමණින්, බුදුන් වැදීමෙන් පමණක් දැනෙන ස්වභාවය ගැන නෙමෙයි මම මේ කියන්නේ. කයට, මනසට දැනෙන සාමාන්‍ය සුව ස්වභාවයන්ට වඩා බෙහෙවින්ම ප්‍රණීත, සුව ස්වභාවයන් ආර්යය මාර්ගය වඩන අයට අත්විදින්න පුළුවන්. ඒ නිසා ආර්යය අෂ්ඨාංගික මාර්ගය ලෙස බුදු රජානන් වහන්සේ යමක් දේශණා කලාද, ඒක ගැන හොයලා, තේරුම් ඇරගෙන, ඒකේ යෙදිලා, ලබන දේ බොහෝම සුවයි, ප්‍රණීතයි. ඒ එක්කම නිවනටම තමා නැඹුරුව පවතින්නේ.

    ඔබ අහලා ඇති බෞද්ධයෝ "ඉතිපි සෝ භගවා.. " ආදි ලෙසින් බුදු රජානන් වහන්සේගේත්, දහම් සහ සඟුන්ගේත් ගුණ ගයනවා. ඔය කියන්නේ අවබෝධයෙන් ඇති කර ගතයුතු ප්‍රසාදය ගැන. එහි "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන්න "මනා සේ බුදු රජානන් වහන්සේ දේශනා කරණ ලද ධර්මය" යන අරුත සහිතයි. ඉතින් බුදු රජානන් වහන්සේ මනා සේ දේශනා කලාද කියලා බලන්න ඕනැනේ ඒ කාරණය කෙරෙහි අවබෝධයක් ඇතිවන්න. දැක්කොත්නෙ එහෙමයි කියලා පිළිගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ ලිපිය ලියාගෙන යනවා. මේක කියෙව්වාට බුදු රජානන් වහන්සේ මනා සේ ධර්මය දේශනා කලාද නැද්ද කියන කාරණාව කොහොම වැටහෙන්නද? මේක කියවන කෙනාට වැටහෙන්නේ මම බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව මගේ වචන වලින්, මමම පද ගලපලා, මමම වාක්‍ය ගලපලා ලියන ලද්දක් නේ. යම් පමණකට අර්ථ වශයෙන් නම් බුදු රජානන් වහන්සේ කවර දෙයක් ගැන දේශනා කරලා තියෙනවාද යන්න ගැන වැටහීමක් ලබන්න පුළුවන්. මගේ යම් ලියන ආකාරයක් තියෙනවානම් ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඒත් බුදු රජානන් වහන්සේම දේශනා කරන ලද්ද අවබෝධයෙන් ඇසුවොත් තමයි "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ" කියන කාරණාව ගැන කෙනෙකුට හරියටම පැහැදීම ඇතිවෙන්නේ. එතැන කාරණාවන් දෙකක් කෙරෙහි පැහැදීම ඇතිවෙනවා. එකක් තමයි ධර්මය ගැන. මොකද ඒක මනාව දේශනා කර ඇති දෙයක් බව කෙනෙක් අර්ථයත් සමඟම අවබෝධයෙන්ම වටහා ගන්නවා. අනික තමයි මනා සේ දේශනා කරන්නා ගැන. සම්මා සම්බුද රජානන් වහන්සේ නමක් දේශනා කරන ආකාරය තමන්ම බලපුවාම කොහොම ඒ ආකාරයට මුල, මැද, අග ගලපලා දේශනා කලාද ලෙසින් වන ආශ්චර්යමත් හැඟීමක් කෙනෙක් තුල ඇතිවෙනවා.

    දේශනා කරන ආකාරය සූත්‍ර - සූත්‍ර ගත්තත් ගැලපෙනවා. සූත්‍රයක මුල, මැද, අගත් මනාව ගැලපෙන ලෙසට තියෙන්නේ. වාක්‍යයෙන් වාක්‍යයටත් බොහෝම හොදට ගැලපීමක් තියෙනවා. වචනයෙන් වචනයට බැලුවත් හොද ගැලපීමකට තියෙනවා. වෙන වෙන සූත්‍ර අතරත් අර්ථ ලෙස, වාක්‍යයෙන් වාක්‍යයට, වචනයෙන් වචනයට ගැලපීම් දකින්න පුළුවන්. අර්ථය ඉස්මතු වෙන ආකාරයට දේශනා කර ඇති ආකාරයත් දකින්න පුළුවන්. ප්‍රශ්නෝත්තර සාකච්චාවකදී නම් කවර ලෙසින් ගලපාද එක ප්‍රශ්නයකට පසු තව ප්‍රශ්නයක් අහන්නේ, එක ප්‍රශ්නයක උත්තරයෙන් ඊලග ප්‍රශ්නය මතු කරලා ගන්නේ ආදි ලෙසින් දකින්න පුළුවන්. මානා සේ දේශනා කර ඇතැයි යන්නේ තවත් ස්වභාවයන් මට ලියන්න අතපසු උනානම් ඒවාත් දකින්න පුළුවන්.

    ඉතින් "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන අවබෝධයෙන්ම පැහැදීම ඇති කරගන්නේ කෙසේද? බුදු රජානන් වහන්සේම දේශනා කරන ලද්ද නැතිව ඒක කරන්න බැරි බව ඕන්න දැන් තේරුම් ගන්න ඕනෑ. එහෙමනම් කුමක්ද අපි කරන්න ඕනෑ? එක්කෝ අපි පාලි ඉගෙන ගෙන සූත්‍ර ආදිය කියවලා හරි, සජ්ජායනා කර හරි ඒ සූත්‍ර ආදියේ අර්ථයත් වටහා ගන්නා ගමන් වචන, වාක්‍ය, ජේද හෝ කොටස් ආදිය බුදු රජානන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දකින්න ඕනෑ. එහෙම නැත්නම් අපි ත්‍රිපිටකයේ සිංහලෙන් ඇති දේ හරි කියවා අර්ථයත් වටහා ගන්නා ගමන් වචන, වාක්‍ය, ජේද හෝ කොටස් ආදිය බුදු රජානන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දකින්න ඕනෑ. සිංහල පරිවර්තනය කියවනවානම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව වෙත යොමුවන්න. පාලි පිටුත් පොඩ්ඩ පොඩ්ඩ හරි බලන්න පුරුදු වෙන්න. කියවීමට පුරුදු වීම අපහසුයි තමයි, ඒත් ඒ වගේද මහන්සි වෙලා හරි පුරුදු උනාම "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන අවබෝධයෙන්ම පැහැදීම ඇති උනාම?

    ඒ නිසා තමයි මම හැමෝටම කියන්නේ ත්‍රිපිටකය වෙතම යොමුවන්න කියලා. මම උනත් දහම් දේශනා කර තිබෙනවා තමයි. නමුත් "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන පැහැදෙන්න ඕනෑ නම් මගේ දේශනාවන් වත්, අන් භික්ෂූන් වහන්සේගේ දේශනාවන් වත් අහලා ප්‍රමාණවත් වන්නේ නැහැ. බුද්ධ දේශනාවම අහන්න, දකින්න ඕනෑ.

    මේ විස්තර කලේ ආර්යය මාර්ගයට වැඩීමට අද කාලේ ඔබ නැඹුරු විය යුතු ආකාරය. මේ ලියූ කාරණාවන් ඇත්තද, බොරුද, මෙහෙම වෙන්න පුළුවන්ද, මීට වඩා ලෙහෙසි ආකාරයක් තියෙනවාද ආදී ලෙස කිහිප පාරක් හරි කියවලා, කල්පනා කරලා බලන්නකෝ. මෙආකාරයෙන් පැහැදීම ඇතිවෙනවා. එය බුදු රජානන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත්, සංඝයා කෙරෙහිත් අචල ප්‍රසාදය ඇති කර ගැනීමට හේතුවෙනවා. නිවනටම නැඹුරුයි.

    http://aathaapi.net/Thripitaka.php
    http://thripitakaya.org/
    http://thripitaka.org/

    ධර්ම විනය විවෘත වූයේ බබළයි! මෙසේ විවෘත කරන්න.

    ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

    Skylark
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට මේ Skylark කියන කෙනාව සම්බන්ද කරගන්න පුලුවන්ද පුද්ගලිකව?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එයාව හතර අපායෙන් ගොඩ ගන්නද ? නැත්නං එයා එක්ක ඔයත් එහෙ යන්නද ?

    ඒ පුද්ගලයාට නම් ධර්මය ගැන තේරුමක් තියෙන බව පෙනෙනවා. පිලිතුරු දෙන විදිහෙ පවා හරි විස්තරාත්මක, ප්‍රසන්න, ඒවගේම සැකයකින් තොරව පරිපූර්ණ උත්තර තමයි දෙන්නේ. මේ විඩියෝ එකේ ඉන්න හමුදුරුවන් නම් කියන්නේ මොඩර්න් නෙවෙයි හරි අමුතු බණක්.මට කා එක්කවත් ගැටුම් ඇතිකරගන්න අවශ්‍ය නැහැ. ඔබට ඔහු සමඟ යමක් බේරාගන්න තිබේ නම් මාව අත ඇරල ඒක වෙනම විසඳාගන්න.
     
    • Like
    Reactions: sgrdk1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මට මේ Skylark කියන කෙනාව සම්බන්ද කරගන්න පුලුවන්ද පුද්ගලිකව?

    ඔව්. ජිංතක ජිල්ලබකිට දක්වා ඇති තැනට ඔබේ ප්‍රශ්නය යොමු කරන්න.

    එතැන ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නත් ඉතුරු වෙලා තියෙනවා. වැඩි කාලයක් වැලැක්වීමට අපහසු වූ වෙනත් කටයුතු වල නිරතවන්න වීම නිසයි උත්තර දෙන්න බැරි උනේ. නමුත් දැන් පොඩි හෝ කාලයක් නැවතත් ලැබී තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න වලටත්, ඔබේ ප්‍රශ්නයටත් උත්තර දෙන්න උත්සාහ ගන්නම්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    (ආමගන්ධ සුත්‍රය) නිර්මාංශි වීම සහ බුද්ධ දර්ශණය

    https://www.youtube.com/watch?v=kHquLdYWS_8

    සාධු, සාධු, සාධු!

    පින්වත් asliyanage,

    ඔබ මේ දක්වා ඇති වල්පොල ගොතම හිමියන්ගේ ධර්ම දේශනාවනම් බොහෝම අගෙයි. ඒ හිමියෝ සූත්‍ර, විනය හා අටුවාවෙන් කරුණු ගෙන පැහැදිලි සහ විස්තර ඇතිව නිර්මාංස ප්‍රශ්නය දෙස කෙසේ බැලිය යුතුදැයි පහදා දෙනවා. එම කරුණෙහිදී ධර්මය කුමක්ද, අධර්මය කුමක්දැයි යම් අයෙකුට හොද වැටහීමක් ලබන්න පුළුවන් මේ දේශනාව ශ්‍රවණය කලොත්.

    විනාඩි 57 දී පමණ ගොතම හිමියන් පවසන කාරණාවක් ගැන මම යම් පමණකට නොගැලපේදැයි හිතනවා. ප්‍රායෝගිකව නිර්මාංස පමණක්ම වන පිණ්ඩපාතය ලැබීම අපහසුම තමයි. නමුත් මට නම් හිතෙන්නේ එහෙම ප්‍රායෝගික අපහසුවක් තිබුනත් මාංස මත යැපීමේ යම් හෝ ආදීනවයක් දැක්කොත් බුදු රජානන් වහන්සේ ඒ අපහසුව කෙසේ හෝ මගහැරෙන්න ප්‍රතිපදාව පනවනවා, නමුත් නිර්මාංසයෙන්ම පමණක්ම යැපීම ප්‍රතික්ෂේප කරන්න ඇත්තේ ආමගන්ධ සූත්‍රයේ මෙන් ගැටළුව ඇත්තේ මාංශ අනුභවයේ නොවෙයි යන කාරණාව මතයි කියලා. මේ කාරණාව ගැන අදහස් ලෙස මම යම් පමණකින් ගොතම හිමයන් කියන දේ එලෙසම පිළිනොගත්තත්, ගොතම හිමියන්ගේ මේ ධර්ම දේශනාවනම් බොහෝම අගෙයි.

    ධර්ම දේශනාවේදී ගොතම හිමියන් පවසන කරුණු ත්‍රිපිටකයේ පහත දැක්වෙන තැන් වල දකින්න පුළුවන්:

    සූත්‍ර පිටකය:

    1. ආමගන්ධ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp19/94
    2. ජීවක සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/70
    3. සීහසෙනාපති සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/72

    විනය පිටකය:

    1. උදායි භික්ෂූව උප්පලවණ්ණා මෙහෙණියගේ චීවරය බලෙන් ඉල්ලා ගැනීම සහ බුදු රජානන් වහන්සේ පනවන ලද චීවරප්‍රතිග්‍රහණශික්ෂාපදය - http://thripitaka.org/view/vp/vp1/548
    2. සුප්පියා උපාසිකාව තම කලව කපා භික්ෂූවකගේ රෝගයකට ප්‍රතිකාර ලෙස ලබා දීම සහ භික්ෂූන් විසින් අනුභව නොකල යුතු මස් වර්ග දහය ගැන බුදු රජානන් වහන්සේ පැවසීම - http://thripitaka.org/view/vp/vp3p2/48
    3. සීහසෙනාපති සූත්‍රයේ ඇති කතා පුවත අවසානයේ භික්ෂූන්ට තමන් විසින් නොදුටු, නොඇසූ, සැක නොකළ ත්‍රිකොටිපරිශුද්ධ මතස්‍යමාංසය වැළදීමට අවසර දීම (ජීවක සූත්‍රයේත් විස්තරය දැකිය හැකියී) - http://thripitaka.org/view/vp/vp3p2/88
    4. දේවදත්ත සංඝ භේදයට උත්සාහ කිරිම සහ බුදු රජානන් වහන්සේ විසින් ප්‍රථම සංඝභේදශික්ෂාපදය පැනවීම: http://thripitaka.org/view/vp/vp1/474

    මෙච්චර පැහැදිලිවත් විස්තර තිබියදීත්, අර්ථ වශයෙන් ගැළපුමත් මානා කොට තිබියදී, හිස් භික්ෂූන් විසින් බුදු රජානන් වහන්සේ විසින් පනවන ලද ධර්මය, විනය ඉක්මවා මස් කෑම නිසා පංච ශික්ෂාපද සියල්ලම කැඩේ යැයි පවසනවානේ! එහෙම අය ප්‍රථම සංඝභේදශික්ෂාපදය කඩනවා කියන්නේ කුමක්දැයි දන්නේවත් නැද්ද මන්දා?

    Skylark
     
    • Like
    Reactions: DjAtrocity

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙච්චර පැහැදිලිවත් විස්තර තිබියදීත්, අර්ථ වශයෙන් ගැළපුමත් මානා කොට තිබියදී, හිස් භික්ෂූන් විසින් බුදු රජානන් වහන්සේ විසින් පනවන ලද ධර්මය, විනය ඉක්මවා මස් කෑම නිසා පංච ශික්ෂාපද සියල්ලම කැඩේ යැයි පවසනවානේ! එහෙම අය ප්‍රථම සංඝභේදශික්ෂාපදය කඩනවා කියන්නේ කුමක්දැයි දන්නේවත් නැද්ද මන්දා?

    Skylark
    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට ආසන්නතම හේතුව වශයෙන් සුභද්ද නම් භික්‍ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය බව චුල්ලවග්ගපාලියෙහි 11 වන ඛණ්‌ධකයේ සඳහන් වේ. මෙම සුභද්ද නම් භික්‍ෂුව වැනි තවත් භික්‍ෂුන් වහන්සේලාගෙන් අනාගතයේදී බුද්ධ ධර්මයට හා ශාසනයට දුර්මත එකතු වෙයි යන කරුණ සැලකිල්ලට ගෙන ධර්මය හා විනය ආරක්‍ෂා කර ගැනීමට එදා ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීය. අතීතයේදී ධර්මයට හා විනයට දුර්මත එකතු කිරීමට අධර්මවාදී ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ කළා සේම, වර්තමානයේදී නිර්මල වූ බුදුදහමට නොයෙකුත් දුර්මත එකතු කිරීමට ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ ගනු ලබති. මෙවැනි දුර්මත එකතු කර, ධර්මය විකෘති කළ අවස්‌ථාවක්‌ ලෙස මාංශ අනුභවය යන කාරණය ගත හැකිය. කරණීයමෙත්ත සූත්‍රයේදී සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි බුදුහිමියන් දේශනා කර තිබියදී. ඇතැම් ගිහි පැවැදි පිරිස්‌ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, තහනම් කරන ලද මස්‌ වර්ග දහය, බුදුහිමියන්ගේ අවසාන දානය යන කාරණා විකෘති කර මස්‌ මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට වෙහෙස දරති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1196417
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ජිංතක ජිල්ලබකිට;19753139 said:
    මීට පසු මම මේවගේ විඩියෝ පෝස්ට් නොකරමි. බැරිම තැන, මිනිස්සු නොමඟ යන එක බලා ඉන්න බැරි නිසායි දැම්මේ.

    මෙසේ සිතා අවශ්‍ය විටෙකත් පරප්‍රවාදයන් මැඩීමට ක්‍රියා නොකරනවානම් එය සුදුසු දෙයක් නොවෙයි. බුදු සසුනේ ශ්‍රාවක භික්ෂූහු වේවා, භික්ෂුණීහු වේවා, උපාසක වේවා, උපාසිකා වේවා පරප්‍රවාද මතුවූ විට එම පරප්‍රවාදයන් කරුණු සහිතව මැඩලීමට සිව්වනක් පිරිස ක්‍රියා කල යුතුයි. මහාපරිනිර්වාණ සූත්‍රයේ බුදු රජානන් වහන්සේ හා මාරයා සමඟ වූ කතා බහ කියවා බලන්න (http://thripitaka.org/view/sp/sp2/178 අංක 61න් පටන් ගන්නා කොටසේ මේ ගැන සඳහන්).

    මේ නිසා "මීට පසු මම මේවගේ විඩියෝ පෝස්ට් නොකරමි." ලෙසින් අන්තයකට යෑම නම් සුදුසු නැහැ.

    අධර්මයත්, අවිනයත් මේ වන විට බහුල ලෙසින්ම බුදු සසුන වහ වහා අතුරුදහන් කිරීමට ක්‍රියා කරනවා. අධර්මයත්, අවිනයත් බහුල පිරිස් විසින් පිළිගන්නා විට ධර්මයත්, විනයත් මේ යැයි ගෙන හැර දක්වන්න ක්‍රියා කිරීම පහසු ක්‍රියාවක් නොවෙයි. මෙහි ඇති අපහසුව ගැන විනය පිටකයේ ඇති සත්තසතිකා විනය සංගායනාව (http://thripitaka.org/view/vp/vp4p2/590) ගැන කියවා තේරුම් ගත හැකියී. එම සංගායනාව සිදුව ඇත්තේ බුදු රජානන් වහන්සේ පිරිනිවී අවුරුදු 100 කට පසුව. රහතන් වහන්සේලාත් බහුල ලෙසින් සිටි ඒ කාලයේත් එසේ නම් අද අපට ඇති අපහසුව ගැන කවර කතාද? අනික අපි උනත් දැනගත යුතු හැම දෙයක්ම දන්නේත් නැහැනේ.

    ඔබ මීවනපලානේ දෙව්දත් බණ වීඩියෝව අධර්මයක් ලෙසින් ගෙන හැර දැක්වීමෙන් කලේ බුදු රජානන් වහන්සේ තම ශ්‍රාවකයින්ගෙන් බලාපොරොත්තු වූ දෙයක්මයි. කී දෙනෙක් නම් ඔවැනි දෙව්දත් බණ අසා ඒ බුදු දහම් යැයි මුලාවට වැටෙනවාද? ඉතින් ඔබ කල දේ නිසා අඩු තරමින් යම් හෝ පිරිසක් මීවනපලානේ දෙව්දත් බණ අපායගාමී දේශනාවන් ලෙසින්ම හේතු සහිතව දකීවී. ඒ යම් හෝ පිරිසක් අසද්ධර්මයෙන් මුදවා සද්ධර්මයේ පිහිටුවීමට ඔබේ ක්‍රියාව පිටුවහල් වීම කෙතරම් අනර්ඝද?

    "වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න." ලෙස මම පැවසුවේ මෙවන් වීඩියෝ පෝස්ට් නොකර ඉදීම සුදුසු යැයි යන අදහසින් නොවෙයි. විද්‍යා ආලෝකය වෙනුවට අවිද්‍යා අන්ධකාරය පතුරුවන මීවනපලානේ දෙව්දත් බණ වන් දේශනාවන් පුන පුනා ශ්‍රවණය කරන්න යෑම සුසුදු නැහැ, සොයන්න යැම සුදුසු නැහැ. හොදම දේ තමයි අවිද්‍යා අන්ධකාරය පතුරුවන මෙවන් දේශනාවන් අවිද්‍යා අන්ධකාරය පතුරුවන දේශනාවන් ලෙස කරුණු සහිතවම තේරුම් ගෙන එවන් දේශනා කසල ගොඩටමයි සුදුසු යැයි දකිමින් නැවත එවන් කසළ දේශනාවන් අහන්න නොයා, විමසන්න නොයා ඒ වෙනුවට ධර්මයත්, විනයත් දෙසටම යොමු වීම. බහුල ලෙසින් ධර්මයට හා විනයට යොමු වීම හේතුවෙන් අධර්මය හා අවිනය යනු කුමක්දැයි වෙන් කොට වටහා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හැකියාව වැඩි වැඩියෙන් තමා තුලම ඇති කරගන්නා විට අධර්මයත්, අවිනයත් අහන්න ලැබුනොත් අන් අයටත් විස්තර ඇතිව අධර්මය අධර්මය ලෙසිනුත්, අවිනය අවිනය ලෙසිනුත් පැහැදිලි කර දීමට හැකියී. අධර්මය හා අවිනය ධර්මය හා විනය ලෙස ගෙන හැර දක්වන දේශනාවන් අහන්න වැඩි පුර අපි කාලය මිඩංගු කලොත් ධර්මයත්, විනයත් ගැන සොයන්න අපට ඇති කාලය අඩු වෙනවා. එය අප අපටම කර ගන්නා හානියක්. ඒ නිසා අප ක්‍රියා කල යුත්තේ වැඩි වැඩියෙන් අපව ධර්මයත්, විනයත් දෙසටම යොමු වන ආකාරයට. එසේ ධර්මයටත්, විනයටත් වැඩි වැඩියෙන් යොමු කෙරෙන ප්‍රතිපත්තියක අප ක්‍රියා කරමින් කරුණු කාරණා සහිතව පරප්‍රවාදයන් මැඩීමට යම් උත්සාහයක් ගත්තොත් අන්න ඒ උත්සාහයත් අප තුල ධර්ම අවබෝධය තව දුරටත් වැඩි කිරීමටම හේතු වෙනවා.

    සද්ධර්මය බෙහෙවින්ම සියුම්. නොපසක් කල දහම් පසක් කිරීම මේ සියුම් බව නිසා පහසු නැහැ. නොපසක් කල දහම් පසක් කිරීම පිණිස නීවරන ධර්මයන් යටපත් කිරීමට නම් සිතේ මනා වූ තැන්පත් බව ඇති කරගැනීම උවමනායි. ඉතින් යම් අධර්මයක්, අවිනයක් අන් අයගේ හිත සුව පිණිස අධර්මයක්, අවිනයක් ලෙසම ගෙන හැර දක්වන්න යෑමේදී තමන්ගේ සිතේ තැන්පත් බව පවත්වාගෙනම එම ක්‍රියාව කරන්න උත්සාහ ගැනීම තමයි සුදුසු. නමුත් බහුල ලෙසින් වරදවා ගන්නා ලද පිරිසකට ධර්මය මෙයයි, විනය මෙයයි, අධර්මය මෙයයි, අවිනය මෙයයි ලෙසින් ඔවුන්ගේම හිත සුව පිණිස දක්වන්න යෑම කර්කශ සහ චණ්ඩ විය හැකියී. මෙසේ වූ විට අන් අය නිවැරදි බවට පමුණුවන්න උත්සාහ ගන්නා පුද්ගලයාට තම සිතේ ඇතිවන බිය හෝ නොසන්සුන්කමක් නිසා නීවරන ධර්ම යටපත් කිරීම අපහසු විය හැකියී. මෙසේ වූ විට නොපසක් කල සියුම් දහම් පසක් කිරීම තාවකාලිකව හෝ අපහසු වෙනවා. මේ හේතුව නිසා අධර්මයක්, අවිනයක් අහන්න ලැබුනොත් සහ එම කරුණු අධර්මයක්, අවිනයක් ලෙසින්ම වටහා ගන්න හැකි වුවත් මම උනත් හැම විටම ඒ ගැන කියන කෙනාට හෝ අන් අයට කියන්න යන්නේ නැහැ. නමුත් සුදුසු යැයි හිතෙන අවස්ථාවලදී මම ඒ ගැන පවසනවා. සමහර පුද්ගලයන්ට කියන්න යෑම එහෙම් පිටින්ම නිශ්ඵලයි.

    අංගුත්තර නිකායේ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ ඇති එකාදසම සූත්‍රයේදී (2.2.6.11 - http://thripitaka.org/view/sp/sp12/188) බුදු රජානන් වහන්සේ විසින් අසත්පුරුෂයෝ එක්ව වසන අයුරුත්, සත්පුරුෂයෝ එක්ව වසන අයුරුත් පවසා තිබෙනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිත් නැතිව, තමන් අන් අයගේ දෝෂ දක්වන්න යන්නෙත් නැතිව අසත්පුරුෂයෝ එක්ව වසනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිවත්, අනුන්ට හිතානුකම්පී බැවින් අන් අයගේ දෝෂ දැක්වීමෙනුත් සත්පුරුෂයෝ එක්ව වසනවා. භික්ෂූන් වහනසේලාට දේශනා කර තිබුනත් මේ සූත්‍රය අපි හැමෝම කවර ලෙසින් අපේම යහපත පිණිස කටයුතු කල යුතු දැයි වටහාගන්න උදව් කරනවා. ඉතින් ඔබ අදාල පුද්ගලයාටම වැරැද්ද නොපැවසූ නමුත් ඔබට "බැරිම තැන, මිනිස්සු නොමඟ යන එක බලා ඉන්න බැරි නිසායි දැම්මේ." යැයි අදහසක් වූවානම් එයත් අනර්ඝයි. ඒ සත්පුරුෂයින් එක්ව වසන ආකාරයට අනුරූපයි. අන් අයත් එලෙසම හිතා අපේ දෝෂත් අපට තේරුම් ගන්න හැකි ආකාරයට අපටම දක්වනවානම් එය අපට කෙතරම් යහපත් දෙයක්ද? අන් අයත් මෙහි දක්වන ලද එකාදසම සූත්‍රයේ ඇති අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත්, සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත් හොදින් තේරුම් ගෙන ඔවුනුත් සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයටම නැඹුරු උනොත් එයත් කෙතරම් යහපත් දෙයක්ද?

    අද කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට තමයි ඉන්නේ. මේ නිසා ඔවුන් එක්ව නිරයට යනවා. ඒ ක්‍රමයෙන් අධර්මය වැඩි වැඩියෙන් පැතිරෙනවා මිස ධර්මය ඉස්මතු වන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් ඔවුන් විසින්ම සදධර්මය අතුරුදහන් කරනවා. වරදවා ගන්නා ලද භික්ෂූන් වහන්සේලාත් ඉන් මිදී සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට යොමු උනොත් කෙතරම් භාග්‍යක්ද?

    Skylark