නව සන්ධානයකට මෛත්‍රී-මහින්ද දෙපිළ සාකච්ඡා
අනුර බාලසූරිය
එක්සත් ජාතික පක්ෂයෙන් තොර ආණ්ඩුවක් පිහිටු විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයකගේ සහයෝගය පළවී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාස දෙකක කාලයක සිට ඒකාබද්ධ විපක්ෂයේ හා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකක් ශ්‍රී ලනිප ඇමැතිවරුන් සමග මෙම සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව එජාපයෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමේ අදහසට ශ්‍රී ලනිපයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් බහුතරයකගේ කැමැත්ත පළ වී ඇත.
හයිඩ් පිටියේදී පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැලිsයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේ එකඟතාව පිළිබඳ ඉල්ලීම පක්ෂයට ප්රබලව ලැබෙමින් පවතින බවද වාර්තා වෙයි.