කවුද_වැරදි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඉකුත් 1999 වර්ෂයේ එක්‌තරා දිනක රාත්‍රියේ අත්තිඩිය බඩෝවිට ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක සුඛෝපභෝගී වෑන් රථයක්‌ දැවී අළුවී ගොස්‌ තිබුණේ එහි සිටි පුද්ගලයන්ද සමගය.

    වෑන් රථය තුළ හඳුනාගත නොහැකි ආකාරයට දැවී පිළිස්‌සී ගිය මළ සිරුරු පහක්‌ විය. පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වුණේ එවකට පාතාලයේ මහා කෙළිකාරයකු වූ කළුඅජිත් සහ ඔහුගේ ගෝලබාලයන් වූ තට්‌ට අශෝක, චුට්‌ටා, වනසරා ඇතුළු පස්‌ දෙනෙක්‌ මෙසේ ඝාතනය කර ඇති බවය.

    පාතාල ලෝකයේ ගෝර්ඩ්ෆාදර් ලෙස අදටත් හඳුන්වන නාවල නිහාල් මේ පංචපුද්ගල ඝාතනය පිටුපස සිටින බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබුණේය.

    කළු අජිත් ඇතුළු සගයන් ඝාතනයට ලක්‌වූයේ නාවල නිහාල්ගේ නියෝගවලට පිටින් යැමේ වරදට දඬුවම් ලෙසය.

    නාවල නිහාල්ට කප්පම් ලබා දෙන ගණිකා නිවාසවලට කඩා වැදී එහි සිටින සුරූපී තරුණියන් පැහැරගෙන යැම සම්බන්ධයෙන් කළු අජිත් ඇතුළු සගයන්ට චෝදනා එල්ලවී තිබුණේය.

    මේ ක්‍රියාව වහා නතර කරන ලෙස නාවල නිහාල් කළු අජිත්ට අවස්‌ථා කීපයකදීම අනතුරු ඇඟවීම් කර තිබුණද ඔහු ඒවා ගණනකට ගෙන තිබුණේ නැත.

    මෙයින් කෝපයට පත්වූ නාවල නිහාල් කළු අජිත් ඇතුළු ඔහුගේ කල්ලියේ පාතාල සගයන් පස්‌ දෙනෙකු කැඳවා ඔවුන් කෲර වධබන්ධනයන්ට ලක්‌ කළේය. පසුව කළු අජිත් ඇතුළු පස්‌දෙනා පණ පිටින්ම කටුකම්බිවලින් ගැට ගසා වෑන් රථයකට දමා පුළුස්‌සා ඝාතනය කළහ. මෙම සිදුවීම පාතාල ලෝක ඉතිහාසයේ වාර්තාවී තිබූ දරුණුම අපරාධවලින් එකක්‌ ලෙස අදටත් සලකුණු ලබයි.

    මේ සිදුවීමෙන් දාහත් වසරකට පසු දංකොටුව ඉරබඩගම කොස්‌හින්න ප්‍රදේශයෙන් එවැනිම පංචපුද්ගල ඝාතන සිද්ධියක්‌ වාර්තා වුණේය.

    පුද්ගලයන් පස්‌ දෙනෙකුට පහරදී දැත් දෙපා බැඳ දමා ඔවුන්ගේ සිරුරු සුඛෝපභෝගී වෑන් රථයක දමා පුළුස්‌සා විනාශකර තිබුණේ 1999 වර්ෂයේ බවෝවිටදී කළු අජිත් අතුළු සගයන් මරා දැමූ සිදුවීම නැවත සිහිපත් කරමින්ය.

    පසුගිය සති දෙක තුන පාතාල අපරාධවලින් මුළු රටම හෙල්ලී ගොස්‌ තිබූ කාලවකවානුවක්‌ විය. සිය බස්‌නාහිර සහ දකුණේ පාතාල කණ්‌ඩායම් මහ දවල් එකිනෙකා මරා ගැනීම ආරම්භ වීමත් සමගම රට පුරා පාතාල භීතියක්‌ පැතිර ගියේය.

    ඉකුත් මාර්තු 11 වැනිදා උදැසන දංකොටුව ඉරබඩගම කොස්‌හින්න ප්‍රදේශය උණුසුම් වුණේ සුඛෝපභෝගී වෑන් රථයක්‌ තුළ පුද්ගලයන් පිරිසක්‌ පුළුස්‌සා ඝාතනය කර තිබීමේ සිද්ධිය සමගය.

    මේ සිදුවීම සැළවීමෙන් පොලිසිය පවා අන්දමන්ද වුණේ දිනෙන් දින ඉහළ යමින් තිබූ පාතාල අපරාධ මර්දනය කර ගැනීමට නොහැකි වීම නිසාය.

    මෙම පංචපුද්ගල ඝාතන සිද්ධිය සැළවීමත් සමගම ඒ පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරෙන්නේ එය කඩිනමින් විභාග කර ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ඉතාම වැදගත් වූ බැවින්ය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි ආමන්ත විඡේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ දංකොටුව ප්‍රදේශය වෙත යන්නේ වැඩි දවසක්‌ ගත වන්නට පෙර මේ අපරාධයේ සුලමුල හෙළිකර ගන්නා අරමුණ ඇතිවය.

    පුද්ගලයන් පස්‌දෙනා ඝාතනය කර පුළුස්‌සා දමා තිබූ වෑන් රථයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය එම වෑන් රථය කොළඹ ප්‍රදේශයේ කල්බදු සමාගමකට අයත් එකක්‌ බව හෙළිකර ගත්තේය.

    කේ. ඩී. එච්. වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථය කල්බදු සමාගම විසින් ලබාදී තිබුණෙන් මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කපිල සෙනරත් බණ්‌ඩාර නොහොත් “නේවි කපිල” නමැත්තාට බව හෙළි කරගන්නට පොලිසියට අපහසු වුණේ නැත.

    පොලිසිය නේවි කපිලගේ නිවස සොයාගෙන ගියේ කිසියම් තොරතුරක්‌ ලබා ගන්නා අරමුණු ඇතිවය.

    මහත්තයා ඊයේ රෑ 11.00 ට විතර ටෙලිෙෆෝන්න් කළා. එතනින් පස්‌සේ කතා කළේ නැහැ.ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ. නේවි කපිලගේ බිරිඳ ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් විය. වෑන් රථය තුළ පිළිස්‌සී මියගොස්‌ සිටින්නේ නේවි කපිල ඇතුළු පිරිසක්‌ බවට සැක කළ හැකි සාක්‍ෂි කීපයක්‌ම පොලිසිය ඒ වන විට සොයාගෙන තිබුණේය.

    පොලිසිය නේවි කපිලගේ පැටිකිරිය හොයන්නට පටන් ගත්තේ ඉන් පසුවය. ලීසිං සමාගමේ කල්බදු වාරික ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ගේ වාහන පැහැර ගැනීමේ (සීසර්ලා) කාර්යය භාරගෙන තිබුණේ නේවි කපිලය.

    ඔහු සිය ගෝලබාලයන්ද සමග ගොස්‌ ඒ කාර්යය අකුරටම ඉෂ්ට කළේය. මේ රාජකාරිය සඳහා ලීසිං සමාගම නේවි කපිලට අලුත්ම කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථයක්‌ද ලබාදී තිබුණේය.

    නේවි කපිල සහ ගෝලබාලයන් ඝාතනය කරන්නට වාහන පැහැර ගැනීමේ සිද්ධියක්‌ මුල් වන්නට ඇති බවට පොලිසිය තුළ සැකයක්‌ මතුවී තිබිණි. එහෙත් එවැනි සිදුවීමකදී මේ ආකාරයට පුද්ගලයන් පස්‌දෙනකු ඝාතනය කර වාහනයද සමඟ පුළුස්‌සා දමන්නට තරම් දරුණු ක්‍රියාවක්‌ කරන්නට ඉදිරිපත් වන්නේ කවුරුන් ද යන ගැටලුව පොලිසිය වෙත මතුව තිබුණේය.

    මේ අතර නේවි කපිලගේ මළ සිරුර ඔහුගේ බිරිඳ විසින් මරණ පරීක්‍ෂණයේදී හඳුනා ගත්තාය. නේවි කපිල පැළඳ සිටි රන් මාලයෙන් සහ ඔහුගේ එක්‌ පාදයක ශල්‍යකර්මයක්‌ මගින් දමා තිබූ යකඩ තහඩුවකින් ඔහුගේ සිරුර හඳුනා ගන්නට හැකි විය.

    ඝාතනයට ලක්‌ වූවන් අතර සිටි කටානේ සූප්පුවා සහ පෑලියගොඩ නෙයිනාගේ සිරුරද පොලිසිය හඳුනා ගත්තේය.

    නේවි කපිලගේ පැටිකිරිය පරීක්‍ෂා කිරීමේදී ඔහු රට පුරා සිදුකළ අපරාධ 15 කට අධික ප්‍රමාණයකට චෝදනා එල්ල වූවකු බව සොයා ගැනීමට පොලිසිය සමත් විය.

    දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයකු වූ (අයි.ආර්.සී.) නේවි කපිල මහා කාලකණ්‌ණි ජීවිතයක්‌ ගත කළ නරුමයකු බවද හෙළි වුණේය.

    තම ලෙයින් උපන් දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ද මේ නරුම පියාට එරෙහිව චෝදනාවක්‌ එල්ලවී තිබුණේය. දියණිය දූෂණය කිරීමේ වරදට මාස ගණනක්‌ තිස්‌සේ බන්ධනාගාර ගතව සිටින්නට නේවි කපිලට සිදුවූ බව පොලිසිය සොයා ගත්තේය.

    නේවි කපිලගේ ජංගම දුරකථනයේ අංකය වෙත ලැබුණු දුරකථන ඇමතුම් ඔස්‌සේ පොලිසිය පරීක්‍ෂණ ක්‍රියාත්මක කරගෙන යද්දී වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වුණේය.

    නේවි කපිල සිය දුරකථනයෙන් දිගින් දිගටම ඇමතුම් ලබා ගත් මාකඳුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පිළිබඳව පොලිසිය සැක පහළ කළහ. මේ ව්‍යාපාරිකයා සමග දුරකථන ඇමතුම් රැසක්‌ ගෙන තිබූ නිසා පොලිසිය ඔහු පසුපස යන්නට පටන් ගත්තේ කිසියම් තොරතුරක්‌ ලබා ගන්නා බලාපොරොත්තුවෙන්ය.

    පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මනෝඡ් අමිල නොහොත් බොයිලේරු මංජු ධනවත් ව්‍යාපාරිකයෙකි. පොලිසිය බෝයිලේරු මංජු අත්අඩංගුවට ගත්තේය.

    “සර් ඔය නේවි කපිල මම හොඳට අඳුනනවා. මම මිනිහට මාසයක්‌ ගානේ කප්පම් මුදල් දෙනවා. ඒත් ඔය මිනීමැරුම්වලට මගේ සම්බන්ධයක්‌ නැහැ.”

    බොයිලේරු මංජු පොලිසිය හමුවේ කියා සිටියේ තමන් මේ පංචපුද්ගල ඝාතනයට කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවයි. එහෙත් පොලිසිය මංජුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වූ ස්‌ථාන පිළිබඳව සොයන්නට පටන් ගත්තේය. එහිදී මේ පංච පුද්ගල ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ සොයා ගන්නට පොලිසිය සමත් වුණේය.

    බොයිලේරු මංජුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරන්නේ මේ ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ කිසියම් සම්බන්ධයක්‌ තිබෙන බවට ඇතිවූ බරපතළ සැකය නිසාය.

    මංජුගේ නිවසේ පෙරදා රාත්‍රි මත්පැන් සාදයක්‌ පැවැති බවත් ඊට නේවි කපිල ඇතුළු ගෝල බාලයන් පිරිසක්‌ සහභාගී වූ බවත් පොලිසිය හෙළිකර ගත්තේය.

    දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මංජුට තවදුරටත් සත්‍ය වසන් කරගෙන සිටීමට හැකියාවක්‌ තිබුණේ නැත.

    සර් මම තමයි මේ අපරාධය කෙරුවේ. නේවි කපිල කියන එකා මහ තිරිසනෙක්‌. ඌ පුළුවන් තරම් කරදර කළා. මම දුක්‌ මහන්සියෙන් හම්බ කරන සල්ලි ඌ මගෙන් උදුර ගත්තා. නේවි කපිලගේ කරදර උහුල ගන්න බැරි තැන තමයි මම ඌව මරලා දැම්මේ.

    බොයිලේරු මංජු පොලිසිය හමුවේ සියල්ල පාපොච්චාරණය කරන්නට පටන් ගත්තේය.

    මනෝඡ් අමිල පන්නල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකි. කාලයක්‌ තිස්‌සේ දුක්‌ මහන්සියෙන් හරි හම්බ කර ජීවිතය ගොඩනඟා ගත් ඔහු මේ වන විට පන්නල ප්‍රදේශයේ යමක්‌ කමක්‌ ඇති ධනවතකු බවට පත්ව සිටියි.

    පන්නල කර්මාන්තපුරයේ කම්හල් කීපයකම බොයිලේරු ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන සිටියේ මනෝඡ් අමිලය. මේ බොයිලේරු කොන්ත්‍රාත්තු නිසා ප්‍රදේශයේ කොයි කවුරුත් ඔහු හැඳින්වූයේ බොයිලේරු මංජු ලෙසය. පන්නල කර්මාන්ත පුරයේ රබර් අත්වැසුම් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක්‌ තිබිණි. එහි තිබූ විශාල බොයිලේරුව ක්‍රියාත්මක කිරීමට ටෙන්ඩර් කැඳවා තිබුණේය. නේවි කපිලගේ මිතුරකුද මේ ටෙන්ඩරය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළේය.

    එහෙත් බොයිලේරුව ක්‍රියාත්මක කිරීමේ ටෙන්ඩරය ලැබුණේ බොයිලේරු මංජුටය. තම මිතුරාට ටෙන්ඩරය නොලැබීම ගැන නේවි කපිල තුළ තිබුණේ දැඩි නොසතුටකි.

    නේවි කපිල පන්නල ප්‍රදේශයේ මැරයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. ඔහු විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් මුදල් ලබා ගත්තේය. වත්තල, මාකඳුර, සංඳලංකාව වැනි ප්‍රදේශවල කොල්ලකෑම් ගණනාවක්‌ සම්බන්ධයෙන් නේවි කපිලට එරෙහිව චෝදනා තිබුණේය.

    බොයිලේරු ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව මංජු වෙත ලැබීමෙන් පසු නේවි කපිල ඔහුට දුරකථනයෙන් කතා කළේය.

    “මගේ යාළුවෙකුට ඔය ටෙන්ඩර් එක එන්න තිබුණේ. උඹ ඒක අරගෙන කළේ ලොකු වරදක්‌. උඹ ඔය වැඩේ කරගෙන ගියාට කමක්‌ නැහැ. මාසයක්‌ ගානේ මට පනස්‌දාහ ගානේ දෙන්න ඕනේ. එහෙම නොකොළොත් මම උඹට යහතින් ඉන්න දෙන්නෙ නැහැ”

    නේවි කපිල බොයිලේරු මංජුට දිගින් දිගටම තර්ජනය කරන්නට පටන් ගත්තේය. නේවි කපිලගෙන් මංජුට කිසිම ගැලවීමක්‌ නැත. නේවි කපිල මහා නරුමයකු බව මංජු හොඳින් දැන සිටියේය. ඔහුට කප්පම් නොදී ව්‍යාපාරය සාර්ථකව කරගෙන යැමට ඉඩක්‌ නැති බවද මංජු තේරුම් ගෙන සිටියේය.

    “නේවි කපිලය මහා කාලකණ්‌ණියෙක්‌. මම දුක්‌මහන්සියෙන් හම්බකරන සේසතම ඌට දෙන්න ඕනේ.” මංජු සිය මිතුරන් සමඟ මේ පිළිබඳව නිතර කතා කළේය.

    කර්මාන්ත ශාලාවේ බොයිලේරු කොන්ත්‍රාත්තුව ලබා ගැනීමෙන් පසු පළමු මාසයේ කප්පම් මුදල් ලෙස රුපියල් තිස්‌දහසක්‌ නේවි කපිලට ලබා දෙන්නට මංජුට සිදුවිය. එසේ ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව නේවි කපිල කීවේය.

    “උඹ මේ කොන්ත්‍රාත්තුවලින් ලොකු ලාභයක්‌ ගන්නවා. මට හංගන්න හදන්න එපා. මාසයක්‌ ගානේ මට පනස්‌දාහ ගානේ එවපං. නැත්නම් වැඩ වරදින්න පුළුවන්.”

    නේවි කපිල නැවතත් මංජුට තර්ජනය කළේය. එතැන් සිට මංජු මාසිකව නේවි කපිලට රුපියල් පනස්‌දහස බැගින් ලබාදුන්නේය. බොයිලේරු ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවෙන් විශාල ලාභයක්‌ නොලැබුණද නේවි කපිලගේ කප්පම් මුදල් ලබාදීම පැහැර හැරිය නොහැකි විය.

    මේ අතර නේවි කපිල හිටිහැටියේම බන්ධනාගාර ගත වුණේය. ඒ මේ නරුමයා සිය දියණිය දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

    නේවි කපිල බන්ධනාගාර ගත වුවද බොයිලේරු මංජුට ඔහුගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත. දිනක්‌ නේවි කපිල බන්ධනාගාරයේ සිට මංජුට දුරකථනයෙන් කතා කළේය.

    මගේ මාසික ගාස්‌තුව මාකඳුරේ ගෙදරට ගිහින් දීපන් මම නෝනට කියලා තියෙන්නේ. උඹ මාසයක්‌ ගානේ පනස්‌දාහක්‌ ගෙනත් දෙයි කියලා.

    නේවි කපිල බන්ධනාගාර ගතවීමෙන් පසුවද මංජුට ඔහුගෙන් කිසිදු ගැලවීමක්‌ තිබුණේ නැත.

    “ඌට බයවෙලා ජීවත් වෙන්න බැහැ. ඒ ගමන කියනව කපිලයගෙ ගෑණිට කප්පම් දෙන්න කියලා. ඌ කියන කියන විදියට නටන්න ගියොත් මේ බිස්‌නස්‌ එක කරන්න ලැබෙන්නේ නැහැ.

    නේවි කපිලට කප්පම් ලබාදීම බොයිලේරු මංජු විසින් පැහැර හැරියේ ඔහු බන්ධනාගාර ගත වීමෙන් පසුවය. මාස හතර පහක කාලයක්‌ මංජු නිදහසේ සිය ව්‍යාපාර කරගෙන ගියේය. නේවි කපිල දුරකථනයෙන් කතාකර කප්පම් මුදල් ඉල්ලා සිටියද තඹ ශතයක්‌ ඔහුට ලබා දෙන්නට මංජු කටයුතු කළේ නැත.

    කප්පම් නොදීම පිළිබඳව නේවි කපිල බොයිලේරු මංජු කෙරෙහි දැඩි වෛරයකින් පසුවුණේය.

    ඌ හිතාගෙන ඇති මම හැමදාම හිරේ ඉඳියි කියලා. හොඳයි මම එළියට ආවම බලාගන්නම්කෝ. නේවි කපිල තම කල්ලියේ සගයන් සමග කියා සිටියේය. මාස පහකට පමණ පසු නේවි කපිල ඇපමත නිදහස ලබා මාකඳුරට පැමිණියේය. ඔහු කෙළින්ම ගියේ බොයිලේරු මංජු මුණ ගැසීමටය.

    “උඹ ලොකු චණ්‌ඩියෙක්‌ කියලද හිතාගෙන ඉන්නේ. මම අද ආවේ මේකේ දෙකෙන් එකක්‌ ඉවර කර ගන්න.”

    නේවි කපිල මංජුට තර්ජනය කරන්නට පටන් ගත්තේය.

    “කපිල අයියා මේ දවස්‌වල හරිම කරදරයි. හම්බවෙන්න තිබුණු සල්ලි ලැබිලත් නැහැ. මට පොඩි චාන්ස්‌ එකක්‌ දෙන්න. මම ඔයාගේ සල්ලි ටික දෙන්නම්. බොයිලේරු මංජු බොහොම යටහත් පහත්ව නේවි කපිලගෙන් සමාව ඉල්ලා සිටියේය.

    උඹේ දුක්‌ගැනවිලිවලින් මට වැඩක්‌ නැහැ. උඹ මාස ගණනකින් සල්ලි දුන්නේ නැහැ. මේ මාසේ ඉඳලා මට හැත්තෑදාහක්‌ ඕනේ. එහෙම දෙන්න බැරි වුණොත් මම ඉතිරි හරිය බලා ගන්නම්.

    නේවි කපිල බොයිලේරු මංජුට තර්ජනය කර යන්නට ගියේ මුදල් ගන්නට ආපහු එන බව කියමින්ය.

    නේවි කපිලගෙන් තමන්ට කිසිම ගැලවීමක්‌ නැති බව මංජු හො¹කාරවම දැන සිටියේය. කොයි මොහොතක හෝ මේ නරුමයා තමන් පරලොව යවන බවද මංජුට සිතුණේය. කළ යුත්තේ කුමක්‌ද යන්න සිතමින් මංජු දහඅතේ කල්පනා කරන්නට විය.

    මාර්තු 09 වැනිදා නේවි කපිලගෙන් මංජුට නැවතත් දුරකථන ඇමතුමක්‌ ලැබුණේය.

    “හෙට මම එනවා සල්ලි ටික ගෙනියන්න. මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එනවා. හොඳ බෝතල් තුනකුයි බයිට්‌ එකකුයි හදලා තියපං අපි කාලෙකින් සෙට්‌ වුණෙත් නැහැනේ.

    නේවි කපිල බොයිලේරු මංජුට කීවේය. නේවි කපිල තමාට පාඩුවේ සිටින්නට නොදෙන බව මංජු හොඳාකාරවම දැන සිටියේය. හොඳින් බැරිනම් නරකින් හෝ මේ ගැටලුවට විසඳුම් සෙවිය යුතු බව ඔහු සිතුවේය. ඒ වන විට මංජු දැඩි තීරණයක්‌ ගෙන සිටියද කිසිවකුටත් ඒ ගැන වචනයකුදු හෙළි නොකරන්නට වග බලා ගත්තේය.

    මාර්තු 10 වැනිදා රාත්‍රියේ නේවි කපිල පන්නල පිහිටි මංජුගේ නිවසට ආවේ මිතුරන් සිව් දෙනකු සමගය. කපිලගේ නියෝගය පරිදි ඉස්‌තරම්ම වර්ගයේ මත්පැන් බෝතල් තුනක්‌ සහ හොඳ කටගැස්‌මක්‌ සූදානම් කර තැබීමට මංජු අමතක කළේ නැත.

    නේවි කපිල සිය ගෝලබාලයන්ද සමග මධ්‍යම රාත්‍රිය ගෙවී යන තුරුම මත්පැන් පානය කළේය. රාත්‍රි ආහාරය සඳහා ඇණවුම් කළ ෆ්‍රයිඩ් රයිස්‌ද ලැබී තිබුණේය. මේ අනුභව කරන්නේ තම අවසන් භෝජන සංග්‍රහය බව නේවි කපිලත් ඔහුගේ ගෝල බාලයන්වත් දැන සිටියේ නැත.

    බොයිලේරු මංජුගේ සිත යකාගේ කම්මල මෙන් විය. දැඩි ලෙස කලබලයට පත්වූ බවක්‌ ඔහුගේ මුහුණේ ඇඳී තිබුණේය. එළඹෙන තත්පරයේදී කුමක්‌ සිදුකළ යුතුදැයි ඔහුට සිහියට නැඟෙන්නේ නැත.

    එහෙත් සැලසුම් කළ සියල්ල ඒ අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. අවසන් භෝජන සංග්‍රහය භුක්‌ති විඳීමෙන් පසු නේවි කපිල නිවසින් පිටවීමට සූදානම් වුණේය.

    “අපි දැන් යන්න ඕනේ. අර සල්ලි ටික අරගෙන වරෙන් දැන් හොඳටම රෑ බෝවෙලා…”

    නේවි කපිල මංජුගේ කණට කර කීවේය.

    කපිල අයියා මාකඳුරේ පොළ ළඟට ටිකකට යමු. මගේ කොල්ලෙක්‌ එතනට එනවා සල්ලි ටික අරගෙන. ඔය කොල්ලො ටිකත් එක්‌ක වෑන් එකේ එන්න. මම බයික්‌ එකේ පොළ ළඟට එන්නම්… මංජු කිසිදු වෙනසක්‌ නොපෙන්වා කීවේය. තම මාරයා මාකඳුර පොළ පිටුපස අඳුරේම සැඟවී සිටින බව නේවි කපිල හෝ ඔහුගේ සගයන් දැන සිටියේ නැත.

    හොඳ පදමට මත්පැන් පානය කර සිටි සියල්ල වෑන් රථයට ගොඩ වූහ. වෑන් රථය පදවාගෙන යැමේ කාර්යය භාරවී තිබුණේ සූප්පුවාටය.

    “හොඳ සිංදුවක්‌ දාපං කොල්ලෝ අද හරි ජොලි දවසක්‌. නේවි කපිල සූප්පුවාට කීවේය. වෑන් රථයේ කැසට්‌ යන්ත්‍රය ඉහළ හඬකින් ක්‍රියාත්මක වුණේය.

    නේවි කපිල ඇතුළු පිරිස මාකඳුර සතිපොළ අසලට ආහ. ඝන අන්ධකාරය මුළු පොළ ප්‍රදේශයම ගිලගෙන තිබුණේය. මාකඳුර නගරය ජනශූන්‍ය වී තිබිණි.

    බොයිලේරු මංජු සිය යතුරුපැදියෙන් පොළ අසලට ආවේය. ඔහු යතුරුපැදියේ එක්‌ පසක විශාල යකඩ පොල්ලක්‌ සහ මන්නා පිහියක්‌ සඟවාගෙන සිටින අයුරු කිසිවකුත් දුටුවේ නැත. බොයිලේරු මංජු පොළ පිටුපසට ගොස්‌ නැවත වෑන් රථය අසලටම ආවේය.

    “කපිල අයියා ටිකකට එනවද මගේ යාළුවට ටිකක්‌ කතා කරන්න ඕනෙලු. නේවි කපිල වෑන් රථයෙන් බැස මංජු පසුපසින් පොළ දෙසට අඳුරේම ගමන් කළේය. නේවි කපිලට වැඩිදුරක්‌ ගමන් කරන්නට ඉඩ ලැබුණේ නැත.

    හැඩි දැඩි සිරුරක්‌ ඇති බොයිලේරු මංජු අඳුරේම ක්‍රියාත්මක වුණේය. ඔහුගේ දකුණු අතේ තිබූ යකඩ පොල්ල ඔසවා නේවි කපිලගේ හිසට වේගවත් පහරක්‌ එල්ල කළේය.

    ජවාධික ප්‍රහාරයෙන් අන්දමන්ද වූ නේවි කපිල කිසිදු හැල හොල්මනක්‌ නොමැතිව බිම ඇද වැටුණේය. සඟවාගෙන සිටි පිහියෙන්ද පහර කිහිපයක්‌ එල්ල කර නේවි කපිල නිමා කළ මංජු නැවතත් වෑන් රථය දෙසට ගමන් කළේය.

    ඒයි සූප්පුවා අන්න කපිල අයියා උඹට කතා කරනවා. මංජු කිසිදු වෙනසක්‌ නොකර වෑන් රථයේ රියෑදුරු අසුනේ සිටි සූප්පුවාට කීවේය. ඔහුද පොළ පිටුපසට ආවේ කපිල තමන් කැඳවූයේ මන්දැයි සිතමින්ය.

    එහෙත් මාරයා අඳුරේම ක්‍රියාත්මක වුණේය. සූප්පුවාගේ හිස හරහා එල්ල වූ යකඩ පොලු පහරින් ඔහුද සදාකාලික නින්දට වැටුණේය.

    ඒ ආකාරයට වෑන් රථයේ සිටි නේවි කපිලගේ ගෝලයන් එකා එකා පොළ පිටුපසට කැඳවාගෙන ගිය මංජු ඔවුන්ට පහරදී මරා දැම්මේය. මාකඳුර පොළ පිටුපස අමු සොහොන් පිටියක්‌ බවට පත්ව තිබුණේය. නේවි කපිලගේ සහ ගෝලබාලයන් සිව් දෙනාගේ නිසල සිරුරු පොළ භූමිය පුරා වැටී තිබිණි. මංජු දැඩි ලෙස කලබලයට පත්ව සිටියි. ඔහු ජංගම දුරකථයෙන් මිතුරන් කීපදෙනකුට කතා කළේය.

    විනාඩි කීපයක්‌ ගතවන්නට පෙර මංජුගේ බොයිලේරුවේ සේවය කරන තරුණයන් සිව් දෙනෙක්‌ මාකඳුර පොළ භූමියට ආහ. පොළ භූමිය පුරා තැන් තැන්වල වැටී තිබෙන මළ සිරුරු දැකීමෙන් මංජුගේ මිතුරෝ දැඩි ලෙස කලබලයට පත්ව සිටියහ.

    දැන් කරන්න දෙයක්‌ නැහැ වෙන්න තියෙන හැම දෙයක්‌ම වෙලා ඉවරයි. අපි මුන් ටික මෙතනම ගොඩගහලා ගිනි තියමු. මංජු යෝජනා කළේය.

    උඹට පිස්‌සුද මෙතන මිනී ටිකට ගිනි තිබ්බොත් ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. අපි මුන් ටික වෑන් එකට දාගෙන කොහේ හරි ගිහින් දාමු මංජුගේ මිතුරකු යෝජනා කළේය. බිම ඇද වැටී සිටී නේවි කපිලගේ සහ ගෝලබාලයන්ගේ දැත් දෙපා ගැට ගැසූ මංජුගේ මිතුරන් ඔවුන්ගේ සිරුරු වෑන් රථයේ පිටුපසට පටවා ගත්හ.

    “අපි වැන් එක කොහොම හරි අරගෙන ගිහින් ගිනි තියලා විනාශ කරමු. එතකොට හොයාගන්න බැරි වෙයි මොකක්‌ද වුණේ කියලා.

    මංජුගේ මිතුරෙකු කළ යෝජනා ඉතාම ප්‍රායෝගික විය. වෑන් රථය පණ ගන්වාගත් මංජු එය මාකඳුර පොළ භූමියෙන් පිටතට ගෙන දංකොටුව දෙසට ධාවනය කළේය.

    මංජුගේ මිතුරන් යතුරුපැදිවල නැඟී ඉදිරියෙන් ගමන් කරන්නට වූහ.

    ඉරබඩගම පැත්තේ පාළු තැනක්‌ තියෙනවා වාහනයක්‌වත් යන්නෙ නැහැ අපි එතනට අරගෙන යමු. මංජුගේ මිතුරකු යෝජනා කළේය. මාකඳුරේ ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් කෑන් කීපයක්‌ ගත් තරුණයන් ඉරබඩගම ප්‍රදේශයේ පාළු ස්‌ථානයකට වෑන් රථය රැගෙන ගියහ.

    එහිදී වෑන් රථයට සහ මළ සිරුරුවලට පෙට්‍රල් වත් කළ මංජු සහ මිතුරන් ඊට ගිනි තැබූහ.

    විනාඩි ගණනක්‌ ගත වෙන්නට පෙර වෑන් රථය එකම ගිනි ජාලාවක්‌ වුණේය. නේවි කපිල සහ සගයන් ඝාතනය කර වෑන් රථයට දමා ගිනි තැබූ මංජු ඇතුළු පිරිස එම ස්‌ථානයෙන් නික්‌ම ගියේ මේ අපරාධය සදාකාලිකව වැළලී යනු ඇතැයි සිතමින්ය.

    එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 48 ක්‌ ගත වන්නටත් පෙර මෙම අභිරහස්‌ ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. සිය දියණිය දූෂණය කිරීම ඇතුළු විවිධ අපරාධ කරමින් රටටම මහා පිළිලයක්‌ව සිටි නේවි කපිලට අවසානයේ මිහිපිටදීම පව් ගෙවා දමන්නට සිදුවුණේය.

    හේමන්ත රන්දුණු
    දිවයින
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    neethiyen pihitak nethi welawata thmai, minissunta neethiya thmange athata ganna wenne.
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..

    :yes::yes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..

    ඔව් මචන්, ඉවසලා ඉවසලා බැරිම තැන වෙන ඔප්ෂන් එකක් නැහැනේ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය වගේ කාලකන්නි මරන්න තමා බන් තියෙන්නේ..මුන් හිටියා නම් අර මිනිහව මරනවා උන්ගේ බලේ පෙන්නන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..

    :yes::yes:
    පොලිසිය ක්‍රියාත්මක වෙන්නෙ ඔක්කොම වුණාට පස්සෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..

    :yes::yes::yes::yes:

    ලන්කාවෙ නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ. පොලිසියට ගිහින් දාපන්කො පැමිනිල්ලක් උන්ගෙ රගේ බලාගන්න. මෙච්චර මේ රටට කෙල වෙන්න මූලිකම හේතුව පොලිසියට කොන්ද පන නෑ නියම අපරාධකාරයො අල්ලන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    නේවි කපිලය වගේ වැඩ කරන එවුං රටේ තවත් ඇති..
    උං දැනගන්ඩ ඕන මිනිස්සුන්ගෙ ඉවසීමෙ සීමාවක් තියෙනව කියල...

    මංජුවලට උසාවියෙන් නඩු අහල මොන වගේ දඬුවමක් දෙයිද ?
    ටික කාලෙකින් නිදහස් වෙන්ඩ චාන්ස් එකක් ලැබෙන්ඩ කියල පාර්තනා කරනව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..

    :yes::yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    මිනිස්සුන්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා..නීතියෙන් අපරාධකාරයෝ නිදහස් වෙනවනම් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙලබෙනවා..මම නම් කියන්නේ මංජු කරේ හරි දේ..