ඇයි අපි පොහොසත් නැත්තෙ?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රට තුන් වෙනිද, දෙවෙනිද කෙසේ වෙතත් අදහස් වලින් තාම 4 වෙනි ලෝකයේ විතර ජීවත් වෙන මිනිසුන් බහුතරයක් ඉන්න රටක් හැටියට අපිට මේ කපේදී ඉදිරියට යන්න බැහැ. ඉස්සෙල්ලම රටක් විදියට නීති රීති දාල මිනිසුන්ව හික්මවන්න ඕනේ. අපි පාරට බැස්සත්, කොහේ ගියත් ඉන්නෙ පුදුම පීඩනයකින්. ඒකට හොඳම උදාහරණය තමයි පාරේදී හැසිරෙන විදිය. හරක් ගාලක් වගේ හැසිරෙන්නෙ. ඔය විදියට බහුතරයකගේ හිත් දූෂණය වෙලා කේන්තියෙන් පීඩනයෙන් ඉන්නකොට ඒ රටට හරියන්නෙ නැහැ. අපිට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.

    පොහොසත් අයම දියුනු වෙන්නෙ ඇයි කියලා Ultra සහෝදරයා දාලා තිබුනු ත්‍රෙඩ් එකට මම දාපු උත්තරේ සහ මේ විෂය පිලිබඳව යන්තම් හරි මම දන්න දේ කිරියෙ දාන ලෙස Dimer සහෝදරයා කරපු ඉල්ලීම නිසා මෙම ලිපිය පල කරන්නෙමි.ගොඩක් උන්ට මල පනියි මම මේ කියලා තියෙන දේවල් වලට.ඒත් කවුරුහරි වැඩක් ගනියිනෙ

    ඇත්තටම පොහ්සත් උන් පොහොසත් උනේ කොහොමද?ලක් එකට,නිධානයක් හම්බ වෙලා.. ඕකා මිනිස්සුන්ට පොලු තියලා දියුනු උනේ වගේ කතා අපි දවසට 3,4ක් අහලා තියෙනවනෙ.ඒත් ඇත්ත ඒක නෙවෙයි,මේ කතා කියන උන් ගොඩක් ඒවා කියන්නෙ උන්ගෙ හිත රවට්ටගන්න.ඇත්තටම අපි හිතන විදිය වෙනස් කරගන්න එකයි බන් වෙන්න ඕනෙ... ඒක නිසා තමයි ලෝකෙ 1%ක් 85%ක් සල්ලි පාවිච්චි කරන්නෙ,පොඩ්ඩක් හිතහන් අපි ඉගෙන ගන්නෙ ඇයි? රස්සාවක් කරන්න.රස්සාවක් කරන්නෙ ඇයි? සල්ලි හොයන්න.සල්ලි හොයන්න රස්සාවක් කරන්න අපි ඉගෙනගන්න කොච්චර කාලය වය කරලා ඇද්ද?සල්ලි යට කරලා ඇද්ද? එතකොට ඒ ගාන හොයන්න අපි අවුරුදු කීයක් වැඩට යන්න ඕනෙද?... ඒ එකක්....
    එතකොට අපේ දවස හිතහන්,අපි උදේ 6.30ට වැඩට යන්නෙ කියලා හිතපන්,8.30ට වැඩට ගිහින් 4.30 වෙනකල් වැඩ කරලා ගෙදර එනකොට 6.30යි.එතකොට අපිට ගිය පෙට්‍රල් වියදම,ඔෆිස් ඇඳුම් පැලඳුම්වල වියදම?පැය 4ක් පාරෙ නාස්ති කරපු කාලය?කවුරුවත් මේවට ගනන් හදන්නෙ නෑ,පඩිය කීයද කියලා ඇහුවම ලක්ෂයයි දෙකයි කියනවා.පැය 8යි වැඩ කරන්නෙ කියනවා.ඇත්තද?.....
    මේ තමයි වැදගත්ම කාරනය,උඹලා කවුරුහරි පන්තියෙ පලවෙනියා වෙලා තියෙනවද?වෙලා තියෙනවනම් උඹලා දන්නවා ගෙදර මිනිස්සු එදා උඹට කොච්චර සැලකුවද?සෙල්ලම් බඩු අරන් දුන්නද කියලා...ඒත් උඹ 7 වසරෙ පලවෙනියා වෙච්චි එක අද වැඩක් තියෙනවද උඹට?කැම්පස් එකේ පුක උඩ තියාගෙන පාඩම් කරලා බැච් ටොප් උනා කියලා,4.0 GPA එක දැම්මා කියලා රස්සාවට ගිහින් අවුරුදු 5කට පස්සෙ වැඩක් තියෙනවද?ඒ උනාට අපි ඒ වෙලාවෙ පට්ට ෆැන්ටසියක ජීවත් උනානෙ මචන්.යාලුවො උනත් බැච් ටොපාට වැඩි සැලකිලි.ඒත් අවුරුදු 5කින් උඹ කලින් බැච් ටොපා උනා කියලා කාටවත් වැඩක් නෑ...
    මම කියන්නෙ ඉගෙනගන්න එපා කියලා නෙවෙයි,අපි ඉගෙනගන්නෙ වැරදි දේ කියලා කියන එක.අපි ඉගෙනගන්නෙ,අපිට උගන්නන්නෙ වහල්ලු වෙන්න.උඹ පොඩි කාලෙ උඹෙන් ආසම කාර් එක ඇහුවොත් කියන්නෙ ෆෙරාරි එකක් නැත්තන් ලැම්බො එකක්.අද මරුටියක් ගන්න කටු කනවා...,ෆේස්බුක් එකේ කවදාහරි ෆෙරාරියක් ගන්නවා කියලා කී දෙනෙක් පෝස්ට් දානවද?ඒත් ඒ එකෙක්ටවත් ඕක කරන්න බැරි බව මම දන්නවා,උඹ දන්නවා කොටින්ම ඒ පෝස්ට් එක දාපු එකත් දන්නවා... ඇයි එහෙම කරන්න බැරි?ඒ මොකද අපි සිස්ටම් එකෙන් වෙන් වෙන්න කැමති නෑ,මේ අපි ෆලෝ කරන සිස්ටම් එක කවදාවත් අපිව ෆෙරාරියකට ගෙනියන්නෙ නෑ,මිනිස්සු වාසනාව කර්මය වගේ දේවල් වලට මුලු ජීවිතේම බාර දීලා උඩ බලාගෙන සිස්ටම් එක ෆලෝ කරනවා.උඹ පන්තියෙ පලවෙනියා වෙනකල් බැච් ටොපා වෙනකල් උඹ හිතන්නෙ උඹ සාර්ථකයි කියලා,වටේ ඉන්න 2.0 GPA එක දාන එකත් හිතන්නෙ උඹ සාර්ථකයි කියලා.ඒත් මචන් රියැලිටිය ඊට වඩා සෑහෙන්න වෙනස්.මම තවම සාර්ථක එකෙක් නෙවෙයි,ඒත් මම අද දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා.මම ඔය ෆීල්ඩ් එක ගැන සෑහෙන්න හැදෑරුවා බන්,තාමත් හදාරනවා....

    මෙතනින් උත්තරේ ඉවරයි,ඉතුරු ටික බලාගනින් පහලින් :D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැමෝටම බොස් ල වෙන්න බැහැනෙ මචන්. වැඩ කරන කට්ටියකුත් ඉන්න ඕනේ. ඔතන තියෙන්නෙ බොස්ද සේවකයාද කියන එක නෙමෙයි. අපේ මිනිසුන්ගේ attitude එකේ වරද. අපේ දේශපාලනයේ වරද.

    කව්රුත් ආසයි සැපවත් ජීවිතයක් ගත කරන්න.

    ඇයි අපි පොහොසත් නැත්තෙ?මාසෙ අන්තිමට පඩි ලැබීමේ මායාව

    මම මේ සීරිස් එක කිසි පිලිවෙලක් නැතුව කරන්නෙ,ඒත් ගන්න පුලුවන් දෙයක් ගනිල්ලා.මට මතක නෑ කලින් දැම්මෙ මොකක්ද කියලා,ඒත් ටික දවසක් යනකල් මම පට්ට බිසි.ඒ අස්සෙ මේක දාන්නෙ.මාස 2කින් මම පිලිවෙලට ඔක්කොම දාන්නම්...
    හොඳයි මම කියන්නෙ අද අපේ සැලරි එක නැත්තන් පඩිය ගැන.මේක තමයි අපි දන්න විදියට අපේ සියලුම ප්‍රශ්න විසඳන ඉෂ්ඨ දේවතාවා,මාසෙ අන්තිමට මේක අරන් එන්නෙ ඉස්සෙල්ලම බැඳලා ගෑනි ගෙදර ගේනවා වගේ සන්තෝසෙන්.ඒත් ඉතින් ටික දවසයි,ආයෙත් සතියෙන් පරන සින්දුවම තමයි.මේකට හේතුව අපි අපේ වැඩවල වගකීම ගන්න අකමැතිකම.ඒ කියන්නෙ අපිට පඩිය විදියට හම්බ වෙන්නෙ ඒ මාසෙ අපි ඔෆිස් එකේ හිටිය කාලයට(වැඩ කරනවද නැද්ද අදාල නෑ සැලරි එක හම්බ වෙනවා) අපි ලීනියර් ටර්ම් වලින් තමයි සල්ලි බලාපොරොත්තු වෙන්නෙ,මාසයක් ගියා 50,000ක් ආවා,තව මාසයක් ගියා තව 50,000ක් ආවා.අපි ශුවර් එකටම දන්නවා තව මාසයක් ගියාම ආයෙත් 50,000ක් සෙට් වෙනවා කියලා.මේ කම්ෆර්ටබල් සිටුවේශන් එකට අපි හැඩ ගැහිලා,ඒක නිසා අපි හිතනවා මේ ජොබ් එක වාසනාවට ලැබුනෙ,පඩි දෙන එකා අපේ දෙයියො කියලා.ඒත් කවදාවත් හිතලා තියෙනවද උඹලගෙ බොසාට කවුද පඩි දෙන්නෙ කියලා?බොසාට කවුරුත් සැලරි එකක් දෙන්නෙ නෑ,ඒත් මිනිහා අපිට වඩා කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙනියනවා.ඒ කොහොමද?ඒ මොකද බොසා අපි වගේ මාසෙ ඉවරවෙලා චෙක් එක වැඩැම්මෙනකල් ඉන්නෙ නෑ,බොසා ඒ වෙනුවට වැඩ කරනවා,මිනිහගෙ ආදායම තීරනය වෙන්නෙ මාසෙන් මාසෙන් මාසෙට නෙවෙයි,මිනිහගෙ තීරණයෙන් තීරණයට මිනිහා කොච්චර සාර්ථකත්වාක් ලබනවද කියන එක උඩ.මිනිහා හරි තීරණ ගත්තොත් මිනිහට වැඩිපුර සල්ලි,වැරදි තීරන ගත්තොත් සල්ලි පාඩුයි.ඒක නිසා මිනිහා දවසින් දවස හොඳ තීරණ ගන්න පෙලඹෙනවා,දවසින් දවස වැඩිපුර සල්ලි එකතු කරගන්නවා,අපි ඔෆිස් එක අස්සට වෙලා මාසෙ ඉවර වෙනකල් බකන් නිලන් ඉන්නවා.බොසා දියුනු වෙනවා අපි එක තැනමයි.ඒක නිසා පුලුවන් තරම් කාලය අනුව වටිනාකමක් නෙවෙයි,කරන දේවල්වල ප්‍රථිපල මත ආදායම් හදාගන්න පුරුදු වෙන්න:):):)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රට තුන් වෙනිද, දෙවෙනිද කෙසේ වෙතත් අදහස් වලින් තාම 4 වෙනි ලෝකයේ විතර ජීවත් වෙන මිනිසුන් බහුතරයක් ඉන්න රටක් හැටියට අපිට මේ කපේදී ඉදිරියට යන්න බැහැ. ඉස්සෙල්ලම රටක් විදියට නීති රීති දාල මිනිසුන්ව හික්මවන්න ඕනේ. අපි පාරට බැස්සත්, කොහේ ගියත් ඉන්නෙ පුදුම පීඩනයකින්. ඒකට හොඳම උදාහරණය තමයි පාරේදී හැසිරෙන විදිය. හරක් ගාලක් වගේ හැසිරෙන්නෙ. ඔය විදියට බහුතරයකගේ හිත් දූෂණය වෙලා කේන්තියෙන් පීඩනයෙන් ඉන්නකොට ඒ රටට හරියන්නෙ නැහැ. අපිට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.
    හැමෝටම බොස් ල වෙන්න බැහැනෙ මචන්. වැඩ කරන කට්ටියකුත් ඉන්න ඕනේ. ඔතන තියෙන්නෙ බොස්ද සේවකයාද කියන එක නෙමෙයි. අපේ මිනිසුන්ගේ attitude එකේ වරද. අපේ දේශපාලනයේ වරද.

    කව්රුත් ආසයි සැපවත් ජීවිතයක් ගත කරන්න.

    මේක ගැන දෙයක් කියන්න ඕනෙ,ඇත්ත අපේ මිනිස්සු වැරදි කරනවා,ඒ විතරක් නෙවෙයි අපේ මිනිස්සු අදහස් අතින් ඉන්නෙ තාම ගල් යුගයෙ.මිනිස්සු විතරක් නෙවෙයි පාලකයො,රාජ්‍ය සේවකයො පවා එහෙම තමයි.ඒත් මචන් උඹ හිතනවනම් උඹ හෙට උදේ ඇහැරෙනකොට මේ ඔක්කොම වෙනස් වෙලා මිනිස්සු ඔක්කොම හොඳ වෙලා,නීති ගරුක වෙලා,පාලකයො දූෂනයෙන් තොර වෙලා ඉඳියි කියලා ඒක කවදාවත් වෙන්නෙ නෑ.නීති රීති දාලා හික්මවන්න පුලුවන් සීමාවක් තියෙනවා,ඊට එහා නීති දාන්න බෑ,අනිත් එක නීති දැම්මත් කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නෙ?මගෙනම් අදහස අපි අපිට වෙනස් කල හැකි දේට අවධානය යොමු කරන එකයි වඩා වැදගත්.අපිට වෙන මිනිස්සු වෙනස් කරන්න බැරි උනත් අපිට වෙනස් වෙන්න පුලුවන්නෙ,අපි ලෝකෙම වෙනස් කරන්න හදනවා අපි වෙනස් වෙන්නෙ නැතුව.කවදාවත් 100%ක් අපි හැම එකාටම ඕනෙ ලෝකෙ හැදෙන්නෙ නෑ කීයටවත්,මොකද අපි වෙනස් මිනිස්සු,උඹට ඕනෙ සමාජෙ නෙවේ තව කෙනෙකුට ඕනෙ,උට ඕනෙ සමාජෙ නෙවෙයි වෙන එකෙක්ට ඕනෙ.අපි ට්‍රයි කරන්න ඕනෙ අපිට පුලුවන් දේ වෙනස් කරගන්න මිසක් බැරි දේ වෙනස් වෙන්නෙ නෑ කියලා බැන බැන ඉන්න එක නෙවෙයි.එහෙම කරොත් තව අවුරුදු 50කින් බැලුවත් උඹ තව කාගෙහරි වැරැද්දකට බැන බැන ඉඳියි.ඒත් තමන් වෙනස් උනොත් තව අවුරුදු 50කින් උඹ අද ඉන්නවට වඩා හොඳ තත්වෙක ඉඳියි......
    අනිත් එක හම කෙනාටම බොස් කෙනෙක් වෙන්න බෑ කියපු එක.සහතික ඇත්ත,මට කවුරුවත් බොස්ලා කරන්න ඕනෙ නෑ,ඒත් අපිට අදට වඩා හොඳ හෙටක් හදාගන්න පුලුවන්නෙ.මුදල් ප්‍රශ්න අඩු කරගන්න පුලුවන්නෙ,සතුටින් වැඩට යනවනම්,ප්‍රමානවත් හොඳ ආදායමක් එනවනම්,හිතේ සතුටින්නම් ඉන්නෙ එච්චරයි.ඒත් ගොඩක් වැඩට යන උන් උඹ කිව්වා වගේ පීඩනෙන් නෙවෙයිද ඉන්නෙ?එක්කො මිල මුදල් ප්‍රශ්න,එක්කො බොස්ගෙ ප්‍රශ්න,එක්කො පවුලෙ අයත් එක්ක ඉන්න වෙලාවක් නෑ... මම මේ නූල දැම්මෙ ඒ ප්‍රශනවලින් මිදිලා හිතේ කරදරයක් නැතුව ජීවත් වෙන්න කියන්න.එහෙම නැතුව බොස්ලා හොඳ නෑ උඹලා ඔක්කොම ගිහින් බොස්ලා වෙයල්ලා කියන්න නෙවෙයි.අනිත් එක අපේ දේශපාලනේ වෙනස් උනාට පස්සෙ දියුනු වෙනව කියලා හිතනවනම් මචන් ඒක කවදාවත් වෙන්නෙ නෑ,විය යුත්තෙ අපි දියුනු වෙලා දේශපාලනය වෙනස් කිරීමයි.ඇත්ත කවුරුත් ආසයි සැපවත් ජීවිතයක් ගත කරන්න,ඒත් කී දෙනෙක් කමතිද ටී වී එක ඉස්සරහට වෙලා ඉන්න කාලය ප්‍රයෝජනවත් දේකට යොදවලා ඒ සැපවත් ජීවිතය උපයාගන්න?කවුරුත් නෑ,හැම එකාම ඉන්නෙ සැපවත් ජීවිතේ ඔලුවට කඩා වැටෙයි කියලා:lol::lol::lol:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43

    දීලා තියෙනවා රිදෙන්නම.. :lol::lol: Keep it up bro.. :):)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අඩෝ , thread එක අද හවස office එන ගමන් බස් එකේදී කියෙව්වා බාගයක්. මට බස් එක එනවා දැනුනෙවත් නෑ හරියට පොතක් කියෙව්වා වගේ :yes::yes::yes:

    office එකට ඇවිදින් machine එකේ දාගෙන ඉතුරු ටික කියෙව්වා(office එකේ වැඩ නොකරනවා නෙමයි , සෙනසුරාදට ඉරිදට ඇවිල්ල කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි එක නිසා කරන්න වැඩක් නෑ හොඳේ :):) )

    එක හුස්මට කියෙව්වා බන්, උඹ ලියල තියන හැම අකුරකම ගන්න දෙයක් තියනවා. මාරම වටිනවා බන් කියල;අ තියන හැමදේම, ඊටත් වඩා මම මේකට comment කරපු උන්ව අගේ කරනවා මචන් උන් ටික නිසයි මේ thread එක මෙච්චරම පිටු 40 ගානක් ඇවිල්ල තියෙන්නත්.

    මම දැක්ක උඹත් SLIIT එකේ කොල්ලෙක් කියල තිබුනා. මමත් එහෙමමයි මචන් SLIIT එකෙන් තමයි මෙහෙම හරි ගොඩ ගියේ.. එත් තවමත් අර උඹ කිව්වා වගේ නිකන්ම නිකන් ගෝතයෙක් විතරයි මචන්.

    එක දැනුන හොඳට මේක කියවද්දී....

    "කරනවා කරනවා අනිවරෙන්ම වෙනසක් කරනවා මචං !!!!! "
    උඹ මෙහෙම කියල ගොඩ යන එකා එකා ගානේ උඹට පින් මචන්...

    ලියපන් තවත් අපි බලන් ඉන්නවා !!!
    :yes::yes::yes::yes::yes:
     
    මමත් තාම සම්පූර්ණයෙන් ගොඩ ගිහින් නෑ මචන්,ඒත් දැන් අඩුමගානෙ ටාර්ගට් එකකට වැඩ කරනවා...මේ ත්‍රෙඩ් එක දාන්න හිටිය එකක් නෙවෙයි,ඒත් මේ වගේම ත්‍රෙඩ් එකක් දැකලා මම වගේ තව එවුන් ඇතිනෙ කියලා හිතලයි දැම්මෙ.එල කොහොමහරි ගොඩ යමු :yes::yes::yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මමත් තාම සම්පූර්ණයෙන් ගොඩ ගිහින් නෑ මචන්,ඒත් දැන් අඩුමගානෙ ටාර්ගට් එකකට වැඩ කරනවා...මේ ත්‍රෙඩ් එක දාන්න හිටිය එකක් නෙවෙයි,ඒත් මේ වගේම ත්‍රෙඩ් එකක් දැකලා මම වගේ තව එවුන් ඇතිනෙ කියලා හිතලයි දැම්මෙ.එල කොහොමහරි ගොඩ යමු :yes::yes::yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    උඹ chanux bro ද ? , නිකමට මම ඇහුවේ මට නිකන් වගේ හිතුන....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    2nhnay1.jpg
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕවා තමයි අපේ උන් දියුනු වෙන්න කියලා කරන්නෙ,ටිකට් ගන්නවා,ඔට්ටු අල්ලනවා,බූරුවා ගහනවා ක්ෂනික ක්‍රම හොයන්නෙ:rofl::rofl::rofl::rofl:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඕකෙත් ආතල්ම සීන් එක තමයි ලංකාවේ කවුරුහරි එකෙක් forex වගේ දෙයක් ඉගෙනගෙන එකෙන් සල්ලි හොයන්න ගියොත් කියන්නේ අපෝ ඕක මහා සූදුවක් කියල. ඒත් හන්දියක් හන්දියක් ගානේ තියෙන ලොතරැයි කූඩු වටේ මිනිස්සු පිරිලා ටිකට් ගන්න :Dමැච් එකක් තිබ්බොත්, චන්දයක් තිබ්බොත් ඔට්ටු අල්ලනවා. අවුරුදු කාලෙට බූරුවා ගහනවා :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕකෙත් ආතල්ම සීන් එක තමයි ලංකාවේ කවුරුහරි එකෙක් forex වගේ දෙයක් ඉගෙනගෙන එකෙන් සල්ලි හොයන්න ගියොත් කියන්නේ අපෝ ඕක මහා සූදුවක් කියල. ඒත් හන්දියක් හන්දියක් ගානේ තියෙන ලොතරැයි කූඩු වටේ මිනිස්සු පිරිලා ටිකට් ගන්න :Dමැච් එකක් තිබ්බොත්, චන්දයක් තිබ්බොත් ඔට්ටු අල්ලනවා. අවුරුදු කාලෙට බූරුවා ගහනවා :D
    පෞද්ගලිකවම අත්විඳපු දෙයක්,පොඩි රිස්ක් එකක් තියෙන දේවල් වලට සල්ලි දානවට විරුද්ධව දාහක් ජාති කියන මිනිස්සු සම්පූන්ර්‍ණයෙන් තමන්ගෙ පාලනයෙන් තොර දේවල්වලට ලක්ෂ ගනන් දාලා බලාගෙන ඉන්නවා වාසනාව උදා වෙනකල්.පොඩි බිස්නස් අයිඩියා එකක් කිව්වොත් ඒකෙ අසාර්තකත්වය ගැන ඕනෙ තරම් දේවල් කියයි.ඊට පස්සෙ ගිහින් ලක්ශ ගනන් දීලා ආසිරි වනිගරත්නගෙ ෆෙන්ශුයි කාසි එල්ලගන්නවා දියුනු වෙන්න,මගෙනම් පෞද්ගලික අදහස ඔය වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක:D:D:D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited: