මගේ හොදම යාලුවෙක් ලග තියනවා සතියට දවස් 3ක් විතර වැඩට යන්නෙ පැසෝ එකක
කවුරුත් කියලා තියනවා වගේ හොදට ඉඩ තියනවා
වාහනේ හැටියට හොද පිකප් එකක් තියනවා
ඉන්ටීරියර් හොද කොලිටි ලුක් එකක් තියනවා
කම්ෆර්ටබිලිටි එක අතින සෑහෙන්න හොදයි
මගේ යාලුවා ලග තියන එක නම් ඩුවල් එයා බෑග් දැන් ඒක ලක්ශෙකට කිට්ටුවෙන්න පැදලා ලගදි AC අවුලක් ඇවිත් හැදුවා ශොක්ස් දාන්න වෙලා කිවුවා දන්න තරමට ලොකු අවුලකට ආවෙ ඔය දෙක තමයි
ටොයෝටා මොඩල් දෙකක් තියනවා Passo කියලා සහ Racy කියලා Racy කියන එක පොඩ්ඩක් පිටිපස්සෙ බෆර් එක වෙනස් වගේ මතක ඒක පොඩ්ඩක් ලස්සනයි වගේ
Daihatsu Boon කියන්නෙත් මේකම තමයි හැබැයි Boon එකක් ලගට දැකලා නැහැ ඇතුල එහෙම වෙනස්ද දන්නේ නැහැ