අශ්ව_බලය

r runner

Member
May 12, 2015
2,396
780
0
අශ්වයාගේ බලය සහ අශ්ව බලය

images-3.jpg


අශ්වයා උසට හරියන දිගක් තිබෙන ශක්තිමත් සත්වයෙක්. මිනිසා උන්ගේ ශක්තිය හඳුනාගත්තේ මෙයට වසර දහස් ගණනකට පෙරයි. ගොවිපළ ආශ‍්‍රිත වැඩපළ ගණනාවක් අශ්වයන්ට පැවරුණා: බර ඇදීමට පමණක් නොව පිට උඩ නැගී යාමටත් අශ්වයන් යොදා ගැනුණා. ඇත්තටම අශ්වයෙකු කොපමණ ශක්ති සම්පන්නද? මෙය හරිහැටි කිවනොහැකි වුණත් ඇතැම් වංශවල අශ්වයන්ට තමන් බර මෙන් තුන් ගුණයක් ඇදිය හැකි බව පැවසෙනවා. ඒ කියන්නේ රාත්තල් 2,500 ක් පමණ.







ගල් අඟුරු ආකරවල අශ්වයින් ගල් අඟුරු අදිනු දකින ජේම්ස් වොට් ඉංජිනේරුවාට ඕනෑ වුණා සතාගේ ශක්තිය නැතිනම් බලය විස්තර කරන්න. (ඔව්, ජේම්ස් වොට් වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුණේ වාෂ්ප එන්ජිම නිසායි) ආකරය ඇතුළේ සිට පිටතට ගැනීම සඳහා අශ්වයෙකුට ගල් අඟුරු ඔසවන්නට කොපමණ ශක්තියක් වැය කරන්නේ ද යන්න සෙවීමට ඔහුට වුවමනා වුණා. ඔහු ඒ සඳහා යොදාගත් ඒකකය ‘‘අශ්ව බලය (horsepower) යන්නයි. අශ්වයෙකුට විනාඩියක දී අඩි රාත්තල් 33,000 ක කාර්යයක් නිම කළ හැකි යයි ඔහු තීරණය කළා. වෙන විදිහකට කීවොත් අශ්වයෙකුට විනාඩි 1 කදී රාත්තල් 33,000 හරියටම අඩියක් උඩට ඔසවන්න පුළුවනි කියන එකයි. මෙය ම වෙනත් ආකාරවල තියන්න පුළුවන් නේද? එක රාත්තලක්, එක විනාඩියක දී අඩි 33,000 ක් එසවීම; රාත්තල් 1,000 ක් විනාඩියක දී අඩි 33 ක් එසවීම; රාත්තල් 1,000 ක් විනාඩි 10 කදී අඩි 330 ක් එසවීම හෝ රාත්තල් 100 ක් තප්පර 6 කදී අඩි 33 ක් එසවීම. ඔව් අශ්වයෙකුට රාත්තල් 33,000 ක් එසවිය නොහැකි වුවත් රාත්තල් 100 ක් නම් එසවිය හැකි තමයි.



මෙය නිශ්චිත ගණනය කිරීමක් නොව සිතුමතේ කළ දෙයක්. එහෙත් අදටත් එම ඒකකය ජනප‍්‍රියයි. විවිධ ඇන්ජිම, මෝටර් රිය, දම්වැල් කියත්, වැකුම් ක්ලිනර්වල එහෙම අශ්ව බලය ගැන සඳහන් වෙනවා. නූතන සාමාන්‍ය මෝටර් රියක් අශ්වබල 100 ක් 200 ක් වෙනවා. ජේම්ස් වොට් ගේ නම තවත් මිනුමකට සම්බන්ධයි: වොට්. අප මිළදී ගන්නා විදුලි බුබුළුවල වොට් 50,75,100 ආදී වශයෙන් සඳහන් වන්නේ එම මිම්මයි. වොට් යනු විදුලි බලය ශක්තිය සඳහා යොදවා ගැනීමේ දී යොදන මිනුම් ඒකකය යි. හැබැයි වොට් අශ්වබලයටත් හැරවිය හැකියි. අශ්වබල එකක් වොට් 745.7 ක් කියලයි සම්මතය.







WONDEROPOLIS හි How Strong Is a Horse? ලිපිය ඇසුෙරනි



:yes::yes:**** bumps +++ Reps **** Welcome****:yes::yes:
 

waligamaya

Well-known member
  • හොද ලිපියක් මනුත් මුලික වරදී දෙකක් තියනවා එකක් horse power සහ වොට් කියන්නේ ජවය එහෙම නැතිනම් කාර්ය කිරීමේ සිග්‍රතාව මනින ඒකකය. වොට් කියන්නේ විදුලි බලය මනින ඒකකය නොවේ. ශක්තිය මනින්නේ ජුල (J) වලින්. බලය මනින්නේ නිවුටන් (N)
     

    Similar threads