මාදම්පා ගඟ....

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Madampa Ganga - River Expedition - මාදම්පා ගං තරණය....


    සංචාරකයන් අතර ප්‍රකටම ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගංගාව කුමක්දැයි ඇසුවහොත් ලැබෙන නිසැක පිළිතුර වන්නේ 'මාදු ග' යන්නයි. මාදු ගඟ ගැන අසා නැති හෝ එක්වරක් ‍හෝ එහි සංචාරය කර නැති අය ඇත්නම් ඒ බොහොම අතළොස්සක් දෙනෙක් පමණයි. නමුත් 'මාදු ග' ආසන්නයේම ඊට ඉතා සමීප පාරිසරික ලක්ෂණ රැගත් ඇතැම් විට ඊටත් වඩා ජෛව විවිධත්වයෙන් ඉහළ තවත් වටිනා පාරිසරික පද්ධතියක් ඇති බව දන්නේ බොහෝම ස්වල්ප දෙනෙක් පමණයි. අද 'සොබාරූ' චාරිකාව ඒ සුන්දර තෙත්බිම වෙතටයි.
    මෙය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, කරන්දෙණිය හා හික්කඩුව ප්‍රදේශවලට මැදිවයි. අම්බලන්ගොඩ හිරේවත්ත පාලම අසලින් මුහුද හා එක්වන මේ අතිවිශාල ජලස්කන්ධය අක්කර 35,000ක පමණ වපසරියක පැතිරී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් මෙය 'මාදම්පා ග' ලෙස හඳුන්වනු ලැබුවත් ඇත්තටම මෙය කිවුල් දිය මිශ්‍ර විල් පද්ධතියක් එසේත් නැත්නම් කලපුවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බවයි ම‍ගේ අදහස.
    පිහිටීම​
    මා මුලින්ම පැවසූ ආකාරයට මෙහි දක්නට ලැබෙන පාරිසරික ලක්ෂණ සපුරා මාදු ගට සමානයි. නමුත් කුරුල්ලන් හා අනෙකුත් වනජීවීන්ගේ ගැවසීම මාදුගට වඩා ඉහළ අගයකින්නිරීක්ෂණය කරන්නට අපට හැකිවුණා. ඊ‍ට හේතුව වන්නට ඇත්තේ මාදු ගඟ මෙන් මේ කලපුව නිරන්තරව ධාවනය වන බෝට්ටු වලින් දූෂණය වී නොතිබීම වන්නට ඇති.
    පුංචි දියකාවා​
    මේ පරිසර පද්ධතිය මේ වන විට අභයභූමියක් ලෙස නම් කර ආරක්ෂිත කර තිබෙනවා. මෙහි දැකිය හැකි ඉතා සුලබතම පක්ෂියා වන්නේ 'පුංචි දියකාවායි - Little Cormorant - [FONT="arial" ][I]Microcarbo niger[/I][/FONT][/COLOR][FONT=iskoola pota] '. ඊට අමතරව අතිවිශාල පක්ෂි ගහණයක් නරඹන්නට මේ අවට අවස්ථාව තිබෙනවා.[/FONT]
    [/SIZE][URL="https://3.bp.blogspot.com/-v9TmV0BpxqQ/VtsohcjbplI/AAAAAAAABl0/-Y85ALQkFEo/s1600/Picture%2B052.jpg"]
    Picture%2B052.jpg
    [/URL]

    පළා කොකා

    මෙයා තරමක් විශේෂ පක්ෂියෙක්. අප දැක පුරුදු කණකොකා - Indian Pond Heron - ගේ බාහිර ස්වරූපයට ඉතා සමාන වුවත් වර්ණයෙන් ඊට වඩා බෙහෙවින් වෙනස් හා ආකර්ෂණීයයි. මේ සුන්දර පක්ෂියා හඳුන්වන්නේ 'පළා කොකා' -S
    [FONT="helvetica" ]triated Heron[/FONT][/COLOR][COLOR=#141823][FONT="helvetica" ] ([I]Butorides striata[/I])[/FONT][/COLOR][/SIZE][/LEFT]
    [SIZE=4]යන නමින්. ක‍ඩොල් කොකා යන නමිනුත් ඇතැම් විට හැ[FONT=iskoola pota]ඳින්වෙන මේ සුන්දර පක්ෂියා ම‍ාළුන් ගොදුරු කර ගන්නට ඇමක් යොදන පක්ෂි විශේෂයක් ලෙසත් හැ[/FONT][FONT=iskoola pota]ඳින්වෙනවා.[/FONT]
    [/SIZE][URL="https://1.bp.blogspot.com/-aFLluIbWSjI/Vtsqm0LhG8I/AAAAAAAABmA/gX9oxB5d2-Y/s1600/Picture%2B064.jpg"]
    Picture%2B064.jpg
    [/URL]
    ස්වර්ගය...​
    මේ ප්‍රධාන විලෙන් ඉවතට ගලන ඇල මාර්ගයක්. මෙවන් ඇල මාර්ග බොහෝ ගණනක් මේ අවට තිබෙනවා. තද කොළ පැහැ ගසින් වටවුණු ඇල ඉවුර බොහෝ පක්ෂීන්ට මෙන්ම දකුණේ මෙම ප්‍රදේශයටම ආවේණික 'විල් මුවන්'ටත් අපූරු නිවහන් සපයනවා. විල් මුවන් ගැන දැන ගන්නට මගේ පෙර ලිපි හා මෙතනින් සම්බන්ධ වෙන්න.
    විල් මුවා - http://sobaroo.blogspot.com/2012/05/injured-hog-deer-rescued-at-hiyare.html

    සුදු මැදි කොකා
    මේ ඉතින් බක තපස් රකින්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මේ සුදු මැදි කොකා...Intermediate Egret - Mesophoyx intermedia අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ගව කොකාට -Cattle Egret - වඩා තරමක් විශාල විශේෂයක්. මෙයාටත් වඩා තරමින් විශාල මහ සුදු කොකාත් - Great Egret දැක ගන්නට ලැබුණත් යහපත් ඡායාරූපයක් ගන්නට අවස්ථාවක් උදා වුණේ නෑ.
    ගිංපොල් ශාකය​
    ඉහත රූපයේ පෙනෙන්නේ රෙඩ් පාම් ශාකයක් යැයි බැලූ බැල්මට සිතුණත් මෙය ලංකාවේ දුර්ලභව දක්නට ලැබෙන ශාක විශේෂයක්. කඩොලාන අතර දක්නට ලැබෙන එකම තාල වර්ගයේ ශාකය වන මෙය ගිංපොල් Nypa Fruticans නමිනුයි හැඳින්වෙන්නේ. ගිංපොල් ශාකයේ ඉතා සරු ගහණයක් මාදම්පා විල අවට දක්නට පුළුවන්. මෙම ශාක ගහණයන් දියබල්ලන්, පක්ෂි විශේෂ ආදීන්ට අපූරු අාරක්ෂිත නිවහන් සපයනවා.
    කබරගොයා​
    මෙයා නම් අමුතුවෙන් හඳුන්වාදෙන්නට අවශ්‍ය නෑ නොවැ. මේ වගේ කබරගොයින්Varanus salvator විශාල ප්‍රමාණයක් මේ අවට බහුලව දක්නට ලැබෙනවා.
    කුසඇලි සයුරුකුස්සා​
    මේ ඉන්නේ මේ පරිසර පද්ධතියේ බහුලව දක්නට ලැබෙන තවත් සුවිශේෂ දැවැන්ත පක්ෂියෙක්. මේ 'කුස ඇලි සයුරුකුස්සා' හෙවත් White Bellied Sea Eagle - Haliaeetus leucogaster
    අහස අපට....​
    පසුගිය දා සමාජ ජාල ඔස්සේ විශාල ආන්දෝලනයකට තුඩුදුන් උකුස්සා හම ගැසීමේ සිද්ධියට අදාළ පක්ෂියා වූයේත් මේ සයුරුකුස්සාම බවයි ඒ ඡායාරූප දුටු මට සිතුණේ. මා වැරදි නම් කරුණාකර නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.
    අළු කොකා

    මේ ඉන්නේ අළු කොකා හෙවත් Grey Heron. ඔහුගේ පසුබිමින් දක්නට ලැබෙන්නේ සරුවට වැඩුණු ගිංපොල් ගහණයක්.
    වචනයට නැගිය නොහැකි සුන්දරත්වය....

    මෙම පරිසර පද්ධතිය සංචාරකයන්ගේ ඇසින් වහංවී තිබීම නිසා මෙය දූෂණය වී ඇති ප්‍රමාණය තරමක් අවම වී තිබෙනවා. මාදම්පා විල අවට විල් ඉවුරු ගොඩ කරමින් ඉදි වන සංචාරක හෝටල් තමයි දැනට මෙහි පැවැත්මට එරෙහි ප්‍රධානතම තර්ජනය වී තිබෙන්නේ. කෙසේ නමුත් මේ සුවිශේෂ තෙත්බිම් පරිසරය අනාගතය වෙනුවෙන් සුරැකී පවතිනු ඇතැයි මා පරිසර ලෝලියෙකු වශයෙන් මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා.
    මේ සියලු විස්තර හා ඡායාරූප මගේ බ්ලොග් අඩවිය වනhttp://sobaroo.blogspot.com වෙතිනි. උපුටා ගන්නට විශේෂ අවසරයක් අවශ්‍ය නැත. ඡායාරූප වල හංවඩුව පමණක් ඉවත් නොකිරීම අපේක්ෂා කෙරේ.