මචං, උබේ කොමෙන්ට්ස් කියවන්න තමා බං මමත් අවේ. ඔය පොන්නයෝ කියන වදුරු කුනුහරප උබ ගනන්ගන්නවද බං? උබේ කතා නිසා තමා මේක එක හුස්මට කියවන්න පුලුවන්. කාලෙකින් පස්සේ එහෙම එකක් අවෙ. පිස්සු නැතුව අයේම වරෙන්. උබේ කතාවේන් මමත් ටිකක් හොයල බැලුව, මචං මට සෙට් උනා ඔය කියන නෙලුවේ ප්‍රියන්ත ගැන පොඩි විස්තර ටිකක්. මේවාගේ ඇත්තක් තියනවද මචං?
ගුරුසිංහගේ ප්‍රියන්ත ඉපදුණේ 1966 අප්‍රියෙල් මස 16 වැනිදා වලස්මුල්ල රෝහලේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්වූවද එතැනින් ඉහළට ඉගෙනුම ලබන්නට ප්‍රියන්තට නොහැකි වූයේ ඒ වනවිටත් තිබූ ආර්ථික අපහසුකම් නිසාය. මොරයාය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඔහු පදිංචිව සිටියේ තණමල්විල කිතුල්කොටේ නෙළුවයාය ප්රදේශයේය.
1988 දී ජනතා විමුක්ති පෙරමුණට එක්වූ ඔහු දේශපාලන පන්ති තුනකට සහභාගි වී සිටියදී පන්ති පවත්වන ස්ථානයට හමුදාව කඩාවැදීම හේතුවෙන් ඉතිරි පන්ති දෙකට එක්වීමට වරම් නොලැබුණේය.
1989 වසරේදී නිකලස් නමැත්තා විසින් ප්‍රියන්ත ඇතුළු තරුණයන් කණ්ඩායමකට යුද පුහුණුව ලබාදී ඇත. නිකලස් යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකි. වැල්ලවාය අලුත්වල කැලෑවේදී ටී.පනස් හය, එස්. එල්. ආර්. අවිය, පතොරම් තුවක්කුව පිළිබඳව මනා පුහුණුවක් ලැබූ ඔහු 1989 සිට 1990 මාර්තු මස දක්වා වලහරුව, කුඩාඔය, තණමල්විල ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශ නායකයා ලෙස ද කටයුතු කළේය.
ඒ වනවිට තැන තැන මිනිස් ඝාතන සිදුවෙමින් තිබිණ. ප්‍රියන්ත ඇතුළු ජවිපෙ කණ්ඩායම්වල තොරතුරු තණමල්විල හා ඒ අවට හමුදා කඳවුරුවලට ලැබී තිබිණ. තමන් පිළිබඳ හමුදාවට ඔත්තු ලබාදෙන්නේ කවුදැයි ප්‍රියන්ත ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් සෙවූහ. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු, යුද්ධ හමුදාවට ඔත්තු සැපයූ බවට සැකකොට තණමල්විල යුද හමුදා කඳවුරේ අරක්කැමියා ලෙස සේවය කළ “තණමල්විල ගුණා” නමැත්තා තණමල්විල රෝහල ඉදිරිපිටදීම පිහියෙන් ඇන මරා දැමුවේය. ප්‍රියන්ත කළ මුල්ම ඝාතනය එය විය.
දිගින් දිගටම මිනිස් ඝාතනවල නියැළුණු ඔහු හා ඔහුගේ කණ්ඩායම් ඊට අමතරව මහ පරිමාණයෙන් ගංජා ව්‍යාපාරයත්, හොර හරක් ජාවාරමත් සිදුකරන්නට විය. තම ව්‍යාපාරයට හරස් වන සෑම කෙනෙකුම ඔහු අතින් ඝාතනයට ලක්විය. එමගින් නීතිවිරෝධී ලෙස මුදල් ඉපයූ ඔහු පොලිසියට මෙන්ම අධිකරණයට ද අවශ්‍ය වරෙන්තුකරුවකු වූයේ ඉන් අනතුරුවය.
පොලිසියට කට්ටි පනිමින් මහ වන මැද දැඩි ආරක්ෂා සහිතව ගෝලබාලයන් සමඟ සිටි නෙළුවේ ප්‍රියන්ත අල්ලා ගන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය රහසිගතව සැළසුමක් යෙදුවේ ඉන් අනතුරුවය.
ඔවුහු ගංජා මිලදී ගන්නා ව්‍යාපාරිකයන් සේ වෙස් වලාගෙන මහ වන මැදට ඇතුළුවූහ. හරකුන් මිලදී ගන්නවුන් සේ වෙස්ගෙන ප්‍රියන්ත සොයා සැරිසැරූහ.
2011.07.03 වැනිදා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකුට ඔත්තුවක් ලැබුණේය. ඒ ප්‍රියන්තගේ පැමිණීම පිළිබඳවය. ඒ අනුව කොළොන්න පොලිස් වසමේ සූරියකන්ද ප්‍රදේශයේ “මෝනිං සයිඩ්” වතුයාය දෙසට ගමන් කළ බළකා භටයන් ප්‍රියන්ත අල්ලා ගත්තේ ඔහුට සිතාගන්නටවත් ඉඩකඩක් නොතබාය. සරමකින් සැරැසී සිටි ඔහු ප්‍රියන්ත යැයි බළකා භටයන් ද සිතන්නට නැත.
සතුව ගිනිඅවි ඇති බව බළකා භටයන්ට තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව ඔහු රැඳී සිටි ස්ථානය හා ඒ අවට ස්ථාන කිහිපයක් සෝදිසියට ලක් කළ ද කිසිදු ගිනිඅවියක් සොයාගත නොහැකිවිය.
“සර්, මගේ ගාව ගොඩාක් තුවක්කු නැහැ. මගේ ආරක්ෂාවට තියාගත්ත බ්‍රවුනින් එක නම් මම හංගලා තියෙනවා... සර්ලාට ඕනෙනම් මම ඒක දෙන්නම්....”
ප්‍රියන්තගේ ප්‍රකාශය මත භටයන් සූරියවැව ප්‍රදේශයට ගියේ ඉන්පසුවය. ඒ අනුව සූරියවැව වාඩියක් පරීක්ෂා කළ නිලධාරිහු ප්‍රියන්තගේ කීම මත සූරියවැව දෙයියන්දර යාය වැව ඉස්මත්තට ගියේ බ්‍රවුනින් පිස්තෝලය සොයා ගන්නටය.
“සර් මට මෙතැනින් එහාට යන්න බැහැ. මගේ කකුල් දෙක දැනටමත් ඉදිමිලා...”
පරණ වෙඩි වැදුණු තුවාලයක් පෙන්වමින් ප්‍රියන්ත එතැනම වාඩිවිය.
“ඒකෙන් අපට වැඩක් නැහැ... පෙන්වපන් බඩු ටික...”
නිලධාරින්ගේ පෙරැත්නය නිසාම බ්‍රවුනින් පිස්තෝලය දෙන බව අඟවමින් නිලධාරින් දෙසට වෙඩි තබන්නට උත්සුක වූ ප්‍රියන්තට වූයේ බළකා භටයන් අතින් වෙඩි කා මියැදෙන්නටය.
එහෙත් මියයන්නට කලියෙන් බළකා භටයන් ඔහුගෙන් මෙතෙක් සිදුකළ මිනීමැරුම් ගැන දිිගන් දිගටම ප්‍රශ්න කළේය. ඉන් සමහරක් තමා විසින් සිදුකළ ඒවා නොවන බව ප්‍රියන්ත කීවේය. සමහරක් ඝාතන තමා ඇතුළු කණ්ඩායම විසින් කළ බව ඔහු කීවේය.
ගංජා වගාවෙන් හා හරක් ජාවාරමෙන් මුදල් උපයා ගත් ප්‍රියන්ත ගව ආරවුල්වලදී තමන්ට එරෙහිවන සෑම අයෙකුම වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. කෙසේ වෙතත් ප්‍රියන්ත හා ගෝලබාලයන් එක්ව සිදුකළ ඝාතන සංඛ්‍යාව නිශ්චිතව කෙතරම් දැයි අපට කිව නොහැකිය. සමහර මාධ්‍ය වාර්තා පළ කරනුයේ ප්‍රියන්ත මිනිස් ඝාතන 85 ක් සිදුකළ බවත්ය. එහෙත් පොලිසිය පවසනුයේ ඔහු විසින් සිදුකළ මිනිස් ඝාතන සංඛ්‍යාව 25 ක් බවකි. එහෙත් වාර්තා නොවුණු මිනිස් ඝාතන ද තවත් ඇති බව පොලිසිය සැක කරයි.
මෙම ඝාතන සඳහා ප්‍රියන්ත සමඟ ඔහුගේ ගෝලබාලයන් කිහිපදෙනෙකු ද එක්වී ඇති අතර හකුරුවෙල වීරකැටිය ප්‍රදේශයේ දිවා කාලයේ ගල්කටස් ගිනි අවියක් පෙන්වා රුපියල් 80,000 මුදලක් හක්මන කඩේ වී මෝලෙන් කොල්ල කා ඇති අතර අම්බලන්තොට සිගරැට් ඒජන්සියේ මුදල් ලක්ෂ 15 ක් බැංකුවට තැන්පත් කිරීමට යද් දී මංකොල්ලකෑම ද ප්‍රියන්ත විසින් සිදුකර ඇති කොල්ලකෑම් අතර විය.
වැදිගම උක්කුවා, මොරයාය ගාමිණි, රතු අයියා, නෙළුවේ ජනක, වලස්මුල්ලේ බන්දුල යන අය සතුව ප්‍රියන්
තගේ අවි ආයුධ තිබී ඇතත් ඔහු පොලිසියට බාරදී ඇත්තේ ටී.56 ගිනි අවිය පමණී.
විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් නෙළුවේ ප්‍රියන්ත ඉන්පසුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තංගල්ල පොලිස් නිලධාරින්ට බාරදී තිබේ. තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි සී. ඊ. විදිසිංහ හා පොලිස් අධිකාරි ලක්සිරි මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණවල නිරතවූහ.
2002.06.06 වන දින කිතුල්කොටේදී තමා ඝාතනය කිරීම සඳහා ගුණසිංහ බස්නායක නොහොත් බණ්ඩා යන අය ටී පනස් හය අවි 04 ක් ළඟ තබාගෙන සිටි බවට සැකකළ ඔහු සුනිල් කරත්ත රාජා, මොරයාය පුංචියා, හීන්මල්ලි යන අය සමඟ ගොස් ටී පනස් හයේ අවියක්, පතොරම් තුවක්කුවක්, බෙහෙත් කොටන තුවක්කුවක් භාවිතා කර එම නිවසේ සිටි පස් දෙනෙකුම වෙඩි තබා ඝාතනය කළැයි පොලිසිය කීහ. එම වෙඩි ප්‍රහාරයේදී කුඩා දරුවකු ද මරණයට පත්විණි. Meka ganada machan Umba kiwwe?
1995 ජූනි මාසයේ දී උඩවලව පහකඩුව ප්‍රදේශයේ පවත්වාගෙනගිය හරක් ගාලක පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය කිරීම සඳහා හරක්ගාලේ සිටි අය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇත. බිම වැටුණු ඔවුන් පොලුවලින් ගසා මරා පුළුස්සා දමන්නට තරම් ඝාතකයන් සහාසික වී ඇත.
මෙම මිනිස් ඝාතන පිළිබඳව ද නෙළුවේ ප්‍රියන්ත පාපොච්චාරණයක්ද කර ඇති අතර ඔහු දුක්වූයේ එක් ඝාතනයක් පිළිබඳව පමණි.
“මට අනිත් ඒවා ගැන දුක නැහැ සර්.
ඒත් පොඩි දරුවෙකු අපේ අතින් මැරුණා. ඒක ගැන තාමත් මම දුක් වෙනවා...”
ප්‍රියන්ත ඝාතනය වන්නට මොහොතකට පෙර කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත. එකම පවුලේ පස් දෙනෙකු ඝාතනය කළ මොහොතේ එතැන සිටි දරුවෙකුද මරණයට පත්විය. ඔහු එම මරණය සම්බන්ධයෙන් කම්පා වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.
කෙසේ වෙතත් නෙළුවේ ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු ඇතැම් ගම්වැසියන් ඒ සතුට සමරා ඇත්තේ මුළු ගමටම කිරිබත් බෙදා දෙමිනි. ඔවුහු රතිඤ්ඤා දල්වා ප්‍රීති ඝෝෂාද පවත්වා ඇත.
නෙළුවේ ප්‍රියන්ත කොටුවීමත් සමඟ ඔහු සමඟ මිනිස් ඝාතනවල හා කොල්ලකෑම්වල යෙදුණු ගෝලබාලයන් අතුරුදන් වී තිබේ. රතු ලොක්කා, පුංචිමල්ලි, සුද්දා, කරත්ත රාජා, හීන් මල්ලි, චුට්ටා හිඩිස් මල්ලි යන පුද්ගලයන් කොටුකර ගැනීම සඳහා මේ වනවිටත් තවත් කණ්ඩායම් යොදවා ඇති බවත් ඔවුන් කොටුකර ගැනීමෙන් පසු තවත් මිනිස් ඝාතන අනාවරණය වනු ඇත.(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස්විය)
කීර්ති මෙන්ඩිස්