කටානා - KATANA

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇත්තටම කටානා කියන සද්දේ ඇහුන ගමන් ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ වෝල්කින් ඩේඩ් එකේ මිශෝන් ගේ කඩුව. ඇත්තටම මේ කටානා කඩුව සාමුරායි කෙනෙක්ගේ ආත්මය කියලා හැඳින්නුවත් ගොඩක් අය ඇත්තටම මේක මොකද්ද කියලා දන්නේ නෑ.

    සමුරායි කඩු



    කටානා කියන්නේ සමුරායි වරුන් විසින් පාවිච්චි කරපු කඩුවක් උනත් එක ඔවුන් පාවිච්චි කරපු එකම කඩු වර්ගය නෙවෙයි. කටානා කියන්නේ ඒ ජපන් රණශුරයන් ටිකක් වැඩියෙන් පාවිච්චි කරපු තවත් එක කඩු වර්ගයක් විතරයි.

    ජපානේ මුලින්ම නිමවුන කඩු වර්ගය හැඳින්වන්නේ චොකුටෝ යන නමින්. එය ඊට සමකාලින චීන කඩු කඩු මෙන් සෘජු තලයක් සහිත කඩු වර්ගයක් වුනා. නමුත් ඒවා තියුණු ඝට්ටනයකදී ඉක්මනින් ම කැඩී බිඳී යාමට ලක් වෙලා තියෙනවා. ඉතින් ඔවුන් කලේ කැඩී යාමට අඩු ප්‍රවණතාවයක් දක්වපු වක්‍ර ආයුධ වලට නැඹුරු වුන එකයි. එලෙස වෙනස් කම් වලට ලක් වෙවී ආපු කඩු තමයි අන්තිමට අද අපි දකින කටානා කඩුව දක්වා පරිනාමය වුනේ.

    ඔවුන්ගේ අශ්වාරෝහක හමුදාව භාවිතා කලේ අඩි තුනකට වඩා දිග නොඩාචි කියන කඩු වර්ගයක්. එසේම ඔවුන් අශ්වාරෝහකයන්ට එරෙහිව භාවිතා කලේ මේ නොඩාචි කඩුවම වෙනස් කම් වලට ලක් වෙලා බිහිවුණු නගමාකි කියලා කඩුවක්. එහි තලය අඩි හතරක් පමණ දිගයි.

    ඇත්තටම ඔයාලා කඩුවක් දිහා බලලා ඒක කටානා කඩුවක් කියලා හිතුවත් ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. මොකද ඒවා ගොඩක් ඔක්කොම එක වගේ පෙනුමක් තියෙන නිසා.


    චොකුටෝ කඩුවක්


    නොඩාචි කඩුවක්


    නගමාකි කඩුවක්


    කටානා කඩුවේ මුතුන් මිත්තෙක් වන ටාචි කඩුවක්


    අඟල් 24 වඩා දිගෙන් අඩු වකිශාසි කඩුවක්

    කටානා කඩුවක්


    කඩුවක් හැදුන හැටි



    අතීතයේදී කඩු නිර්මාණ ශිල්පියෙක්ට වෙන ඕනෑම කලා කරුවෙක්ට වඩා උසස් විදිහට සලකලා තියෙනවා. අතීත ජපානයේ ඔවුන් කඩුවක් හදද්දී ශින්ටෝ චාරිත්‍ර අනුව මුලින්ම ශුද්ධ පවිත්‍ර වෙනවා. යම් වෙලාවකට ඔවුන් ඊට පෙර වන්දනා ගමන් පවා යනවා. කඩුව හදද්දී හදන සීමාව ලණුවකින් වෙන් කර ගන්නවා. ඒ වගේම ඔවුන් කඩුව හදද්දී ශින්ටෝ පුජක වරුන්ගේ ලෝගුව පළඳිනවා. තව හැම උදේකම දිය ඇල්ලකින් ස්නානය කරමින් යාඥ්නා කරන්න ඕනේ. දිය ඇල්ලක් නැත්තම් සිසිල් වතුර බාල්දි වලින් ස්නානය සිදු කරනවා. යම් වෙලාවකට කඩු තලය නිම කරන්න මාස ගණනක් යන්න පුළුවන්. ඒ කාලය තුලදී කඩු නිර්මාණ ශිල්පියා කාන්තාවන් සමඟ කිසිම ගනුදෙනුවක් කරන්නේ නෑ. ඒ වගේම කඩු හදන තැනට කාන්තාවන් පැමිණීමත් තහනම්.

    වටිනාකම

    නොකිලිටි පහත් කඩුවකට වඩා ප්‍රසිද්ද කඩු නිර්මාණ ශිල්පියෙකු අතින් නුම වුනු කැඩිච්ච කඩුවක වටිනාකම වැඩියි කියලා තමයි සැලකෙන්නේ. ප්‍රසිද්දම කඩු නිර්මාණ ශිල්පින් අතින් නිම වුනු කඩු තල වල වටිනාකම නිම කල නොහැකි තරම් වෙනවා. ඒ වගේම කඩුවක වැඩියෙන්ම අවශ්‍ය වන කොටස තලය වුනත් වටිනාකම මනිද්දී අනිත් කොටසුත් වැදගත් කොට සලකනවා. අතින්ම හදපු කඩුවක් ලංකාවේ මුදලින් ලක්ෂ 3 කට වඩා වැඩි වෙන්න පුළුවන්.

    කටානා කියන තරම් වැදගත් කඩුවක්ද?



    ජෙනරාල් Tokugawa Ieyasu කියලා තිබ්බත් කටානා කියන්නේ සමුරායි කෙනෙක්ගේ ආත්මය කියලා ඇත්තටම යුද්ධයකදීනම් එහි අනිත් ආයුධ වලට වඩා වැදගත් කමක් තිබිලා නෑ. එහිදී කටානා කඩුව ඔවුන්ගේ තුන් වැනි ආයුධය විදිහට තමයි භාවිතා වුනේ. මුල්ම කාලීනව සමුරායි වරුන් වැඩියෙන්ම සටනට යොදාගෙන තියෙන්නේ දුනු ඊතල. පසුව ආශ්වාරෝහකයන් ලෙස යුද්ධ කරද්දීත් අශ්වයාගේ පිටේ සිට පහර දෙන්න කටානා කඩුවේ දිග ඇති වුනේ නෑ. ඉතින් ඊටත් පසුව දුනු ඊතල විදීම පා බල හමුදාවට බාර දුන්නත් ඔවුන් කුන්තයට පසුව තමයි කඩුව භාවිතා කලේ.

    කඩු පරික්ෂා කරපු හැටි



    EDO සමයේදී ජපානයේ කඩු වල තත්ත්වය පරික්ෂා කරන්න දෙපාර්තමේන්තුවක් පවා පිහිටුවා තිබුනා. ඔවුන් මරා දැමුණු නැත්තම් පණ ඇති සිර කරුවන්ගේ ශරීර පවා කපමින් තමයි මෙම ක්‍රියාවලිය සිදු කෙරුනේ. සමහර වෙලාවට මෙම ක්‍රමය අත්දැකීම් අඩු නවක සමුරායි වරුන් පුහුණු කිරීමට පවා යොදාගෙන තියෙනවා. තලයේ තත්වය තීරණය වුනේ කපා දැමීම හැකි ප්‍රමාණය අනුවයි. තත්ත්වය හොඳනම් වටිනාකම වැඩියි.

    හොඳම කඩුව මොකද්ද?


    ඉතින් සමහර කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මොකද්ද හෙනම් ඔකේ විශේෂත්වය කියලා. ඇත්තටම යුද්ධයේදී මේ කඩු ප්‍රතිවාදියාගේ යුධ ඇඳුමේ පැටලිලා ගිය හරි කැඩිලා ගිය එක ගැන හරි වාර්තා ඕනේ තරම් තියෙනවා. ඉතින් ගොඩක් අය කියනවා වගේ කටානා කියන්නේ සුපිරි කඩුවක් නෙවෙයි. හැබැයි ඉතිහාසයේ තුල තිබුන ඝනකමම කඩුවක් තමයි කටානා කඩුව කියන්නේ. සුමුදු දේවල් අඩු බලයක් යොදලා කපලා දාන්න හොඳම කඩුවක්. සොම්බිලාගෙ බෙල්ල කපන්නත් ගොඩක් ගැලපෙනවා. හැබැයි තද දෙකට ගහන්නනම් කටානා කඩුව එච්චර ගැලපෙන්නේ නෑ. ඊට වඩා ඝනකම අඩු යුරෝපිය කඩු වලට කටානා කඩු වලට වඩා දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද යුරෝපා කඩු හදලා තියෙන්නේ ශක්තිමත් පලිහ සහ යුධ ඇඳුම් වලට පහර දීමට. එහෙම වුනා කියලා හැබැයි කඩු දෙකක් සංසන්දනය කරනවා කියන්නේ ඇපලුයි දොඩමුයි සංසන්දනය කරනවා වගේ වැඩක්. මොකද එකක හොඳ අනිකේ නැති වෙන්න පුළුවන් වගේම එකේ නරක අනිත් එකේ නැති වෙන්න පුළුවන්.


     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ ලඟ තියෙනවා කැඩිලා කාර් එකෙන් අයින් කරපු දුණු කොළයක්. කම්මලකට දීලා කඩුවක් හදාගන්න ඕනේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    පොඩ්ඩක් ඉදපන් උට්ටො අපිත් රාවණා රජු නැගිට්ටලා ගන්නකන්..​