සිංහලුන්ගෙන් පෘතුගීසින්ට කෑම ලැබුණ හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113

    තැනක දැක්කා මහාචාර්ය චන්දිම ගෝමස් පෝස්ට් එකක් දාලා තියෙනවා පෘතුගීසින්ට තිබුනේ අනින කඩු, සිංහලයට තිබුනේ කපන කඩු, ඒ නිසා සිංහලයට ඒක අවාසිදායක තත්වයක් වුනාය කියලා.

    With due respect

    මට මේක ගැන තියෙන්නෙ ⁣ප්‍රතිවිරුද්ධ අදහසක්. මේ කතාව බ්‍රේක් ඩවුන් කරොත් මෙතන අනින කඩු කියන්නෙ (රේපියර්) rapier ටයිප් එකේ හෝ estoc, sabre ටයිප් කඩු. මේවා stabbing/thrusting ඒ කියන්නෙ අනින, තෙරපුම යොදන ජාතියේ කඩු. මේවට තිබුනේ හීනි තල එක්ක උල් කෙලවරක්. මේවා බරපතල ලෙස සන්නාහ නොපලඳින විරුද්ධවාදියෙකුට එරෙහිව ඉස්තරම් ආයුධයක්. මේවා එක්ක භාවිතා වෙන්නෙ ඉතාමත් වේගවත් චලන සහිත, ඉලක්කය බලා එල්ල කරන සියුම් පහරවල්වලින් යුත් සටන් ක්‍රමයක්. මේක බලන්න පුළුවන් වර්තමාන fencing ක්‍රීඩාවෙදි.

    අනෙක් අතට සිංහලයො භාවිතා ක⁣රේ කපන කඩු. කස්ථාන ටයිප් කඩු වෙන මේවයේ එක් කැපුම් තලයක් එක්ක වක් වුන ස්වරූපයක් තියෙන ටිකක් පළල් තලයක් සහිත කඩු වර්ගයක්. මේවායෙන් ඇනලා මරන්න ටිකක් අමාරුයි. ඉහල සිට පහලට හෝ පැති හරහා එල්ල කරන ශක්තිමත් පහරවල් තමයි මේකෙදි යොදාගන්නෙ. මේක අර බෲට් ෆෝර්ස් පැත්තට බර වැඩි ආර්ට් එකක්. ඒක ආසියාකරයට පොදුයි. මේ සංස්කෘතින්වල ඉතිහාසයන් ගත්තම ඇනලා මැරීම උත්කර්ෂයට නංවලා තියෙනවා දකින්න අඩුයි. සිංහල කතා ගන්නකො.. "එක් පහරින් ගෙල සිඳීම" තමයි මරන කලාවෙත් epitome එක. ඉතින් රේපියෙර් වල තියෙන වේගවත් චලන එක්ක බලද්දි කස්ථාන එක්ක නැටිල්ල වෙනස්.

    දැන් අර උඩ අවාසි කතාව ඇත්ත වෙන තැන තමයි යුරෝපියානු යුධ ක්‍රම. ⁣මේ යුරෝපියානු බැට්ල් ෆෝර්මේශන්ස් ක්‍රම එන්නෙ රෝම අභාසයෙන්. ඒ නිසා සටන් කරද්දි පෙල සැදීම. සංවිධිත කණ්ඩායම් ලෙස ගමන් කිරීම. රෑන්ක්ස්, කොලම්ස් විදිහට යන එක වගේ රේඛීය ක්‍රමයක්. මේකට linear ⁣formations කියනවා. දැන් මෙහෙම සටනකදි ඇත්තටම රේපියර් අනර්ඝයි. ඒවා අනින්න,පතිත කරන්න එලියට අදින්න ඔක්කොම කරන්න පුළුවන් අණ ලැබෙන විදිහට.

    හැබැයි..

    සිංහලයො ඔය රේඛීය සටන්ක්‍රම භාවිතා කරේ නෑ. මගේ කියවීමේ හැටියට මාඝ ගහන්න කලින් බැට්ල් ෆෝර්මේශන්ස් කලාවක් තියෙන්න ඇති. අනිවාර්යෙන්ම තිබිය යුතුයි නැත්තන් අනුරාධපුරය හො වියළි මිශ්‍ර කලාපය අතර තැන්නෙ ඇවිලුනු සටන් කරන්න වෙන විදිහකට අමාරුයි. හැබැයි මාඝ ගැහුවට පස්සෙ ඉඳන් අපි ගියේ සර්වයිවල් මෝඩ් එකට මිසක් කන්ෆ්‍රන්ටේශනල් මෝඩ් එකට නෙවෙයි. මේක හරි දරුණු ඛේදවාචකයක කතාවක් (වෙනම වෙලාවකට ස්ටොරියක්). මෙතන ඉඳන් ජාතිය බේරෙන්නෙ,රාජධානි රැකෙන්නෙ ඉන්ස්ටින්ක්ට්ස් එක්ක එන සර්වයිවල් මෙතඩ් එකේ සටන් කලාවලට. රාජධානි මධ්‍ය කඳුකරයට පසුබහිද්දි අපි ගරිල්ලා වෝ ෆෙයා එක මාස්ටර් කරනවා. හිට් ඇන්ඩ් රන්, නයිට් රේඩ්ස්, ස්වභාවික පරිසරය උපරිම වාසිය ගන්න යොදාගන්න විදි ගැන ලෝකයේ ඕනෑම ජන කොට්ඨාසයකට නොදෙවෙනි ක්‍රම අපි ඩිවෙලප් කරනවා.

    ඉතින් රේපියර් වල වාසියක් තිබුනානන් මේක ගන්න බැරි වෙන්නෙ මෙතනදි. මොකද ගහපු තරමක් පෘතුගීසීන්ට අම්මමෝ නැති වෙන්න ගැහුවේ මේ ගරිල්ලා සහ නයිට් රේඩ්ස් වලින්. මේවයේදි බොහෝ අවස්ථාවල භූමියේ පාලනය නැවත ලබා ගැනීම අරමුණු කරගත්තෙ නෑ. කරේ ගැහුවා,උපරිම හානි කරා,අයින් වුනා.

    උදා - 1. විමලධර්මසූරිය මෙහෙවපු දන්තුරේ සටන. පේද්‍රෝ ලොපේස් ඩි සුසාගේ නායකත්වයෙන් යුත් පෘතුගිසි සහ ලස්කිරිඤ්ඤ හමුදාව සමුලඝාතනය කරනවා. තනි ගරිල්ලා ගේමක්. හැබැයි රේඩ් කරා පසුබැස්සා. භූමිය පාලනයට ගත්තෙත් නෑ. මේ නිසා තමයි ඊට පස්සෙ එන ජෙරනිමෝ ද අසවේදු යටතේ පෘතුගීසීන්ට රීගෘප් වෙන්න පුළුවන් වෙන්නෙ. අසවේදු විමලධර්මසුරියගෙ බෙහෙත අනිත් පැත්තට දෙනවා රේඩ් කරලා.

    2. රන්දෙනිවල සටන. දෙවන රාජසිංහ අස්ථාන කුමාරයා කාලේ කොන්ස්තන්තීනු ද සා ප්‍රමුඛ පෘතුගීසී හමුදාව පරාජය කරනවා. බදුල්ල වැල්ලවාය ටෙරේන් එක උපරිමයට භාවිතා කරනවා.

    3. ගන්නෝරුව සටන දෙවන රාජසිංහ. දියේගො ඩි මෙලෝ නුවර ආක්‍රමණය කරද්දි නුවර හිස් කරලා ඇතුලට එන්න දෙනවා. දීලා නුවර ගිනි තියලා ආතල් අරන් අපහු යද්දි ගන්නෝරුව බ්ලොක් කරලා ගහනවා ඇප නැති වෙන්න. ඉතින් රේපියර් කඩු අදින්නවත් වෙලාවක් නෑ බොහෝ වෙලාවට.

    මේ ඇරෙන්න අනිත් හේතුව තමයි පෘතුගීසීන් හමුදා සංයුතියේ ලස්කිරිඤ්ඤ බ්‍රිගෙඩ්ස්වල වැඩි කොටස. ලස්කිරිඤ්ඤ බ්‍රිගෙඩ්ස් රේපියර් භාවිතවට වඩා යොදාගත්තෙ ලාන්සස්. ආයේ ගරිල්ලා ක්‍රමවලදි ලාන්ස් වලින් කරන්න පුළුවන් බක්කක් නෑ.

    රේපියර්වල ටෙක්නිකලි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවද ? ඔව්. සිංහලයන්ට එරෙහිව ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවද ? Nope.

    Art credit - prasanna weerakkody
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator

    Karen Wetterhahn

    10021-cover-kwoffice
     
    • Like
    Reactions: Yeezus

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සිංහලෙන් ලියනවනම් සිංහලෙන් ලියන්න ඕන වේශ ගෑනි වගේ මැද්දෙන් සිංග්ලිෂ් ඔබන්නේ නැතුව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    සීතාවක රාජසිංහ, මායාදුන්නේ කියන්නේ අඩූ කුලේ වෙලා. කාල තුවක්කු කියන්නේ මොනවාද නොදන්න සිහලුන්ට කාලතුවක්කු හදලා යුධ උපක්‍රම වලින් ඉහළටම ගෙනත් පෘතුගීසි කොළඹ කොටුවට ම කොටු කරපු රජවරු දෙන්නේක් දෙන්නම.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් රේපියර් වල වාසියක් තිබුනානන් මේක ගන්න බැරි වෙන්නෙ මෙතනදි. මොකද ගහපු තරමක් පෘතුගීසීන්ට අම්මමෝ නැති වෙන්න ගැහුවේ මේ ගරිල්ලා සහ නයිට් රේඩ්ස් වලින්. මේවයේදි බොහෝ අවස්ථාවල භූමියේ පාලනය නැවත ලබා ගැනීම අරමුණු කරගත්තෙ නෑ. කරේ ගැහුවා,උපරිම හානි කරා,අයින් වුනා.

    උදා - 1. විමලධර්මසූරිය මෙහෙවපු දන්තුරේ සටන. පේද්‍රෝ ලොපේස් ඩි සුසාගේ නායකත්වයෙන් යුත් පෘතුගිසි සහ ලස්කිරිඤ්ඤ හමුදාව සමුලඝාතනය කරනවා. තනි ගරිල්ලා ගේමක්. හැබැයි රේඩ් කරා පසුබැස්සා. භූමිය පාලනයට ගත්තෙත් නෑ. මේ නිසා තමයි ඊට පස්සෙ එන ජෙරනිමෝ ද අසවේදු යටතේ පෘතුගීසීන්ට රීගෘප් වෙන්න පුළුවන් වෙන්නෙ. අසවේදු විමලධර්මසුරියගෙ බෙහෙත අනිත් පැත්තට දෙනවා රේඩ් කරලා.

    2. රන්දෙනිවල සටන. දෙවන රාජසිංහ අස්ථාන කුමාරයා කාලේ කොන්ස්තන්තීනු ද සා ප්‍රමුඛ පෘතුගීසී හමුදාව පරාජය කරනවා. බදුල්ල වැල්ලවාය ටෙරේන් එක උපරිමයට භාවිතා කරනවා.

    3. ගන්නෝරුව සටන දෙවන රාජසිංහ. දියේගො ඩි මෙලෝ නුවර ආක්‍රමණය කරද්දි නුවර හිස් කරලා ඇතුලට එන්න දෙනවා. දීලා නුවර ගිනි තියලා ආතල් අරන් අපහු යද්දි ගන්නෝරුව බ්ලොක් කරලා ගහනවා ඇප නැති වෙන්න. ඉතින් රේපියර් කඩු අදින්නවත් වෙලාවක් නෑ බොහෝ වෙලාවට.
    සින්හලු නියමයි හැබයි සින්හලු කන්ට්‍රොල්/Coordinate කරන්න හොද මොලයක් තියෙන සැර එකෙක් ඉන්න ඔනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සින්හලු නියමයි හැබයි සින්හලු කන්ට්‍රොල්/Coordinate කරන්න හොද මොලයක් තියෙන සැර එකෙක් ඉන්න ඔනේ.

    ඕවා අද කාලෙට ප්‍රායෝගික නැ. කොහොම කන්ට්‍රොල් කරත් නියුක් එකකින් කෙලියම සින්හලු වද වෙලා යනවා. 😝🥀
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    I've read about that. some book mentioned that the Sinhalese army was so fierce that their warriors could jump and decapitate opponents in one blow. So the Portuguese did not dare to fight with that army alone. And remember there were not more than 1000 Portuguese nationals, but the whole army consisted of other nationalities. So those fights were on equal grounds. One exception is that the Portuguese had much better firepower. But eventually the Sinhalese got used to those firearms from the Moors, who already had that technology. I've heard that Sinhalese kings used caves in Matale for sourcing saltpeter with bat droppings (guano).