අලි~වංශය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ අලි ඇතුන්ට විද්‍යුත් ටීකාවක්

    ලංකාවේ හීලා අලි ඇතුන් ගැන දැනගන්න, කථාකරන්න, තොරතුරු බෙදාහදා ගන්න, පින්තූර පෝස්ට් කරන්න.
    එලකිරි අලි වංශය..

    company_0601_img03.gif
    company_0601_img03.gif
    company_0601_img03.gif
    company_0601_img03.gif
    company_0601_img03.gif
    company_0601_img03.gif


    ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ "ජනරාජා" හෙවත් අරිට්ටයා...

    janaraja.jpg


    දවස ගිය අවුරුද්දේ ඒ කියන්නේ දෙදහස් පහලවේ අගෝස්තු මාසේ විසි නව වෙනිදා. ඒ කියන්නේ නිකිනි පුර පසලොස්වක පෝය දවසේ. නිකිනි පෝය කියන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අතිශයින්ම කාර්ය බහුල දවසක්. ඒ මහනුවර ඇසල උත්සවයේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ නිකිනි පෝය දවසේ නිසා.

    "ඉන්දිරාජා" නාථ දේවාලේගාව ගැටගහලා ඉන්නවා වගේ තමයි ඈතට දැක්කේ. ඒත් වටේ පිටේ හිටිය කිසිම කෙනෙක් පින්තූරයක්වත් ගන්න ලඟට ගියේ නෑ. ඊට පස්සේ තමයි වැඩේ මීටර් උනේ. මේ ඉන්නේ අරිට්ටයා. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ජනරාජා. අරිත්ත කියන නම ව්‍යවහාරයේදී අරිට්ටයා වෙලා. අරිට්ටයාට අරිෂ්ටයා කියලත් කියනවා.

    මෙහෙම හිටියට මෙයාට තියෙන්නේ අමුතුම විදියේ ඇටිටියුඩ් එකක්. මෙතන සම්පූර්ණ අවුල් ජාලාවක් කරන්න මෙයාට තප්පර 05ක්වත් යන්නේ නෑ. මේ ඉන්න ක්ෂණයකින් මෙයා වෙනස් වෙන්න පුළුවන්.

    කොච්චර ලස්සන සහ දිග දළ දෙකක් මෙයාට තිබුනත් දළදා මාලිගාවේ පෙරහැරේ ගමන් කරන්නට මෙයාට වාසනාව නෑ. ඒකට හේතුව තමයි. මෙයාලට මද කිපෙන්නේ හරියටම මාලිගාවේ පෙරහැර මාසෙට. එක අතකින් ඒක පුරුවේ පවක් වගේ. මාලිගාවේ ඇත් පන්තියේ දොලොස් දෙනාගෙන් හය දෙනෙක්ම පෙරහැර කාලෙට ගාල් කරලා තියෙනවා කියලා තමයි දළදා මාලිගාවේ ඇත් පන්තියේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා ප්‍රකාශ කරන්නේ. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල විතරයි ඒ ඇත්තුන්ට, අලින්ට පෙරහරවලට සම්බන්ධ වෙන්න බැරි... අනිත් කාලෙට තියෙන පෙරහරවලට ඒ අයට සහභාගි වෙන්න පුළුවන් සහ එයාලා සහභාගී වෙනවා. ඒ ගියත් මෙයාව බොහෝම ප්‍රවේසමෙන් තමයි පෙරහැරේ එක්ක යන්නේ. මෙයා හරිම ප්‍රසිද්ධයි වැඩ අවුල් කරන හාදයෙක් විදියට. ඒ කියන්නේ කුලප්පු වෙලා මිනිස්සුන්ට පහර දෙනවා නම් නෙමෙයි.

    දැනට ජීවතුන් අතර ඉන්න ඇත්තුන්ගෙන් දිගම දළ දෙක මේකයි කියලා කියනවා. ඒක ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. අපරාදේ කියන්න බෑ පින්තූරෙටත් පෝස් කරා ලස්සනට
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    shaa maru bun.maath asama topic ekak.man thawa aasa ekek thama Nadungamuwe Raja :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,680
    1
    10,974
    113
    පට්ටයි...ඊළඟ පරපුර ගැනත් දාන්ඩ සහෝ...ටිවී එකේද කොහෙද දැක්ක ඊළඟට දළදා කරඬුව එහෙම ගෙනි යයි කියලා ඇත් පැටියෙක්ව පෙන්නුව...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටයි...ඊළඟ පරපුර ගැනත් දාන්ඩ සහෝ...ටිවී එකේද කොහෙද දැක්ක ඊළඟට දළදා කරඬුව එහෙම ගෙනි යයි කියලා ඇත් පැටියෙක්ව පෙන්නුව...

    රාජු... :yes::love:
    රාජුයි සින්දුයි දෙන්නා ගැන වෙනම ලියන්නම්කෝ... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2015 ඇසල මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැරට පැය කීපයකට කලින්..
    නැදුන්ගමුවේ රාජා


    MG_2633.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සධාතුක කරඬුව සුභ මොහොතින් රන්සිවිගේ මත තැන්පත් කිරීම


    MG_2729.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රන්දෝලි පෙරහැර අවසානයේ පැවැත්වෙන රාත්‍රී පෙරහැරේ ගෙඩිගේ විහාරයට කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාජා.

    MG_3018.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෝච්චි පෙරේරා අලි පෙරේරා වෙන්ට යන හැඩයි!!
    එළකිරි මල්ලියේ ඔහෙම යං!!!


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි පෙරේරා අලි පෙරේරා වෙන්ට යන හැඩයි!!
    එළකිරි මල්ලියේ ඔහෙම යං!!!


    ;)
    එලකිරි ලොකු අයියේ.. ත්‍රෙඩ් එකේ ඉන්ඩ. අප්ඩේට් කරන්නම්..