Yoga Budo - Modern Sri Lankan Mixed Martial Art Way

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    යෝග බුදෝ

    විදේශීය සටන් ක්‍රම බොහෝමයක් ලංකාව තුල පැතිර තිබුනද ඒවා බොහොමයක් එම මව් රටවල සංස්කෘතීන්ට අනුකුලව බිහිව, යම් වෙනස්කල නොහැකි රාමුන් මත පදනම් වූ ඒවා විය. අප රට තුලද පාරම්පරික සටන් ක්‍රම පැවතියද වත්මන් සමාජ ක්‍රමයට ගැලපීමේදී ඒවායේ පවතීන වෙනස් කල නොහැකි සම්ප්‍රදායික රාමුන් බාදකයක් විය. මේ නිසා වත්මන් සමාජ ක්‍රමය තුල ප්‍රයෝගිකව බාවිතා කල හැකි නුතන ශ්‍රී ලාංකීය සටන් ක්‍රමයක හිඩැස පියවීමේ අදහසින් යෝග බුදෝ සටන් කලා මාර්ගය බිහිවිය.

    ying_yang.png


    යෝග බුදෝ නව සටන් කලාවක් නොව ලොව වඩා ප්‍රයෝගික සටන් ක්‍රමයන්ගේ සහ කායික සහ මානසික සංවර්ධනය සදහා ඉවහල් වන යෝග ක්‍රම ප්‍රමඛ කොටගත් ශිල්ප ක්‍රමයන්ගෙන් සැදුම්ලත් සටන් කලා මාර්ගයකි. තම ගවේෂණාත්මක සටන් කලා දිවියෙහි අත්දැකීම් මත පදනම්ව මීට දශකයකට පමණ පෙර ශ්‍රී ලාංකීය සටන් කලා සහ යෝග උපදේශක ප්‍රසන්න ලංකා තල්පහේවා මහතා විසින් යෝග බුදෝ සටන් කලා මාර්ගය ලොවට හදුන්වා දෙනු ලැබිණ. නොයෙක් සංස්කරණයන්ට, පරේෂණයන්ට ලක් වෙමින් සංවර්ධනය වූ මෙම යෝග බුදෝ සටන් කලා මාර්ගය මෙයට වසරකට පමණ පෙර සිට ලොව පුරා ප්‍රචලිතව ලොව පිළිගත් සටන් සම්ප්‍රදායන් අතරට එක්විය.

    යෝග බුදෝ පදනම කරගනිමින් නිර්මාණය කල "Lion Blood" වීඩියෝ මාලාවේ පළමු වීඩියෝවම facebook, වෙනත් සමාජ ජාල සහ වෙබ්අඩවි තුල ලොව පුරා සිය දහස් ගණනින් share වූ අතර, එක මුලාශ්‍රයකින් shares 100 000 ඉක්මවමින් එතෙක් මෙතෙක් ලොව වැඩිම පිරිසකගේ ජනාදරයට පත්වූ ලාංකීය සටන් වීඩියෝව ලෙස පහසුවෙන් බිදිය නොහැකි වාර්තාවක් පිහිටවුයේ ශ්‍රී ලාංකීය නාමයද ලොව බබළවමිනි.

    kung-fu-128.png


    සැබෑ සටනකදී භාවිතා වන සටන් පරාසයන් (fighting ranges) 4 කි.

    1. Kicking Range (පා පහරවල පරාසය)
    2. Punching Range (අත් පහරවල පරාසය)
    3. Trapping Range (සතුරාව උගුලට හසුකරගන්නා පරාසය)
    4. Grappling Range (පොරබැදීමේ පරාසය)

    Krav maga, Systema, Jeet kune do ඇතුළු ලොව ඉතා සීමිත සටන් කලා කිහිපයක් හැරුණු විට අනෙක් බොහොමයක් සටන් කලා නිර්මාණය වී ඇත්තේ ඉහත කී සටන් පරාස අතුරින් යම් කිසි එක් සටන් පරාසයක් පමණක් පදනම් කරගෙනය. එම නිසා එම සටන් කලාවන් හදාරන ඉහල ශ්‍රේනිවල අය පවා සටනේදී තම දස්කම් පාන්නේ යම් කිසි එක් සටන් පරාසයක පමණි. එයට හේතුව වන්නේ එම සටන් කලාවන්හි ඇති සටන් රාමු තුලින් ඔවුන්ව එක් සටන් පරාසයකට පමණක් කොටු කර ඇති නිසාය. නමුත් යෝග බුදෝ මෙම පරාසයන් 4 තුලම ක්‍රියාත්මක වේ.

    එලෙසම අනෙකුත් සටන් ක්‍රමවල සබැ සටනක දක්ෂයෙක් බිහි කිරීමට විශාල කලක් ගත වේ. නමුත් ඉහත යෝග බුදෝ ඇතුළු සටන් ක්‍රමයන් සම්ප්‍රදායික රාමුන්ගෙන් බැහැරව, සැබෑ සටන පදනම් කොට ගනිමින් පුහුණුවන නිසා දීර්ඝ කාලයක් වැය නොකර සැබෑ සටනකට සාර්ථකව මුහුණ දිය හැකි දක්ෂයන් බිහිකළ හැකි වෙයි. බොහෝ රටවල විශේෂ හමුදා ඒකකයන්හි පුහුණුව සදහා මෙම සටන් ක්‍රම භාවිත කරන්නේ එබැවිනි.

    නමුත් යෝග බුදෝ වල මෙම සටන් ක්‍රමයන් අභිබවා ගිය සුවිශේෂත්වයක්ද දක්නට ලැබෙයි. ඒ කායික මානසික සංවර්ධනය සහ සමබරතාවය, හික්මීම,විනය ,ආත්ම විශ්වාසය, සුසරතාව වැනි ගුණාංග වැඩි වර්ධනය සදහාද යෝග විද්‍යාවේ සාරයෙන් නිර්මාණය කල සුවිශේෂී අභ්‍යාස ක්‍රම එක්වී තිබීමයි. මේ නිසා සටන් කීරීම සදහා පමණක්ම නොව පුද්ගල සහ සමාජ සංවර්ධනය සදහාද යෝග බුදෝ ඉමහත් කාර්යයක් ඉටු කරයි.

    karate_nike-128.png


    ඉහත දැක්වූ ගුණාංගයන් හේතුවෙන් යෝග බුදෝ ශිල්පියා සාමකාමී,නිවුණු ස්වභාවයෙන් යුතුව සමාජයේ හැසිරෙන අතර මගහැරිය නොහැකි අභියෝගයන්වලදී පමණක් පහසුවෙන් මැඩලිය නොහැකි රණකාමියෙකු ලෙස ක්‍රියාකරයි. "YOGA BUDO - (Way of the Peaceful Warrior) ලෙස මෙම සටන් කලා මාර්ගය නම් ලැබුවේ ඒ බැවිනි.ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙනයන මෙම මාහැගි සටන් කලා මාර්ගය ශ්‍රී ලංකාව තුල මෙන්ම ලොව තවත් ප්‍රචලිත කිරීමට අත්වැල සපයන්නේ Sri Lanka Youth (ජාතික තරුණ සේවා සභාව) මගිනි. ජාතික තරුණ සේවා සභාවේ, සෞන්දර්ය, කුසලතා සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මකවන තුරුණු ශක්ති ජාතික සටන් කලා සහ යෝග සංචිතය මෙහි ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි.




    Ranking Chart

    10403143_957853570911434_4597018232195485503_n.jpg


    Useful Links

    Instructor
    Official Page
    Most shared video
    Newest video
    Real fights :D (මේක ranking test හදන්න තිබ්බ fights)

    AIO - මෙතන තියන Tournament කියන video ටික බලන්න.. ඒවා real fights :love:

    Real Fights

    Yoga Budo - Martial Artists

    Rajitha Dilshan
    Asanka Sandaruwan
    Tharindu (Krishna)

    දැනට Class තියනවා නුවර YMCA එකේ සහ කොලබ (කළුබෝවිල) ඉස්සරහට මාතර සහ අනිකුත් නගර වලට යන්න සුදානම්.. class එන්න කැමති කෙනෙක් ඉන්නවනම් Prasanna Sir (Instructor) ව contact කරගන්න.. 0713 013155

    gPuCpCR.png
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    amboo pol adi ne tutto arun gaha ganne... apit wali waladi ohomane bun gahane

    :lol::lol: deken ekak wenna puluwan...ekko mekath nikan waliyak..nathtam apith hoda yoga budo kaarayo :rofl::P

    :D ගුටි කන්න නෙවෙයි ගහන්න ඉගෙනගන්න වරෙන්.. :P

    ha ennam :P wayasa limit ekak thiyenawada? :D ado ohoma gahuwoth ehema ba ban..:rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    class ekata giya gaman nelai da danne na ambaanaka :lol::lol:

    ඇයි ඩෝ බෲස්ලීගේ එන්ටද ඩ්‍රැගන් බලලා පල කෙලලා ඇරහන් අයි එන ඕන එකෙක්ට ටහිකෙන්නම :)