ත්‍රිකුණාමලය වරාය 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අපේ සහෝදරයෙකගේ ඉල්ලීමක් තිබ්බා ත්‍රිකුණාමලය වරාය සම්බන්දයෙන් තොරතුරැ ටිකක් ඉදිරිපත්කරන්න කියලා.
    ඒකනිසා අද අපි ත්‍රිකුණාමලය වරාය පිලිබදව තොරතුරු කිහිපයකට යොමුවෙමු.

    කෙටියෙන් සදහන්කරන්න ඕන "ත්‍රිකුණාමලය" කියන නමේ තේරුම තමයි "පූජනීය කන්දේ ස්වාමියා" යන අර්ථය ඇති "තිරු-කෝන-මලෙයි. සරලව කියුවොත් “Thiru-Kona-Malai” - “Lord of the Sacred Hill”.

    ත්‍රිකුණාමල වරාය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති ලොව පිහිටි විශාල ගනයේ ස්වභාවික වරායක් වන අතර ත්‍රිකුණාමල බොක්ක සහ කොඩ්ඩියර් බොක්ක වපසරියේ තුල පිහිටි නාවික නැවතුම්පලකි.

    RdSk45c.png


    ඉතිහාසයේ සිටම උපායමාර්ගික වැදගත්කමක් උසුළු මෙම දැකුම්කලු සහ ආරක්ෂාව අතින් ප්‍රබල වරාය වරාය පාලනය කිරීමට හටගත් මුහුදු සටන් එමටය. පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ බ්‍රිතාන්‍යයන් එය තම තමන්ගේ ආරක්ෂක තිත්පොලක් කරගත් අතරම දෙවන ලෝක යුද්ධ සමයේදී එය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් කඳවුරක් ලෙස තෝරා ගන්නා ලදී. පසුව 1956 දී ලංකා රජය විසින් වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පවරා ගන්නා ලද වරාය මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වේ.

    Ahw5qEF.jpg


    පරිමාණය සහ වපසරිය පිලිබදව අවදානය යොමුකිරීමේදී එහි පිවිසුම හිස් බිම් දෙකකින් සමන්විත මෙම වරායේ ජල පරිමා ප්‍රමාණය හෙක්ටයාර 1630ක් වන අතර ප්‍රවේශ මාර්ගය මීටර් 500ක් පළල වේ.

    Water - 1,630 ha (4,000 acres)
    Entrance channel - 500 m (1,600 ft)
    Land Area - 5,261 ha (13,000 acres)

    පිහිටීම සහ ඉහත සදහන් කරුණු ප්‍රකාරව ත්‍රිකුණාමලය ලෝකයේ පිහිටි ගැඹුරු මුහුදේ වරායන් අතරින් එකක් බවට පත්වී ඇත.
    ත්‍රිකුණාමල වරාය ජල හා ගොඩබිම් ප්‍රමාණය සැලකීමේදී කොළඹ වරාය මෙන් 10 ගුණයක් පමණ විශාල වපසරියක දිවයයි.
    වර්තමානයේ මෙම වරාය පරිශ්‍රය තුල ගල් අඟුරු / සිමෙන්ති / තෙල් / ජිප්සම් / සිමෙන්ති / පිටි යන ප්‍රදාන තොග භාණ්ඩ ප්‍රාදානව හසුරවනු ලබයි.

    පර්යන්ත (Terminals) ගැන අපි කතාකරොත් ත්‍රිකුණාමල වරාය ප්‍රදාන වශයෙන් පර්යන්ත තුනකින් සමන්විතයි.

    Ashroff ජැටිය පොදු නැංගුරම් පහසුකමක් යටතේ ක්‍රියාත්මක වන අතර බහලුම් ( අවශ්‍ය විට ) සහ තෙල් යාත්‍රා හැසිරවීම සිදුකරයි.
    මීටර් 257ක දිගින් යුතු Ashroff Jatty ය මීටර 12.5ක ගැබුරකින් යුක්තයි.

    ප්‍රීමා ජැටිය දිගින් මීටර 238ක් සහ මීටර 13ක ගැබුරකින්ද,

    ටෝකියෝ සිමෙන්ති පර්යන්තය මීටර් 155ක් දිගින් සහ මිටර 9.5ක X 9.5m ගැබුරකින් යුක්තයි.
    මෙහිදී ක්ලින්කර් යාත්‍රා නැංගුරම් ගන්නා ජැටිය ටෝකියෝ සිමෙන්ති පර්යන්තය මත පිහිටා ඇත.

    OFR9XsN.jpg


    තොග සිමෙන්ති සිට තෙල් සහ ස්වාභාවික වායු දක්වා දිවයන භාණ්ඩවල යාත්‍රා හැසිරවීම පහසුකම් වලින් ත්‍රිකුණාමල වරාය සන්නද්දවන අතරම වරාය ඉහල යටිතල පහසුකම් යටතේ නිර්මාණය සහ යාවත්කාලින කර ඇත.
    ප්‍රදාන මෙහෙයුම් කටයුතු වලට අමතරව මිරිදිය ධිවර සහ බංකර් සේවාවන් සදහා ත්‍රිකුණාමල වරාය බාවිතා කරනු ලබයි.

    rbTk2Am.jpg


    තවද වරාය පරිශ්‍රයට අයත් China Bay ප්‍රදේශයේ පිහිටි UTF 8ක් සහ LTF 15 කින් සමන්විත තෙල් ටැන්කි 99ක ගබඩාවකින් වරාය සමන්විත වන අතර, එම තෙල් ටැංකි 99යෙහි එක ටැංකියක ගබඩා දාරිතාව ටොන් 5000ක සිට ටොන් 10,000 දක්වා දිවයයි.

    R5ePBT1.jpg


    කෙටි සටහන : Walter White
    තොරතුරු සදහා අන්තරජාලය බාවිතා කල අතරම චායාරුප අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    කොල්ලා එහෙනම් ඒ පෝස්ට් එකත් දම්මා..:love2::love2:
    එළකිරි, දිගටම හොද පෝස්ට් ටිකක් දාමු මචන්.. :):)
    මට දවල් මතක් වුනේ..
    ඉටපස්සෙ කලින් හදපු presentation එකක් හොයලා කෙටි ලිපියක් ලියුවෙ.. තුති..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සුපිරි නූල. ... 👍👍

    ප්‍රීම ජැටිය හදල තියෙන්න, 70 ගනං වල අග වගේ.... එතනම තිබුණ පස් කන්දක් කපල පුරවල තමයි හදල තියෙන්නෙ.... අපේ තාත්ත ඕක හදන කාලෙ ට්‍රිංකො වල වැඩ කරල තියෙනවලු.....