Me feeling disappointed with Lasith Malinga and EK Members

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාලිංග වගේම ක්‍රීඩකයෙක් තමා චමින්ද වාස් ..මාලින්ගය වාස්ට සම කරන්නවත් බැහැ .ලංකාවේ බිහිවුන හොදම වේග පන්දු යවන්න ආයේ එකේ දෙකක් නැහැ .එයා සෑහෙන්න කැපකිරීම් කළා ලංකාවේ ක්‍රිකට් වලට .එව්වා එක්ක බලනකොට මාලිගගේ කැප කිරීම් අල්ගුවත් තියන්න බහ.අනික අන්තිම කාලේ වාස්වත් ටීම් එකෙන් කපුවා .

    කොටින්ම වාසුයි මලින්ගයි දිහා බැලුවම ඕන කෙනෙක්ට පෙනෙයි කව්ද රටට ක්‍රීඩාවට ආදරේ කව්ද සල්ලි වලට කෑදරේ කියල
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    බොරුවක්ද නැත්තම් ගේමට එහෙම කරාද කියලා දන්නේ නෑ. ඒක ඉතින් ඌම තමා දන්නේ. නමුත් ඌ ගේමට එහෙම දෙයක් කරා නම් ඒකට මොකුත් කියන්න බෑ. මොකද ඌට මාද්‍ය වලින් වෙච්ච අසාධාරණකන් කියලා නිමකරන්න බෑ. අර වැඩක් බලන් යනවා මනුස්සයෝ කිව්ව කතාවට මූට බල්ලෙක් කියලා කොච්චර නම් ජඩ විදියට පහත් කරලා බැන්නද? ඔය එක මීඩියාකාරයෙක්වත් ලංකාවට නමක් ගෙනාවේ නෑ ලෝකේ ඉදිරියේ. එහෙම තියාගෙන ඒ වගේ එකෙක් ඔහොම කිව්ව දෙයක් අල්ලගෙන ඔච්චර ජඩ විදියට හෙලා දැක්වුවා නම් ඌ ගේමට WC එක නොගහා හිටිය එක අසාධාරණ නෑ. මොකද මම වුනත් කරන්නේ ඒකම තමා. මොකද ලංකාවේ එවුන්ට අගයක් නෑ. දිනනකන් හොඳයි, පරදිනකොට බලු බැනුම්. ඩිලාට පේනවානේ. දැන් ටීම් එක ගැන නම් වැඩක් නෑ කතා කරලා. එකෙක්ට එකෙක් නෑ. ඒක මාලි දන්නවා. ඔහොම ටීම් එකක ඉඳගෙන ගොඩ යන්න බෑත් කියලා දන්නවා. එහෙම වෙලා අනාත වුනාම කෑ ගහන මීඩියා කාරයොවත්, මිනිස්සුවත් ඌට කන්න දෙන්නේ නෑ කියලාත් දන්නවා, තවත් මොනවාද බං හිතන්න තියෙන්නේ එතන ඌට දෙපාරක්? මගේ මතය, ඔය තත්වෙට මාලියාව ඇදලා දැම්මේ අපේම එවුන් කියලා. දැන් ඒකටත් උගේ පිට වරද පටවනවා. ඕකයි බං මිනිස්සුන්ගේ ඇත්ත. :)
    aniwa machan ubage kathawata mama sampurnayenma ekagai..

    මරුසිරා;19989993 said:
    මාලිංග වගේම ක්‍රීඩකයෙක් තමා චමින්ද වාස් ..මාලින්ගය වාස්ට සම කරන්නවත් බැහැ .ලංකාවේ බිහිවුන හොදම වේග පන්දු යවන්න ආයේ එකේ දෙකක් නැහැ .එයා සෑහෙන්න කැපකිරීම් කළා ලංකාවේ ක්‍රිකට් වලට .එව්වා එක්ක බලනකොට මාලිගගේ කැප කිරීම් අල්ගුවත් තියන්න බහ.අනික අන්තිම කාලේ වාස්වත් ටීම් එකෙන් කපුවා .

    කොටින්ම වාසුයි මලින්ගයි දිහා බැලුවම ඕන කෙනෙක්ට පෙනෙයි කව්ද රටට ක්‍රීඩාවට ආදරේ කව්ද සල්ලි වලට කෑදරේ කියල
    Malingata moley thiyanwa.. utath oya vaas wage anthima kale kapenda oney naha.. ekai
     
    May 29, 2015
    612
    45
    0
    මරුසිරා;19989993 said:
    මාලිංග වගේම ක්‍රීඩකයෙක් තමා චමින්ද වාස් ..මාලින්ගය වාස්ට සම කරන්නවත් බැහැ .ලංකාවේ බිහිවුන හොදම වේග පන්දු යවන්න ආයේ එකේ දෙකක් නැහැ .එයා සෑහෙන්න කැපකිරීම් කළා ලංකාවේ ක්‍රිකට් වලට .එව්වා එක්ක බලනකොට මාලිගගේ කැප කිරීම් අල්ගුවත් තියන්න බහ.අනික අන්තිම කාලේ වාස්වත් ටීම් එකෙන් කපුවා .

    කොටින්ම වාසුයි මලින්ගයි දිහා බැලුවම ඕන කෙනෙක්ට පෙනෙයි කව්ද රටට ක්‍රීඩාවට ආදරේ කව්ද සල්ලි වලට කෑදරේ කියල
    එහෙම කියන්නත් බෑ බන්. වාස්ව එක මැච් එකකින් විතරයි අයින් කරලා තිබ්බේ. වාස් ඉල්ලා අස් වුනා ඒ එක්කම වගේ. ඒ කාලේ හිටපු senior batters ලා retire වෙද්දී senior bowlers ලට captaincy එක නොදී අලුත් battersලට captaincy දෙන එක ගැන වාසුයි මුරලියි upset එකේ හිටියේ. ඒ ගැන එයාල නිව්ස් පේපර්ස් වලටත් කියලා තිබුනා තේරීම් කමිටුව නායකත්වය දෙද්දී පන්දුයවන්නන් ගැන නොසිතා පිතිකරුවන් ගැන පමණක් හිතීම ගැන කනස්සලු වෙනවා කියලා.

    ලංකා ටීම් එකේ bowling coachට ඉල්ලුම් පත් කැඳවද්දී මුරලි නොමිළේ කරන්නන් කියලා කියද්දී වාස් ලක්ෂ 35ක් ද කොහේ ඉල්ලලා තිබුනා ඒ පෝස්ට් එකටම.

    අනික හැකියාවන්ගෙනුත් වාසුයි මාලින්ගයි ගත්තොත් ලොකු වෙනසක් නෑ. පිටරට වල ඉන්න ගොඩක් අය කියයි මාලිංග වාස්ට වඩා දක්ෂයි කියලා. ලංකාවේ ගොඩක් අය කියයි වාස් මාලිංගට වඩා දක්ෂයි කියලා. මොකද ඒ කාලේ අන්තර්ජාතික වශයෙන් ටොප් ලෙවල් වැඩ පෙන්නන pacers ලා අපිට හිටියේ නෑ. වාස් තමයි ලංකාවෙන් බිහිවුණු පළවෙනියා. ඒ නිසා කවුරුවත් නැති කාලේ වාස් කරපු දේවල් ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන් කැපිලා පෙනුනා. ඒ කාලේ ලෝකේ ඉන්න හොඳම fast bowler වාස් කියලා කවුරුවත් කිව්වේ නෑ. කිව්වේ හොඳම අයගෙන් එක්කෙනෙක් කියල විතරයි. මොකද වසීම් අක්රම්ලා, වකාල, බ්‍රෙට් ලීලත් ඒ කාල් හිටපු නිසා. ඒත් මාලිංග ආවම කොච්චර හොඳ pacersලා හිටියත් දැන් ඉන්න අයගෙන් මාලිංග තමයි හොඳම fast bowler කියලා ගොඩක් අය කිව්වා.

    Dwayne Bravo දැන් දවස් දෙක තුනකට කලින් මාලිංගට තිබුණ වැඩිම t20 wicket ලෝක වාර්තාව කඩපු වෙලාවෙ interview එකේදීත් Bravo කිව්වේ මාලිංග තමයි කියලා අද ලෝකේ හොඳම බෝලර් කියලා, "Malinga is the world's best bowler today. There's noway I can class myself next to him".

    gossip.hirufm.lk/9227/2016/04/dwayne-bravo-interview.html

    England captain කුකුත් ඔය කතාවම කිව්වා ගිය අවුරුද්දේදී. Malinga world's best pacer කියලා ගොඩක් අය කියලා තියෙනවා. ඒත් ලෝකෙන් ලැබෙන පිළිගැනීම මාලිංගට ලංකාවෙන් ලැබෙන් නෑ. ඒකට ඉතින් මාලිගන්ගෙත් රත්ගම උන්ගේ වගේ දොඩවන දෙඩවිල්ල හේතුවෙන්න ඇති. හොඳ වෙලාවට වැඩිය ඉංග්‍රීසි බැරි වුනේ :P හැබැයි වර්ල් කප් එක තමන්ගේ කැමැත්තෙන් නොගහ හිටියා කියල මන් නං හිතන්නේ නෑ. ඕනෑම ක්‍රීඩකයෙක් වර්ල්ඩ්කප් ටීම් එකකට ඇතුලත් වෙන්න පුළුවන් උපරිමේම මහන්සි වෙනවා. මාලින්ගත් දවසට එක ගානේ මාසයක්ම ඉන්ජෙක්ෂන් 30ක් ගගහ ට්‍රයි කරා කකුල හදා ගන්න. ඒත් හරි ගියේ නෑ.
     
    ක්‍රිකට් වල හොදම දක්ෂයෝ බිහිවෙන්නේ ටි20 වලින්වත් 50 ඕවර් මච්වලින්වත් නෙමේ ටෙස්ට් මැච් වලින් .පිති කරුවෝ කෙසේවෙතත් පන්දු යවන්නෙක්ගේ හැකියාව ටෙස්ට් වලදී තමා හොදින්ම බලන්න පුළුවන් .වාස්ට තිබ්බ පන්දුව විව්දාකාරයෙන් යැවීමේ හැකියාව මාලිංගට නැහැ .මාලිංග තනිකරම වේගය මත පදනම් වෙච්ච පන්දු යවන්නෙක් .
    වේගය අතින් මාලිංග වාස්ට වඩා හොද සහ ඉදිරියෙන් ඉන්න එක ඇත්ත .එත් වේගයම පන්දු යවන්නේක්ගේ දක්ෂතාව මනින්න බැහැ.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාලිංගට ලේසි වෙන්නේ නෑ ..ප්‍රශ්න හැමදාම තියෙනවා .නිලධාරීන්ට ලං වෙලා ඉන්න එවුන් හැමදාම කණ්ඩායමේ ඉන්නවා ...සංගා මහේල ඉන්නකොට මුළු කණ්ඩායමම බලය තිබ්බේ උන් දෙන්නට...
    මාලිංගගේ කිසිම විනයක් නෑ බන් ..ප්‍රශ්න තියෙනවා නම් එඅ විසදගන්න ඕනි ඇතුලේ.එහෙම නැතිව මාධ්‍යට වීර ප්‍රකාශ කරලා නෙවෙයි ...එයා දැනගන්න ඕනි එයාත් එක ක්‍රීඩකයෙක් විතරයි කියලා ..මතකද කෙවින් පීටර්සන් උන්ගේ board එක විවේචනය කරලා තිබ්බ නිසා කණ්ඩායමෙන් අයින් කරලා තිබ්බා ..එයා ලියපු පොතෙත් ක්‍රිකට් board එකෙන් ආපු ප්‍රශ්න ලියලා තියෙනවා..ඒ නිසාම දැන් මිනිහට කණ්ඩායමට එන්න බෑ...

    ක්‍රීඩකයෙක් කියන්නේ ක්‍රීඩකයෙක් ..ක්‍රිකට් කියන්නේ එක ක්‍රීඩකයෙක් නෙවෙයි ..ක්‍රීඩකයා සෙල්ලම් කරනවා ..විතරයි ..පරිපාලනයට තමයි නිලධාරීන් ඉන්නේ ...

    ඊයේ නිව්ස් වලට ක්‍රිකට් board එක ඇවිල්ලා කියපු ටික දැක්කද ...මාලිංග මේ මාසේ 15 වෙනකොට සනීප වෙයි කියලා කියලා තියෙනවලු ..එතකොට එයාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා තමයි ඉදිරිය ගැන තීරණ ගන්න පුළුවන්..මාලිංගට ඕනි ඕනි වෙලාවට IPL ගහන්න බෑ ,ලංකාවේ ක්‍රිකට් board එකේ අවසරය නැතිව ගියොත් එයාට විරුද්දව නීතිමය කටයුතු ගන්න පුළුවන් කියලත් කිව්වා ...බලෙන් ගියත් bench එකේ තමයි ඉන්න වෙන්නේ කියලා .

    තිලංග කිව්වා කතාවක් ..මැතිව්ස් උනත් අබධයට ලක් වෙලා සෙල්ලම් කලේ කිව්වා..ඉන්ජෙක්ෂන් ගහගෙන සෙල්ලම් කලේ කිව්වා ...එකයි කැපවීම කියලා ...ද
     
    May 29, 2015
    612
    45
    0
    මරුසිරා;20001381 said:
    ක්‍රිකට් වල හොදම දක්ෂයෝ බිහිවෙන්නේ ටි20 වලින්වත් 50 ඕවර් මච්වලින්වත් නෙමේ ටෙස්ට් මැච් වලින් .පිති කරුවෝ කෙසේවෙතත් පන්දු යවන්නෙක්ගේ හැකියාව ටෙස්ට් වලදී තමා හොදින්ම බලන්න පුළුවන් .වාස්ට තිබ්බ පන්දුව විව්දාකාරයෙන් යැවීමේ හැකියාව මාලිංගට නැහැ .මාලිංග තනිකරම වේගය මත පදනම් වෙච්ච පන්දු යවන්නෙක් .
    වේගය අතින් මාලිංග වාස්ට වඩා හොද සහ ඉදිරියෙන් ඉන්න එක ඇත්ත .එත් වේගයම පන්දු යවන්නේක්ගේ දක්ෂතාව මනින්න බැහැ.

    මාලිංගට variations නැතිව නෙවේ. මාලිංගගේ swing yorker එකට බැටාලා අම්බානෙකට හිර වෙන නිසා, කෝලි ඇරෙන්න, මාලිංග yorkers වැඩිපුර use කරනවා. මාලිංග වැඩියෙන්ම වැඩ පෙන්නපු කාලේ මාලිංග use කරේ slow yorker එක. මාලිංගගේ බවුන්සර් වැදිලා ලේ පෙරන් ක්‍රීඩා ගාරේට ගියපු ක්‍රීඩකයොත් කීප දෙනෙක්ම ඉන්නවා. මාලිංගට variation නැති නිසා නෙවෙයි මාලිංග යෝකර් වැඩිපුර යවන්න උත්සාහ කරන්නේ. මාලිංග තරන් dead bowl යැව්වෙත් නෑ වාස්.
    T20 කියන්නේ පන්දුයවන්නන්ට වැඩිම ඇටෑක් එකක් එල්ලවන, පන්දුයවන්නෝ අකමැතිම game එක. මාලින්ගත් ඒක කිව්වා එක පාරක්. ඒ හින්දා ඒකෙත් වැඩ පෙන්නන bowler කෙනෙක් ටෙස්ට් වලට අදක්ෂයි කියන්න බෑ මම හිතන්නේ.
     
    May 29, 2015
    612
    45
    0
    මාලිංගට ලේසි වෙන්නේ නෑ ..ප්‍රශ්න හැමදාම තියෙනවා .නිලධාරීන්ට ලං වෙලා ඉන්න එවුන් හැමදාම කණ්ඩායමේ ඉන්නවා ...සංගා මහේල ඉන්නකොට මුළු කණ්ඩායමම බලය තිබ්බේ උන් දෙන්නට...
    මාලිංගගේ කිසිම විනයක් නෑ බන් ..ප්‍රශ්න තියෙනවා නම් එඅ විසදගන්න ඕනි ඇතුලේ.එහෙම නැතිව මාධ්‍යට වීර ප්‍රකාශ කරලා නෙවෙයි ...එයා දැනගන්න ඕනි එයාත් එක ක්‍රීඩකයෙක් විතරයි කියලා ..මතකද කෙවින් පීටර්සන් උන්ගේ board එක විවේචනය කරලා තිබ්බ නිසා කණ්ඩායමෙන් අයින් කරලා තිබ්බා ..එයා ලියපු පොතෙත් ක්‍රිකට් board එකෙන් ආපු ප්‍රශ්න ලියලා තියෙනවා..ඒ නිසාම දැන් මිනිහට කණ්ඩායමට එන්න බෑ...

    ක්‍රීඩකයෙක් කියන්නේ ක්‍රීඩකයෙක් ..ක්‍රිකට් කියන්නේ එක ක්‍රීඩකයෙක් නෙවෙයි ..ක්‍රීඩකයා සෙල්ලම් කරනවා ..විතරයි ..පරිපාලනයට තමයි නිලධාරීන් ඉන්නේ ...

    ඊයේ නිව්ස් වලට ක්‍රිකට් board එක ඇවිල්ලා කියපු ටික දැක්කද ...මාලිංග මේ මාසේ 15 වෙනකොට සනීප වෙයි කියලා කියලා තියෙනවලු ..එතකොට එයාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා තමයි ඉදිරිය ගැන තීරණ ගන්න පුළුවන්..මාලිංගට ඕනි ඕනි වෙලාවට IPL ගහන්න බෑ ,ලංකාවේ ක්‍රිකට් board එකේ අවසරය නැතිව ගියොත් එයාට විරුද්දව නීතිමය කටයුතු ගන්න පුළුවන් කියලත් කිව්වා ...බලෙන් ගියත් bench එකේ තමයි ඉන්න වෙන්නේ කියලා .

    තිලංග කිව්වා කතාවක් ..මැතිව්ස් උනත් අබධයට ලක් වෙලා සෙල්ලම් කලේ කිව්වා..ඉන්ජෙක්ෂන් ගහගෙන සෙල්ලම් කලේ කිව්වා ...එකයි කැපවීම කියලා ...ද
    ක්‍රීඩා කරන්න බැරි වෙන තරන් අබාධ මතිව්ස්ටත් ලෝක කුසලාන වලදී උනා. සංගා කැප්ටන් කරපු වර්ල්ඩ්කප් ෆයිනල් එකට මැතිව්ස් ගැහුවේ නෑ සෙමි එකේදී කකුල අබාධ වෙලා. මැතිව්ස් නියමෙටම හිර වෙන්න බෝල් කරපු වර්ල්ඩ් කප් එකක් ඒක. මැතිව්ස් ෆයිනල් සෙල්ලන් කරා නං අපිට දිනන්නත් තිබුනා ඒක. ඒක හින්දා ඔය ඉන්ජෙක්ෂන් ගැහුවා කියලා සුව නොවෙන අබාධත් තියෙනවා. මාලිංගත් ඉන්ජෙක්ෂන් තිස් ගානක් ගැහුවනෙ හොඳ කර ගන්න හිතන් හරි ගියේ නැති උනාට.

    මැතිව්ස් ඊට පස්සේ මැච් වලදි ඕවර අඩුවෙන් යවන්න ගත්තම, ලංකාවේ උන් මැතිව්ස් IPL එකේ bowl කරන photos අරන් memes හදලා මතිව්ස්ටත් මඩ ගැහුවා IPL වල බෝල් කරන්න පුළුවන් එකාට ලංකාව වෙනුවෙන් බෝල් කරන්න බෑ කියලා.