නාඩි වාක්‍ය

  • Jul 12, 2012
    447
    74
    28
    oya gihin balana eka thama sudhusu wade
    wena ayage jeewithe gana thiyena deyak illana eka nusudusu wadak
    wishwasa nam yanna awiswasa nam yanna epa :)
    Kattiya mage DVD ekath illala PM ewala thibba, ehema ewa illana ekath moda kamak :lol:
    oyage anagathe gana kiyapuva hari giyada. hasband gana ehema kiyala thibuna deval vage.:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් අදයි ඔහොම එකක් ලංකාවෙ තියෙනව කියල දැනගත්තෙ‍. මේ ත්‍රේඩ් එකෙන් ඒකත්. අපි ඉතින් ගිහිල්ල බලල නැති නිසා ඒ ගැන මුකුත් කියන්න හැකියාවක් නැහැ.

    හැමදේ ම විද්‍යාවට පහදන්න බැරුවා වගේ ම අපේ මනසට ගෝචර නොවන දේවලුත් මේ ලොකෙ කොතෙකුත් තියෙනවනෙ. සමහරවිට ඒ දේවල් හරි ඇති. සමහර විට ඒ දේවල් වැරදි ඇති. සමහරවිට ඒක බිස්සනස් එකක් වෙන්න ඇති. සමහර විට ඒ දේ ඇත්ත පවසනව ඇති. ඒ කොහොම වුණත් අපි දෙයක් හරියට නොදැන ඒ දේවල් ගරහන්න හැකියාවක් නැහැනෙ. එහෙම අයිතියකුත් නෑ.

    මම හිතන විදියට අපිට සමහර දේවල් වර්ථමානයේ කරන කටයුතු අනුව අනාගතයේ වෙනස් කරගන්න පුළුවන්. හැමදේම නෙමෙයි. සමහර දේවල්. මනස ශක්තිමත්ව තියාගන්න එක ගොඩක් වැදගත්. අපි හිතමු ඒ දේවල් බොරුම කියල. ඒ වුණත් ඒ දෙවල්වල කියන දේවල් නිසා අපිට පෙර පරිස්ම් වෙන්න පුළුවන්. පරිසම්වීමට ජීවිතයට හොඳ දෙයක්නෙ. ඒ වගේ ම අපි හිතමු ඒ දේවල් සේරම ඇත්ත කියල. ඒත් අපිට පුළුවන් උත්සහයෙන් ඒ කියන සමහර දේවල් වෙනස් කරගෙන අපේ ජීවිතේට යම් සාර්ථකත්වයක් ඇතිකරගන්න. ඒක නිසා සමබරව මනස මෙහෙයවන එක ගොඩක් හොඳ දෙයක් වෙයි.

    කෙලින් ම ත්‍රේඩ් එකට අදාල නොවුණත් මේ දේවල් කියුවෙ මං ඔය ගැන නොදන්න නිසා හා මට කමෙන්ට් කියවද්දි හිතුන දේවල් අනුව. ත්‍රේඩ් එකේ කරුණුවලට භාදාවක් වුණානම් සමාවෙන්න.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    කවුද බෝයි;20000961 said:
    oyage anagathe gana kiyapuva hari giyada. hasband gana ehema kiyala thibuna deval vage.:confused:
    kiyapu leda , accident , exam gana ewa hari
    husband nam thawa godak kal thiyenawa
    kalin yalu kena gana kiyapuwa hariyatama hari
    a sambande kadenawa kiwwa ekath hari :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටිය මේකත් බැලුව නම්...

    නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!

    නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න

    ඇත්තටම මේ ලිපිය කොහොම පටන්ගෙන ලියන්නද කියල හිතා ගන්න බැරිව හිටියේ.මෙය ලිවීම විශේෂ සැලකිල්ලෙන් අවධානයෙන් ප්‍රවේශමෙන් ලිවිය යුත්තක් බව පූර්වයෙන්ම අවබෝධ වූයේ මෙහිදී ලියැවෙන කරුණු කාරණා බ්ලොගයේ මේ දක්වා ලියැවුනු ලිපි සියල්ලටම වඩා බ්ලොගයේ ඉදිරි පැවැත්මට තදින් බලපෑ හැකි බැවිනි.එය එසේ නොවුනහොත් බ්ලොගයට ලබෙන ප්‍රතිචාර යහපත් නොවනු නිසැකය.නාඩි වාක්‍යය ඇසීමේදී මුහුණ දුන් සියළු අත්දැකීම් ඒ පරිද්දෙන්ම ලිවීමට හා නාඩි වාක්‍යයේ සම්පූර්ණ හඩ පටයම බ්ලොගයට අප්ලෝඩ් කිරීමට සිතුවේත් ලිපියේ අව්‍යාජ බව රැක ගැනීම පිණිසය.
    2011/03/11 දිනය එනම් අද දිනය නාඩි වාක්‍ය ඇසීමට මා හට වෙන්ව තිබූ දිනයයි.උදේ 8 ට විතර මමත් එතනට ගියා, අප්පා අදත් හිටිය හෙන සෙනගක්.අපි කලින් දවසෙ ඇගිලි සලකුණු දුන් අය නිසා අපිත් කලින් දිනයේ දීපූ රිසිට් එක වගේ කොළයත් අරගෙන පෝළිමේ ගියෙමු.මගේ රිසිට් එක අතට ගත් විටම කීවේ "මේකේ දිනේ තියෙන්නේ 22 නේ" කාල වරෙන්කෝ,මමත් ඉක්මනට රිසිට් එක අරගෙන බැලුවා.ඇත්ත තමයි ඒකේ දිනය ලෙස සටහන් කරල තිබුණේ 22.3.11 ආකාරයෙනි.නමුත් කලින් දිනයේ රිසිට් එක අතට දෙනවිට කටින් කීවේ 11 වෙනිදා එන ලෙසය. කියපු කෙනාට දිනයේ පෝමැට් එක පැටලී ඇත.ලියල තියෙන විදියෙන්ම ඒක ඕගොල්ලන්ටත් තේරෙනවනේ.අයියෝ මාත් කොලේ රැගෙන ගියා මිස එය බැළුවේ නැත."මට එදා කිව්වේ 11 වෙනිදා එන්න කියලනේ."මම කීවෙමි.
    "හොදයි එහෙනම් එලියෙන් ඉන්න.සමහර විට අද පුස්කොළේ හොයා ගන්න පුළුවන් වේවි." යහපත් පිළිතුරක් ලැබුණි.
    මා එලියට වී සිටියෙමි.මගේ බලාපොරොත්තු දැන් තරමක් සිදී ඇත."අනේ මගේ පුස්කොළේ අද හම්බ වෙයන්" මා සිතින් එලෙස පැතුවේ නැතහොත් මා හට තවත් දවසක් එන්න වෙන බැවිනි.
    පැයක් පමණ ගත විය.ආයතනික මහතුන් වරින් වර එලියට පැමිණ උපන් දින අනුව කතා කරමින් සේවා දායකයන්ට දින හා වේලාවන් නියම කරති.සමහරුන්ට අද දිනයේම වේලාවකි.තවත් අයට වෙනත් දිනයකි.
    "79 මාර්තු 16" මාගේ උපන් දිනය හඩගානු ඇසිනි. මා වහා වාඩිවී සිටි තැනින් නැගිට එදෙසට ගියෙමි.
    " ඔයාගෙ වෙලාව අද හවස 5.30 "
    හම්මේ ඇති යාන්තන් අද දවස ඇතුලත වෙලාවක් හම්භ වුනා.අද පුළුවන්වේදෝයි සැකෙන් සිටි මට එය අස්වැසිල්ලක් විය.
    ඒත් ටිකක් වෙලා යනකොට තමයි ඒකෙත් රගේ තේරුනේ.තාම වෙලාව උදේ 10 වත් වෙලා නැහැනේ.ඉදපල්ලකෝ පැය හත හමාරක් විතර. දැන් ඉතින් කාපල්ලකෝ කාලේ.හපොයි ඕන වෙලාවට වෙලාව යන්නෙත් හෙමින් වගේ.අද ගෙදරට එන හදහන් වැඩ භාර ගන්න කියල අම්මට කියල ආවත් අපේ රස්සාවේ එක දවසක්වත් මේවගේ ගතකොලොත් ආයේ ඔළුව උස්සන්නත් හරි අමාරුයි.
    හෙමින් සීරුවෙ බම්බලපිටිය හන්දිය පැත්තට ආපසු ගෑටුවා.යුනිටි ප්ලාසා එකේ කොම්පියුටර් කඩ ඇතුලට ගිහින් බඩුවල ගනන් අහ අහ ගියා ගන්න නෙවෙයි(ඒව ගත්තොත් නාඩි වාක්‍ය අහන්න වෙන්නෑ.මගේ අතේ ලොකු මුදලක් තිබුනෙත් නැහැ.) අන්තිමට ඒකත් එපා වුනා.කඩේකින් මොනවද ජරාවක් කාල බීම එකකුත් බිව්වා.ඔය අතරෙදි මගේ හිතට තවත් දෙයක් ආවා.ඒක මේ අපේ අය හැමෝටම වගේ තියෙන ලෙඩක්.ඒකට උදාහරණ මේ වෙලාවෙ ඔළුවට එන්නේ නැහැ.තේරෙන අයට තේරේවි.
    ආපහු ගියා නාඩි වාක්‍ය අහන තැනට ගිහින් කිව්වා මෙහෙම
    "මම ඈත ඉදල ආව කෙනෙක් හවස 5.30 වෙනකන් ඉන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවට ගියොත් ගමන් කරදරත් වැඩියි.ටිකක් වේලාසනින් බැරිද?"
    " ආ ඒක ඒ වෙලාවෙ කියන්න ඕන.දැන් හැමෝටම වෙලාවල් දීල ඉවරයි.ඉන්නකෝ බලන්න පුළුවන් වුනොත් ඉක්මනට ගන්නම්."
    දවල් 11.45 ට පමන ඉහත දෑ පැවසූ අය එලියට පැමිණ මාගේ උපන් දිනය ඇසුවේය.ඉන්පසු ඇතුලට ගිය හේ ටික වේලාවකින් පුස්කොළ මිටියක් රැගෙන විත් තවත් අයෙකු සමග මාව කාමරයක් තුලට රුගෙන ගියේය.අනිත් තැනැත්තා තල් පත කියවන්නාය.දැන් මට හෙන හැපිය.5.30 වෙනකන් එලියෙ හිටියනම් කොහොමද?
    කාමරය පිරිසිදුය.වැඩි විච්චූර්ණ නැත.එක් පසෙක බිත්තියේ ඉහලට වෙන්න විශ්ණු,ශිව,ගණ ආදී දෙවි රූප ඇත.
    "ඔයාගෙ උපන් දිනයටයි ඇගිළි සලකුණටයි අදාළ තල්පත මේ තල්පත් වලින් තෝරා ගන්නයි හදන්නේ.මේ තල්පත් තීරුවල තියෙන අයිතිකාර නම හා දෙමව්පියන්ගේ නම් අපි කියනවා.ඒවා ඔයාගේ නෙවෙයි නම් නැහැ කියන්න වෙන මුකුත් කියන්න එපා.
    තල්පත් කියන්නා පුද්ගලයන් හා දෙමව්පියන්ගේ නම් කියයි.පරිවර්තකයා සිංහලෙන් එය මට පවසයි.තල් පත් තීරු 5 ක් පමණ ඉවත් කළේය.ඒ එකක්වත් මගේ නොවීය.දැන් මටත් හෙන අප්සැට්ය.නැවත ඇතුලට ගොස් තවත් තල්පත් තීරු කිහිපයක් ගෙනාවේය.
    එම තල්පත් වලින්ද කීපයක් ඉවත් විය.එක් වරම "චන්ද්‍රන්" කීවේය. මම අවධානය යොමු කලෙමි.ඒ මගේ නම චන්දන බැවිනි. දෙමව්පියන්ගේ නම් කියන්න මා පෙරලා ඇසුවෙමි.
    "තාත්තා අමර්දාස් අම්මා ත්‍රාම්බ්‍රවතී"
    (මගේ පියා අමරදාසය මව ත්‍රාම්බ්‍රවතීය) මා විශ්මයට පත්විය.මා මෙතනට දුන්නේ උපන් දිනය හා ඇගිළි සලකුණ පමනි.අඩුම තරමින් මගේ නමවත් නොදුන්නමි.එය මාගේ පුස්කොළය බව ඔවුන්ට පැවසුවෙමි. ඉන්පසු තල්පත් තීරුව නාඩි කියවන්නා ලවා මා සදහන් කල පරිච්ඡේද අනුව කියවා පරිවර්තනය විය.එය ඒ අකාරයෙන්ම පහත දක්වා ඇත.නාඩි වාක්‍යය ඇසීමට මා දැන් ගෙවන වයසේදී පැමිනෙන බවද තල්පතේ වූ බව පැවසීය.මාගේ උපන් දිනය ඔවුන්ට දුන් නිසා එය පුදුම නැත.නමුත් මා උපන් වේලාව ඔවුන්ට දුන්නේ නැත.තල්පත කියවා හඩ පටය දීමට ප්‍රථම ඔවුන් මුලින්ම මගේ ලග්නය ලෙස කීවේ කටක ලග්නයයි.එය වැරදිය මගේ නිවැරදි ලග්නය වෘෂභ ලග්නයයි.මා එය පැවසූ විට ඔවුන් මා කාමරයේ තනිකොට පිටතට ගොස් විනාඩි පහලොවකින් පමණ පැමිණියේය.පටිගත කිරීම සිදු කලේ ඉන් පසුවයි.පටිගත කිරීම කරන විට මගේ ලග්නය ලෙස පවසන්නේ වෘෂභයයි.ග්‍රහයන් පිහිටීම පැවසීම නිවැරදිය.සමහර විට එය ඔවුන් පිටතට ගිය කාලයේ පරිගණක මෘදුකාංගයකින් සාදා ගත්තා විය හැක.වෘෂභ ලග්නය පැවසුවේ ඔවුන් නොව මා විසිනි.ඔවුන් මා කාමරයේ තනි කළ විනාඩි 15 ක කාළයද මා හට අමුත්තක් දැණුනි.ඇතුලේ කිසිදු ශබ්දයක් පිටතටත් පිටත ශබ්ද ඇතුලටත් නොඇසේ.කව්රුන්දෝ මාදෙස බලා සිටින හැගීමක් මට දැනුනත් කිසිදු ආකාරයක බියක් දැනුනේ නැත.මයිකල් කොලින්ස්ව මව් යානයේ තනිකොට නීල් ආම්ස්ටෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා චන්ද්‍ර යානයෙන් පිටත් වී හඳ මතට ගිය පසු මව් යානයේ තනිවූ මයිකොලින්ස්ට දැනුන තනිකමට සමාන තනිකමක් මා හට එම කාමරයේ තනිවූ විනාඩි 15 තුල දැනුනි.
    මා විශ්මයට පත්වූ තවත් කරුණක් වූයේ වයස 12 දී පමණ මාගේ හෘදයේ සිදුකළ සැත්කම පැවසීම මගේ පියාගේ රැකියාව හා මා දැන් කරන රැකියාව නිවැරදිව පැවසීමය..නාඩි වාක්‍යය ඇසූ දිනය දක්වා වූ සියළු තොරතුරු 100%ක් නිවැරදිව පැවසුවත් මා හට අත්‍යාවශ්‍ය වූ ඉදිරි රැකියාව විවාහය සම්බන්ධ තොරතුරු පැවසුනේ සසම්භාවී අයුරිනි.හඩ පටය අතට ගත් පසු මා ඔවුන්ගෙන් ඇසුවේ "අම්ම තාත්තගේ නම් හරියටම කිව්වනම් අනාගත සහකාරියගේ නම හරියටම නොකියා නම් වැලක් පැවසූනේ මන්ද?" යන්නයි.එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ එය දැන ගැනීමට විවාහය සිදුවූ පසු පැමිණිය යුතු බවයි."එතකොට ආපසු තල්කොළේ ඒක ලියවෙනවාද? ඒක ලියන්නෙ ඔයාලද?" මා සිනා සෙමින් ඔවුන්ගෙන් ඇසුවත් එයට පිළිතුරක් නොලැබුණි.
    නාඩි වාක්‍ය පලාඵලේ මේ දක්වා විස්තර 100% නිවැරදි වුවත් .එහි ඉදිරි කාලයේදී දක්වා තිබුණු කරුණු වැඩකට ගත නොහැකි තරම්ය.එකම දේ නැවත නැවත පවසා ඇත.එක තැනක අනිවාර්්‍ය දීර්ඝායුෂ ඇති බවත් තවත් තැනක වයස අව් 60 දී පමන ඇතිවන අසනීප වලින් ආරක්‍ෂා වුවහොත් දීර්ඝායුෂ ඇති බවත්ය.ආගමික සිද්ධස්ථානයක් පොදු තැනක් පසු කර යන තැනක සහකාරිය ඉන්න බව පැවසීම හා නියමිත දිශාවක් නොපැවසීම එතනින්ද ගන්න දෙයක් නැත.
    නාඩි වාක්‍ය ඇසීමෙන් පසු මා හට මතුවූ ප්‍රධාන ගැටළුවකි
    " නාඩි වාක්‍ය අසන මොහොත දක්වා විස්තර ඉතා විශ්මිත නිවැරදි අයුරින් පැවසීමත් ඉදිරි කාලය සම්බන්ධ තොරතුරු සසම්භාවී ලෙස කියැවීමටත් හේතුව කුමක්ද?"

    http://lankajhothisha.blogspot.com/2011/03/100.html
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මම මේ කල්පනා කරන්නෙ එතැන අය අර විස්තර අහපු, මම හොරා ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු එකේ කොටසක් දාන්වද කියලා... (ඔක්කොම අහගෙන අන්තිමට දෙන සීඩී එකේ නෙවි) එතකොට ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ මොකක්ද කියලා.. මට කාගෙවත් බිස්නස් එකකට ගහන්න ඕන නෑ. අනේ මන්දා...
    හැබැයි මට දානව නම් එඩිට් කරලා දාන්න වෙන්නෙ මගෙ පුද්ගලිකත්වය හා අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම මේ කල්පනා කරන්නෙ එතැන අය අර විස්තර අහපු, මම හොරා ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු එකේ කොටසක් දාන්වද කියලා... (ඔක්කොම අහගෙන අන්තිමට දෙන සීඩී එකේ නෙවි) එතකොට ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ මොකක්ද කියලා.. මට කාගෙවත් බිස්නස් එකකට ගහන්න ඕන නෑ. අනේ මන්දා...
    හැබැයි මට දානව නම් එඩිට් කරලා දාන්න වෙන්නෙ මගෙ පුද්ගලිකත්වය හා අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට

    මාත් ගිහින් තියෙනවා කරනමුන්ඩියෙන් කියන තැනකට... කලින් වෙච්ච දේවල් ඔක්කොම හරියට කිව්වා. ඇඟේ උපන් ලප තියෙන තැන්, ඔපරේෂන් කරපු තැන්, පොඩි කාලේ තිබ්බ ලෙඩක් ඔක්කොම.. අනාගතේ කියපුවා ඔක්කොම මගේ හිතේ තිබ්බ ඒවා.. ඒවා වුනේ නෑ :nerd:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113

    හොඳයි මම ඒකත් පිළී ගත්තා කියමු. හරි. දැන් ඔය නාඩි පුස්කොල ලියලා තියෙන්නෙ ගොඩාක් ඈත ඉතිහාසෙනෙ සෘෂින්ලුනෙ.
    හරි,ඉතින් බලන්න මිනිස්සුන්ගෙ නම් වෙනස් වෙන හැටි ඉස්සර කුස පබාවති ඉදන් පස්සෙ කුසුමාසන දේවි වෙලා ඒක කුසුමාවතී හරහා කුසුමා, වෙලා ඒක කෞෂි වෙලා පස්සෙ වර්තමානෙ කුශ්, කුෂී වගේ නමක් වෙලා අනාගතේ _ _ (වෙන්න තියෙන ඕන නමක්. මම නම් නොදනී) යනාදී ලෙස ඔය නාඩි බලන්න ගිය,යන යන්න ඉන්න ඔක්කොගෙම නම් ඔතැන තියෙන්න ඕන නේද? ලංකාවෙ විතරක් නෙවි පිටරටවල නාඩි බලන්න ගිය, යන හා අනාගතේ යන අය???
    එතකොට ඔයාගෙ ඇඟිලි සලකුණ තිබ්බලුනෙ? එතකොට ඔතැන ඇඟිලි සලකුණුම කොච්ච්ර ඇතිද? පොලිස් දෙපාර්ත්මේන්තු ඉතිහාසෙට වත් එච්ච්ර නැතිව ඇති මයෙ හිතේ.
    මම මේ කියන්නෙ ඔයාව පහත් කරන්නවත් නෝන්ඩි කරන්නවත් නෙවි නංගි. කියන්නා කෙසේ කොහොම කිව්වත් අපි සිහිබුද්ධියෙන් අපේ මශ්තිශ්කයෙක් එක දශමයක් හරි පාවිච්චි කරලා හිතන්න ඕනනෙ ඕක වෙන්න පුළුවන්ද කියලා... මගේ මෝඩ මොලේට අනුව නම් මේක වෙන්න නෑ ප්‍රායෝගිකව..

    Policiyak one wenne na..:lol::lol:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මාත් ගිහින් තියෙනවා කරනමුන්ඩියෙන් කියන තැනකට... කලින් වෙච්ච දේවල් ඔක්කොම හරියට කිව්වා. ඇඟේ උපන් ලප තියෙන තැන්, ඔපරේෂන් කරපු තැන්, පොඩි කාලේ තිබ්බ ලෙඩක් ඔක්කොම.. අනාගතේ කියපුවා ඔක්කොම මගේ හිතේ තිබ්බ ඒවා.. ඒවා වුනේ නෑ :nerd:

    මට කියපු ඒව නම් විස්තර ගොඩක් ඒවා මගෙන්ම අහගනිපුවා බං.. ඒ හින්ද වෙන්න ඇති මට නම් එච්ච්ර පැහැදීමක් නෑ එතැන ගැන. සමහර විට මට සෙට් උන රීඩර් චා එකෙක් වෙන්න ඇති... අර එතැන නම ගහල තියෙන දෙන්නට (ජයසංකර් , රාජසේකර් මට මතක විදියට) අමතරව තව අයත් රීඩින් කරනවා නෙහ්.. මට සෙට් උනේ එහෙම එකෙක් මම හිතන්නෙ
    ආයෙ යන්න බෑ සෙකන්ඩ් ටෙස්ටින් එකකට මොකද අඩුම ගානෙ රු5000 කෙලෝගන්න ඕන. දැන් ගාන තව වැඩි ඇති
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    Sri Lanka Cricket eka Nadi balana thana ekka Contract ekak Sign kara nan hari, ethakota Hama Player gema Balala, Perform karana un wtharak Team ekata daganna puluwan wei. ethakota maru...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බදීන්න වෙන කෙල්ලගෙ නමේ මුලකුර කියලා හෝඩියෙන් බාගයක් විතර කිව්ව බං. කෙල්ලගෙ නමට ආසන්න නමක් කියලා නම් 20 විතර කිව්වා. කෙල්ල උසින් ටිකක් අවුයි කිව්වා (ඕක ඉතින් කියන්න ඕනද බං. කීයෙන් කීදෙනාද තමන්ට උස කෙල්ලො බදීන්නෙ). කෙල්ල ලස්සනයි කිව්වා (මේක අර උනහපුළුවගෙ පැටිය ගැන අම්මට කියනව වගේ. උඹ උඹේ කෙල්ල කැතයි කියනවද?) කෙල්ල වයස අවු 2-3 බාලයි කිව්වා. (මේකත් ඉතින් ගෙස් කරන්න පූළුවන් නෙ බං. ගොඩක් කෙල්ලො කොල්ලට වඩා මේවගේ වයසකින් බාල තමා. ලැම්බට් වෙන්නෙ එහෙමත් එකෙක්). කෙල්ලගෙ ගෙදරට යන පාරෙ පොදු ස්ථානයක් තියෙනව කිව්වා (ඕනම ගෙදරකට යන පාරෙ පන්සලක්, පල්ලියක්, ඉස්කෝලයක්, අඩුමතමෙ බස්ස්ටෑන්ඩ් එකක්වත් තියෙනව තමා. ඒ ඒ කෙනා හිතා ගන්නෙ ආ.. මේ කිව්වෙ ඒක ගැන කියලා...

    සරළ දුෂ්ටි අගතියෙන් මුන් වැඩ ගන්නෙ
     
  • Jul 12, 2012
    447
    74
    28
    මමනම් අදයි ඔහොම එකක් ලංකාවෙ තියෙනව කියල දැනගත්තෙ‍. මේ ත්‍රේඩ් එකෙන් ඒකත්. අපි ඉතින් ගිහිල්ල බලල නැති නිසා ඒ ගැන මුකුත් කියන්න හැකියාවක් නැහැ.

    හැමදේ ම විද්‍යාවට පහදන්න බැරුවා වගේ ම අපේ මනසට ගෝචර නොවන දේවලුත් මේ ලොකෙ කොතෙකුත් තියෙනවනෙ. සමහරවිට ඒ දේවල් හරි ඇති. සමහර විට ඒ දේවල් වැරදි ඇති. සමහරවිට ඒක බිස්සනස් එකක් වෙන්න ඇති. සමහර විට ඒ දේ ඇත්ත පවසනව ඇති. ඒ කොහොම වුණත් අපි දෙයක් හරියට නොදැන ඒ දේවල් ගරහන්න හැකියාවක් නැහැනෙ. එහෙම අයිතියකුත් නෑ.

    මම හිතන විදියට අපිට සමහර දේවල් වර්ථමානයේ කරන කටයුතු අනුව අනාගතයේ වෙනස් කරගන්න පුළුවන්. හැමදේම නෙමෙයි. සමහර දේවල්. මනස ශක්තිමත්ව තියාගන්න එක ගොඩක් වැදගත්. අපි හිතමු ඒ දේවල් බොරුම කියල. ඒ වුණත් ඒ දෙවල්වල කියන දේවල් නිසා අපිට පෙර පරිස්ම් වෙන්න පුළුවන්. පරිසම්වීමට ජීවිතයට හොඳ දෙයක්නෙ. ඒ වගේ ම අපි හිතමු ඒ දේවල් සේරම ඇත්ත කියල. ඒත් අපිට පුළුවන් උත්සහයෙන් ඒ කියන සමහර දේවල් වෙනස් කරගෙන අපේ ජීවිතේට යම් සාර්ථකත්වයක් ඇතිකරගන්න. ඒක නිසා සමබරව මනස මෙහෙයවන එක ගොඩක් හොඳ දෙයක් වෙයි.

    කෙලින් ම ත්‍රේඩ් එකට අදාල නොවුණත් මේ දේවල් කියුවෙ මං ඔය ගැන නොදන්න නිසා හා මට කමෙන්ට් කියවද්දි හිතුන දේවල් අනුව. ත්‍රේඩ් එකේ කරුණුවලට භාදාවක් වුණානම් සමාවෙන්න.
    ehema ekak na ban. kamathi kenekta kamathi deyak kiyanna puluvan :)

    math giya bamba place akata mata nam kiyapuwa okkomaa atta uuna kukuloh! patta seen 1
    mokada une. aththada?

    kiyapu leda , accident , exam gana ewa hari
    husband nam thawa godak kal thiyenawa
    kalin yalu kena gana kiyapuwa hariyatama hari
    a sambande kadenawa kiwwa ekath hari :)

    sambande kadenawa kiyana kale venakotath kadilada thibune nathnam eka e venakota eka thibunada?:confused::confused:
    oya godak ayage prashna valata uththara deela thibuna thread eke. thanks ekata:)
     
  • Jul 12, 2012
    447
    74
    28
    මම මේ කල්පනා කරන්නෙ එතැන අය අර විස්තර අහපු, මම හොරා ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු එකේ කොටසක් දාන්වද කියලා... (ඔක්කොම අහගෙන අන්තිමට දෙන සීඩී එකේ නෙවි) එතකොට ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ මොකක්ද කියලා.. මට කාගෙවත් බිස්නස් එකකට ගහන්න ඕන නෑ. අනේ මන්දා...
    හැබැයි මට දානව නම් එඩිට් කරලා දාන්න වෙන්නෙ මගෙ පුද්ගලිකත්වය හා අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට

    godak ayata udauvak vei dammoth ehema:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,627
    1
    57,742
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ඔය බම්බලපිටියෙ නාඩිවාක්‍ය බලන්න අපි දෙන්න ඕනෙ ජාතික හැඳුනුම්පත් අංකය විතරයි. ඒක දුන්නම සතියකට විතර පස්සෙ දිනයක් දෙනවා විස්තර අහන්න එන්න.

    ඒ කාලෙ labour department එකේ ඇඟිලි සලකුණු පරිගණක ගත කරල තිබුනෙ නෑ NIC අංකෙ විතරයි හොයන්න පුලුවන්. දැන් ඇඟිලි සලකුණ තිබුනම හොයන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ.

    හරි පුදුමයි නේද නාඩි වාක්‍ය කියන අයත් ඇඟිලි සලකුණයි උපන් දිනෙයි දුන්නම අම්ම තාත්ත සහකාරිය/සහකරු, දුරුවන්,ජොබ් එක වගේ විස්තර හරියටම කියනවා නෙ. :lol::lol::lol:

    ape agili salakunu rajaye ayathana wala naha
    thibbath ohoma sasthara balana kenekta denawadha ehema wisthara:lol:
    oya kalin yalu wela hitapu kenage wisthara labour department ekata dunnada? :shocked::shocked:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මාත් ගිහින් තියෙනවා කරනමුන්ඩියෙන් කියන තැනකට... කලින් වෙච්ච දේවල් ඔක්කොම හරියට කිව්වා. ඇඟේ උපන් ලප තියෙන තැන්, ඔපරේෂන් කරපු තැන්, පොඩි කාලේ තිබ්බ ලෙඩක් ඔක්කොම.. අනාගතේ කියපුවා ඔක්කොම මගේ හිතේ තිබ්බ ඒවා.. ඒවා වුනේ නෑ :nerd:

    මේක තමයි ඇත්ත. අපේ හිතේ තියෙන දේ විතරයි අනාගතේ වෙනවා කියල කියන්නේ. හරි අවබෝධයකින් සාස්තර (අත බලා කියන), නාඩි වාක්‍ය අහනවා නම් අපිට අවබෝධ වෙන්න, ඕනි ඒ අයට කියන්න පුළුවන් තමන්ගේ හිතේ තියෙන , ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න දේවල් මිසක් ඇත්තටම අනාගතේ සිද්ද වෙන දේවල් නම් නෙවෙයි කියන එක.