ටියුශන් කාරයෝ ඔව්වා රස කර කර කියනකොට ඔව්වට වහ වැටෙන එවුන් ඕන තරං ඉන්නවා. මං කියන ජාතියේ උන් පුදුම ආසවකින් ඉන්නේ කැම්පස් ගිහින් රැග් කන්න. මගේ ගිය සැරේ එකේ රිසල්ට් එක හැටියට ආණ්ඩුවේ කැම්පස් එකකට ගියහැකි. ඔව්වා දකිද්දි කාටද යන්න හිතෙන්නේ. ඉතින් ප්රයිවට් කැම්පස් වල කට්ටිය ලස්සනට මාකටින් පාර දානවා. ආණ්ඩුවේ කැම්පස් වල ඔක්කොම කුණු පත්තර වලයි ටීවී එකෙයි. කවුද කියපන්කෝ ඉතින් නිදහස් අද්දියාපනේ වනසන්නේ. උන්මනේ

