kollonge වටිනාකම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    සල්ලාලයාගේ පිට හපා ක අම්මා බේරාගත් තුන් හැවිරිදි වීර පුතා


    පදියතලාව අපේ රටේ දුෂ්කරයයි සම්මත ප්‍රදේශවලින් එකකි.. මරංගල - අඹගහවත්ත ගමිමානයද පදියතලාවේ පිහිටි දුෂ්කර මෙන්ම වියලි කාළගුණයක්‌ සහිත ගම්මාන වෙයි..

    අඹගහවත්ත ප්‍රදේශයේ ජනතාව තම දරුවන් පාසල් යෑවීම මෙන්ම එදිනෙදා කටයුතු සඳහා යා යුත්තේ මරංගල නම් කුඩා නගරයටයි.

    අඹගහවත්තේ සිට මරංගල දක්‌වා දිවෙන වැලි සහිත මාර්ගය කිලෝමීටර් තුනහමාරක පමණ දුරකින් යුක්‌තය.. ගම්මානයේ ජනතාව සහ පාසල් යන දරුවන් මේ මාර්ගයේ බොහෝරවිට ගමන් කරන්නේ පයින්මය..

    මේ මාර්ගයේ තැනෙක ළඳු කැළෑවකි. තවත් තැනෙක මහ ගස්‌ සහිත කැළෑවකි. මුඩු බිම්, මානා පඳුරු, මෙන්ම හේන් මේ මාර්ගයේ හමු නොවනවා නොවේ.. අතරින් පතර ගෙයක්‌ දෙකක්‌ හමුවුවද වැඩිපුර පාළු ස්‌වභාවයක්‌ උසුළන අතර කිසියම් සුංදරත්වයකින්ද යුක්‌තය..

    අප්‍රෙAල් 05වනදා උදැසනින්ම තිදෙනෙක්‌ මේ මාර්ගය ඔස්‌සේ මරංගල දක්‌වා ගමන්කරමින් සිටියහ... 28 හැවිරිදි මවත් 10 හැව්රිදි තම වැඩිහල් දියණියත් වයස තුනහමාරක්‌ වූ පුතාත් මේ කණ්‌ඩායමේ වූහ..

    ඔවුන් ගමන් කරන්නේ මරංගල පාසලේ එදින පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවයට සහභාගීවීම පිණිසය..

    හැඩකාර පෙණුමක්‌ ඇති ඉෂාන්තී දිසානායක නම් 28 හැවිරිදි කාන්තාව සාරියක්‌ සහ ඊට ගැළපෙන කණකර ආයිත්තමින්ද සැරසී සිටින්නීය.. ඇයගේ 10 හැවිරිදි දියණියත් වයස තුනහමාරක්‌වූ තනුක පුතාත් හොඳින් හැඳ පැළඳ සිටියාහ.

    අවුරුදු උත්සවය දවස පුරාම පැවැත්විණි.. පෑවිල්ලත් සමග ඇති අධික උණුසුමද නොතකා තනුක පුතාත් අක්‌කාත් ඉතා සතුටින් අවුරුදු උත්සවයේ මිහිර විඳ ගත්හ.

    ඉෂාන්තී කිහිප විටක්‌ම "අපි දැන් යමුද දරුවනේ" යයි ඇවිටිළි කළද "අනේ අම්මේ අපි ඉවර වෙනකම් ඉම්මු" යයි දරුවන්ගේ ඉල්ලීම නොසළකා හැරීමට ඉෂාන්තිට නොහැකිවිය..

    කාළය නොදැනීම ගතවිය. සවස 06 පමණවනවිට උත්සවයේ කටයුතු නිමාවෙමින් පැවතිණි. ඉෂාන්තී තම දියණියත් තනුක පුතාත් සමග ආපසු නිවස කරා යාම පිනිස සුපුරුදු මාර්ගයට අවතීර්ණ විය. කැළැව වැඩිපුර ඇති මේ මාර්ගයට අන්දකාරය කල්වේලා ඇතිව පැමිනෙමින් තිබිණි.. මූසල අන්දකාරය ඇගේ සිතේ යම් තැතිගැන්මක්‌ ඇතිකළද බෑගයේ තිබූ විදුලි පන්දම දල්වාගත් ඉෂාන්ති ,"පුතේ පය ඉක්‌මන්කරලා යමු" යයි තම දරු දෙදෙනාට පවසන්නේ සිතේ ඇතිවන නඳුනන තැතිගැන්ම නිසාය.

    විදුලි පන්දම ඉදිරිපසටත් පිටුපසටත් අල්ලා බැලුවද පාළු මාර්ගයේ කිසිවකු පෙනෙන්නට නැත. වටපිටාවෙන් ඇසෙන විවිධ සතුන්ගේ කෑ ගැසීම් සහ ගෝරනාඩුවලින් ඇගේ සිතේ නැගෙන බිය ගතිය අඩුවන්නේ තම පුංචිපුතා ගේ සුරතල් කතාවලිණි.

    ඉෂාන්තිලා කිලෝමීටර් දෙකක්‌ පමණ පැමිනෙමින් තිබියදී හදිසියේම පිටුපසින් කිසිවකු එන බවක්‌ දැනී ඉෂාන්ති පිටුපසට විදුලි පන්දම අල්වා බැලීය.. යම් කිසිවකුගේ ජායාවක්‌ ඉෂාන්තිට දකින්නට ලැබීය.. "කවුද මේ... කවුරු උනත් එන විදිහ නම් හොඳනෑ..." ඉෂාන්තී තනිවම සිතුවාය... ඇය තම දරුවන්ට මේ බව නොපැවසුවේ ඔවුන් බියවේ යයි සිතාය. ඔවුන් ගමනේ වේගය වැඩිකළද පසුපසින් එන මිනිසා ඉතා ඉක්‌මනින් තමන්ට ලංවෙන බව ඉෂාන්තිට දැනිණි..

    ගෙයක්‌ පේන තෙක්‌ මානයේ නැත. පසුකරන්නේ මානපඳුරු සහිත මුඩුබිම් ප්‍රදේශයකි. කිසිදු හවුහරණක්‌ පේනතෙක්‌මානයේ නැත. වේගයෙන් ලංවූ මිනිසාට ඉස්‌සරවීමට ඉඩදී ඇය දරුදෙදෙනාත් සමග පාරේ පසෙකට විය.

    ඇය සිතූදේ නිවැරදිවිය. මේ පාදඩයා එක්‌වරම ඉෂාන්තිව බදා ගත්තේය. විදුලි පන්දම බිමවැටිණි. ඇය මානා පඳුරු උඩ පෙරලාගත් පාදඩයා ඇගේ සාරිපොටින් ඇයගේ කට වසා ගැට ගසන අතර දියණිය මරහඬ තලමින් දිවයන්නට විය..

    සියලු දෙවිවරු සිදුවීමට යන අපරාධයට මුහුණ නොදී ඉවත බලාගන්නට ඇත. එහෙත්.... ඇයගේ වයස තුනහමාරක්‌වූ යෝධ පැටියා තම අම්මා බේරා ගැනීමට ඉදිරිපත්වන්නේ දස බිම්බරක්‌ මාරසෙනග ඉදිරියේ වුවද මව් සෙනෙහස පරදවාලීමට සමතෙක්‌ ලොව නැති බව නැවතත් තහවුරු කරමිණි.

    තනුක පුතාගේ සියුමැලි දැත් කාමයෙන් අන්ධවූ 18 හැවිරිදි පාදඩයාට පහරදීමට තරම් බලවත් නොවුවද තම මව බිම පෙරළා ඇඟ උඩ නැග සිටින පාදඩයාගේ පිටට පැන මුතුකැටවන් සියුම් දත්වලින් පිට හපාකා හිල් කිරීමට සමත් විය.

    දැණුනු දැඩි වේදනාවට පාදඩයාට උහුලා ගැනීමට හැකිවූයේ ඉෂාන්ති අතහැර පළායාමෙණි. ඉෂාන්ති වහාම තම වීර පුතාවත් ඔසවාගෙන ගෙදරටම දිවගියේ බියවී දිවගිය දියණියත් සමගය.

    සිදුවූ සියළුදේ තම ස්‌වාම්යාට පැවසීමෙන් අනතුරුව ඔහුවිසින් 119 දුරකථනයට කතාකොට සිදුවූ සියලු දේ පවසන්නේ මේ නොහික්‌මුණු පාදඩයාව නීතියේ රැහැනට අල්ලාදීම පිණිසය.

    පදියතලාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එස්‌. එA. එස්‌. පී සතරසිංහ මහතා වහාම ක්‍රියාත්මකවී ප්‍රදේශයේ පොලිස්‌ මුරපොලවල් සහ අදාළ පොලිස්‌ නිළධාරීන්ද සමග සම්බන්ධවී කරන ලද මෙහෙයුම්වල ප්‍රථිපලයක්‌ ලෙස අත් අඩංගුවට ගෙන පසුගියදා දෙහි අත්තකණ්‌ඩිය උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

    ජා- ඇල ප්‍රදේශයේ පුද්ගළික ආයතනයක සේවය කරමින් සිට ඇති මේ 18 හැවිරිදි සැකකාර නරුමයා තම පියා මිය ගියායයි ආයතනයට බොරු කියා එA සඳහා ලබා දෙන රු-80000ක මුදලක්‌ද රැගෙන ගිය බවට වාර්තාවේ.. තනුක පුතා නොවන්නට මොහු අතින් ඉෂාන්තිගේ සියලුදේ සමග ජීවිතයද අහිමිවන්නට ඉඩතිබිණි.

    මෙවැනි අපරාධවලට නැවතීමේ තිතක්‌ නොමැති බව නිතර නිතර මෙවැනිදේ ඇසීමෙන් අපට පැහැදිළි වන්නේය. මෙවැනිදේ නවතාලීමට නොහැකිනම් අඩුකිරීමටවත් ප්‍රමාණවත් ආකාරයට නීතිමය දඬුවම් වැඩිකළ යුතුයයි අප යෝජනා කරන්නෙමු.

    එසේ නොමැතිවුවහොත් හෙට දිනයේ මෙවන් කාළකණ්‌නි අතින් දූෂණයවී ඝාතනය වන්නේ කාගේ බිරිඳද, සොහොයුරියද, දියණියද යන්න සිතමින් සිටීමට පමණක්‌ අපට සිදුවණු ඇත.

    අමරසිංහ මාලගේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113

    මේ පාදඩයා එක්‌වරම ඉෂාන්තිව බදා ගත්තේය. විදුලි පන්දම බිමවැටිණි. ඇය මානා පඳුරු උඩ පෙරලාගත් පාදඩයා ඇගේ සාරිපොටින් ඇයගේ කට වසා ගැට ගසන අතර දියණිය මරහඬ තලමින් දිවයන්නට විය..:lol:
     
    මේ පාදඩයා එක්‌වරම ඉෂාන්තිව බදා ගත්තේය. විදුලි පන්දම බිමවැටිණි. ඇය මානා පඳුරු උඩ පෙරලාගත් පාදඩයා ඇගේ සාරිපොටින් ඇයගේ කට වසා ගැට ගසන අතර දියණිය මරහඬ තලමින් දිවයන්නට විය..:lol:



    Resident Evil eke wage kello aththa loke ne ban :lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය වගේ සිද්දි අහු උනාම බිජ්ජ කපන්න ඕනේ ආයේ ඔය වගේ වැරදි නොකරන්න.. අරාබි රටවල් වලට බැන්නට මන් නම් උන්ගේ මේවගේ නීති වලට පට්ට විදිහට රෙස්පෙක්ට් කරනවා :yes::yes::yes: