ලොව ප්‍රචලිත අපට නුපුරුද් SMART ජංගම දුරකථන මා

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
ලොව ප්‍රචලිත අපට නුපුරුද් SMART ජංගම දුරකථන මා

- Source -
C8wZLVT.png

----------------------------------

ලොව ප්‍රචලිත අපට නුපුරුද් SMART ජංගම දුරකථන මාදිලි

AVVHWT9.jpg


ඇපල්, සැම්සුන්, LG වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන මාදිලි වලට අමතරව මිලෙන් අඩු, නමුත් තත්වයෙන් උසස් ජංගම දුරකථන වලට මේ දවස්වල වෙළඳපලේ ඇත්තේ ලොකු ඉල්ලුමක්. ඒ අතරින් චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලට ඇත්තේ ඉහල අගයක්. ඉතින් මේ චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතරින් හොඳම ජංගම දුරකථන මාදිලි කිහිපයක් තමයි මේ තියෙන්නේ. මිට අමතරව උබලා දන්න වෙනත් හොද සමාගම් එහෙම තියනම් comment එකක් දාන්න. :)
----------------------------------​

ZTE

ZTE කියන්නේ සමාගම දැනට වසර ගණනාවක් තිස්සේ හොඳ තත්වයේ ජංගම දුරකථන නිෂ්පාදනය කල සමාගමක්. කෙසේ නමුත් ZTE හට තවමත් වෙළඳපලේ ස්ථාවර නමක් දිනාගන්නටනම් හැකියාවක් ලැබී නැහැ. චීන වෙළඳපල හා ජාත්‍යන්තර වෙළඳපලේ පවතින අතිශය තරඟකාරී ස්වභාවය නිසාවෙන් එසේ වුවත් දිනකට අලෙවි වන ජංගම දුරකථන ප්‍රමාණය අනුව නම් ZTE හොඳ නමක් හිමිකරගෙන සිටිනවා.

e8MYS6R.jpg


xxAYdrg.jpg

----------------------------------​

Meizu

මේ කාල පරිච්ඡේදය තුල අති දැවැන්ත ජනප්‍රියත්වය හා දියුණුවක් ලබාගත් ජංගම දුරකථන මාදිලියක් ලෙස Meizu හඳුන්වන්නට පුළුවන්. වෙළඳපල තුල ඇති Apple iPhone සඳහා ප්‍රභල අභියෝග එල්ල කරන්නට Meizu හට හැකියාව ලැබුනා. Meizu MX5 හා Meizu M2 කියන්නේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණු ජංගම දුරකථන ද්විත්වයක්. ජංගම දුරකථනයේ පෙනුම හා තත්වය අතින් ඉදිරියෙන්ම සිටින Meizu ජංගම දුරකථනයේ මිලත් අඩුඅගයන් වල පවත්වා ගැනීමට එම සමගම කටයුතු කරනවා. ඇපල් iPhone හා සමාන ලෝහ නිමාවකින් යුත් නමුත් iPhone වලට වඩා මිලෙන් අඩු Meizu ජංගම දුරකථන ආසියා යුරෝපා වෙළඳපල තුල සීග්‍රෙයන්ම වර්ධනය වන ජංගම දුරකථන මාදිලිය ලෙස හඳුන්වන්නට පුළුවනි.

dQUBdp2.jpg


SLx9VB7.jpg

----------------------------------​

OnePlus

OnePlus කියන්නේ තරමක් ලංකාවේ අපට පුරුදු නමක්. OnePlus සමාගම කලේ තමන්ගේ නිෂ්පාදනයම සිය වෙළඳ උපක්‍රමයක් ලෙස යොදාගැනීමයි. Invite ක්‍රමය නිසා පාරිභෝගිකයා තුල නමක් ඇතිකරගැනීමට OnePlus හට හැකිවුනා. Invite ක්‍රමය ගැන කියනවානම් මුලදී OnePlus දුරකථනයක් මිලදී ගැනීමට ඔබට අවශයනම් මිලදී ගත් කෙනෙකෙුගෙන් invite එකක් ලබාගත යුතු වුනා. ඒ වගේම අඩු මිලත් උසස් තත්වයත් නිසා Flagship Killer ලෙස ජාත්‍යන්තර වෙළඳපලේ දී ප්‍රසිද්ධියට පත්වීමට OnePlus One දුරකථනයට හැකියාවක් ලැබුනා.

gs7RwrD.jpg


HUodioA.jpg


MROiSyz.png

----------------------------------​

Oppo

Oppo වෙළඳපලට පැමිණියේ තරමක තරඟකාරී වාතාවරණයකදී යි. ප්‍රථම මෝටරයකින් බලගැන්වෙන කැරකැවිය හැකි කැමරාව සහිත ජංගම දුරකථනය සහ ලොව සිහින්ම ජංගම දුරකථනය නිපදවීමට Oppo සමත් වුවත් අද වන විට ඒ වාර්තා බිඳ වැටී තිබෙනවා. කෙසේ නමුත් චීන වෙළඳපල තුල පහසුකම් අතින් ඉහළ වගේම මිලෙනුත් තරමක් ඉහළ ජංගම දුරකථන සඳහා Oppo නාමය ප්‍රසිද්ධයි.

58QU7N1.jpg

----------------------------------​

Xiaomi

Xiaomi කියන්නේ වසර කිහිපයක් ඇතුලත අතිශය සීග්‍රෙයන් ජනප්‍රිය වුණු ජංගම දුරකථනයක්. කෙසේ නමුත් 2015 වසරේ දී තිබූ අති දැවැන්ත ඉල්ලුමට සැපයීම් කරගැනීමට පවා Xiaomi හට නොහැකි වුනා. නැගී එන ජංගම දුරකථන මාදිලියකට එය ඒතරම් හොඳ සළකුණක් නෙවෙයි. එසේ වුවත් Xiaomi ජංගම දුරකථන වල තත්වය ඉතාමත් උසස්.

TITbsoS.jpg


----------------------------------​

චීන ජංගම දුරකථන සඳහා මීට වසර කිහිපයකට පෙර පැවතියේ ඒ තරම් හොඳ නමක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව කවුරුත් දන්නා දෙයක්. එදිනෙදා භාවිත කරන මිලෙන් අධික ජංගම දුරකථනයකින් ලබාගත හැකි සියළුම දේ හෝ ඊටත් එහාගිය පහසුකම් වලින් යුත් මිලෙන් බෙහෙවින් අඩු ජංගම දුරකථයක් මෙවැනි චීන සමාගමකින් ලබාගත හැකියි.
 

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ මොඩල් ඔක්කොම www.kingsouq.com එකේ තියෙනවා ,කැමතිනම් ගන්න පුළුවන්,මමත් ඔන්ලයින් ගත්ත ,කිසි අවුලක් නෑ