ලගදි ගෙදර අස් කරද්දි අපේ තාත්තාට ඉස්කොලෙන් තෑග්ගක් විදිහට ලැබුන පොතක් හම්බුනා.පිටු අඩුයි හොදටම අබලන් තත්වෙ තියෙන්නෙ.සුනමි යටත් අහුවෙල බේරුන එකක්.රජ කලෙ පොඩි පොඩි කතා තමයි එකෙ තියෙන්නෙ.අද කලෙ ඒව වැඩිය අහන්න ලබෙන්නෙ නැති නිසා මට පුලුවන් වෙලවට එක කතාව කතාව පොස්ට් කරන්නම්.මෙකෙ පබ්ලිශර් ''ලිහිනි පොත් '' කියල කම්පැනි එකක් එච්චරයි පෙන්නෙ.
1. ඇම්බැක්ක දේවලය
1. ඇම්බැක්ක දේවලය
ගම්පොල රාජධානිය කර ගත් වික්රමබහු රජ උඩු නුවර පිහිටි ඇම්බැක්කෙ දේවලය සාදන ලදී.මේ පිලිබද රසවත් ජන කතාවක් වෙයි.
උඩුනුවර රත්ගම නම් ගමේ සිටි පහත් කුලයෙ මිනිසෙක් දරුණු වු හමේ රොගයකින් වේදනා වින්දේය.වේදනාව ඉවසිය නොහැකි තැන මේ මිනිසා කතරගමට ගොස් ස්කන්ද කුමාරයාගේ පිහිට පතමින් කන්නලවු කලේය.ටික දිනක් යන විට රෝගය සම්පුර්ණයෙන්ම සුව විය.
මෙ සිද්දිය නිසා දෙවියන්ට කළගුණ සැලකීම් වශයෙන් හෙතෙම එතැන් පටන් අවුරුද්දකට වරක් කතරගමට ගොස් ඒ දේවලයෙ ශබ්ද පූජා පවත්වා තේවාව කරන්නට පටන් ගත්තේය. මෙසේ අවුරුදු පතාම නොකඩවා කර ගෙන යාම මේ මිනිසාගෙ සිරිත විය.මෙසෙ දීර්ඝ කාලයක් මේ තේවාව කරගෙන යද්දි මේ මිනිසා මහලු වියට පැමිනියේය.එතරම් දුරක් ඇවිදගෙන යෑමේ ශක්තියක්ද නැති විය.
දිනක් තමාගේ මහළු කම නිසා තමා මෙතෙක් කල් කරගෙන ආ ශබ්ද පූජාව පැවත්විය නොහැකිබව කියා දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන ගෙදර එනු පිණිස පිටත් විය
එදා රෑ ඔහු මග අම්බලමක නිදාගත්තේය.රාත්රියෙ දුටු සිහිනයෙන් ඔහු පුදුමයට පත්විය.ඔහුට කතරගම දෙවියන් පෙනි සිට,මෙසේ කීහ.''තා යහතින් ගමට යව,මෙයින් ස්වල්ප දිනකට පසු මම ගසක සලකුණක් දක්වන්නෙමි.ඒ ස්ථානයේ තාගේ තේවාව කරව''කියා දෙවියො අතුරුදන් වූහ.
ඒ අසා වහා ගමට ගිය මහල්ලා දෙවියන් තමාට පෙනෙන දිනය ගැන සැළකිල්ලෙන් සිටියේය.මෙසේ සිටින අතර හේන කන්දෙ බිසො බණ්ඩාර දෙවියන්ගෙ උයන රක්නා කන්කානම් ගමයා උයන පිරිසිදු කරමින් හැසිරෙන්නෙ,ඉඩමෙහි වූ කදුරු ගසක් කැපුවේය.ඔහු විසින් කපන ලද ගසෙහි තුවාලයෙන් සත්ව ශරීරයකින් සේ ලේ වැගිරෙන්නට විය.
මේ කතාව කටින් කට පැතිර යාමට වැඩි වෙලා ගත නොවීය.මේ නිසා කදුරු ගස ළගට රැස් වූ සේනාව සීමාවක් නැත.දෙවියන් පුදමින් සිට මහලු වියට පත් මිනිසාටද මේ කතාව අසන්නට ලැබුනේය.ඔහුට කලින් දිනක දෙවියන් කී කථාව සිහි විය.
හෙතෙම වහාම එහි ගොස් තමාට පුරුදු තේවාව කරන්නට පටන් ගත්තේය.ඔහුට දෙවියන් සිහිනෙන් කියන ලද පුවත එහි රැස්ව සිටි ජනයාට කීය.ඉන්පසු එතැන ,ලී කොටු කීපයක් ගෙන කොළ වලින් මණ්ඩපයක් තනා,ඊට දිනපතා තේවාව කිරිම ඔහුගෙ සිරිත විය.
මේ බව සැළවු රජතුමා එහි පැමිණ දර්ශණීය දේවාලයක් කරවා ඒ අවට ගම් බිම් ද පූජා කලේය.මේ දේවාලය මහා ආනුහස් ඇති තැනක් යැයි දැනුත් මිනිසුන් විශ්වාස කරයි.

අනිත් කථා ටිකත් ටික ටික පුලුවන් වෙලාවට දාන්නම්.කොපි පේස්ට් නොවේ,මමයි ටයිප් කලේ.එහෙනම් බලන සැමටම ස්තුත්යි!
bump ekakwath dagena yamalla ehenam anith ayata wath balanna nikan horu wage yanne nathuwa

Last edited: