Free work no appreciation and personality issues

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
උබ මේවා දාන්නේ එලකිරියෙක් කෙල්ලෙක් සෙට් කර ගන්නද :nerd:

හොදට මතක තියා ගනින් මේකේ ඉන්නේ නසරානි උන්..පරිස්සම් වෙයන්

උබට ඇත්තම උදව් කරන මේනියාවක් තියේනම් එකේ වරදක් නැහැ..මටත් ඉස්සර තිබුණා...

campus එකෙන් අවුන් උනාට පස්සේ අදටත් යාළුකම ඉතුරු වෙලා තියෙන්නේ 04 දෙනයි.. එකෙන් එකෙක් බැන්දා..උත දැන් වැඩිය නො කතා...

campus එකේ කෙල්ලක් කතා කරොත් කතා කරන්නේ උදව්වකට.උන්ට මතක නැහැ..

එහෙම කියලා මත උන්ට කතා කරන්නෙත් නැහැ :D

දැන් නම් උදව්වක් ඉල්ලුවුත් මග හරිනවා උගේ හැටි දන්නවා නම් :rofl:

උදව් කරන්න එපා

අලගියවන්න මුකවැටි තුමා සුබාසිතේ කියනවා

දුදනන්ට උදව් කරලා වැඩක් නැහැ කියලා..අන්න එක ඔලුවේ තියා ගනින් හැම වෙලේම ;)


මම ගෙදර බන් ඉන්නේ මම ගියේ නෑ. ඒත් අනිත් උන් දන් ෆන් ගන්නව ඇති. :dull:

උබ කොහොමද කියන්නේ උන් ෆන් ගන්නවා කියලා..හපොයි මට නම් මල ගෙදරක්,මගුල් ගෙදරක් කිව්වම එපා වෙනවා..ඇයි ඉතින් ගිහිල්ලා අහගෙන ඉන්නේ එක එකාගේ පච ටිකක්නේ :dull:

Edit
දැන් මීටර් උනේ මේකත් තොගේ පචයක් නේද :angry::angry:

බැංකුවේ පියන්..

වෙබ් ඩිසයින් දන්නවා..Graphic ඩිසයින් දන්නවා..යාළුවොන්ගේ ප්රෝජෙච්ට් වලට උදව් කරනවා

මොන ලබ්බකටද ඔයි බැංකුවේ ජොබ් එකක් කරන්නේ පලකො IT job එකකට :P:P

තෝ මෙතන එක එක පොයියවල දාලා ආතල් ගන්නවා :dull:
 
Last edited:

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම මුල ටික විතරයි කියෙව්වේ, ඔය සීන් එක මටත් තියෙනවා,
    අඹ නඩු කාල තියෙනවා යාලුවෝ නිසා,
    ගෙදර මිනිස්සුත් මට බනිනවා.
    ගොඩක් වෙලාවට මම යාලුවන්ගේ වැඩ කරන්න යනවා බොක්කෙන්ම, ඒ නිසා අපේ ගෙදර වක් තිඋනම අම්මල කියනවා යාළුවන්ට එන්න කියල උදව්වක් ගන්නකො කියල.
    මම උන්ට කියන්නේ නැ මොකද එන්න කිව්වම අද බැ බන්, අද වැඩක් මචන් රටේ නැති මගුල් කියනවා ඔය මගුල් අහන්න බැරි නිසා මම ඕන නැ මම තනියම කරන්නම් කියල කරනවා.

    පොඩි කාලේ ඉඳන්ම මම ඔය වැඩේ කළා උඹ වගේම.

    වැඩේ කරගන්නකන් අනිත් උන්ට තියෙන උනන්දුව එවර උනාම පැත්ත හැරිලා බලන්නේ නැ.
    උඹට වගේම මම ගොඩක් හිතෙන ඔය හේතුවට දුක් වින්ද.
    පස්සේ දැනට අවරුදු 2/3කත කලින් ඕක ගැන හොඳට හිතල තීරණයක් ගත්ත.

    මෙහෙමයි පටන් ගත්තේ,
    මට ඕන මුලිකකම ප්‍රදානම ඩේ තම මගේ හිතේ නිදහස.
    ඒ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා.
    එක නැති උනාම මම අමනුස්සයෙක් වගේ වෙනවා, ගෙදර එක්ක වැලි දාගන්නවා සැහෙන්න.
    (කන්න බොන්න හැමදේම කරලා දෙනා අම්මට එහෙම වචනයක් කිව්වම හිතෙන දුක් විදිනවා සැහෙන්න)
    අයි මෙහෙම උනේ කියල ආපස්සට හිතල බැලුවම මම කාගේ හරි උදව්වකට ගිහින්
    උනදෙකදී ඇතිඋන හිතේ අමාරුව ගෙදර මිනිස්සුන්ගේ පිටෙන් යවල.
    තවදුරටත් මේ ඩේ වෙන්න බැ.
    එහෙම නම් මම මේකට මොකද්ද කරන්න ඕන.
    පිළියම තමා මම මගේ නිදහස තියාගෙන වෙලාව ඉතුරු උනොත් අනිත් යට උදව් කරනවා, වෙන බාහිර දේවල් කරනවා.
    (ගෙදර මොනවහරි තිබුනොත් ඒවා කැපවීමෙන් කරනවා)


    උඹට පොඩි උදාහරණ දෙකක් කියන්නම්

    මම ටිකක් එලෙක්ත්රොනික් වැඩ දන්නා නිසා කලෙක ඉඳන් පන්සලේ sounds වැඩේ ඉඳන් හැම එලෙක්ර්තික් වැඩේම කලේ/කරන්නේ මම. පිනක් දහමක් වෙන නිසා ඒවා හිතේ සතුටෙන් කරනවා, ඒ ව කරන්න ගියහමත් මාව වැටෙන්නේ කෙලිම්ම බසුන්නහේ ගානට. පන්සලේ නිසා ඉවසගෙන ඉන්නවා, ඔය හැමෝටම මාව ඕන වෙන්නේ වැඩිපුරම වෙසක් පොසොන් දවස් වල.
    පොඩි කාලේ ඉඳන්ම මම ඒ දවස් වලට දවස් ගණන් නිදි මරනවා පන්සලේ ඔය වැඩ කලට,
    මුලින් පටන් ගද්දි සැහෙන්න සෙනග ඉන්නවා අන්තිම දවසට ඇවිල්ල අද හොයන්න අයත් ඉන්නවා, කරපු එකාට එක වචනයක් වත් නැ, ගොඩක් වෙලාවට වෙසක් දවසට එහෙම දවසම වැඩ කරලා (උදේම ගිහින් sound ටික සෙට් කරලා හවස් වෙනකන් ලයිට් දානවා කොඩි දානවා, sounds දවසම වැඩ නිසා හැමතිස්සෙම බලන්න වෙන නිසා සිල් ඉවර වෙලා පූජාවත් ඉවර වෙනකන් පන්සලේ)
    හවස 7ත විතර තම ගෙදර එන්නේ, රට පන්සල ලස්සනයි දවසෙම මහන්සියේ ප්‍රතිපල කියල හිතේ සතුටෙන් එනවා, එනගමන් වටපිට ගෙවල් වල ලස්සන බල බල එනවා,
    අනේ බන් ගෙදරට එද්දී ,ඉලු ගේම කළුවරේ, :(:(:(
    වෙනද දාන එළියේ ලයිට් එක දාල. ඒ වෙලාවට හිතට එන දුක කියල නිම කරන්න බැ මචන්.
    දුක උනාට ඒ වෙලාවට ඇවිත් කුඩුවක් වත් හදන්න විදියක් නැ ඇඟට මහන්සි,
    ඒ දුකයි කේන්තියි නිසා පහුවද උදේ ඉඳම්ම නොකා නොබී කුඩු හදල එල්ලනවා.

    දැනට වඩා පොඩි කාලේ ඔය දුක සැහෙන්න දැනුන, අනන්ත හොරෙන් ඇඳට ඇවිල්ල අඬල ඇති.
    මගේ ගේ ලස්සන නැ අනිත් හැම ගේම ලස්සනයි කියල.
    එත් හිතල වෙනස් උන දවසේ ඉඳන් මම උදේ ගිහින් sound ටික දල ගෙදර එනවා.
    (sound අව්ල් යනේ නැති වෙන්න සෙට් කරලා volume අඩු වැඩි කරන්න විතරක් කියල එන්නේ)
    ඇවිත් හිතේ සතුටෙන් ගෙදර කුඩු හදනවා ලිඝ්ට් වැල් දානවා හැමදේම කරනවා.
    ඒ ඔක්කොම කරල වෙලාව තිබුනොත් පන්සල පැත්තේ යනවා. දහම්පාසලේ පොඩි උන්ට උදව් කරලා එනවා, එනකොට අම්ම හවස් වෙලා ගෙදර අම්ම කුඩු එහෙම පත්තු කරලා අනිත් ගෙවල් වගේ අපේ ගේත් ලස්සනයි.

    තව එකක් කියන්නම් මචන්,
    මගේ ගෙවල් පැත්තේ හොඳම යාළුවා කිව්වොත් හරි,
    මූ කෙල්ලෙක්ගෙ මගුලකට මම හැමදේටම උදව් කරා, නොකරපු දෙයක් නැ.
    කෙල්ල බූට තියන්න වගේ එද්දී මුට ඉන්න බැරුව මාවම හොයන එනවා.
    අනිත් යාලුවෝ oක්කොම මුගේ කන් කරච්චලේ නිසා මගහැරිය.
    එත් මම අනේ මගේ යාලුවනේ කියල හැමදේම අහගෙන කරගෙන හිටිය, රැ 10/11 වෙලත් මූ ගෙදර යන්නේ නැ (ඕලෙවෙල් අන්තිම වගේ). ඒ මදිවට උදේ 6/7 ව්කද්ඩි මාව හොයන එනවා,
    පස්සේ පස්සේ අපේ ගෙදරින් මූ එනවට කැමති උනෙත් නැ(තාත්ත තම වැඩිපුර) මොකද ගෙදර කතා කරන්න බැ කියල මවත් එක්කන් රස්තියාදුවේ යනවා.
    කලෙයක් ඔහොම ගිය, දැන් උ Air Force එකේ. යන්න කලින් දුකට බිව්වට ලොකුවට බිව්වේ නැ උ,
    පස්සේ මූ නිවාඩුවට ගෙදර එන්න ගත්තම අර ඒ කලේ කරච්චලේ කියපු යාලුවෝ සෙට් උනා,
    උන් ඔක්කොම බොනවා, මුගේ අතේ සල්ලිත් තියෙනවා නේ. මම බොන්නේ නැ. මූ මාසෙට සැරයක් වගේ එන්න ගත්ත, ඇවිත් පදියෙන්ම අරුන් එක්ක බීල අයිත යනවා. අපේ ගෙවල් පැත්තේ අවේ නැ.
    මටත් මොකෝ කියල පුක දෙන්නේ යන්නේ නැතුව හිටිය. අව්රුද්දක් විතර ඔහොම උනා.
    මේ ලඟදි මූ කොහෙද ගිහින් document එකක් හදලා හදාගන්න බැරි වෙලා,
    මාව හොයන ගෙදර එනවා කිව්වා කෝල් කරලා,
    (චීත්ත වගේ තැන තැන එක එකාගේ වැරදි කියවන පුරුද්දක් මට නැ බන්)
    වරෙන්කෝ කියල මමත් හිටිය, හදිස්සි කියල අපු එකාට නිවිහැමහිල්ලේ අහගෙන ඉන්න හොඳවයි දෙකක් කිව්වා, පරණ ඔක්කොමත් මතක් කරලා මම දැන් බොන්නේ නැති නිසාද තෝ මේ පැත්තේ එන්නේ නැත්තේ කියල මුනටම ඇහුව, අනේ බන් සොරි කියා කිය මූ නාහෙන් අඩන්න ගත්ත, පව් නේ කියල අපු වැඩේ කරලා දුන්න,
    එයින් පස්සේ ගෙදර අවම නිකන් හරි බලල යන්න එනවා මව.

    ඔය ටික කිව්වේ උඹට පොඩි හරි හිතට ද්යිර්යක් අරන් වෙනස් වෙන්න,
    පොඩ්ඩක් උඹට වැඩක්, අද බැ, මේ වාසල් වල අමාරුයි කියල යාලුවෝ වැඩ කිව්වම මග හැරපන් එතකොට උන් ඔක්කොටම උඹේ අගේ තේරෙයි.
    ඒ දායින් පස්සේ උඹට හරි හම්බෙවී.

    පොඩි කාලේ ඉඳන් මම මගේ වැඩ සේරම තනියම කරගන්න පුරුදු උන නිසා කව්රු නැති උනත් මගේ ගමනට ඒවා කිසිම බාදාවක් උනේ නැ එත් අනිත් උන්ට මාව නැති උනාම උන් කොතැනදී හරි එරෙනවා, එදාට පස්සෙන් එනවා නාහෙන් අන්දාගෙන.

    මචන් හමයි මට මේ හැමදේකින්ම ලොකු වාසියක් උනා, පොඩි කාලේ ඉඳන්ම උඹට කියපු වට වැඩ ගොඩක් වෙන හේතු වලට දුක් වින්ද කොල්ලෙක් මම. නමුත් මගේ හිත සනසන්න කව්රුත් හිටියේ නැ. මම තනියම මගේ දුක තුනී කරගත්ත. අනිත් ළමයින්ට වගේ අපේ අම්මල තාත්තල වත් හිටියේ නැ (එයාල පහුවෙලා බැඳල තියෙන නිසා අපේ අදහස් තේරුම් ගන්න අමාරුයි එයාලට)
    මම තනියම අඬල තනියම කඳුළු පිහාගෙන තනියම මාවම සනසගත්ත.
    (මතක් වෙද්දී තවමත් ඇස්වලට කඳුළු එනවා)
    එත් මම කකුල් දෙකෙන් හිටිය කාටවත් නැමෙන්න ඉල්ලන්න යදින්න ගියේ නැ.
    ඔය හැමදේම නිසා මම හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ දැන්.
    අද මට ඕන තැනකට ගිහින් කොන්ද කෙලින් තියන් කතා කරලා එලියට බැහැල එන්න පුළුවන්.
    ඒ හැමදේකටම මගේ හිත හයියයි.

    මම කාටවත් වැරද්දක් කරලා නැ, (දැනුවත්ව)
    ඒ නිසා මම කාටවත් බයත් නැ.
    කව්රු කොහොම උනත් මට වැඩක් නැ.
    මේ මම.
    මම වැඩ කරන්නේ මට ඕන විදියට.
    කාටවත් ඕන විදියට මම වැඩ කරන්නේ නැ.

    මම මම ගැන පය ගණන් වස ගණන් සති ගණන් හිතල මට වරදුනතන් එකින් එක හදාගත්ත මචන්. උඹට බැරි වෙන එකක් නැ. මේ ලෝකේ හැදිලා තියෙන්නේ හිත හොඳ එකාගෙන් වැඩේ කරගෙන සල්ලි/බලේ තියෙන එකට අවඩන්න. උඹේ ඔලුවට ඇත හෝදලා යනකන් ඉන්න එපා මචන්.
    බුදු හාමුදුරුවන්ගේ චරිතෙන් උදාහරණ අරන් ජීවිතේ හදාගනින්.

    උඹට බැරි නැ. හිත හොඳ එකට කවදාවත් වරදින්නේ නැ.
    මේ post එක කියවන්න පටන් ගත්ත කෙනා නෙමෙයි කියවල ඉවරවෙද්දි ඉන්නේ.
    මම හරි නේද මචන් :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උදව්වක් කරලා එකට ආයේ කිසි දෙයක් බලාපොරොත්තු නොවෙනවානම් ඔය කිසි දෙයක් නැහැ...එත් අපි හැමෝම කැමතියි වචනෙකින් හරි කෙලෙහිගුණ තියෙනවනම් ඉතින්...ඕනෙවට වඩා කාට වුනත් උදව් කරන්න යන්නෙපා...විශේෂයෙන් ම තමන්ගේ දේවල් කැප කරන අනුන් වෙනුවෙන් කරන්නම එපා...මොකද අන්තිමේට ඔය කොයි කවුඋත් නැහැ...අපිට අපි විතරයි...එත් පුළුවන් හැම වෙලේම, වෙලාවක් තියෙනවනම් පුළුවන් විදිහට කරපන්...කාටවත් බලෙන් කරන්න යන්න එපා...ඒවා කරලා තමන්ට තනියෙන් විතරක් ඒ ගැන සතුටු වෙන්න පුලුවන්නම් කරන්න..නැත්තම් එත් එපා...

    මමත් ගොඩක් අයට උදව් කරලා තියෙනවා බන්..සල්ලි වලින් වගේම අනිත් පුළුවන් හැම විදිහකින්ම,,,ගොඩක් අයට කෙලෙහිගුණ කියන දේ නැහැ..මිනිස්සුන්ගේ හැටි...:yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,395
    16,189
    113
    මචන් උබ විස්වාස කරන එකක් නැහැ ඔතනින් 90% විතර මටත් ඔහොමයි. :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    සිරාවට. මටත් ඔය කේස් එක තියෙනව.

    හැබැයි මම දැන් කරන දේවල් මට පුලුවන් දේවල් අනිත් උන්ට අඟවන්නෙ නැහැ. උදව් ඉල්ලුවම කෙලින්ම බෑ කියන්නෙ නැහැ. ඒත් මගාරිනව.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දැන් මීටර් උනේ මේකත් තොගේ පචයක් නේද :angry::angry:

    බැංකුවේ පියන්..

    වෙබ් ඩිසයින් දන්නවා..Graphic ඩිසයින් දන්නවා..යාළුවොන්ගේ ප්රෝජෙච්ට් වලට උදව් කරනවා

    මොන ලබ්බකටද ඔයි බැංකුවේ ජොබ් එකක් කරන්නේ පලකො IT job එකකට :P:P

    තෝ මෙතන එක එක පොයියවල දාලා ආතල් ගන්නවා :dull:


    exactly. didnt you get that ? but im enjoying this show, but please dont mess this shit. let us enjoy :)
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් ඔය සීන් එක හොදටම තියනවා... එපාම වෙලා තියෙන්නේ ඒ නිසා,

    වෙන තැන් වලට සල්ලි දීල කරගන්න වැඩේ මුන් මගෙන් නිකන් කරගන්න එන්නේ...

    අනිත් කෙනාගෙ හිත රිදෙයි කියල මම කතා කරන්නේ වැඩ කරන්නේ හරිම පරෙස්සමෙන්...

    මොන තරම් හතුරුකම් කරපු එකෙක් උනත් ඇවිත් බොරුවට හිනාවෙලා කතා කලත් මම කතා කරල ඌට ඕන දේ කරල දෙනවා...

    හැබැයි මම දැන් ඔය මානසික ලෙඩෙන් ටික ටික ඈත් වෙනවා...

    ඒකට හිත ටිකක් හයිය කරගෙන හිතට එකග නැති උනත් හිතලා වෙනස් විදියට හැසිරෙනවා...

    මම කොහොම හරි ඔය ගතිය නැතිකර ගන්නව මවන්...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුල ටික විතරයි කියෙව්වේ :sorry: ඔය අටමගලම මටත් තියෙනවා මචං... කොහොම හරි අයින් කරගන්න ඕනා.

    :frown::frown:
    අපි හැමෝටම ඔය ප්‍රස්න තියනවා මචන්..
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හොද මිනිස්සු නරක මිනිස්සු වෙන්කරගෙන අපිව උන්ගේ වාසියට පාවිච්ච් කරන වුන් ශේප් එකේ අයින් කරලා හොද උන් විතරක් තියාගන්න එකයි මම නම් කරන්නේ. උන් එක්ක තරහ වෙන්නේ නෑ. අතේ දුරින් තියාගන්නේ. අවශ්‍ය වුනොත් ඒ වගේ උන් චාටර් වැඩ වලට ගන්නවා. සිංහලෙන් කියනවනම් හොද උන් තියාගෙන අනිත් උන් blacklist කරනවා හිටං.:D

    ඇත්තටම උබ ඔය කියපු කෙනාම නම් උබ වෙනස් වෙන්න එපා බන්. මේ වීඩියෝ එක බලපන්. උබට අදහසක් ඒවි.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ පට්ට කොල්ලෙක් මචන් . අනිත් අයගේ වැරදි නිසා උඹේ හොද ගතිගුන වෙනස් කරගන්න්න එපා. එත් උඹව පාවිච්චි කරන්න හදන්න එවුන්ට ඔලුව නමන්නත් එපා
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔය ඔක්කොම ඇත්ත ඕයි. මම හිතුවේ මට විතරයි තියෙන්නේ කියලා. මම මේ ඇත්තට කියන්නේ. :confused: