ආවර්ජනා

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]3.00[/FONT]
    නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ

    ආසිරි සමග බයිසිකලයේ යන අතරතුරදීද අසේලගේ සිත පැවතුනේ නොඉවසිලිමත් ස්වභාවයකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි මේ අභිරහසේ බොහෝ දෙයක් දැනසිටි හැකි පුද්ගලයෙක් විය හැකි බැව් ඔහුට සිතී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඔහුගේ වයසත් සමග කිසිවක් මතක නැතිවුවහොත් මේ සම්බන්ධයෙන් සියලු දේම යටපත් වී යා හැකිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය එසේ සිදු නොවේවායි යනුවෙන් දෙතුන් පාරක් තමාටම කියාගනිමින් අසේල සිත සාදාගැනීමට උත්සාහ දැරුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හෙතෙම කෙතරම් නොඉවසිල්ලෙන් සිටියේද යත් ආසිරි බයිසිකලය පදවන්නේ වෙනදාට වඩා අඩු වේගයකින් බැව් කිහිපවරක්ම සිතුනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබාදුන් ලිපිනය අනුව බයිසිකලය පදවාගෙන පැමිණි අසේල සහ ආසිරි[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ නව කගරයෙන් වමට හැරී අතුරු පාරක ගමන් කොට මද දුරක් ගොස් නැවතත් කුඩා පාරකට හැරුනෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ ලිපිනයේ සඳහන් නිවස ඉදිරියේ බයිසිකලය නතරවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය කුඩාව තැනූ චාම් තනි තට්ටුවේ නිවසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉදිරි ජනේල ඇර තිබුණත් නිවසේ කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත[FONT=Iskoola Pota, serif].

    [/FONT] බයිසිකලයෙන් බට අසේල ඉදිරියට ගොස් දොරට තට්ටු කළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවකට පසු දොර ඇරියේ වයස අවුරුදු පනහ ඉක්මවූ මිටි මිනිසෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම අසේල සහ ආසිරි දෙස මද වේලාවක් පරීක්ෂාකාරී මුහුණකින් බලා සිටියේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මේ මහත්තුරු කවුද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “අපි රිවිසරසි පත්තරෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි තොරතුරක් දැනගන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට ඇඩ්‍රස් එක දුන්නේ සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ගෙදරද පොඩ්හාමි මහත්තයා ඉන්නේ[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තුරු අහන්නේ අපේ අත්තා ගැන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔව් මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තුරු ඇවිත් ඉන්නේ නියම තැනට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇතුළට ඇවිත් වාඩි ගත්තනම්“ යනුවෙන් නිවසේ සිටි තැනැත්තා අසේලට සහ ආසිරිට ආරාධනා කළේය[FONT=Iskoola Pota, serif].[/FONT]
    අසේල ආසිරි දෙස බැලුවේ ජයග්‍රාහී බැල්මකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ තාක් දුරට සෑම දෙයක්ම නිවැරදිව සිදුවී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]තව ස්වල්ප වේලාවකින් පොඩිහාමි හා කතාබහ කොට මේ අගමුල පැටලුන ප්‍රශ්නයේ කොනක් සොයා ගැනීමට ඔහු බලාපොරොත්තු විය[FONT=Iskoola Pota, serif].[/FONT]




    අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]3.20[/FONT]
    නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ




    විනාඩි විස්සක් පමණ ගතවන තුරු අසේලටත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිටත් නිවසේ සාලයේ වාඩිවී බලා සිටීමට සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොතරම් වේලාවක් ගියත්[FONT=Iskoola Pota, serif], [/FONT]අද දින මේ ප්‍රශ්නයේ කොනක් කොහෙන් හෝ සොයාගන්නා බවට අසේල තමාටම සපථ කරගත්තේ දසවෙනි වතාවටය[FONT=Iskoola Pota, serif]. [/FONT]තමා හඹායන කතාවක් පිළිබඳව මෙතරම් කුතුහලයක් ඇතිවූ අවස්ථාවක් මීට පෙර නොතිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]සියල්ලටම වඩා මෙම කතාවේ තිබූ පැටලිලි සහගත බව හා අබිරහස් බව අසේලගේ අවධානය පැහැර ගන්නට සමත් වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක් හොයාගන්නට කිසිම ආකාරයක් නොවූ තැන ඔහු ක්‍රමයෙන් අධෛර්‍යයට පත්ව සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එවන් අවස්ථාවක අහම්බෙන් ලැබුණු මෙම හෝඩුවාව[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ නැතිවී ගිය බලාපොරොත්තු වඩවන්නක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කතාවේ අගක් මුලක් දන්නා ජීවත්ව සිටින එකම පුද්ගලයා මේ වයසක මිනිසාය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගෙන්ද හරි හමන් තොරතුරක් දැනගත නොහැකි වුවහොත් අවසානයේ[FONT=Iskoola Pota, serif], [/FONT]නැවතත් තමාට කතාවේ මුලටම පැමිණීමට සිදුවෙන බව ඔහුට වැටහුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] අවසානයේ දෙදෙනාගේ බලා සිටීම නිමාවට පත්කරමින්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇතුළට ගිය පුද්ගලයා තවත් වයසක අයෙකු වත්තම් කරගෙන ආවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ[FONT=Iskoola Pota, serif], [/FONT]විදුහල්පතිනිය පැවසූ පොඩිහාමි බව දෙදෙනාට පසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වයස අවුරුදු සියය ඉක්මවා තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ බාහිර ස්වරූපයේ වූයේ අවුරුදු අසූවකට වැඩි බවක් පෙනෙන්නට නොවීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] තම මුණුබුරාගේ වාරුවෙන් සාලයේ ඇඳි පුටුවක අසුන් ගත් පොඩිහාමි[FONT=Iskoola Pota, serif], [/FONT]තම දෙනෙත් කුඩා කරමින් අමුත්තන් දෙදෙනා දෙස බැලුවේ හඳුනාගැනීමට උත්සාහ කරමිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “අත්තේ[FONT=Iskoola Pota, serif], [/FONT]මේ මහත්තුරු දෙන්නා පත්තරෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]අත්තගෙන් විස්තර වගයක් ගන්න කියලා ඇවිල්ලා තියෙන්නේ“ යැයි පොඩිහාමිගේ මුණුබුරා අමුත්තන්ව පොඩිහාමි වෙත හඳුන්වා දුන්නේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ අත්තට අවුරුදු සීය ගියා කියලා වෙනසක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හොඳට කන් ඇහෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇස් පේනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මතක සක්තියත් එහෙම්මයි[FONT=Iskoola Pota, serif]. [/FONT]තාම ඒ කාලේ දේවල් හොඳට මතකයි උන්දැට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මහත්තුරු දෙන්නට කහට කෝප්පයක් ලෑස්ති කරනකම් කතා කරන්න“ යැයි පැවසූ ඔහු තිදෙනාට කතා බහට මග පාදා[FONT=Iskoola Pota, serif], [/FONT]එතැනින් නික්ම ගියේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල ආසිරි දෙස බැලුවේ කවරෙක් කතාව පටන් ගන්නේද යන්න වටහාගත නොහැකි සේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ආසිරි ඔලුව සොලවා පැවසුවේ අසේලටම කතාව පටන් ගන්නා ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද නිහැඬියාවකින් පසු අසේල කතාව පටන් ගත්තේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සීයේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ නම අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ යාලුවෙක් [FONT=Iskoola Pota, serif]- [/FONT]ආසිරි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නම රිවිසරසි පත්තරේ වැඩකරන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දවස් වල අපි පොඩි විස්තර වගයක් හොයනවා පත්තරේට ලියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ විස්තර හොයාගෙන යනකොට අපිට සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල් ව හම්බවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා තමයි කිවුවේ සීයව හම්බවෙලා විස්තර මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න කියලා[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලය මතක් කරන විට පොඩිහාමි ගේ ඇස් දීප්තිමත් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් අසේල දිහා බලාසිටි පොඩිහාමි සෙමින් කතා කරන්නට විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මම මහත්තයෝ අවුරුදු පනහකට වැඩි කාලයක් ඔතන වැඩ කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට මගේ ගෙදරත් හරි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉස්කෝලෙත් හරි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ තරම් ළඟ ඇයි හොඳැයියක් ඔතනත් එක්ක තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අදටත් මම කියන්නේ[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ ජීවිතේ හොඳම කාලේ තමයි සෙන්ට් පෝල්ස් එකේ හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල්ලා මම හිතන්නේ දහ දෙනෙක් ගාව මම ඔතන වැඩකරන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]කියන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මොනාද මහත්තෑලට මගෙන් දැනගන්න තියෙන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]පොඩිහාමි විනාඩි කිහිපයක අතීත ආවර්ජනයකට පසු අසේලගෙන් ඇසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල තම බෑගයෙන් ඇමතිවරයා ලබාදුන් ඡායාරූපය පිටතට ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]පුටුවෙන් නැගිට පොඩිහාමි ඉඳ සිටි පුටුව වෙත ගිය ඔහු එම ඡායාරූපය පොඩිහාමි අත තැබීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සීයේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පින්තූරේ ගැන තමයි අපි හොයන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේකෙ ඉන්න දෙන්නා කවුද කියලා හොයන්න උත්සාහ කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද[FONT=Iskoola Pota, serif], [/FONT]අපි පත්තරේට ලියන්න යන කතාවට විස්තර හොයාගෙන යනකොටයි මේ පින්තුරේ අපිට හම්බවුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතනදී තමයි ප්‍රින්සිපල් මැඩම්ට සීයා ගැන මතක් වෙලා සීයගෙන් විස්තරයක් දැනගන්න පුලුවන්ද කියලා බලන්න කියලා කිවුවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකයි මේ අපි දෙන්නා ඒ ගමන්ම සීයව හොයාගෙන ආවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]සීයට පුලුවන්නම් මේ පින්තූරේ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරනවද මේ දෙන්නව අඳුනගන්න පුලුවන්ද කියලා “ අසේල මේ ඡායාරූපයේ සිටින්නන් සෙවීමේ අරමුණ සාර්ථකව සඟවමින් අවශ්‍ය තොරතුරු පමණක් පොඩිහාමි වෙත ලබාදුන්නේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල ලබාදුන් ඡායාරූපය වෙත මුහුණ යොමාගත් පොඩිහාමි ඒ දෙස මද වේලාවක් බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]තවත් පැහැදිලිව ඒ දෙස බලන්නට ඔහු අතේ වූ උපැස් යුවල ද දමා ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවතත් ඡායාරූපය දෙස බලාසිටින්නට වූ ඔහුගේ මුහුණේ හැඟීම් ක්‍රමයෙන් වෙනස් වෙන අයුරු අසේල නිරීක්ෂණය කලේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මුලින් ඡායාරූපය දෙස බලා සිටිත්දී දීප්තිමත් වූ ඇස් ක්‍රමයෙන් අඩවන්ව ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් ඡායාරූපය දෙස බලා සිටි ඔහුගේ මුහුණෙන් දිස් වන්නට වූයේ ශෝකාකූල බවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇස් දෙක එල්ලයක් නොමැතිව ඉහලට යොමුවී තිබුණ අතර ඔහු දැඩි කල්පනාවක නිග්මනව සිටින බව අසේලට වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමිගේ සිතුවිලි දාමය බිඳ හෙලන්නට අකමැති වූ හෙතෙම පසෙකට වී බලා සිටියේ කවර හෝ වෙලාවක පොඩිහාමි විසින්ම කතාව ආරම්භ කරන තෙක්ය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මහත්තෑලට මේ පින්තූරේ කොහෙන් හම්බුනාද කියන්න දන්නේ නෑ මං[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මහත්තෑලට දැනගන්න ඕනේ මේ පින්තූරේ ගැනනම් මං හිතන්නේ ඒකට හෝඩුවාවක් දෙන්න පුලුවන්කම තියෙන එකම මනුස්සය මං වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]...“ [/FONT]කතාව ආරම්භ කරමින් පොඩිහාමි පැවසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වන විටද ඔහුගේ මුහුණේ වූ ශෝකාකූල බව පහවගොස් තිබුණේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]
    අහන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තෑලට දැනගන්න ඕනේ ඕනෙම දෙයක් මගෙන් අහන්න“

    අපි ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරද්දී එයා කිවුවා කොල වල ලියවිලා තියෙන්නේ ඔය ඉන්නේ ජයතිස්ස ආරච්චියි[FONT=Iskoola Pota, serif], [/FONT]සේපාලි සූරියආරච්චියි කියලා දෙන්නෙක් ගැන කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් කොහෙවත් කියවිලා නෑ මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල් මැඩම්ටත් ප්‍රශ්නයක් මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් අපිට දැනගන්න ඕනේ සීයේ මේ දෙන්නා හරියටම කවුද කියලා “ අසේල මෙතෙක් වේලා තම සිතේ සිරකරගෙන සිටි ප්‍රශ්නය පොඩිහාමි වෙත යොමු කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] පොඩිහාමි තවත් මද වේලාවක් අසේල දෙස විමසිලිමත්ව බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉන්පසු ලය සැහැල්ලු කරගන්නට දිගු හුස්මක් හෙලූ හෙතෙම වාඩිවී සිටි පුටුවේ පසුපසට හේත්තු වූයේ දිගු කතාවකට මුල පුරන්නට තමන් සූදානම් බව අඟවමිනි[FONT=Iskoola Pota, serif].[/FONT]
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මං ඉපදුන අවුරුද්ද හරියට නිනවු නැතිවුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]මං හිතන්නේ ඒ එකදාස් නමසිය දහයෙ වගේ වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ඒ දවස් වල දැන් වගේ ඔව්වා ලියලා කොරන්ට අපිට උප්පැන්න තිබ්බෙ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං උපන්නේ ගම්පොල[FONT=Iskoola Pota, serif]. [/FONT]පුස්සැල්ලාවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ අප්පොච්චයි අම්මයි වැඩ කළේ ග්‍රීන් වැලි තේ වත්තේ බංගලාවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අප්පොච්චා තමයි බංගලාව බලා කියා ගත්තේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අම්මා තමයි බංගලාවේ කුස්සියේ උයන පිහන වැඩකටයුතු කොළේ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තේලා අහලා තියෙනවද ඩේවිඩ් ජයතිස්ස ආරච්චි ගැන[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] අසේල මද වේලාවක් ගෙන කල්පනා කලද මේ නම කුමක්ද යන්න ඔහුට මතකයට නගාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම ආසිරි දෙසද බැලුවේ මේ නම ඔහු හට හුරු පුරුදු ද යන්න දැන ගැනීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]ආසිරිද හිස වැනුවේ ඔහුටත් එය අසා පුරුදු නැතිබව ඇඟවීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙදෙනාටම මේ නම ආගන්තුක බැව් දැනුණ බැවින් පොඩිහාමි නැවතත් තම කතාව ආරම්භ කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මහත්තේලට මේ නම නුපුරුදු වුන එක අහන්න දෙයක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මොකෝ කියලා මං කියන්නම් කතාව ඒ හරියට ආවම[FONT=Iskoola Pota, serif]. [/FONT]ජයතිස්ස ආරච්චි කියන්නේ ග්‍රීන්වැලි තේ වත්තේ අයිතිකාරයා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි කිව්වේ මහ අප්පෝ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පො ගේ තාත්තලා මුත්තලා ඒ අවධියේ ඉඳලම කරත්ත රස්සාවයි වෙළඳාමයි තමා කරලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වෙනකොට මේ පරම්පරාවේ හොඳම කාලේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාත්තලා මුත්තලාගෙන් ලැබුණ ධනස්කන්දයයි[FONT=Iskoola Pota, serif], [/FONT]මහ අප්පොගේ වැර වීරියයි හින්දා ඒ පවුලේ හැමෝටම උතුරන්න සල්ලි තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]තේ වතු දෙක තුනක් වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]පරම්පරාවෙන් කරගෙන ආපු කරත්ත වියාපාරෙත් ඒ වෙනකොට හොඳටම කෙරීගෙන යනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පෝ සුද්ද එක්ක වුනත් හරි හරියට තරඟෙට වෙළ හෙළඳාම් කොරපු මනුස්සයා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වල නුවර ටවුමේ ජයතිස්ස ආරච්චි මහ අප්පෝ ගැන සුද්දා පවා කතා කලේ ලොකු ගෞරවේකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පෝ මං තේ වත්තේ බංගලාවේ ඔහේ කැරකි කැරකි ඉන්නවා දැකලා මාව එකතු කරං ආවා නුවර බංගලාවට[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මේ නේත්තරා දෙක පල්ලා මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]මගෙ ජීවිතේට ඒ වගේ තැනකට මං පය ගැහුවමයි[FONT=Iskoola Pota, serif]. [/FONT]පුදුම ගාම්බීර පෙනුමක් මහ අප්පොගේ බංගලාවේ තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඔය මහ ඉස්පිරිතාලෙන් හන්තානට යන පාරේ ටික දුරක් ගියාමයි බංගලාව තිබුණේ“

    කොච්චර සල්ලි බාගේ තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]මහ අප්පෝ බොහොම හොඳ රත්තරං මනුස්සයා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම බණ්ඩාර මැණිකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]බංගලාවේ ලොකු නෝනා[FONT=Iskoola Pota, serif]. [/FONT]හරිම සිරියාවන්තයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හුඟක් මිනිස්සු කිවුවේ මහ අප්පොට වැඩියක්ම හරිගියේ බණ්ඩාර මැණිකෙගේ වාසනාව නිසා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දෙන්නම මාව ගෙදෙට්ට එක්කන් එනකොට මට යාන්තම් අවුරුදු දහයක් වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට මහ අප්පොගේ පුතාට [FONT=Iskoola Pota, serif]- [/FONT]ඒ කියන්නේ සුදු අප්පොට වයස යාන්තම් අවුරුදු පහක් වගේ වෙන්ටැති[FONT=Iskoola Pota, serif]. [/FONT]මාව එක්කන් ආවේ සුදු අප්පොගේ කාන්සියට සෙල්ලම් කරන්ට කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අප්පොලා කවදාවත් මට වැඩකාරයෙක් විදිහට වෙනස්කමක් කලේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]පුදුම කරුණාවකින් ඒ උත්තමයින් මට සැළකුවේ[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි පැවසූ පොඩිහාමි තෙත්වූ දෑස් කෙවෙණි දකුණතේ ඇඟිලි වලින් මිරිකුවේ ඒ අතීතය එතරම් ඔහු හට සංවේදී වූ බැවිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මං හිටියේ සුදු අප්පොත් එක්ක හුඟක් ලොකු ඇඟෑලුම්කමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොත් මාත් එක්ක පුදුම බැඳිමකින් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි සුදු අප්පෝ හරි සෙල්ලක්කාරයා[FONT=Iskoola Pota, serif]. [/FONT]නාහෙට අහන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මුරණ්ඩුකමේ උපත[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොගේ වැඩ හින්දා මමත් මහ අප්පොගෙන් ඇති පදම් වේවැල් පාර කාල තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ හැසිරීම නිසා බණ්ඩාර මැණිකේ හරි හිත් තැවුලෙන් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද පවුලේ එකම ළමයා වෙච්චි[FONT=Iskoola Pota, serif], [/FONT]මේ මනුස්සයා නරක් වෙලා නාස්ති වෙයි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොට කිසිම දේක බරක් පතලක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැම දේම අතට පයට හම්බුණ නිසා සල්ලි වල වටිනාකමක් තිබුණෙත් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා කාට වුනත් අතපය දිගෑරලා වියදම් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා සුදු අප්පෝ වටේට ලාබ ප්‍රයෝජන ගන්න හුඟක් මිත්තරයෝ එකතු වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ගැන මමත් හිටියේ හරි කලකිරීමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පෝ මගෙම මල්ලි කෙනෙක් වගේ වෙච්චි[FONT=Iskoola Pota, serif]... [/FONT]එහෙම නැති නාස්ති වෙනවා දකින්න උවමනාවක් මට තිබුණේ නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] “හැබැයි සුදු අප්පෝ මොනා කලත් ඉගෙනීම උපරිමෙන් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා තරඟ විබාග වලින් එක පිට එක තෑගි ගත්ත වෙලාවල් තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පොට ඕනේ උනේ සුදු අප්පෝ අද්දකාත් කෙනෙක් වෙනවා දකින්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ නරක යාලු මිත්තරයින්ගෙන් වෙන් කරන්නත් ඕනේ හින්දා මහ අප්පෝ කළේ සුදු අප්පොව වැඩි දුර ඉගෙන ගන්නය කියලා එංගලන්තෙට යැව්ව එක[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මං හිතන්නේ එකදාස් නමසිය තිස් ගණන් මැද කාලේ වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]... [/FONT]සුදු අප්පෝ අදි මදි කර කර ඉඳලා අන්තිමට එංගලන්තෙට ගිහින් ඉගෙන ගෙන එන්න කැමති වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට අද වගේ මතකයි සුදු අප්පො නැව් නගිනවා බලන්න අපි ඔක්කොම වරායට ගියපු හැටි[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි පැවසූ පොඩිහාමි මද විවේකයක් ගන්නට කතාව නැවැත්වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අතරතුර පොඩිහාමි ගේ මුණුපුරා විසින් ගෙනා තේ කෝප්ප දෙක අසේලට සහ ආසිරි වෙත ලබා දෙන ලදී[FONT=Iskoola Pota, serif].
    [/FONT]
    සුදු අප්පොත් ගෙදරින් ගියාට පස්සේ මට බංගලාවේ තනියම ඉන්න කම්මැලි හිතුනා මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු පාලොහක් විතර මාත් එක්කම හිටපු මගේ සහෝදරයා වගේ හිටපු උන්දෑ ගියාම මට නිකන් බංගලාව පෙනුනේ පාලු සෝන් පිට්ටනියක් ගානට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මාත් කල්පනා කලා නිකන් ඉන්න එකේ මොකක් හරි රස්සාවකට යන්නය කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පොට මේක කිවුවම උන්දෑ කිවුවේ එයාගෙ වියාපාරෙම මොකක් හරි රස්සාවක් කරන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මට ඕනේ වුනා වෙනත් තැනක වැඩ කරන්න යන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක කිවුවම තමයි ඔය සෙන්ට් පෝල්ස් එකේ රස්සාව මට මහ අප්පෝ හොයලා දුන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල් මැඩම් ගාව පොඩි පොඩි වැඩ කරන්නයි[FONT=Iskoola Pota, serif], [/FONT]පුස්තකාලේ බාරව ඉන්නයි තමා මට නියම වෙලා තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට ඔය ඉස්කෝලේ ඔය තරම් ලොකු නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ගුරුවරු ඉන්න ඇති තිහක් විතර[FONT=Iskoola Pota, serif]. [/FONT]ළමයි තුන්සීයකට වැඩිය හිටියේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි හිටිය ඔක්කොම හුඟක් සල්ලි බාගේ තිබුණ අය[FONT=Iskoola Pota, serif].“
    [/FONT]
    කාලේ ගෙවිලා ගියා හෙමීට හෙමීට[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු හතරකට පස්සේ සුදු අප්පෝ මහ ඉහළින් විබාග පාස් කරලා අද්දකාත් කෙනෙක් වෙලා ලංකාවට ආවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා මහ අප්පොගෙයි බණ්ඩාර මැණිකෙගෙයි ඉහේ මල් පිපිලා තිබු‍ණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවර තොරන් ගහලා සුදු අප්පොව පිළිගත්තේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට තාම මතකයි එදා මහ අප්පෝ[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පොගේ ඔලුව අත ගාලා කියනවා[FONT=Iskoola Pota, serif]... [/FONT]පුතා[FONT=Iskoola Pota, serif]... [/FONT]මං නැති දාක මේ ඔක්කොම බලන්න ඕනේ උඹ තමා කියලා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “හැබැයි[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තයෝ සුදු අප්පොගේ අර සෙල්ලක්කාර ගතිනම් දසමෙකින් අඩුවෙලා තිබුනෙ නෑ වැඩිවෙලා මිසක[FONT=Iskoola Pota, serif]. [/FONT]උන්දෑ හැමදාම රෝල්ස් රොයිස් කාරෙකේ නැගලා[FONT=Iskoola Pota, serif], [/FONT]යාලුවෝ එක්ක යනවා සුවිස් හෝටලේ පාටි වලට[FONT=Iskoola Pota, serif]. [/FONT]පුදුම සල්ලියක් නාස්ති කලේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොනා උනත් මනුස්සයාගේ ගති ගුණ ඒරොප්පෙ ගිහින් ආවත් වෙනස් වෙලා තිබුණෙ නෑ[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “හිටපු ගමන් උන්දෑ මාව බලන්නත් එනවා සෙන්ට් පෝල්ස් එකට[FONT=Iskoola Pota, serif]. [/FONT]සෙන්ට් පෝල්ස් එකට සාමාන්‍යයෙන් පිරිමි අයට ඇතුල් වෙන්න තහනම් උනත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ දවස් වල ප්‍රින්සිපල් වෙලා හිටිය සිස්ටර් ඇන්ජලීනා[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පො වගේම මහ අප්පොලාවත් හොඳට දැනන් හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඕනේ වෙලාවක සුදු අප්පොට සෙන්ට් පෝල්ස් එකට ඇවිත් මාව හම්බෙන්න පුලුවන් කම තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්න ඒ වගේ දවසක තමයි මහත්තයෝ මේ කතාවෙ හැරවුම සිද්ධ වෙන විපරියාසෙ වෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොගේ ජීවිතේම වෙනස් වුන දවස වුනේ අන්න එහෙම සුදු අප්පො මාව හම්බෙන්න සෙන්ට් පෝල්ස් එකකට ආපු දවසක“ යැයි පැවසූ පොඩිහාමි වෙහෙස නිවා ගන්නට කතාව මදකට නැවැත්වීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] ඉතිහාසයේ වෙනම කාලයක් ගැන කියවෙන සිත්ගන්නාසුලු මේ කතාවට අසේලත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිත් සවන් යොමා සිටියේ මැඩගත් නොඉවසිල්ලකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙම කතාවේ ඉතිරිය අසාගන්න තුරු ඔවුන් දෙදෙනාට ඉස්පාසුවක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි කතාව ආරම්භ කරන තුරු දෙදෙනා වචනයක්වත් නොපවසා ඔහු දෙසම බලා සිටියේ අවධානය එක දශමයකින් හෝ වෙනතක යොමුකරන්නට අකමැත්තෙනි[FONT=Iskoola Pota, serif].[/FONT]
     
    • Like
    Reactions: tha123

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    එක දශමයකින් හෝ වෙනතක යොමුකරන්නට අකමැත්තෙn Apith dan balan inne kathawe ithiri tika dana ganna .


     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Ela kthawa Rep++

    ~Subscribed to read~

    පට්ට කතව බන්.. :) එල..:yes: අනිවා update කරපන්.. Rep++:D:D
     
    • Like
    Reactions: dakshinasd

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් time travel ස්ටෝරි එකක් වගේ . ඉතුරු ටිකත් දාපන්. මේකෙන් ටෙලි නාට්‍යක් උනත් හදන්න බැරි නැහැ මචන්. දිගටම ලියපන්.
     
    • Like
    Reactions: dakshinasd