අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]3.00[/FONT]
නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ
ආසිරි සමග බයිසිකලයේ යන අතරතුරදීද අසේලගේ සිත පැවතුනේ නොඉවසිලිමත් ස්වභාවයකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි මේ අභිරහසේ බොහෝ දෙයක් දැනසිටි හැකි පුද්ගලයෙක් විය හැකි බැව් ඔහුට සිතී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඔහුගේ වයසත් සමග කිසිවක් මතක නැතිවුවහොත් මේ සම්බන්ධයෙන් සියලු දේම යටපත් වී යා හැකිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය එසේ සිදු නොවේවායි යනුවෙන් දෙතුන් පාරක් තමාටම කියාගනිමින් අසේල සිත සාදාගැනීමට උත්සාහ දැරුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හෙතෙම කෙතරම් නොඉවසිල්ලෙන් සිටියේද යත් ආසිරි බයිසිකලය පදවන්නේ වෙනදාට වඩා අඩු වේගයකින් බැව් කිහිපවරක්ම සිතුනි[FONT=Iskoola Pota, serif].
[/FONT] ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබාදුන් ලිපිනය අනුව බයිසිකලය පදවාගෙන පැමිණි අසේල සහ ආසිරි[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ නව කගරයෙන් වමට හැරී අතුරු පාරක ගමන් කොට මද දුරක් ගොස් නැවතත් කුඩා පාරකට හැරුනෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ ලිපිනයේ සඳහන් නිවස ඉදිරියේ බයිසිකලය නතරවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය කුඩාව තැනූ චාම් තනි තට්ටුවේ නිවසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉදිරි ජනේල ඇර තිබුණත් නිවසේ කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත[FONT=Iskoola Pota, serif].
[/FONT] බයිසිකලයෙන් බට අසේල ඉදිරියට ගොස් දොරට තට්ටු කළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවකට පසු දොර ඇරියේ වයස අවුරුදු පනහ ඉක්මවූ මිටි මිනිසෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම අසේල සහ ආසිරි දෙස මද වේලාවක් පරීක්ෂාකාරී මුහුණකින් බලා සිටියේය[FONT=Iskoola Pota, serif].
[/FONT] “මේ මහත්තුරු කවුද[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “අපි රිවිසරසි පත්තරෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි තොරතුරක් දැනගන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට ඇඩ්රස් එක දුන්නේ සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ගෙදරද පොඩ්හාමි මහත්තයා ඉන්නේ[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “ආ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තුරු අහන්නේ අපේ අත්තා ගැන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔව් මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තුරු ඇවිත් ඉන්නේ නියම තැනට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇතුළට ඇවිත් වාඩි ගත්තනම්“ යනුවෙන් නිවසේ සිටි තැනැත්තා අසේලට සහ ආසිරිට ආරාධනා කළේය[FONT=Iskoola Pota, serif].[/FONT]
අසේල ආසිරි දෙස බැලුවේ ජයග්‍රාහී බැල්මකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ තාක් දුරට සෑම දෙයක්ම නිවැරදිව සිදුවී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]තව ස්වල්ප වේලාවකින් පොඩිහාමි හා කතාබහ කොට මේ අගමුල පැටලුන ප්රශ්නයේ කොනක් සොයා ගැනීමට ඔහු බලාපොරොත්තු විය[FONT=Iskoola Pota, serif].[/FONT]
අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]3.20[/FONT]
නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ
විනාඩි විස්සක් පමණ ගතවන තුරු අසේලටත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිටත් නිවසේ සාලයේ වාඩිවී බලා සිටීමට සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොතරම් වේලාවක් ගියත්[FONT=Iskoola Pota, serif], [/FONT]අද දින මේ ප්රශ්නයේ කොනක් කොහෙන් හෝ සොයාගන්නා බවට අසේල තමාටම සපථ කරගත්තේ දසවෙනි වතාවටය[FONT=Iskoola Pota, serif]. [/FONT]තමා හඹායන කතාවක් පිළිබඳව මෙතරම් කුතුහලයක් ඇතිවූ අවස්ථාවක් මීට පෙර නොතිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]සියල්ලටම වඩා මෙම කතාවේ තිබූ පැටලිලි සහගත බව හා අබිරහස් බව අසේලගේ අවධානය පැහැර ගන්නට සමත් වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක් හොයාගන්නට කිසිම ආකාරයක් නොවූ තැන ඔහු ක්‍රමයෙන් අධෛර්යයට පත්ව සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එවන් අවස්ථාවක අහම්බෙන් ලැබුණු මෙම හෝඩුවාව[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ නැතිවී ගිය බලාපොරොත්තු වඩවන්නක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කතාවේ අගක් මුලක් දන්නා ජීවත්ව සිටින එකම පුද්ගලයා මේ වයසක මිනිසාය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගෙන්ද හරි හමන් තොරතුරක් දැනගත නොහැකි වුවහොත් අවසානයේ[FONT=Iskoola Pota, serif], [/FONT]නැවතත් තමාට කතාවේ මුලටම පැමිණීමට සිදුවෙන බව ඔහුට වැටහුණි[FONT=Iskoola Pota, serif].
[/FONT] අවසානයේ දෙදෙනාගේ බලා සිටීම නිමාවට පත්කරමින්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇතුළට ගිය පුද්ගලයා තවත් වයසක අයෙකු වත්තම් කරගෙන ආවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ[FONT=Iskoola Pota, serif], [/FONT]විදුහල්පතිනිය පැවසූ පොඩිහාමි බව දෙදෙනාට පසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වයස අවුරුදු සියය ඉක්මවා තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ බාහිර ස්වරූපයේ වූයේ අවුරුදු අසූවකට වැඩි බවක් පෙනෙන්නට නොවීය[FONT=Iskoola Pota, serif].
[/FONT] තම මුණුබුරාගේ වාරුවෙන් සාලයේ ඇඳි පුටුවක අසුන් ගත් පොඩිහාමි[FONT=Iskoola Pota, serif], [/FONT]තම දෙනෙත් කුඩා කරමින් අමුත්තන් දෙදෙනා දෙස බැලුවේ හඳුනාගැනීමට උත්සාහ කරමිනි[FONT=Iskoola Pota, serif].
[/FONT] “අත්තේ[FONT=Iskoola Pota, serif], [/FONT]මේ මහත්තුරු දෙන්නා පත්තරෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]අත්තගෙන් විස්තර වගයක් ගන්න කියලා ඇවිල්ලා තියෙන්නේ“ යැයි පොඩිහාමිගේ මුණුබුරා අමුත්තන්ව පොඩිහාමි වෙත හඳුන්වා දුන්නේය[FONT=Iskoola Pota, serif].
[/FONT] “මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ අත්තට අවුරුදු සීය ගියා කියලා වෙනසක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හොඳට කන් ඇහෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇස් පේනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මතක සක්තියත් එහෙම්මයි[FONT=Iskoola Pota, serif]. [/FONT]තාම ඒ කාලේ දේවල් හොඳට මතකයි උන්දැට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මහත්තුරු දෙන්නට කහට කෝප්පයක් ලෑස්ති කරනකම් කතා කරන්න“ යැයි පැවසූ ඔහු තිදෙනාට කතා බහට මග පාදා[FONT=Iskoola Pota, serif], [/FONT]එතැනින් නික්ම ගියේය[FONT=Iskoola Pota, serif].
[/FONT] අසේල ආසිරි දෙස බැලුවේ කවරෙක් කතාව පටන් ගන්නේද යන්න වටහාගත නොහැකි සේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ආසිරි ඔලුව සොලවා පැවසුවේ අසේලටම කතාව පටන් ගන්නා ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද නිහැඬියාවකින් පසු අසේල කතාව පටන් ගත්තේය[FONT=Iskoola Pota, serif].
[/FONT] “සීයේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ නම අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ යාලුවෙක් [FONT=Iskoola Pota, serif]- [/FONT]ආසිරි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නම රිවිසරසි පත්තරේ වැඩකරන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දවස් වල අපි පොඩි විස්තර වගයක් හොයනවා පත්තරේට ලියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ විස්තර හොයාගෙන යනකොට අපිට සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල් ව හම්බවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා තමයි කිවුවේ සීයව හම්බවෙලා විස්තර මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න කියලා[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලය මතක් කරන විට පොඩිහාමි ගේ ඇස් දීප්තිමත් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් අසේල දිහා බලාසිටි පොඩිහාමි සෙමින් කතා කරන්නට විය[FONT=Iskoola Pota, serif].
[/FONT] “මම මහත්තයෝ අවුරුදු පනහකට වැඩි කාලයක් ඔතන වැඩ කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට මගේ ගෙදරත් හරි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉස්කෝලෙත් හරි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ තරම් ළඟ ඇයි හොඳැයියක් ඔතනත් එක්ක තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අදටත් මම කියන්නේ[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ ජීවිතේ හොඳම කාලේ තමයි සෙන්ට් පෝල්ස් එකේ හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල්ලා මම හිතන්නේ දහ දෙනෙක් ගාව මම ඔතන වැඩකරන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]කියන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මොනාද මහත්තෑලට මගෙන් දැනගන්න තියෙන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]පොඩිහාමි විනාඩි කිහිපයක අතීත ආවර්ජනයකට පසු අසේලගෙන් ඇසුවේය[FONT=Iskoola Pota, serif].
[/FONT] අසේල තම බෑගයෙන් ඇමතිවරයා ලබාදුන් ඡායාරූපය පිටතට ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]පුටුවෙන් නැගිට පොඩිහාමි ඉඳ සිටි පුටුව වෙත ගිය ඔහු එම ඡායාරූපය පොඩිහාමි අත තැබීය[FONT=Iskoola Pota, serif].
[/FONT] “සීයේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පින්තූරේ ගැන තමයි අපි හොයන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේකෙ ඉන්න දෙන්නා කවුද කියලා හොයන්න උත්සාහ කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද[FONT=Iskoola Pota, serif], [/FONT]අපි පත්තරේට ලියන්න යන කතාවට විස්තර හොයාගෙන යනකොටයි මේ පින්තුරේ අපිට හම්බවුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතනදී තමයි ප්‍රින්සිපල් මැඩම්ට සීයා ගැන මතක් වෙලා සීයගෙන් විස්තරයක් දැනගන්න පුලුවන්ද කියලා බලන්න කියලා කිවුවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකයි මේ අපි දෙන්නා ඒ ගමන්ම සීයව හොයාගෙන ආවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]සීයට පුලුවන්නම් මේ පින්තූරේ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරනවද මේ දෙන්නව අඳුනගන්න පුලුවන්ද කියලා “ අසේල මේ ඡායාරූපයේ සිටින්නන් සෙවීමේ අරමුණ සාර්ථකව සඟවමින් අවශ්‍ය තොරතුරු පමණක් පොඩිහාමි වෙත ලබාදුන්නේය[FONT=Iskoola Pota, serif].
[/FONT] අසේල ලබාදුන් ඡායාරූපය වෙත මුහුණ යොමාගත් පොඩිහාමි ඒ දෙස මද වේලාවක් බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]තවත් පැහැදිලිව ඒ දෙස බලන්නට ඔහු අතේ වූ උපැස් යුවල ද දමා ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවතත් ඡායාරූපය දෙස බලාසිටින්නට වූ ඔහුගේ මුහුණේ හැඟීම් ක්‍රමයෙන් වෙනස් වෙන අයුරු අසේල නිරීක්ෂණය කලේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මුලින් ඡායාරූපය දෙස බලා සිටිත්දී දීප්තිමත් වූ ඇස් ක්‍රමයෙන් අඩවන්ව ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් ඡායාරූපය දෙස බලා සිටි ඔහුගේ මුහුණෙන් දිස් වන්නට වූයේ ශෝකාකූල බවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇස් දෙක එල්ලයක් නොමැතිව ඉහලට යොමුවී තිබුණ අතර ඔහු දැඩි කල්පනාවක නිග්මනව සිටින බව අසේලට වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමිගේ සිතුවිලි දාමය බිඳ හෙලන්නට අකමැති වූ හෙතෙම පසෙකට වී බලා සිටියේ කවර හෝ වෙලාවක පොඩිහාමි විසින්ම කතාව ආරම්භ කරන තෙක්ය[FONT=Iskoola Pota, serif].
[/FONT] “මහත්තෑලට මේ පින්තූරේ කොහෙන් හම්බුනාද කියන්න දන්නේ නෑ මං[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මහත්තෑලට දැනගන්න ඕනේ මේ පින්තූරේ ගැනනම් මං හිතන්නේ ඒකට හෝඩුවාවක් දෙන්න පුලුවන්කම තියෙන එකම මනුස්සය මං වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]...“ [/FONT]කතාව ආරම්භ කරමින් පොඩිහාමි පැවසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වන විටද ඔහුගේ මුහුණේ වූ ශෝකාකූල බව පහවගොස් තිබුණේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]
“අහන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තෑලට දැනගන්න ඕනේ ඕනෙම දෙයක් මගෙන් අහන්න“
“අපි ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරද්දී එයා කිවුවා කොල වල ලියවිලා තියෙන්නේ ඔය ඉන්නේ ජයතිස්ස ආරච්චියි[FONT=Iskoola Pota, serif], [/FONT]සේපාලි සූරියආරච්චියි කියලා දෙන්නෙක් ගැන කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් කොහෙවත් කියවිලා නෑ මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල් මැඩම්ටත් ප්‍රශ්නයක් මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් අපිට දැනගන්න ඕනේ සීයේ මේ දෙන්නා හරියටම කවුද කියලා “ අසේල මෙතෙක් වේලා තම සිතේ සිරකරගෙන සිටි ප්රශ්නය පොඩිහාමි වෙත යොමු කළේය[FONT=Iskoola Pota, serif].
[/FONT] පොඩිහාමි තවත් මද වේලාවක් අසේල දෙස විමසිලිමත්ව බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉන්පසු ලය සැහැල්ලු කරගන්නට දිගු හුස්මක් හෙලූ හෙතෙම වාඩිවී සිටි පුටුවේ පසුපසට හේත්තු වූයේ දිගු කතාවකට මුල පුරන්නට තමන් සූදානම් බව අඟවමිනි[FONT=Iskoola Pota, serif].[/FONT]