menna balanawa nam poth .......

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපරාධ_ගැන පොත්......

    කැමති අය අරන් කියවන්න.මෙවා නම් කොච්චර කියෙවුත් එපා වෙන්නේ නැ

    1. ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබද අධිකරණ වෛද්‍ය පරීක්‍ෂන

    Mostly+murder+1.jpg

    Mostly+murder+2.jpg


    කීර්තිමත්ම අධිකරණ වෛද්‍යවරයෙකු වන ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතා විසින් රචිත Mostly Murdered කෘතිය ඇසුරෙන් අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරපු පොතක්.

    මෙහිදී ප්‍රධාන තේමාවට අමතරව වෛද්‍ය ස්මිත් මහතාගේ වෛද්‍ය ජීවිතය හා ඒ හා සබැදුන විවිද අතිරේඛ සිදුවීම් පිළිබදවත් සටහන්කර තිබෙනු දක්නට පුළුවන්. ඒ මහතා එංගලන්තයේ සහ ඊජිප්තුවේ සේවය කරමින් සිටියදී විසදන්නට සිදුවූ විවිදාකාරයේ අපරාධ පිළිබදව මෙන්ම ලංකාවේ මීට දශක කිහිපයකට පෙර සිදුවූ සතාසිවම් මිනීමැරුම් පිළිබදව නඩුව සම්බන්ධයෙනුත් මෙම පොතේ සදහන්. එම සිද්ධියේදී අධිකරන වෛද්‍යවරයා ලෙසද කටයුතු කලේ මෙතුමායි.

    එසේම අප අතර ඉමහත් ජනප්‍රිය ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්‍ෂකයා සජීවි චරිතයක්ද, එසේත් නැත‍හොත් ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් මහතාගේ සිතේ මැවුන චරිතයක්ද යන ගැටළුවටත් විසදුම මෙම‍ පොතෙන් යම්තාක් දුරකට දැනගත හැකියි.

    2.පොත අපේ රටේ බිහිවූ කීර්තිමත්ම අධිකරන වෛද්‍යවරයෙකු වන නැසීගිය මහාචාර්ය චන්‍ද්‍රසිරි නිරිඇල්ල මහතා විසින් රචිත නිහඬ සාක්‍ෂි (Silent Evidence) කියන පොත.මන් කියවපු
    පලවෙනි අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන ලියවුන පොත.එක හුස්මට කියෙවුවා.
    Nhada+1.jpg


    Nhada+2.jpg


    3.නිහඩ නොවු සක්ෂි -1 කොටස
    මෙකේ තියෙන පේර කතාව කියෙවුවාම හිතට මාර දුකක් දැනුනා.සුපිරි පොතක්.
    9789555516341.jpg


    4. නිහඩ නොවු සක්ෂි - 2 කොටස
    මේකේ පට්ටම කතාවක් තියෙනවා .නුවරඑළිය පැත්තේ කොල්ලෙක් school lab
    එකෙන් As ,CN ගෙනල්ලා ගෙදර කට්ටිය ටිකෙන් ටික මරපු හැටි.
    13244840_1133975460002871_2262271599549563411_n.jpg


    5. පොරකය ඉව කල මිනිසුන්
    මෙකත් පට්ට මචං
    hang-book.jpg


    ඔයාල දන්න තව පොත් කියන්න.බලපු නැති අය ඉන්නවා නම් මේ එක් පොතක් කියවලා බලන්න.අනිත් එවත් බලන්න හිතෙයි.
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ade man oowa kiyawala nee bun.thx kade ganna athi neda ? asai kiyawanna

    කියවපන් මචං අනිවා.සමහර මරණ අපි හිතපු නැති විදිහට අල්ලගෙන තියෙනවා .මරලා කැලි කැපුවත් හොයන්න පුලුවන් විශේෂඥ අදිකරන doctor කෙනෙක්ට
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයා අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන පොතක් ලිව්වා මචං. සිඩ්නි ස්මිත්ගේ පොතේ සිංහල පරිවර්තනයක්.
    දන්නව නම් ඒ පොත ගන්න තැනක් කියන්න මචංලා. කොළඹ, මහජන පුස්තකාලේ නම් තියෙනවා.