හොර පෙරකදෝරු නාමල් හමුවේ ‘ විමුක්ති‘ අභිමු&#34

Dec 11, 2016
79
19
0
හොර පෙරකදෝරු නාමල් හමුවේ ‘ විමුක්ති‘ අභිමු&#34

වෙන්ඩ රජා‘ සිහිනය බිඳ වැටීම හෙවත් හොර පෙරකදෝරු නාමල් හමුවේ ‘දොස්තර විමුක්ති‘ අභිමුඛ වීම -ආනුභාවනන්දගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.03, ප.ව‍‍‍‍‍‍.11.30) හත් හවුල් ආණ්ඩුව හෙවත් 1965 - 1970 ඩඩ්ලි සේනානායක අගමැති වූ වකවානුවේ මහජන බැංකු ලිපිකරු පත්වීමක් සඳහා වන්නිනායක නම් තරුණයෙක් ඉල්ලුම් පතක් යොමුකෙළේය. පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ ඔහුට සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමක් ලැබිණ. සම්මුඛ සාකච්ඡාව සඳහා සහභාගී වූ වන්නිනායක තරුණයාගෙන් මූලික ප්‍රශ්න ඇසූ බැංකු ප්‍රධානීහු ඔහුගේ පවුලේ විස්තර විමසන්නට වූහ. ගොවි ජනතාව බහුල කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ මෙම තරුණයාගේ පියාගේ ජීවන වෘත්තිය ගැන කරුණු විමසන විට ඔහු කියා සිටියේ තම පියා රටේ මුදල් ඇමැති බවයි.

මෙම පිළිතුරෙන් කළබලයට පත් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය තරුණයාගේ ප්‍රකාශය තහවුරු කර ගැනීමට ප්‍රශ්න කිහිපයක් අසා පුදුමයට පත්වූයේ එවකට මුදල් ඇමැති යූ.බී. වන්නිනායක මහතාගේ පුත්‍රයා බැංකු ලිපිකරු පත්වීමකට ඉල්ලුම් පත්‍රයක් යොමුකර ඇති බව හෝ කිසිවෙකු නොදැන සිටි බැවිනි. කුරුණෑගල ප්‍රදේශයේ වන්නිනායක වාසගම සහිත බොහෝ දෙනෙකු සිටින බැවින් කිසිවෙකු මෙම තරුණයා මුදල් ඇමැතිවරයාගේ පුත්‍රයා යැයි සැක කෙළේ නැත.

අදාළ සුදුසුකම් සපුරා තිබූ තරුණයාට බැංකු ලිපිකාර පත්වීමක් ලැබුණු අතර තම පුත්‍රයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යූ.බී. වන්නිනායක යුවළ මව්පියන් වශයෙන් අපමණ සතුටට පත්වූහ. එහෙත් වන්නිනායක තරුණයාට පළමු පත්වීම ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබූ බැංකු ශාඛාවකට ය. වන්නිනායක තරුණයා සිට පියාට ඉතා කනස්සලු ස්වරූපයෙන් තම පත්වීම පිලිබඳ කරුණු හෙළි කෙළේය.

මුදල් ඇමැති පියා කියා සිටියේ අනුරාධපුරයේ අපේ උරුමයද දැක බලාගෙන එම ප්‍රදේශයේ ජීවත් වන අසරණ ජනතාවට අවංකව සේවය කරන ලෙසය. මුදල් ඇමැති මෙන්ම යාපහුව පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.බී. වන්නිනායක මහතා සැබෑ පියෙකු වශයෙන් සිය දරුවන්ට මග පෙන්වූ ආකාරය පිලිබඳ මෙය එක් උදාහරණයකි. දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකළ යුතු බව ඔහු තම පුතාට පෙන්වා දුන්නේය.

යූ.බී. වන්නිනායක වූ එම පියා, ආදර්ශයෙන්ද ඒ බව සිය දරුවන්ට පෙන්වා දුන්නේය. එජාප යාපහුව මන්ත්‍රීවරයා වශයෙන් ඔහු දුම්රියේ පාර්ලිමේන්තු ගියේ ය. අගමැතිවරයාට පසුව වඩාත්ම බලවත් මුදල් ඇමැති ධූරය දරණ අවධියේත් ඔහු සුපුරුදු ලෙස දුම්රියෙන් කොටුවට පැමිණ එතැන් සිට සිය නිල රථයෙන් අමාත්‍යාංශයට ගියේ ය. ආර්ථික විශේෂඥයෙකු හෝ ගණකා‍ධිකාරීවරයෙකු නොවූ වන්නිනායක මුදල් ඇමැතිවරයා හත් හවුල් ආණ්ඩුව වෙනුවෙන් සාර්ථක අය වැය 4 ක් ඉදිරිපත් කෙළේය. අද මෙන් දුසිම් ගණන් අය වැය යෝජනා සංශෝධනය කෙළේ නැත. ඔහු අය වැය ඉදිරිපත් කෙළේ අදට වඩා සංකීර්ණ ජාත්‍යන්තර සහ දේශීය දේශපාලන බලවේගයන් සමග පොර බඳිමිනි. එවැනි ජ්‍යෙෂ්ඨ, ප්‍රබල දේශපාලනඥයෙකු වූ යූ.බී. වන්නිනායක මහතා කොළඹ මහ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක මිය ගියේ ය. ඔහුගේ සැප දුක බැලීමට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පෞද්ගලික රෝහලකට ඇතුළු වන ලෙසත් සියළු වියදම් තමන් බලාගන්නා බවත් පැවසීය. එහෙත් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළ වන්නිනායක මහතා කියා සිටියේ තමන් සාමාන්‍ය ජනතාව සමග රජයේ රෝහලක ප්‍රතිකාර ගැනීමට කැමැති බවයි. එවැනි ආදර්ශමත් පියෙකුගේ දරුවෝ කිසි දිනෙක සිය දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකළහ.

බණ්ඩාරනායකවරු
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරය දරණ වකවානුවේ සිය දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එක් පෞද්ගලික මෝටර් රථයක් වෙන් කළාය. දරුවන් තිදෙනෙක් සිටින බැවින් ඇතැම් අවස්ථාවන්හි එක් මෝටර් රථයක් ප්‍රමාණවත් නොවීය. එවැනි දිනෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක දියණිය මවගේ ප්‍රයෝජනයට වෙන් කර තිබූ නිල රථයක් සිය මිතුරියකගේ නිවසකට යෑමට ගත්තාය. තම නිල රථයක් චන්ද්‍රිකා භාවිතයට ගෙන ඇති බව දැනගත් අගමැතිනිය පරළ වූවා ය. යළි නිවසට පැමිණි දියණියට හොඳටම දෙහි කැපූ අගමැතිනිය රජයේ දේපොල අයුතු ලෙස භාවිතා නොකළ යුතු බවට සිය දියණියට දැඩි ලෙස අවවාද කළාය. සිය මව එදා තමාට දුන් අවවාද තම දරුවන් දෙදෙනාට තදින් ක්‍රියාත්මක කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පසුව හෙළි කළාය. තම දරුවන් දෙදෙනාට සිය සංචිතයේ තිබූ වාහන අයුතු ලෙස භාවිතා කිරීමට කිසි දිනෙක ඉඩ නොදුන් බව ඇය කියා සිටියා ය. එසේම සිය දේශපාලන බලය භාවිතා කිරීමට ද ඔවුනට ඉඩ නොදුන්නා ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය දරණ අවධියේ යසෝධරා සහ විමුක්ති ජීවත් වූවාද යැයි රට්ටු දැන සිටියේ නැත. ඉතා නිවුනු තරුණයෙකු වූ විමුක්ති රාත්‍රී සමාජ ශාලාවන්හි හෝ තරු පහේ හෝටල් වල සාද වල දක්නට නොලැබුණු චරිතයකි. ඔහු සිය මූලික අවධානය අධ්‍යාපනයට යොමු කළ තරුණයෙකු විය.

යුද්දයක් පැවැති වකවානුවක වුව විමුක්ති කුමාරතුංග ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් ගියේ, පිස්සු නැටුවේ නැත. මත්පැන් පානය කර ගුටි කෙළි වලට පැටලුනේ නැත. ඔහු සිය මවගේ හෝ පියාගේ මුහුණේ දැලි ගෑවේ නැත. (අවාසනාවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විනාශ කෙළේ සනත් ගුණතිලක වැනි පිං ගොනුන් ය.)

යූ. බී. වන්නිනායක මුදල් ඇමැතිවරයාට සිය ධූරයේ බලය භාවිතා කරමින් සිය දරුවන්ට ධනය අත් පත් කර ගැනීමේ ව්‍යාපාරික මාර්ග පාදා දීමට ඕනෑ තරම් අවස්ථා තිබිණ. ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා ගැනීම හෝ ආණ්ඩුවට භාණ්ඩ සහ සේවා සැපයීමේ ව්‍යාපාර ආරම්භ කර එම දරුවන්ට කෝටිපතියන් වීමට ඉඩ තිබූ බව රහසක් නොවේ. එසේ නොමැති නම් ‘‘ඩීල් කරුවන්‘‘ වශයෙන් ගාන කපා ගැනීමට හැකියාව තිබිණ. එහෙත් වන්නිනායක මුදල් ඇමැතිවරයා එවැනි මාර්ග පිලිබඳව තුන් සිතකින් වත් සිතුවේ නැත. ඔහු සිය දරුවන් එවැනි වැරදි මාර්ගයන්ට යොමු නොකළ බැවින් ඔහුගේ අභාවයෙන් පසුව ද එම දරුවෝ රටට සමාජයට ආදර්ශමත් ලෙස ජීවත් වෙති.

දෙවරක් පූර්ණ බලැති අගමැතිනිය වශයෙන් රට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද කිසි විටෙක තම දරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ රජයට භාණ්ඩ හා සේවා සැපයීම හරහා කෝටිපතියන් වීමට මග නොපෙන්වූවා ය. ඒ වෙනුවට දරුවන්ට උසස් අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිලාභ ලබා දීමට මවක වශයෙන් උනන්දු වූවා ය. එබැවින් එම දරුවන් අඩු වයසින්ම කෙසේ හෝ මුදල් ඒකරාශී කර ගැනීමේ අරමුණු ඉලක්ක වෙත නිරාවරණය නොවීය. මව අගමැති වූ පමණින් එම දරුවෝ මුදල් ගංගා වල පිනුම් නොගැසූහ. ඊට හොඳම උදාහරණයක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනිය වීමෙන් පසුව නිල නිවසකට හිමිකම් ලැබීමෙන් පසු තම පුද්ගලික වියදම් පියවා ගැනීම සඳහා විජය සහ ඇය එකතු වී හදන ලද නිවස කුලියට දීමට සිදුවීමය.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනියව සිටි වසර 10 ක කාලය පුරා අනුගමනය කෙළේ ද සිය මව ඇයට ලබා දුන් ආදර්ශයයි. සිය දරුවන් දෙදෙනාට උසස් අධ්‍යාපනය ලබාදීමට උනන්දු වූ ඇය කිසි විටෙක ඔවුන් සිය ආණ්ඩුව සමග ගණුදෙනු කරන ඩීල් කරුවන්, කොමිස් කරුවන් හෝ සිය ජනාධිපති බලතල වලට ආවරණය වී මතුවන ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට උදව් නොදුන්නා ය.

විමුක්තිගේ ‘පොකට් මනි‘
විමුක්ති කුමාරතුංග යනු සිය පියා මෙන්ම ඉතා සංවේදී චරිතයකි. ඔහු ඉතා ආදරයෙන් ඇති දැඩි කළ බල්ලන්ට යම් අසනීපයක් වැළඳුනු විට බොහෝ සෙයින් කළබල වන විමුක්ති ඔවුන් බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පශු වෛද්‍යවරයෙකු ලඟට ගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියේය . තමන් ඉතා ආදරයෙන් ඇති දැඩි කරන බල්ලන් සමග පශු වෛද්‍ය සායනයට පැමිණෙන විමුක්ති, පශු වෛද්‍යවරයා සහ ඔහුගේ සහායකයන්ට තම සුරතල් බල්ලන්ගේ රෝගී තත්ත්වයන් විස්තර කරයි. ඉන්පසුව බල්ලන්ට සිදුකරන ප්‍රතිකාර සැළැස්ම වෛද්‍යවරයා හෙළිකළ විට විමුක්ති නගන පළමු ප්‍රශ්නය වන්නේ “ ඩොක්ටර් ට්‍රීට්මන්ට් වලට කීයක් විතර යනවාද?“ යන්නයි. එම ප්‍රකට පශු වෛද්‍යවරයා ලඟට සුරතල් සතුන් රැගෙන එන ඉහළ මධ්‍යම පන්තික ගණුදෙනු කරුවන්ගෙන් බහුතරයක් කිසිදු විටෙක මෙම ප්‍රශ්නය මතු නොකරන තත්ත්වයක් යටතේ රටේ විධායක ජනාධිපතිනියගේ එකම පුත්‍රයා, ප්‍රතිකාර ගාස්තු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම එම පශු වෛද්‍යවරයාට මුලදී විශාල ප්‍රහේලිකාවක් විය. අදාල වෛද්‍යවරයාගේ මුහුණින් මෙම ප්‍රහේලිකාව හඳුනාගත් විමුක්ති “මේවාට අම්මා සල්ලි දෙන්නේ නෑ. මගෙයි, අක්කගෙයි පොකට් මනි වලින් තමයි මේවා කරන්නේ. බිල ගෙවන්න මගේ ලඟ තියෙන සල්ලි ඇති වෙයිද කියලා බලන්න එපැයි..“ සිනහසෙමින් පැවසීය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිය පුතා සන්නද්ධ කෙළේ මිල මුදලින් නොව අධ්‍යාපනයෙනි. (එහෙත් රොකට් රෝහිතලා පැළඳුවේ රුපියල් ලක්ෂ දෙක තුනේ පාවහන් ය.)

විමුක්ති බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර වසර 2005 දී පශු වෛද්‍යවරයෙකු වශයෙන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ සේවය කිරීම ආරම්භ කෙළේය. යුරෝපයේ මෙන්ම ඇමරිකාවේත් පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වඩා දුෂ්කරය. ඒ සඳහා ඉහළම අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය. ලංකාවේ ජනාධිපති පුත්‍රයෙකු වීම බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයට ඇතුලු වීමට සුදුසුකමක් නොවේ. ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ විභාග වලට පිළිතුරු ලියනවා සේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ විභාග වලට පිළිතුරු ලිවිය නොහැකිය. ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වූ විමුක්ති එහි ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටී. ඔහු වසර 2011 සිට බ්‍රිස්ටල් හි Highcroft Veterinary Group නම් පශු වෛද්‍ය සේවා ආයතනයක පශු වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරයි. විමුක්තිට සිය මව ධනය රැස් කර නැත. ඔහුගේ මිත්තණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විමුක්තිට රොස්මිඩ් පෙදෙසින් හෝ අත්තනගල්ලෙන් ඉඩම් අක්කර ගණනින් මිලදී ගෙන නැත. ( මිත්තණිය ඉඩම් මිලදී ගැනීම කෙසේ වුවද තමන්ට උරුම වූ ඉඩම්ද ජනතාවට පැවරුවාය) විමුක්ති සිය මවගේ පාලන සමයේ ඩීල් දමා ධනය ඒකරාශී කරගෙන නැත. විමුක්තිගේ ධනය “ සොර සතුරන් ගත නොහැකි“ යැයි කියූ අධ්‍යාපනය යි.

යූ.බී. වන්නිනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග යන දේශපාලනඥයන් ආදර්ශමත්ව සිය දරුවන්ට නිසි මග පෙන්වූ බැවින් ඔව්හු ලෝකයට වැඩ දායක ආදර්ශමත් පුරවැසියන් ලෙස ජීවත් වෙති. අප රටේ වෙනස් යුග දෙකක දේශපාලන බලය සමග ගණුදෙනු කළ චරිත 3 ක් සම්බන්ධ කරගෙන මෙම පූර්විකාව ලිවීමට සිත් වූයේ පසුගිය පොසොන් පොහොය දා හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘උපාසක මහතා‘ සිල් සමාදන් වූ අයුරු දැක්වෙන ඡායාරූපත් පසුගිය පාද යාත්‍රාවේ ඒ ‘උපාසක මහතාම‘ දඟර නැටුම් නටමින් යන ඡායාරූපත් දැකීමෙනි.

උපාසක මහතාගේ දඟර නැටුම
හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ යනු ‘වෙන්ඩ රජා‘ය. ජනවාරි 8 වෙනිදා ජනතාව විසින් පන්නා දැමූ මහ රජා මැදමූලන නමැති මුදවා නොගත් ප්‍රදේශයට පලා ගොස් එතැන් සිට යළි බැරි බැරි ගාතේ, පීච්චං වෙමින් මේ සටන් කරන්නේ ‘වෙන්ඩ රජාට‘ රටේ නායකත්වයට ඒමට පසුබිම සකස් කිරීම සඳහා ය. සිල් ගන්නේ ද පාද යාත්‍රා යන්නේද ඒ සඳහා ය. තමා දේශපාලන වේදිකාවෙන් බැස ගිය හොත් ශ්‍රීලනිප අවශේෂ නායකයන් ‘වෙන්ඩ රජාව‘ පරසක්වල ගහන බව මහින්ද රාජපක්ෂ හොඳින් දනී.

දැන් රටේ දේශපාලන ‘අනාගතය‘ සඳහා උරුම කම් කියන්නේ තරුණ වියේදීම බොරුව, ආත්ම වංචාව, සහ මවා පෑම ආත්මය කර ගත් මෙවැනි ‘වෙන්ඩ රජා‘ ලාය. ඔවුන් ගුරු හරුකම්, ආදර්ශ මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ලැබුවේ වනචර දශකයේදී තාත්තලා, බාප්පලා, රට මෙහෙයැවූ ආකාරය අනුව නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. දූෂනය, භීෂනය, බොරුව, මවා පෑම, සිය ආත්මය කර ගත් දෙමව්පියන්ට සිය දරුවන්ට යහපත් පුරවැසියන් වීමට ආදර්ශ ලබා දිය නොහැක. ලබන වෙසක් පෝයට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ තමන් ‘රහත්‘ වූ බවට නිවේදනය කළහොත් ඒ ගැන අපි පුදුම නොවෙමු. ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැත.

මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහගේ නෝන්ජල් දේශපාලන කෙරුවාව නොවන්නට නාමල්ලා සිටිය යුත්තේ පසුගිය පොසොන් පෝයට වැලිකඩ කූරු ගණන් කරමිනි. එසේ වී නම් අම්මලා, තාත්තලා, බාප්පලා සහ දරුවන් සියලු දෙනාට සිල් සමාදන් වන්නට වන්නේ වැලිකඩ බුදු මැදුරේ ය. එහෙත් රටේ අවාසනාවට තවමත් එය යථාර්ථයක් වී නොමැත. ඔවුහු පාරේ ඩෙඟා නටමින් තම පක්ෂ මූලස්ථානයටද හූ කියමින් යාත්‍රා කරති.

පිලිපීනයේ මාකෝස් එළැවීමෙන් පසුව හෝ ඉන්දුනීසියාවේ සුහර්තෝ එළැවීමෙන් පසුව හෝ බුරුමයේ හමුදා ජුන්ටාව එළැවීමෙන් පසුව හෝ ඒ කිසිදු රටක ජනතාවක් ඒ එළැවූ ඒකාධිපතියා ඉල්ලා පාරේ පෙළපාලි ගියේ නැත. නමුත් ලංකාවේ ඒකාධිපතියා සහ හොර පවුල පසුපස යම් පිරිසක් පෙළපාලි යන්නේ උන්ගේ ඇති දක්ෂතාවයක් නිසා නොව උන්ව එළවා ජනතාව බලය ලබා දුන් නායකයන්ගේ ඇති දුර්වලතාවය නිසා ය.

රාජපක්ෂ පවුල බේරා ගැනීමේ ඩීල් එක
අධිකරණ ඇමැති වශයෙන් පෙනී සිටින විජේදාස රාජපක්ෂ වැනි ද්‍රෝහීන් රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට දිවි නොතකා සටන් කරමින් සිටින බව රහසක් නොවේ. සියලු ආරක්ෂක ආවරණ යටතේ පසුගිය වසර එක හමාරක කාලය පුරා රාජපක්ෂ පවුල සහ හොර පොල් විපක්ෂය ක්‍රියාත්මක වෙමින් සිටිති. ජනවාරි 8 වෙනිදා මැදමූලනට පළා ගිය මහින්ද රාජපක්ෂගේ හැසිරීම සළකා බලමු. ඔහු පළමු දින හතර පහ සිටියේ අන්දුන් කුන්දුන් වූවෙක් මෙනි. තමාව ජනාධිපතිවරණයට දැක්ක වූ බැසිල් ඇමරිකාවට පළා යෑමත් සමග අසරණ වූ මහින්ද රාජපක්ෂ මැද මූලන කල් ගෙවූයේ නන්නත්තාර වූවෙකු මෙනි. ඔහුගේ දුක සැප විමසීමට පළමු දින කිහිපය තුළ දුරකථන පණිවුඩයක් හෝ ලබා දුන්නේ ඔහුගේ අතිජාත ‘කලු කෝපි‘ මිතුරා වූ රනිල් වික්‍රමසිංහ පමණි. අල්ලස්, දූෂන, මිනීමැරුම්, ඝාතන, පැහැරගෙන යෑම් ඇතුළු අනේක විධ චෝදනා වලට තමා ඇතුළු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් වන බව දැන සිටි මහින්ද රාජපක්ෂ තම පවුල බේරා ගන්නා ලෙස ‘කලු කෝපි‘ මිතුරාට ආයාචනා කෙළේය. මෙම ආයාචනය ඉදිරියේ ‘කලු කෝපි‘ මිතුරාගේ හිත බටර් කෑල්ලක් මෙන් උණු වී ගියේ ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන ඩීල් එකක් දමා ගත්තේය. දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ කපටි කෛරාටිකයෙකු වූ මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහ සමග ඩීල් දැමීමෙන් පමණක් සිය පවුල ආරක්ෂා කර ගත නොහැකි බව පැහැදිලි විය. මෛත්‍රීපාල සිරිසේන සමග ද තම පවුල ආරක්ෂා කර ගැනීමේ ඩීල් එකක් දමා ගැනීම අත්‍යාවශ්‍යම සාධකයන් බව ඔහු අවබෝධ කර ගත්තේ ය. ඒ සඳහා ‘පක්ෂ නායකත්වය‘ නම් කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට දන් දීමට කැමැති බව ඔහු සිය නියෝජිතයන් හරහා දන්වා සිටියේ ය. ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප ඡන්ද පදනමින් සියයට එකක් වත් ලබා ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන, නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වන බවට ජනතාවට ලබා දුන් පොරොන්දුව බල්ලාට දමා ‘පක්ෂ නායක‘ කටු ඔටුන්න ඉතාමත් අභිමානයෙන් පැළැඳ ගත්තේය. එදා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවූ වින්නැහිය කණගාටුදායක ය. දැන් තම පක්ෂ කාර්යාලය ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ ‘ආප්පයා ගේ ආප්ප කඩේ‘ යයි කියමින් හූ කියන විටත් විධායක බලතල අතේ තිබෙන ‘පක්ෂ නායකයාට‘ බිල්ලා සේ ගොලුවී සිටීමට සිදුව තිබේ. ශ්‍රීලනිප නායකත්වය ලබා ගැනීමෙන් පසු ඔහුට සිදුවූයේ ‘කොහොල්ලෑ බබා‘ ට සිදුවූ ඉරණම ය.

ජනාධිපති අගමැති අධිකරණ ඇමැති වැන්නෝ තරගයට මෙන් රාජපක්ෂ පවුල ආරක්ෂා කරද්දී පසුගිය වසර එක හමාරක පමණ කාලය පුරා රාජපක්ෂ පවුල සහ හොරපොල් විපක්ෂය සංවිධානාත්මකව එක් ප්‍රධාන කරුණක් සමාජ ගත කරමින් සිටිති. එනම් රාජපක්ෂ පවුල හෝ රාජපක්ෂ රෙජීමය කිසිදු දූෂනයකට, මිනීමැරුමකට හෝ අබමල් රේණුවක විෂමාචාරයකට සම්බන්ධ නොමැති බවත් සියල්ල පලිගැනීම සඳහා ගොතන අවලාද බවත්ය.

වනචර දශකයේ ශ්‍රී ලංකාවේ ගොබෙල්ස් වූ ඩලස් අලහප්පෙරුම නමැති මෙරට අංක එකේ දේශපාලන ගණිකාව තොල් පිට පෙරළමින් පසුගිය වසර එකහමාරක් පුරා මෙම ගොබෙල්ස් න්‍යාය සමාජ ගත කරමින් සිටින්නේය. ඩලස් අලහප්පෙරුම යනු රාජපක්ෂලාටම ගැලපෙන දේශපාලන බොරුකාරයෙකි.

(මහත්මා දේශපාලනයේ සළු පැළැඳ සිටින කපටි කෛරාටික වෘකයෙකු වන ඩලස් අලහප්පෙරුම ගේ ඉතිහාසය භූගෝලය ගැන පසු ලිපියකින් හෙලිකරන්නෙමු)

“ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!“ මායාකාරයාගේ කතා
මෙම නූතන ගොබෙල්ස් ට අත්වැල් සහයෝගය ලබා දීම සඳහා තවත් සුප්‍රකට දේශපාලන ගණිකාවන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ජී.ඇල් පීරිස් ආදීහු ඉදිරිපත්ව සිටිති. මහින්ද රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව පාර්ලිමේන්තුවේ යකා නැටූ මොවුහු ගෝඨාභය රාජපක්ෂට සහයෝගය සඳහා වීදි බැස උද්ඝෝෂන කළහ. මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය නීති විරෝධී කියමින් එය වසා දමන ලෙසට බල කරති. මේ සියල්ලටම ඉහළින් පසුගිය වනචර දශකය තුල කිසිදු වරදක් සිදු නොවූ බව පුන පුනා ප්‍රකාශ කරති. මෙම ගොබෙල්ස් න්‍යාය අනුව සියළු පරීක්ෂණ දේශපාලන පලිගැනීම් ය. යහපාලන රජයේ දේශපාලන නොහැකියාව වසා ගැනීමට සිදුකරන මාධ්‍ය සංදර්ශනය. උදය ගම්මන්පිල නමැති ජාත්‍යන්තර හොරා රුපියල් මිලියන 110 ක මූල්‍ය වංචාවක් සඳහා සැකපිට අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම නම් මායාකාරයා යහපාලන රජයට ඇඟිල්ල දිගු කරමින් “ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!“ යැයි කියා සිටියේ ය. මේ වචන තුන ඩලස් අලහප්පෙරුම තම මුහුණ කණ්නාඩියෙන් බලන සෑම අවස්ථාවකදීම පැවසිය යුත්තකි.

ඩලස් ප්‍රමුඛ දේශපාලන ගණිකාවන්ට අමතරව රාජපක්ෂ පවුල සහ රෙජීමය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ හොර පෙරකදෝරු නාමල් ය. තමන් මහජන මුදල් වංචාකර ඇති බව ඔප්පු කළ හැකි නම් සිය දිවි නසා ගන්නා බවත්, බෙල්ල කපා ගන්නා බවත් උගුර දණ්ඩ කපා ගන්නා බවත් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ප්‍රකාශ කරයි. මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශයට සාක්කි දීමට සතිපතා පැමිණෙන හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ තමන්ට මයික් දිගු කරන ගොලු මාධ්‍යවේදීන්ට කියා සිටින්නේ මේ සියළු පරීක්ෂණ දේශපාලන පලිගැනීම් බවත් තම පවුලේ සාමාජිකයන් රහසින් වත් පව් නොකළ පිරිසක් බවයි. මූල්‍ය පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාදාමයට අපහාස කිරීමට ඔහු එය නිරන්තරයෙන් අවස්ථාවක් කර ගනී. හොරු ඇල්ලීමට පොරොන්දු දී බලයට පත් වූ යහාපාලන ආණ්ඩුව පසුගිය වසර එක හමාරක කාලය පුරා හොරු සමග හෙළුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඔවුන් පිළිබඳ ජනතා විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. එම රික්තය පිරැවීමට ඉදිරියට පැමිණ ඇත්තේ ඩලස්ලාගේ ගොබෙල්ස් න්‍යායයි. ඔව්හු ක්‍රමානුකූලව සැලසුම් සහගතව පසුගිය වසර එක හමාර පුරා රාජපක්ෂ පවුලට සහ රෙජීමයට එරෙහි චෝදනා සහ පරීක්ෂණ ප්‍රෝඩාවක් බව සමාජ ගත කරමින් සිටිති.

‘වෙන්ඩ රජා‘ හෙවත් හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පොසොන් පෝදා සන්දර්ශනයෙන් පසුව මහ බැංකු අධිපති එළැවීමේ නාට්‍යය පසුගියදා රඟ දැක්වීය. දූෂණ විරෝධියෙකු වශයෙන් කළු ඇඳුමින් සැරසුණු ‘වෙන්ඩ රජා‘ අර්ජුන් මහේන්ද්‍රන් එළවන ලෙසට ගිරිය යටින් කෑ ගසමින් යහපාලන ආණ්ඩුවට චෝදනා කෙළේය. සිය පවුලට වඩා යහපාලන ආණ්ඩුව දූෂිත යැයි පැවසූ ඔහු “ඇඟිලි හයේ“ න්‍යායද ඉදිරිපත් කිරීමට අමතක නොකෙළේය. අර්ජුන් මහේන්ද්‍රන් ගේ දූෂණ ගැන කථා කිරීමට ඊටත් වඩා කම්බ හොරෙකු ඉදිරිපත් වීම තරම් තවත් විහිළුවක් ලොව තිබිය නොහැකිය.
 
Dec 11, 2016
79
19
0

“මුගේ කට කෑවත් මදිය“

පිලිපීනයේ නව ජනාධිපති ‘රොද්‍රිගෝ ඩුටේට්‘ රජයේ දේශපාලනඥයන්ගේ වියදම් කපා දැමීම සඳහා නව යෝජනා ගණනාවක් ඉදිරිපත් කෙළේය. පිලිපීන ජනාධිපති සඳහා වෙන්කර තිබූ නිල සුඛෝපභෝගී බෝට්ටුව විකුණා දැමීමට මෙන්ම එතෙක් ජනාධිපතිට වෙන්කර තිබූ නිල ගුවන් යානා, ගුවන් ගිලන් රථ බවට පරිවර්ථනය කිරීමටත් ඔහු තීරණය කර ඇත. ඔහු ඉදිරිපත් කර තිබෙන වඩාත් වැදගත් යෝජනාව වන්නේ පිලිපීන කැබිනට් මණ්ඩලය සඳහා අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී වාහන වෙනුවට අඩු වියදම් වාහනයක් හඳුන්වා දීම ය. Toyota Avanza MPV නම් රථය ඔහු සිය කැබිනට් මණ්ඩලයට හඳුන්වා දී ඇති අතර මෙම රථය ඉඩකඩ සහිත බැවින් ඇමැතිවරුන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට එහි ගමන් කළ හැකි බව ඔහුගේ අදහසයි. මෙම Toyota Avanza MPV නව රථයක් පිලිපීන පේසෝ 6,75,000 කට පිලිපීනයේ දී මිලදී ගත හැකි අතර එම රථයේ ඇමරිකානු ඩොලර් වටිනාකම 14,600 කි. අදාල මිල ශ්‍රී ලංකා රුපියල් සඳහා පරිවර්තනය කළ අගය රුපියල් ලක්ෂ 21 කි. නැව් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් එකතු කළ විට බදු රහිතව රුපියල් ලක්ෂ 30 කට පමණ ශ්‍රී ලංකාවට ආනයනය කළ හැකිය. යහපාලන රජයේ මැති ඇමැති වරුන්ට රුපියල් ලක්ෂ 300, 500, 700 විටිනාකමින් යුතු අධි සුඛෝපභෝගී වාහන සඳහා මුදල් වෙන් කිරීම සඳහා පරිපූර්ණ ඇස්මේන්තු ඉදිරිපත් වූ පසුගිය වකවානුවේ පිලිපීන නව ජනාධිපතිවරයාගේ වියදම් අවම කිරීමේ යෝජනා වැඩි අවධානයකට ලක්විය. ඉඩ කඩ සහිත Toyota Avanza MPV රථය මෙරට ඇමැතිවරුන්ට ප්‍රයෝජනයට ගත නොහැක්කේ මන්ද යන්න සමාජ මාධ්‍යයන්හි මෙන්ම ඇතැම් මාධ්‍ය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබීය. සැබැවින්ම එය ශ්‍රී ලංකාවට සුදුසු යෝජනාවකි. එහෙත් ඒ පිලිබඳව යහපාලන රජය තවම නිල ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ පිලිබඳ වඩාත්ම කළබල විය යුත්තේ ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට උර දුන් යහපාලනප්‍රේමීන්ය. එහෙත් ඒ පිලිබඳව වඩාත් කලබලයට පත්ව සිටින්නේ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ය. මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උපහාසයට ලක් කිරීමට අවස්ථාවක් කර ගන්නා හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ, පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට යහපාලන රජය දක්වන ප්‍රතිචාරය තමන් දැන ගැනීමට කැමැති යයි අසමින් යහපාලන රජය ඔලොක්කුවට ලක් කරයි.

වනචර දශකයේදී ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, පෝෂේ වැනි රුපියල් මිලියන ගණන් වටිනා වාහන භාවිතා කළ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මෙසේ ඔලොක්කු දමන විට “මුගේ කට කෑවත් මදිය“ යි ගමේ භාෂාවෙන් පැවසිය යුතුය.

දළදා මාලිගය වටා පවා මෙම අශීලාචාර කුමාරවරු මිලියන ගණන් වටිනා කාර් වලින් රේස් පැද්දේ මහනායක හිමිවරුන්ගේ විරෝධතාවය තුට්ටුවකට මායිම් නොකරමිනි. වනචර දශකයේ “රථ ගාය“ ගැන දිය හැකි හොඳම උදාහරණය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ වාහන වලට සිදුවූ සන්තෑසියයි. වාහන සිය ගණනක් අදටත් සොයා ගැනීමට පවා නොහැකිව තිබේ. ජනවාරි 8 වෙනිදා මැදමූලන නමැති මුදවා නොගත් ප්‍රදේශයට පලා ගිය මහින්ද රාජපක්ෂ එතෙක් තමා භාවිතා කළ රජයට අයත් වෙඩි නොවදින සුඛෝපභෝගී වාහන ඇතුළුව ජනාධිපති වාහන සංචිතයේ තිබූ වාහන සිය ගණනක් බලහත්කාරයෙන් පැහැර ගත්තේය. නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක මේ බව මෑතකදී යළි තහවුරු කෙළේය. මහරජාට සහ අසීලාචාර කුමාරවරුන්ට තිබූ තරම් “රථ ගායක්“ මෙරට ඉතිහාසයේ කිසිවෙකුට තිබී නැත.

රත්තරන් ඔළුව හෙවත් කන්‍යාරත්නගේ ‘ආචාර්ය‘ නාමල්

හොර පෙරකදෝරු නාමල්, නේවි යෝෂිත, රොකට් රෝහිත, අදටත් කරන්නේ ප්‍රෝඩාව සහ වංචාව ය. වනචර දශකය තුළ ඔවුන් වංචා කෙළේ රුපියල් බිලියන ගණනක් වූ මහජන මුදල් පමණක් නොවෙයි. “සොර සතුරන්ට ගත නොහැකි යයි“ කියූ අධ්‍යාපනයට ද වංචා කළහ. හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග සමත් වූ ආකාරය රටටම රහසක් නොවේ. වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා නීති විද්‍යාලය මෙතෙක් බිහිකළ විශිෂ්ඨතම ශිෂ්‍යයා නාමල් රාජපක්ෂ ය. ඔහු අවසාන විභාගයේදී ලබා ගත් සියයට 98 ක ලකුණු ප්‍රමාණයට ආසන්න වීමට හෝ වසර සියයටට අධික නීති විද්‍යාලයේ කිසිවෙකු සමත්ව නැත. මෙවැනි නීතිය පිලිබඳ “රත්තරන් ඔළුවක්“ සිටිය යුත්තේ නීති විද්‍යාලයේ හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලයේ ය. නැතිව පාරක් ගානේ දඟර නැටුම් නටමින් නොවේ.

ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය නොවන්නට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘ආචාර්ය නාමල් රාජපක්ෂ‘ වශයෙන් වෙස් බැඳීමට සියල්ල සූදානම් කර තිබිණ. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මෙම ආචාර්ය උපාධිය හොර පෙරකදෝරුවාට පිරි නැමීමට සූදානමින් සිටියේ ය. අංක එකේ රාජපක්ෂ සට්ටැඹියෙක් වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න (කන්‍යාරත්න) මෙම මෙහෙයුම දියත් කෙළේය. ස්වාධීන පර්යෝෂණ නිබන්ධනයක් ඉදිරිපත් කර ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ ප්‍රවේශය යටතේ හොර පෙරකදෝරුවාට ආචාර්ය උපාධියක් පිරි නැමීම කන්‍යාරත්නගේ බලාපොරොත්තුව විය. ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කිරීම සඳහා මූලිකව සපුරා ගත යුතු අධ්‍යාපන සුදුසුකම් රාශියක් තිබිය යුතු වුවද හොර පෙරකදෝරුවාට ඒ කිසිවක් නොවීය. එහෙත් කන්‍යාරත්න හොර පෙරකදෝරුවා ඒ සඳහා ලියා පදිංචි කරනු ලැබුවේ අදාල කමිටුවේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේම විරෝධය මධ්‍යයේ ය. එක් නිර්භීත ආචාර්යවරයෙකු මෙයට එක හෙළා විරෝධය දක්වන විට උප කුලපති කන්‍යාරත්න ඔහුට තර්ජනය කෙළේ “තමුසේ හදන්නේ මහ රජතුමාගේ පුතාට පීඑච්ඩී දෙන එක බකල් කරන්නද.?“ යි කියමිනි. මෙම විරෝධය හේතුවෙන් අදාළ ආචාර්යවරුයා දිගින් දිගටම කන්‍යාරත්නගේ පලිගැනීමට ලක් වූ අතර අවසානයේ ඔහුට දේශන පැවැත්වීමට පවා අවස්ථාවක් නොදී කපා දමා තිබිණ. ( අදාල ආචාර්යවරයා මේ සිද්ධිය මෑතකදී ජනමාධ්‍යයන්ට හෙලි කෙළේය)

හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පර්යේෂන නිබන්ධන කමිටුවේ ප්‍රධානියා වූයේ ද උප කුලපති ආචාර්ය කන්‍යාරත්න ය. කන්‍යාරත්න තම ගෝලයන් දෙදෙනෙකු ලවා නාමල්ගේ පර්යේෂන නිබන්ධනය සකස් කර තිබිණ. එහෙත් ජනවාරි 8 වනදා දේදුනු විප්ලවය හේතුවෙන් හොර පෙරකදෝරුවාගේ ආචාර්ය උපාධියට කෙළවී ගියේ ය.

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් “කන්‍යාරත්න පන්නයේ“ ආචාර්ය උපාධි ලබා ගත් බොහෝ දෙනෙකු සිටිති. ඔව්හු සමාජය ඉදිරියේ මහා උගත්තු ලෙස පෙනී සිටිති. එහෙත් ඔවුන්ට ආචාර්ය උපාධි ලැබුණු ආකාරය දන්නේ කන්‍යාරත්න සහ ඔහුගේ හෙංචයියන් කිහිප දෙනෙකු පමණි. ඒ සඳහා මිලියන ගණනින් මුදල් ද හුවමාරු විය. අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුවද කන්‍යාරත්නගේ ආචාර්ය උපාධිධාරීන්ට සිය පරිපාලනයේ උසස් තනතුරු ලබා දෙමින් සිටී.

සර් අයිසැක් නිව්ටන්ගේ පුතා රොකට් රෝහිත
රොකට් රෝහිත ද සිය වැඩිමහල් සොහොයුරා ගිය මග ම ගමන් කෙළේය. වනචර දශකයේ දී රොකට් රෝහිත හෙළි කළ අන්දමට ඔහු අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් වී තිබේ. එහි විශේෂත්වය වන්නේ වසර දෙකක ගණිත විෂය ධාරාව රොකට් රෝහිත “මාස 3 කදී“ අධ්‍යයනය කර විශිෂ්ඨ සාමාර්ථ ලබා ගැනීම ය. මෙවැනි දස්කම් දැක්වීමට රොකට් රෝහිතගේ පියා ‘සර් අයිසැක් නිව්ටන්‘ නම් කම් නැත. නමුත් එය සිදු කරන ලද ආකාරය දන්නේ ජාත්‍යන්තර පාසැල් හිමිකරුවෙකු වූ ද සුනාමියෙන් විපතට පත් ජනයාගේ නිවාස හැදීමට තිබූ මුදල් රුපියල් කෝටි 65 කින් එකදු නිවසක් හෝ නොහදා සාක්කුවේ දමා ගත් කුප්‍රකට රාඩා හොරා වූ ටිරාන් අලස් ය. රොකට් රෝහිතට මාස 3 න් වසර දෙකක ගණිත විෂය ධාරාව උගන්වා අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් කර දුන්නේ අන් කිසිවෙක් නොව ටිරාන් අලස්ය. මෙය අමු වංචාවක් බව හෙළිවන්නේ එම සාමාර්ථ කම් රැගෙන බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමට ගොස් වසර 2 කට පසු හිස් අතින් යලි ආපසු ඒමට රොකට් රෝහිතට සිදුවන නිසාය. සවුත් හැම්ටන් සරසවියේ එරෝනොටිකල් ඉංජිනේරුවකු වීමට බැඳුනු රොකට් රෝහිත පළමු වසර විභාගයෙන් අසමත් විය. ඉන්පසුව ඊලඟ වසරේදී එම විභාගයට මුහුණ දී සමත් නොවුන හොත් ඉන් ඉදිරියට යෑමට කෙතරම් මුදල් තිබුනද නොහැකිය. එහිදී ටිරාන් අලස් කෙනෙකු නොසිටිය බැවින් වසර දෙකක්ම නිකං කාල් ගාමින් සිටි රොකට් රෝහිත හිස් අතින්ම ලංකාවට ආවේය. නමුත් මාධ්‍ය වලට කීවේ තමන් රොකට් ඉංජිනේරුවකු බවයි. සවුත් හැම්ටන් සරසවියෙන් රෝහිත රාජපක්ෂ නම් සිසුවෙකු ඉගෙන ගත්තාද කියා ඇසුවහොත් ‘ඔව්‘ කියනු ඇත. නමුත් ඔහු උපාධිය රැගෙන පිටවූවාදැයි ඇසුවහොත් ‘නැත‘ කියනු ඇත. මෙවන් බොරුකාරයෙක් ලංකාවට පැමිණ සැටලයිටයක් අභ්‍යවකාශයට යැවීම තරම් විහිළුවක් තවත් නැත.

අප මෙයට පෙර ද පෙන්වා දුන් අන්දමට රාජපක්ෂලා මෙරට අධ්‍යාපනයට සහ විභාග ක්‍රමයේ විශ්වාසනීයත්වයට කළ හානිය ප්‍රභාකරන් පවා උතුරේදී සිදුකෙළේ නැත.

දොස්තර විමුක්ති අභිමුඛ වීම
විමුක්ති කුමාරතුංග දේශපාලනයට අවතීර්ණ වනවා යන ආරංචිය පසුගිය කාලය පුරා වරින් වර මතු විය. මෙම ආරංචිය ඉදිරියේ වඩාත්ම කලබලයට පත්වූයේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සට්ටැඹියන් පිරිසයි. ඩලස් අලහප්පෙරුම නමැති දේශපාලන ගණිකාව එය අර්ථ දැක්වූයේ ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කුමන්ත්‍රණයක් වශයෙනි. ‘ඒ උගේ ස්වාමියාගේ හඬය..!‘

විමුක්ති දේශපාලනයට එක් වෙනවා යනු හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂට එල්ල වන ප්‍රබල අභියෝගයකි. ඔහුගේ ‘වෙන්ඩ රජා‘ සිහිනයට කෙළවීමකි. එබැවින් විමුක්ති යන නම ඇසූ පමණින් රාජපක්ෂලා භූමිතෙල් ගෑවුණු ගැරඬියන් මෙන් දැඟලීම ගැන පුදුම විය යුතු නැත. විමුක්ති දේශපාලනයට අවතීර්ණ වුවහොත් නාමල් සහ විමුක්ති යන චරිත ජනතාව ඉදිරියේ සංසන්දනාත්මක අගැයීමකට ලක්වීම නොවැළැක්විය හැකිය.

හොරකම, මැරකම, වංචාව, බොරුව ආත්මය කර ගත් රාජපක්ෂලා මෙම සංසන්දනයට මාරාන්තික බියක් දක්වති. එබැවින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ශ්‍රීලනිපය කෙරෙහි ඇති කරන බලපෑම අවම කිරීමට ඔව්හු ක්‍රියාකරති. ශ්‍රීලනිප දොර ඇයට වසා දැමීමට රාජපක්ෂ පවුල මෙන්ම ඔහුගේ ඇම්බැට්ටයෝ කැස කවති. මැදමූලනට පලා ආ මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වයේ කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට විසි කිරීමේ එක් අරමුණක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ සැලකිය යුතු බලයක් ලැබීම වැළැක්වීමට ය. අනෙක් පාර්ශවයෙන් වැලිකඩ කූරු ගණන් කළ යුතු තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට ය. ඒ අරමුණු දෙකම මේ මොහොතේ ජය ගැනීමට මහින්ද රාජපක්ෂ සමත්ව සිටී. එහෙත් රාජපක්ෂ පවුල මෙන් ඔවුන් වටේ සිටින ඩලස් අලහප්පෙරුමලා වැනි දේශපාලන ගණිකාවන්ට රාත්‍රියේ සුව නින්දක් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ චන්ද්‍රිකා සහ විමුක්ති කුමාරතුංග රෑට රෑට සිහිනෙන් පෙනෙන නිසාය. මේ ගොබෙල්සා උදෑසන නැගිට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ‘ඇගේ වෛරය‘ යැයි අවලාද කියනු නිතර ඇසිය හැක්කේ එබැවිනි.

රාජපක්ෂ රෙජීමයට සාපේක්ෂකව සදාචාරාත්මක සහ අවංක දේශපාලනයක නිරත වූ බණ්ඩාරනායක වරුන් ශ්‍රීලනිප දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම රාජපක්ෂලා සහ ඔවුන්ගේ සට්ටැඹියන් සිතන තරම් ලේසි නැත. බණ්ඩාරනායක පවුල සතුව තවමත් ශක්තිමත් දේශපාලන තුරුම්පුවක් පවතී. ඒ විමුක්ති කුමාරතුංග ය. ඒ තුරුම්පුව නිවැරදි මොහොතේ ඇද්ද විට ‘වෙන්ඩ රජා‘ ඇතුළු රාජපක්ෂ පවුලම කුජ්ජිත වනු ඇත.

ආනුභාවනන්ද විසිනි
[email protected]
 

jcj

Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මොන දේසපාලන මත දැරුවද මෙතැනදී ජේ.ආර් . ජයවර්දන මහතා ගැනද සදහන් කලයුතුය. ඔහුගේ පාලන කාලය තුල ඔහුට පුතෙක් සිටියේ දැයි වත් රටේ මිනිසුන් නොදැන සිටියේය. ඔහුගේ අර්යාව සහබාගී වුයේ නිදහස් දින උළෙලට පමණි. :):) ආර් . ප්‍රේමදාස මහතාගේ කාලය තුල පවා ඔහුගේ දරුවන්දෙදෙන අනිසිලෙස හැසිරුණු ආකාරයක් හේ බලය වවිච්චිකල බවක් මතකයේ නැත. :no:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මොන දේසපාලන මත දැරුවද මෙතැනදී ජේ.ආර් . ජයවර්දන මහතා ගැනද සදහන් කලයුතුය. ඔහුගේ පාලන කාලය තුල ඔහුට පුතෙක් සිටියේ දැයි වත් රටේ මිනිසුන් නොදැන සිටියේය. ඔහුගේ අර්යාව සහබාගී වුයේ නිදහස් දින උළෙලට පමණි. :):) ආර් . ප්‍රේමදාස මහතාගේ කාලය තුල පවා ඔහුගේ දරුවන්දෙදෙන අනිසිලෙස හැසිරුණු ආකාරයක් හේ බලය වවිච්චිකල බවක් මතකයේ නැත. :no:
    ඒ කාලෙ විකල්ප ජනමාධ්‍ය තිබුනෙ ඇත්ත කියල පත්තරයක් විතරයි. ෆේස් බුක් ඉන්ටර්නෙට් නෑ. පුද්ගලික ජනමාධ්‍ය නෑ ආණ්ඩුවෙ ඒව විතරයි. ඇත්ත පත්තරේ බැලුවෙත් හොරෙන්. ඔයා කම්පෙයා කරන්නනෙ එහෙම යුග දෙකක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ
    ඔව් බං :yes:
    පුකෙනුත් හිනා...:lol::lol:
    CBK ගැන නොදන්න කෙනෙක් ඉන්න්වද යකෝ මේ රටේ..
    මල කුණක් මේ ගෑණි....

    එංග්ලන්ඩ් වල මාලිගා හැදුවේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින්..පට්ට වේසි
    ..:sorry:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ

    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ

    ithin mokadda yako eke weradda?:angry:
    apith lejja wenawa me rate inna wela thiyana ekata:nerd:
    ape ammalge thathalage kaleth Lankawa kiyanne diyunu wein pawathina ratak:baffled:
    ape kaleth ehemai:dull:
    apita passe paramparawatatath ochcharai:(:(
    umbala wage ewwunta thiyanne doopath maansikathwaya:nerd::nerd::nerd::nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන දේසපාලන මත දැරුවද මෙතැනදී ජේ.ආර් . ජයවර්දන මහතා ගැනද සදහන් කලයුතුය. ඔහුගේ පාලන කාලය තුල ඔහුට පුතෙක් සිටියේ දැයි වත් රටේ මිනිසුන් නොදැන සිටියේය. ඔහුගේ අර්යාව සහබාගී වුයේ නිදහස් දින උළෙලට පමණි. :):) ආර් . ප්‍රේමදාස මහතාගේ කාලය තුල පවා ඔහුගේ දරුවන්දෙදෙන අනිසිලෙස හැසිරුණු ආකාරයක් හේ බලය වවිච්චිකල බවක් මතකයේ නැත. :no:

    අපොයි ඔව්.
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    චොර රැජින

    රාවය කතෘ වික්ටර් අයිවන් ගේ "චොර රැජින" පොත කියවන්න
    සියලු සාක්ශි ඇතිව චන්ද්‍රිකා නෝනගේ කැරට්ටුව තියනවා
    ඒවා බොරු නම් නඩු දාන්න තිබුනනේ
    විමුක්ති ගැන නම් දන්නේ නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    බණ්ඩාරනායක පවුල කෙ ජි බි ඔත්තු සෙවෙන් සල්ලි ගත්ත හැටි ඒ කාලෙ පත්තරෙක දියත කියන අතිරෙකෙ ගියා.
    ඉතිං ඒ ගත්ත සල්ලි එක්ක බලද්දි රටෙ අහවල් එකක් කොල්ල කන්න ඔනෙ නැහැ.
    හැමොම ලොකෙට සරල බව පෙන්වන්නෙ තමන්ගෙ ඇත්ත වස්තුව හංගන්න. අර ඉන්කම්ටැක්ස් වලට අහුවෙයි කියන බයට සමහරු ඊනියා චාම් ජීවිත ගෙවන්නෙ අන්න ඒ වගෙ.
    මහින්ද රාජපක්ෂත් හොඳ එකෙක් නම් නෙමෙ. ඒ පවුලම ජරා පවුලක් .
    රනිල් වික්‍රමසිංහ රාජකීය මාන්නෙන් රට කරවන එකෙක්. මෛත්‍රි කොන්ද පන නැති ඩයල් එකක්.
    අනෙ මන්දා අපෙ රට වැසියොත් හරියට අර බ්ලෙඩ් තලෙ උඩ චීස් කැල්ලයි කේක් කෑල්ලයි කියන දෙකෙන් එකක් තොරගන්න ඔළුව වනන මීයා වගෙ, කොහෙ බැළුවත් කැපෙනවා.