සංග්‍රාම භූමිය -2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය -2

    5aEKh47.jpg

    රුසියාවේ නවතම සුපිරි අවිය

    චන්ද්‍රිකා නාශක අවියක් ගැන නුතන පරපුර පළමුවරට දැන ගන්නට ඇත්තේ බොහෝවිට 2007 වසරේදී චීනය විසින් සිය චන්ද්‍රිකාවක් විනාශ කිරීමට පොළවේ සිට කි.මී. 865ක් උසකට මිසයිලයක් නිකුත් කිරීමත් සමගයි.නමුත් එවැනි හැකියාවක් තිබෙන සහ එවැනි ක්‍රියාවක් සිදුකල පළමු රට චීනය නොවේ.කලක් ලෝක බලවතෙක්ව සිටි සෝවියට් දේශයත්(නූතන රුසියාව ) ,නූතන ලෝකයේ තනි බලවතා වන එක්සත් ජනපදය සතුවත් එවැනි හැකියාවක් සහිත අවි තිබේ.

    cVipUxE.jpg

    පසුගිය බදාදා දිනයේ රුසියාව direct ascent anti-satellite missile එසේත් නැතිනම් Nudol නම් මිසයිල පද්ධතිය සාර්ථක අත්හදා බලා තිබේ.Planet4589.org වෙබ් අඩවියට අනුව 2015 වසරේ අප්‍රේල් මාසයේදී Nudol පද්ධතියේ අසාර්ථක දියත් කිරීමේ උත්සාහයක් වාර්තා වි තිබේ.Nudol මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ මොස්කව් හි සිට සැතපුම් 500ක් උතුරින් වූ Plesetsk නම් ප්‍රදේශයේ බව කියවේ.රුසියානුවන් දියත් කල මෙම Nudol මිසයිලය එක්සත් ජනපද ඔත්තු බලන චන්ද්‍රිකාව ඔස්සේ සාර්ථකව නිරීක්ෂණය කර තිබේ.ඇමෙරිකානුවන්ට අනුව රුසියානු මිසයිල අත්හදා බැලීම සාර්ථක එකකි.

    G5Os0H9.jpg

    මෙම අත්හදා බැලීම සාර්ථක වීම ඔස්සේ එක්සත් ජනපද සන්නිවේදන,ඔත්තු බැලීම් සහ නැවිගේෂන් පද්ධති විනාශ කිරීමේ හැකියාව අත්පත් කරගන්නට රුසියාව සමත්ව තිබෙන බව ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන්ගේ අදහසයි.කෙසේ වෙතත් මෙම අවිය ගැන තවමත් වැඩිදුර තොරතුරු හෙළිවී නැත.Nudol මිසයිලය එල්ල කලේ නිශ්චිත ඉලක්කයක් එනම් චන්ද්‍රිකාවකට ද නැතිනම් ඉලක්ක කිරීමක් නොකර උපකක්ෂීය ගමන් පථයක ගමන් කිරීමට හැරියේද යන්න සොයාගෙන නොමැත.

    බදාදා සිදුකල අත්හදා බැලීම Nudol මිසයිලයේ දෙවන සාර්ථක අත්හදා බැලීම බව කියවේ.එය මුල් වරට සාර්ථකව අත්හදා බලා තිබෙන්නේ 2015 නොවැම්බර් මාසයේ 18 වනදා බවයි සැලකෙන්නේ.රුසියාව මෙවැනි අවියක් අත්හදා බැලීම පුදුමයට කරුණක් නොවේ.මෙවැනි අවියකින් ඇමෙරිකානු චන්ද්‍රිකා ජාලයට පහරදීමක් සිදුකිරීම ඔස්සේ යුදමය අවස්ථාවකදී ඇමෙරිකානු මෙහෙයුම් අඩාල කිරීමේ හැකියාව ලැබේ.චීනයද ඒ බව හොඳින් දනියි.චීනය 2007 වසරේ ජනවාරි මස 11 දා අක්‍රීයව තිබූ ඔවුන්ගේ Fengyun-1C නම් කාලගුණ චන්ද්‍රිකාව SC-19 ASAT නම් මිසයිලය භාවිතා කර විනාශ කර දමන ලදි.එය පිහිටා තිබුණේ පොළොවේ සිට කි.මී. 865ක් උසින්ය.

    5iqKPqV.jpg
    එක්සත් ජනපද USA-193 චන්ද්‍රිකාව විනාශ කිරීමට SM-3 මිසයිලය දියත් කරන අයුරු​

    ඇමෙරිකා එක්සත් ජනපදය 2006 වසරේදී කක්ෂ ගත කල USA-193 නම් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ගුවන් ගත කර මාසයකට පමණ පසුව අසාර්ථක වූ බවට වාර්තා විය.තම කක්ෂයෙන් පිට පනිමින් තිබූ මෙම චන්ද්‍රිකාව පොළොවට කඩා වැටීමේ අවධානම නිසා 2008 වසරේ පෙබරවාරි මස 14 දා ඇමෙරිකානු නාවික හමුදාව විසින් දියත් කල RIM-161 Standard Missile 3 නම් මිසයිලය මගින් විනාශ කර දමන ලදි.එම අවස්ථාවේදී SM-3 මිසයිලය චන්ද්‍රිකා නාශක අවියක් ලෙස ක්‍රියාකරන ලදි.

    GjwroYU.jpg

    වෙනත් රටවලට නොමැති අතිශය දියුණු ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති රුසියාව සතුය.ඔවුන් මේ වනවිට S-500 නම් ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සංවර්ධනය කරමින් සිටියි.ඒ ඔස්සේ රුසියානුවන්ට අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ,හයිපර්සොනික්(ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක් හෝ ඊට වැඩි වේගයෙන් ගමන් කරන ) කෲස් මිසයිල සහ ගුවන් යානා වැනසීමට හැකියාව ලැබේ.එසේම සැතපුම් 125 උසින් වූ ඉලක්ක වෙත පහරදීමේ හැකියාවද එය සතුය.මෙහි අඩංගු මිසයිල 18,000 km/h වේගයෙන් ගමන් කරමින් එකවර සතුරු බැලස්ටික් මිසයිල 10 නැවැත්වීමේ හැකියාව සහිතය. ගුවන් ආරක්ෂක පද්ධතියේ පළමු රෙජිමේන්තුව මොස්කව් සහ මධ්‍යම රුසියාවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ඇත.

    DtlvDMy.jpg
    S-400​

    රුසියාව සතු අභ්‍යාවකාශ අවිය සම්බන්ධව ඇමෙරිකානු ජේයේෂ්ඨ හමුදා නිලධාරීන් අනතුරු අඟවා සිටියි.ඉදිරියේදී එය බරපතල ප්‍රශ්නයක් බවට පත්වීමේ අවධානමක් තිබෙන බව ඔවුන්ගේ අදහසයි.

    H6gXBHy.jpg

    GPS හෙවත් ගෝලීය පිහිටිම් පද්ධතිය සිය අවිවල ඉලක්ක සොයාගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය භාවිතා කරන්නේ එය ලාභදායි නිසාය.ඕනෑම කාලගුණයක එය භාවිතා කල හැකිය.චන්ද්‍රිකා නාශක අවි නිසා GPS ජාලයට අදාල චන්ද්‍රිකා බිඳ වැටුණ හොත් ඇමෙරිකානුවන්ගේ ප්‍රහාරක හැකියාවන් විශේෂයෙන්ම නියාමක මිසයිල,බෝම්බ එල්ල කිරීම අසාර්ථක වේ.මෙම අවිය ඔස්සේ අවදානමට ලක් වෙන්නේ පහළ කක්ෂයේ පිහිටා ඇති චන්ද්‍රිකාය.

    Source:Nationalinterest.org

    -HarshaLulzSec-
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    balahanko un ada inna thana api gana duka hithnewa bnz :(

    හරිහමන් නායකයෙක් හිටියා නම් අපිටත් ගොඩ යන්න තිබුනා...මැලේසියාව,සිංගප්පූරුව,චීනය ගොඩ ගියේ නියම වැඩපිලිවෙලක් එක්ක ශක්තිමත් තීරණ ගන්න පුලුවන් නායකයෝ හිටිය නිසා... සහ ඒ රටවල මිනිස්සු කම්මැලි නෑ... යුදෙව්වෝ ඊශ්‍රායලය කියන මුඩුබිමට එනකොට උන්ට මොනවද තිබුනේ....අද උන් කොහේද අපි කොහේද?...බුද්ධිමත් තීරණ ගත්ත දේශපාලකයෝ නිසා උන් ගොඩ ගියා....රට ජාතිය ගැන නොහිතන මනාපය,බලය වෙනුවෙන් කටයුතු කරපු....දක්ෂයට තැනක් නොදුන්න(මොන රජයක් වත් තියෙනවද නව නිර්මාණකරුවන්ට අතදීපූ ?) දේශපාලනය නිසා අපි තාමත් එක තැන...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරිහමන් නායකයෙක් හිටියා නම් අපිටත් ගොඩ යන්න තිබුනා...මැලේසියාව,සිංගප්පූරුව,චීනය ගොඩ ගියේ නියම වැඩපිලිවෙලක් එක්ක ශක්තිමත් තීරණ ගන්න පුලුවන් නායකයෝ හිටිය නිසා... සහ ඒ රටවල මිනිස්සු කම්මැලි නෑ... යුදෙව්වෝ ඊශ්‍රායලය කියන මුඩුබිමට එනකොට උන්ට මොනවද තිබුනේ....අද උන් කොහේද අපි කොහේද?...බුද්ධිමත් තීරණ ගත්ත දේශපාලකයෝ නිසා උන් ගොඩ ගියා....රට ජාතිය ගැන නොහිතන මනාපය,බලය වෙනුවෙන් කටයුතු කරපු....දක්ෂයට තැනක් නොදුන්න(මොන රජයක් වත් තියෙනවද නව නිර්මාණකරුවන්ට අතදීපූ ?) දේශපාලනය නිසා අපි තාමත් එක තැන...

    :(:(
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    අනිවාර්යෙන් අපේ රට නිදහස ගන්න කොට ලෝකේ හොදම රටවල් වලින් එකක්.. ඉන්න දේශපාලුවෝ ටික මේක කෑවා..එන එවුන් පරණ එවුන්ගේ වැරදි කිය කියා හිටියා..කවදාවත් රට ගොඩ නගන්න වැඩපිළිවෙලක් හැදුවේ නෑ..අලුත් නිර්මාණ කාරයින්ට අත දුන්නේ නෑ.. මේ එලකිරියේත් ඉන්නවා දෙපැත්තට බෙදිලා මරා ගන්න එවුන් උන්ට ලැබෙන දේකුත් නෑ..රටෙත් එහෙම තමයි..හැම එකාම අනිත් පක්ෂේ එකාට බැන බැන ඉන්නවා..පාලකයෝත් චුන් එකේ උන්ගේ වැඩ කරන් ඉන්නවා
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Thanks

    :(

    Thanks

    එල මචන්...:)
    Thanks

    +11 - lilman ela wadak
    Thanks

    Thanks

    Thanks

    අනිවාර්යෙන් අපේ රට නිදහස ගන්න කොට ලෝකේ හොදම රටවල් වලින් එකක්.. ඉන්න දේශපාලුවෝ ටික මේක කෑවා..එන එවුන් පරණ එවුන්ගේ වැරදි කිය කියා හිටියා..කවදාවත් රට ගොඩ නගන්න වැඩපිළිවෙලක් හැදුවේ නෑ..අලුත් නිර්මාණ කාරයින්ට අත දුන්නේ නෑ.. මේ එලකිරියේත් ඉන්නවා දෙපැත්තට බෙදිලා මරා ගන්න එවුන් උන්ට ලැබෙන දේකුත් නෑ..රටෙත් එහෙම තමයි..හැම එකාම අනිත් පක්ෂේ එකාට බැන බැන ඉන්නවා..පාලකයෝත් චුන් එකේ උන්ගේ වැඩ කරන් ඉන්නවා
    :yes:

    rep+

    niyamayi saho

    me wage lipi digatama palakaranna

    asawen kiyawwa
    Thanks
    කට්ටිය මේ වගේ දේවල් බලන්න කැමැත්තක් නෑ වගේ නිසා දැන් වැඩිය නොදා ඉන්නේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරිහමන් නායකයෙක් හිටියා නම් අපිටත් ගොඩ යන්න තිබුනා...මැලේසියාව,සිංගප්පූරුව,චීනය ගොඩ ගියේ නියම වැඩපිලිවෙලක් එක්ක ශක්තිමත් තීරණ ගන්න පුලුවන් නායකයෝ හිටිය නිසා... සහ ඒ රටවල මිනිස්සු කම්මැලි නෑ... යුදෙව්වෝ ඊශ්‍රායලය කියන මුඩුබිමට එනකොට උන්ට මොනවද තිබුනේ....අද උන් කොහේද අපි කොහේද?...බුද්ධිමත් තීරණ ගත්ත දේශපාලකයෝ නිසා උන් ගොඩ ගියා....රට ජාතිය ගැන නොහිතන මනාපය,බලය වෙනුවෙන් කටයුතු කරපු....දක්ෂයට තැනක් නොදුන්න(මොන රජයක් වත් තියෙනවද නව නිර්මාණකරුවන්ට අතදීපූ ?) දේශපාලනය නිසා අපි තාමත් එක තැන...

    :(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    They do have good air defense system because they don't have good fighter jets compared to their counterpart (USA)
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    හරිහමන් නායකයෙක් හිටියා නම් අපිටත් ගොඩ යන්න තිබුනා...මැලේසියාව,සිංගප්පූරුව,චීනය ගොඩ ගියේ නියම වැඩපිලිවෙලක් එක්ක ශක්තිමත් තීරණ ගන්න පුලුවන් නායකයෝ හිටිය නිසා... සහ ඒ රටවල මිනිස්සු කම්මැලි නෑ... යුදෙව්වෝ ඊශ්‍රායලය කියන මුඩුබිමට එනකොට උන්ට මොනවද තිබුනේ....අද උන් කොහේද අපි කොහේද?...බුද්ධිමත් තීරණ ගත්ත දේශපාලකයෝ නිසා උන් ගොඩ ගියා....රට ජාතිය ගැන නොහිතන මනාපය,බලය වෙනුවෙන් කටයුතු කරපු....දක්ෂයට තැනක් නොදුන්න(මොන රජයක් වත් තියෙනවද නව නිර්මාණකරුවන්ට අතදීපූ ?) දේශපාලනය නිසා අපි තාමත් එක තැන...

    ඇත්ත කතාව මචන්. කොමිස් කුට්ටියට සහ මනාපෙට පමණක් වැඩ කරන දේස පාලුවෝ මේ රට විනාස කලා සහ කරනවා . එකටම හරි ගිය මෝඩ රැලකුත් ඉන්නවා උන්ට ආවඩන්න.
    :sorry::sorry: