2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    ‘මහණෙනි! දෙමාපියන්ගේ පුත්‍ර සෙනෙහස තම සිවිය සිඳගෙන හමේ නතර වෙනවා. හම සිදුරු කරගෙන මස්වල නතර වෙනවා. මස් සිඳගෙන නහරවැල නතර වෙනවා. නහර සිඳගෙන ඇටකටුවල නතර වෙනවා. ඇට සිඳගෙන ඇට මිදුලුවල නතර වෙනවා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    හිතුමතේට දීග ගිය දුවේ...
    නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
    පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ...

    ඇස්දෙක වන් පුංචි දුවේ
    නුඹ නැතිගෙය ගෙයක් නොවේ…
    ගෙයි ඇවිළුනු පහන නිවේ
    පපුවේ ගිනි පුළිඟු දැවේ...

    යෞවනයේ හීන නොවේ
    හීන සැබෑ ලොවෙහි නොවේ...
    නිදුකින් හිමි සඳු සමගින්
    මෙවන් දුකක් නොලැබ ඉඳින්..

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මිරිගුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි :(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    මේකත් ටිකක් ගැලපෙනව වගේ ද???

    මා තොටින් එන උතුරු හුළඟේ
    ගිණි සිඹින මඩු පල්ලියේ
    දෑස් අග මුතු කඳුලු හංගන
    සරෝජා මගෙ දෝණියේ
    වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
    මක් කරන්නනද පැංචියේ
    ගුරුතුමී මා සිසුවියයි නුඹ
    ඒත් අපි එක පංතියේ...

    කරවටේ අත දමා හිනැහුනු
    කෝ නුඹේ පොඩි යාළුවන්
    දයාවක් නැති ලෝකයක් දැක
    උන් ගිහින් පැන මායිමෙන්
    තාත්තා හීනෙන් ඇවිත් අත වනන
    තුරු කඳවුරු දොරින්
    කාටවත් නැති දුවේ කවුරුන්
    නුඹ රකීවිද සෙනෙහසින්...

    මන්දිරේ දොර නුඹව කැඳවයි
    බේබිලා හඬනා හඬින්
    මායිමේ වැට හඬගසයි හෙට
    අවි දරා රකිනා ලෙසින්
    දමා ගොදුරට කෙලෙස යන්නද
    ඒත් යන්නට වෙයි ඉතිං
    වරක් දැක සිත නිවාගන්නට
    දුවේ ඩින්ගක් හිනැහියන්...