ඉන්දියාව ගූගල් ස්ටී‍්‍රට් වීව් එපා කියයි
ගූගල් ස්ටී‍්‍රට් වීව් සේවාව ප‍්‍රතික්‍ෂේප කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ, ආරක්‍ෂක සමාගම් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.
එම සමාගම් පෙන්වා දී ඇත්තේ මෙම සේවාව රටේ ආරක්‍ෂාවටද තර්ජනයක් විය හැකි බවයි.
ගූගල් ස්ටී‍්‍රට් වීව් සේවාව ඔස්සේ පුද්ගලයෙකුට තමන්ට යාමට අවශ්‍ය ස්ථානයක් පිළිබඳ වඩාත් නිරවද්‍ය තොරතුරු හා මාර්ගය ඡායාරූප ඔස්සේම ලබාගැනීමට හැකි වනවා.
මාර්ග හෝ ස්ථාන පිළිබඳ අංශක 360 ක දර්ශන ලබාගැනීමද ගූගල් ස්ටී‍්‍රට් වීව් ඔස්සේ ලැබෙන සේවාවක්.
SOURCE BBC


