Mahela Jayawardena Muslim

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,212
    3,369
    113
    Maligawatta
    musalmanu Hambaya karala thiyana wede balapalla

    1(3044).jpg

    Mahela-Jayawardene.jpg

    මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් එකතු කිරීමේදී ඒ සඳහා රුපියල් මිලියන 30ක මුදලක් තමාදුන් බවට පළවන වාර්තා සත්‍ය නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

    සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරන මහේල පවසන්නේ යම්කිසි පුද්ගලයෙකු රුපියල් මිලියන 30ක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් එය අගය කළ යුතු බවයි.පෙට් ස්කෑනරය ලබාගැනීම සඳහා කඩීජා පදනම මගින් ආරම්භ කළ වැඩසටහනට තමා සම්බන්ධ වූ බවද මහේල කියයි.

    පිළිකා රෝහලට පෙට් ස්කෑනරයක් ලබාගැනීම සඳහා ආරම්භ කළ වැඩසටහනට මහේල රුපියල් මිලියන 30ක් පරිත්‍යාග කළ බවට සමාජ මාධ්‍ය අතර ප්‍රවෘත්තියක් හුවමාරු වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මහේල මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබේ.

    එසේම පිළිකා රෝගීන්ට ආධාර එකතු කිරීම සඳහා ඔක්තෝබරයේ පාගමනක් සංවිධානය කිරීමටද මහේල සූදානමින් සිටියි.

    'ශ්‍රී ලාංකිකයන්ගේ රත්තරන් හදවත් මෙච්චර දුරට රත්තරන් කියලා හිතුවේ නැහැ'
    FIGHT AGAINST CANCER : පිළිකාවක් වැළඳුණු සිය පුතු වෙනුවෙන් පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීමට අරමුදලක් පිහිටවීමට මූලිකත්වය ගත් එම් එස් එච් මොහමඩ්, බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සංවේදී සාකච්ඡාව.
    'අපි කියන්නේ සංසාරේ එපා වුනා කියලා, ඇත්තෙන්ම මම සුපිරි ජිවිතයක් ගත කලේ, යාන වාහන ගෙවල් දොරවල් මේ සියල්ල බොරුයි කියලා හිතුනා, ඇත්තටම බොරුයි තමයි'

    https://www.facebook.com/BBCSinhala/videos/648901651934253/

    13435514_1197627920255449_9130194608787401097_n.jpg

    පිළිකා රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රයේ අරමුදල සපිරූ අය පැත්තක! දෙරණ ලකුණු දා ගනී!

    මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර කරන ලෙස ඉල්ලා අප මෙම වෙබ්අඩවිය තුල පුවතක් පලකළා ඔබට මතක ඇති. (කදීජා පදනමේ පිළිකා රෝහළට PET ස්කෑනරයක් පරිත්යාෙග කිරීමේ සත්කාරයට ඔබත් දායක වන්න) ඒ සදහා අනුග්‍රහ දැක්වු සමාජ සත්කාර සංවිධාන සහ මාධ්‍ය ආයතන රැසකි. අවසානයේ එම මුදල සපුරා ගැනීමට ඔවුන්ට හැකි විය. නමුත් ඉතාමත් කණගාටුදායක දෙයක් ඒ අතරතුර සිදුවිය. එනම් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් එහි සියළුම ලකුණු දා ගැනීමයි.

    හැකි නම් ඔවුන්ගේ මාධ්‍ය දායකත්වයෙන් ලැබුණු මුදල හෙළිකරන ලෙස අපි ඔවුන්ට අභියෝග කරමු. අපට අවශ්‍ය එයට අවංකවම දායකවු අය සිටියදී මොවුන් විසින් මේ කරන නිර්ලජ්ජිත ක්‍රියාව පෙන්වා දීමයි. මෙහිදී පිළිකා රෝහලේ අධ්‍යක්ෂක තුමාගෙන්ද ඉල්ලා සිටින්නේ මෙයට උපකාර කළ තවත් මාධ්‍ය ආයතන තිබියදී ඔබ දිලිත් ජයවීර නම්වු මාධ්‍ය කුපාඩියාගේ බසට යටවුයේ මන්ද? යන පැනයයි.

    කෙසේ වෙතත් අප ඔබවෙත අතීත කතාව පෙන්වා දෙන්නම්. එනම් මෙම ස්කෑනර් යන්ත්‍රයට අවශ්‍ය මුදල සොයා ගැනීමට මුලිකත්වය ගත්තේ එක්තරා පුද්ගලයෙකු විසිනි. එම කථාව සිළුමිණ පුවත් පතේ පලවිය. මේ එම කථාවයි.

    උපුටා ගැනීම

    ss-9-1.jpg

    ඔහු තම එකම පුතු පිළිබඳව අප්‍රමාණ සිහින මැව්වේය. එහෙත් ඒ සිහින සැබෑ වීමටත් පෙර පුතු පිළිකා රෝගයට ගොදුරු වූයේය. ඒ වයස අවුරුදු පහළොවේදීය. දැන් පුතුගේ වයස අවුරුදු දාහතකි. ඔහු පුතු රැගෙන ඉන්දියාවට ගියේය. ඇති පදම් මුදල් වියදම් කළේය. නමුත් ලැබුණ ප්‍රතිඵලයක් නැත. මහරගම පිළිකා රෝහලට යෑමට සිදු වූයේ අවසන් මොහොතේය. තම පුතුට වැලඳී ඇති පිළිකා රෝගයට වෛර කරන අතරේම, ඔහු පිළිකා රෝගයට එරෙහිව නැගිටින්නේය. ඒ තම පුතු වෙනුවෙන් පමණක් නොව පිළිකා රෝගයට ගොදුරු වී සිටින රටේම අය වෙනුවෙනි. ඔහුගේ ඉලක්කය රුපියල් මිලියන 200ක් වැය කොට මහරගම පිළිකා රෝහලට Pet Scanයන්ත්‍රයක් ලබාදීමය. මේ සද්කාරයට දායක වීමට ඔබටත් හැකිය. එය සමාජ වගකීමකි.

    අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට පිළිකා රෝගීන් දහඅට දහසක් පමණ හඳුනා ගැනීමට ලැබෙන අතර වසරකට පිළිකා රෝගයෙන් අට දහසක් පමණ මියයන බව අලුත්ම වාර්තා අනුව පෙනේ. එසේ බලන විට මේ කියන්නට යන කතාව තවත් එක් පිළිකා රෝගියෙකුගේ කතාව පමණක් වනු ඇත. එහෙත් මේ කතාව කියවා අවසානයේ ඔබගේ සිතටත් කිසියම් හැඟීමක් ඇතිවූයේ නම් එය මෙරට පිළිකා රෝගයෙන් පෙළෙන කොයි කාගෙත් යහපත සඳහා හේතු වනු ඇත.

    “මම එස්. එම්. එස්. මොහොමඩ්. මට දුවලා හත් දෙනෙක් ඉන්නවා. මේ තමයි මගෙ එකම පුතා මොහොමඩ් හමීඩ්. දැන් පුතාගෙ වයස අවුරුදු දාහතයි. වයස අවුරුදු පහළොවේදී විතර පුතා කිව්වා එයාගේ අත රිදෙනවා කියලා. මම පුතා ගේ ඉස්සරහ ඉන්න වෙද මහත්තයෙකුට පෙන්නුවා. ඔහු දරුවගේ අතට පත්තුවක් බැන්දා. නමුත් එය හරි ගියේ නැහැ. මම මගේ දරුවා වෛද්‍යවරයකුට පෙන්නුවා. දරුවා පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයා කිව්වා ඔහුට විශ්වාසයි මෙය පිළිකා රෝගී තත්ත්වයක් කියලා. තාත්තා කෙනෙක් හැටියට මං කොහොම ද එහෙම දේකට මුහුණ දෙන්නේ. මං මගෙ දරුවා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. ඒ දේ කළේ රෝගය හඳුනාගෙන පැය විසිහතරක් ඇතුළත. රෝහල දුටු විට මට හිතුණා මං හරි තැනට තමයි ආවේ කියලා. මම මාස දහයක් ඒ රෝහලේ හිටියා. නමුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මිලියන සියයකට වඩා වියදම් වෙන්න ඇති. මං මගේ දේපළවලින් කොටසක් විකුණුවා. මට ඕන වුණේ මගේ දරුවගේ ජීවිතය බේරගන්න. පුතාට තියෙන්නේ අස්ථි පිළිකාවක්. මම ආර්ථිකව වගේම මානසිකවත් වැටුණා. මං ලංකාවට ආවා. පුතාට ශල්‍යකර්ම දෙකක් කළා. නමුත් සුවයක් නැහැ. ලංකාවට ආවට පස්සේ මං දරුවා පෞද්ගලික රෝහලකත් සති දෙකක් පමණ නතර කරගෙන හිටියා. ඉන් පසුව පුතාව මහරගම පිළිකා රෝහලට රැගෙන ගියා. පුතාව නතර කෙරුවේ මහරගම පිළිකා රෝහලේ 16 වාට්ටුවේ. බිරිය තමයි දරුවගෙ ළඟ නතර වුණේ. මාව උපදේශන සේවයට දැම්මා. අපට උපදේශනය ලබාදුන් වෛද්‍යවරිය නිසා අපට යම් මානසික සහනයක් ඇති වුණා. ඇත්තටම මං පසුතැවුණා, අදටත් පසුතැවෙනවා දරුවා සමඟ මුලින්ම මහරගම පිළිකා රෝහලට නොපැමිණීම ගැන. ඉන්දියාවේ රෝහලට යන්න කියලා අපව නොමඟ යැවූ කෙනෙක් හිටියා. ඔහුත් වෛද්‍යවරයෙක්.

    දරුවා පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්නා අතරේ මං රෝහලේ තොරතුරු හෙව්වා. එහෙ මෙහෙ ඇවිද්දා. එතකොට තමයි මට මේ තොරතුරු දැනගන්න ලැබුණේ. මහරගම පිළිකා රෝහලේ දැනටත් “පෙට් ස්කැනර්” යන්ත්‍රයක් නැහැ. එය රෝහලට විශාල පාඩුවක්. මේ යන්ත්‍රය තිබෙනවා නම් රෝග හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර කිරීමටත් විශාල පහසුවක් වෙනවා. මෙම යන්ත්‍රය නැති නිසා රෝගීන්ට පරීක්ෂණ කරගන්න වෙලා තියෙන්නේ පිටින්. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. එක් පෞද්ගලික රෝහලක පමණයි මෙම යන්ත්‍රය තිබෙන්නේ. මගේ පුතා අරගෙන මහරගම පිළිකා රෝහලට ගිය මම දැක්කා එහි ඉන්න රෝගීන්, ඔවුන්ගේ ඥාතින් විඳින දුක. සල්ලි තිබුණ නිසා මට පුළුවන් වුණා පිළිකා රෝගය හඳුනාගෙන පැය විසිහතරෙන් ඉන්දියාවේ සුපිරි රෝහලකට දරුවා ඇතුළත් කරන්න. ඒත් මගේ දරුවට ඉන් ලැබුණු සහනයක් සුවයක් නැහැ. ඇත්තම කිව්වොත් අපි එක්තරා වංචාකාරයෙක් නිසා නොමඟ ගියා. මිලියන ගණනක මුදල් අහිමි වුණා. දැන් මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න පුතාට පෙරට වඩා සහනයක් තිබෙනවා. මම ඉන්දියාවේ නොයා මුලින්ම මෙතනට ආවානම් මගේ දරුවගේ රෝගය මේ තරම් උත්සන්න වෙන්නේ නැහැ.” ඔහු දෙනෙතේ නැඟුණු කඳුළක් පිසිමින් පවසන්නේය.

    දරුවකු රෝගී වූ විට ජාති ආගම් බේද නැත. කොයි තාත්තාගේත් දුක කඳුල එකය. ඔහුට තම පුතු ගැන බොහෝ අපේක්ෂා බලාපොරොත්තු තිබිණි. අද ඒ එකක්වත් ඉටුවන ලකුණු නැත. නමුදු දැන් ඔහුට එක් ප්‍රාර්ථනාවක් ඇත්තේය. මහමෙරක් උසට එකම එක බලාපොරොත්තුවක් ඇත්තේය. ඒ මහරගම පිළිකා රෝහලට මිලියන 200කට වඩා වටිනා පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමය.

    “මගේ පුතා රෝගී වුණාට පස්සේ තමයි මට ජීවිතේ ගැන නොයෙක් දේවල් දැනෙන්න ගත්තේ. අපේ තිබෙනව කදිජා පදනම කියලා සංවිධානයක්. මෙය සල්ලිකාරයන්ගේ පදනමක් නොවෙයි. නමුත් අපි මේ හරහා මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බොහෝ සමාජ සේවා කටයුතු කර තිබෙනවා. අපේ අරමුණ මින් ඉදිරියට කිසිම වර්ග කිරීමකින් තොරව හැමටම උදවු කිරීමයි. ඕනෑම ජාතියක, ආගමක අයට උපකාර කිරීමට අප සූදානම්. මම මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා සමඟ කථා කළා.

    අපේ සංවිධානයත් මීට එක්වුණා. පිළිකා රෝගය හඳුනා ගැනීමට නම් පෙට් ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමයි. අපි මේ සූදානම් වෙන්නේ එම යන්ත්‍රය ලබාදීමට. බොහෝ අය සමඟ කථා කර තිබෙනවා. මම කාගෙනුත් ඉල්ලන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලයි. මේක එක් අයකු වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. රටේම අය වෙනුවෙන් කරන දෙයක්. දැනට එක් පෞද්ගලික රෝහලක පමණක් ඇති මේ පෙට් ස්කැනර් යන්ත්‍රයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා රෝගියෙකුට එක වරකට විශාල මුදලක් වියදම් වෙනවා. අසරණ රෝගීන් කොහොම ද එතරම් මුදලක් වියදම් කරන්නේ. මේක මම මගේ පුතා වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. මගේ දරුවට ඉන්දියාවේදී පෙට් ස්කෑන් හත අටක්ම කළා. වරකට යන වියදම ලංකාවේ මුදලින් රුපියල් විසිදහසක් පමණ වෙනවා. අපේ රටේ අහිංසක මිනිසුන් කොහොමද මේ වියදම දරන්නේ. අන්න ඒ නිසයි අපි හිතුවේ අපේ රෝහලට මේ යන්ත්‍රය ලබා දිය යුතුයි කියලා.‍”

    උපුටා ගැනීම අවසන්

    පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය.රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය. එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය. හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය. අවසානයේ අපේ රටේ මිනිසුන්ගේ සංවේදිකම නැවතත් ලෝකයට ප්‍රදර්ශණය කරමින් දින 100 තුලදි එනම් අද PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම විසින් නිවේදනය කරන ලදි.

    මේ සඳහා මැදිහත්වු කදිජා පදනමේ M.S මොහමඩ් මහතා ඇතුළු එම සංවිධානය, මහරගම පිළිකා රෝහලේ සියලුම වෛද්‍යවරුන්, මාධ්‍ය ආයතන (දෙරණ ආයතනයද ඇතුළුව) ලේක්හවුස් ආයතනය ඇතුළු ආයතන රැසක් සහ දෙස් විදෙස් පුද්ගලයන් රැසක් දායක විය. මෙම සටහන අප තැබුයේ මිනිසුන්ට සත්‍ය දැනගැනීමටයි. ඉස්ලාම් ආගමට අනුව යම් අතකින් දෙයක් දෙන විට එය අනිත් අතටත් නොදැනෙනසේ දිය යුතුය. මේ නිසා මුස්ලිම්වරුන් මුදල් දුන්නේ මාධ්‍ය ආවරණ නොලබාය. එමෙන්ම බෞද්ධ, කිතුණු, හින්දු ඇතුළු සැම ආගමිකයන්ම නිර්නාමිකව මුදල් ආධාර කළා.

    මීට මාස හතරකට පමණ පෙර කදීජා පදනම කොලඹ බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා‍වෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය අවසන් වුයේ පසුගිය 13 වැනි දිනයි. ඒ මහනුවර රම්සාන් පදනමේ සභාපති තැන්පත් රවුෆ් හාජ්ජියාර් විසින් මිලියන 5ක මුදලක් ලබා දෙමින් අවශ්‍ය මිලියන 200 ඉලක්කය සපුරාලීමෙනි
    .

    IMG-20160614-WA0055.jpg

    කදීජා පදනම විසින් රවුෆ් හාජ්ජියාර්ව පිළිකා රෝහලේ අධ්‍යක්ෂක මුණගැස්වු අයුරු

    IMG-20160614-WA0056.jpg

    රවුෆ් හාජ්ජියාර් විසින් අවසන් මුදලවු මිලියන 5 ලබා දෙමින්

    IMG-20160614-WA0053.jpg

    13434772_1741590789451310_799690785571328535_n.jpg
     
    • Like
    Reactions: wije99000

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Machan mama oya kiyana dial ekage voice interview ekak ahuwa.
    e wele pora kiwwa lamayata cancer hadunama "sasara kala kiruna" kiyala.
    thawa kiwwa eyata hodata salli yana wahana tibba e okkoma epa una kiwwa mehema deyak unama. passe tamai porata theruna me siyalle anitya bawa. ekai ohoma deyak kale..

    etanadi oppu wenawa mokadda yatharhaya kiyala. ude hawasa kochchara dewiyanta prey kalata, aththata muna deddi katawath beraganna ganna baha :no: Me siddiyedi upathin buddhist nowunath, porata buddhism kiyanne mokadda kiyala theruna, kiwwe naha dewiyo bergatta kiyala.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    well said.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    මචන් මම ඔය කියන ඩයල් එකගෙ වොඉස් ඉන්ටවිව් එකක් අහුවා.
    ඒ වෙලෙ පොර කිව්වා ලමයාට කැන්සර් හැදුනම "සසර කල කිරුනා" කියලා.
    තව කිව්ව එයට හොදට සල්ලි යාන වාහන තිබ්බා ,ඒ ඔක්කොම එපා උනා කිව්වා මෙහෙම දෙයක් උනාම.. පස්සෙ තමයි පොරට තෙරුනේ මෙ සියල්ලෙ අනිත්ය බව. එකයි ඔහොම දෙයක් කලේ..

    එතනදි ඔප්පු වෙනවා මොකද්ද යතාර්තය කියලා. උදේ හවස කොච්චර දෙවියන්ට ප්‍රෙ කලාට, ඇත්තට මූන දෙද්දි කාටවත් බේරගන්න ගන්න බැහැ මේ සිද්දියෙදි උපතින් බුඩිස්ට් නොවුනත්, පොරට බුදිස්ම් කියන්නෙ මොකද්ද කියලා තෙරුනා, කිව්වෙ නැහැ දෙවියෝ බේරගත්තා කියලා
     
    • Like
    Reactions: LalaJ

    pora kiuwa me okkoma boruwak kiyala mata theruna, e wagema me okkoma boruwak thamai kiyalath kiuwa....
     
    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Trail

    trail aka Sanvidanaya karanne MAS Our Boss Sarinda Unamboowe and Nathan Sivagananthan they did it 2011 and build Cancer hospital in Jaffna now they going to build new Cancer hospital in South

    This is the truth about Trail Mahela and Sangga also will join like last time :):)

    More Info https://trailsl.com/
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Machan mama oya kiyana dial ekage voice interview ekak ahuwa.
    e wele pora kiwwa lamayata cancer hadunama "sasara kala kiruna" kiyala.
    thawa kiwwa eyata hodata salli yana wahana tibba e okkoma epa una kiwwa mehema deyak unama. passe tamai porata theruna me siyalle anitya bawa. ekai ohoma deyak kale..

    etanadi oppu wenawa mokadda yatharhaya kiyala. ude hawasa kochchara dewiyanta prey kalata, aththata muna deddi katawath beraganna ganna baha :no: Me siddiyedi upathin buddhist nowunath, porata buddhism kiyanne mokadda kiyala theruna, kiwwe naha dewiyo bergatta kiyala.

    :(
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජීවිතයේ අනිත්‍ය ස්වභාවය, දුක් සහගත බව අත් දැක යහපත් දේ කරන කෙනෙක්. ඒ දරුවාට සුව වේවා. සියලු දුකට පත්වූ සත්වයෝ අමා මහ නිර්වාණයම අවබෝද කර ගනිත්වා.
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ජීවිතයේ අනිත්‍ය ස්වභාවය, දුක් සහගත බව අත් දැක යහපත් දේ කරන කෙනෙක්. ඒ දරුවාට සුව වේවා. සියලු දුකට පත්වූ සත්වයෝ අමා මහ නිර්වාණයම අවබෝද කර ගනිත්වා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113

    මචන් මම ඔය කියන ඩයල් එකගෙ වොඉස් ඉන්ටවිව් එකක් අහුවා.
    ඒ වෙලෙ පොර කිව්වා ලමයාට කැන්සර් හැදුනම "සසර කල කිරුනා" කියලා.
    තව කිව්ව එයට හොදට සල්ලි යාන වාහන තිබ්බා ,ඒ ඔක්කොම එපා උනා කිව්වා මෙහෙම දෙයක් උනාම.. පස්සෙ තමයි පොරට තෙරුනේ මෙ සියල්ලෙ අනිත්ය බව. එකයි ඔහොම දෙයක් කලේ..

    එතනදි ඔප්පු වෙනවා මොකද්ද යතාර්තය කියලා. උදේ හවස කොච්චර දෙවියන්ට ප්‍රෙ කලාට, ඇත්තට මූන දෙද්දි කාටවත් බේරගන්න ගන්න බැහැ මේ සිද්දියෙදි උපතින් බුඩිස්ට් නොවුනත්, පොරට බුදිස්ම් කියන්නෙ මොකද්ද කියලා තෙරුනා, කිව්වෙ නැහැ දෙවියෝ බේරගත්තා කියලා

    :yes:

    Muslim minihek idala hitala hari hoda wedak karoth aneth muslim haththa eka patta gahaha agama promote karanna hadanawa etapasse
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,122
    113
    Machan mama oya kiyana dial ekage voice interview ekak ahuwa.
    e wele pora kiwwa lamayata cancer hadunama "sasara kala kiruna" kiyala.
    thawa kiwwa eyata hodata salli yana wahana tibba e okkoma epa una kiwwa mehema deyak unama. passe tamai porata theruna me siyalle anitya bawa. ekai ohoma deyak kale..

    etanadi oppu wenawa mokadda yatharhaya kiyala. ude hawasa kochchara dewiyanta prey kalata, aththata muna deddi katawath beraganna ganna baha :no: Me siddiyedi upathin buddhist nowunath, porata buddhism kiyanne mokadda kiyala theruna, kiwwe naha dewiyo bergatta kiyala.

    එහෙමත් එකෙක් තමයි බන් දෙයක් තේරුම් ගන්නේ. මැරුනට පස්සේ උන්ට හිත හදාගන්න හේතු ගොඩක් තියෙනවා. ගොඩක් අය දේවියන්ගේ කැමැත්ත, දෙවියෝ ගාවටනේ ගියේ කියලා හිතා ගන්නවා.